මුල් ලිපිය:
භෞතිකවාදයෙකු (Materialist), අධි මානසික විද්‍යාවන් හා (paranormal) මරණයෙන් පසු ජීවිතය ගැන සෙවූ හැටි -1
මගේ මව අපේ පළමු දරුවා බැලීමට පමණි අවස්ථාවේ පවුලේ අය ගාල්ලේ සාස්තර කියන තැනකට ගිය බව කීවාය. එතන විශේෂත්වය වන්නේ මළවුන් ගෙන්වන බව කී ඈ සොයුරියකගේ දැඩි ඉල්ලීමට එහි ගිය බවද කීවාය. මා ඒවා විශ්වාස නොකරන නිසා ඇය මට එය කලින් කියා තිබුනේ නැත. එහිදී මගේ පියා කතා කරන කට හඬින්ම කතා කළ තැනැත්තා "ලොකු පුතා කොහිද "යැයි ඇසු බවත් ඔහු ආවේ නැහැ නේද යයි ඇසූ බවත් ඇය කීවාය. මා මළගමට පැමිණි බව ඈ විසින් පැවසූ බවත් එවෙලේ සියල්ලන්ම හඬන්නට පටන් ගැනීම නිසා එතනින් ඉවත්ව ආ බවත් කීවාය. ඒ වෙලේ ඒවා බොරු විය හැකි බවත් කවුරුන් හෝ දැනසිටි දෙයක් කීවා විය හැකි බවත් මා ඇයට පැවසුවෙමි.
මා එසේ කීවද එවැන්නක් ගැන රුසියාවේ සිටියදී අසා තිබු බවක් මට සිහිවිය. මෙවැනි හැකියාවන් තිබූ අය කේජිබී එක මගින් අත්අඩංගුවට ගෙන පර්යේෂණ කිරීම සඳහා විද්‍යාඥයන්ට භාර දී තිබුණි. සෝවියට් දේශය බිඳ වැටීමෙන් පසු නිදහස් වූ මෙවැනි අය ගැන නිරතුරුව රූපවාහිනිය මගින් පෙන්වන ලදී. සිතේ බලය හා මොළයේ ක්‍රියාවලිය අතර සම්බන්ධය ගැන සෝවියට් දේශයේ ආරක්ෂක අංශ නිතර පර්යේෂණ කළහ. කෙතරම් භෞතිකවාදී ලෙස ක්‍රියා කළද සෝවියට් දේශයේ විද්‍යාඥයන් හා ආරක්ෂක අංශ ඒවා මගහැර තිබුනේ නැත.
ඒ කාලයේ 2001 දී පමණ ගූගල් තිබුනේ නැති අතර මම සෝවියට් උපාධි අවසන් කළ අය සඳහා MSN සමූහයක් (ගෘප් එකක්) පවත්වාගෙන ගියෙමි. එමගින් අනිකුත් සමුහයන් ගැන ද අවශ්‍ය නම් සොයා බැලිය හැකි විය. මෙයින් එකක් මගේ ඇස ගැටුණු අතර එය "වේලයෙන් පසු පස" (behind the veil ) නම් මළවුන් සමග කතා කරන අයගෙන් සමන්විත අන්තර්ජාලයේ කටයුතු කරන කණ්ඩායමක් විය. එහි නිර්මාතෘ අන්තර්ජාල නම වන ලවුලන් (Loullen) නමින් හැඳින්වූ කැනේඩියානු කාන්තාවකි. ඇගේ නියම නම ජැමී විල්සන් හල් වන අතර ඇය මගේ ෆේස් බුක් හි යහළුවෙකු බව සමහර අය දැක ඇති. එදා 2001දී හඳුනාගත් ජැමි හා මම අදත් හොඳ මිතුරන්ය.
එම කණ්ඩායම තෝරා ගැනීමේ අනිත් හේතුව වූයේ ඔවුන් මුදල් අය නොකිරීමයි. මුදල් අය කරන අයට ඒ නිසාම මොනවා හෝ කීමට සිදුවෙයි. ඒ අනුව ඕනෑම බොරුවක් කිරීමටද අවකාශය ඇත.
එහි මළවුන් සමග කතා කරන අයට කියන්නේ මාධ්‍ය (medium) කියාය. මවගේ ඉහත සඳහන් කතාව මෙන්ම පියා ගේ හදිසි අභාවයෙන් ඇතිවූ ශෝකය මත ඔහු හා සම්බන්ධ වන්නට ඇත්නම් හොඳය යන අනියත ආශාවක් මට ඇතිවුනි. එයට හේතුව සමහරවිට මගේ දැඩි ශෝකය තාර්කික බව අභිබවා යාම විය හැක. එහි සාමාජිකයකු වී දෙතුන් දිනකින් මගේ වාරය එළඹුණේ ලවුලෙන් විසින් මා ඇමතීම නිසාය. එම්එස්එන් කණ්ඩායම් කතා කරන අන්තර ජාල චැට් රූම් තිබේ. එදා එහි ඇමෙරිකන් කාන්තාවන් වන ඩොන්නා , රූත් සහ ඕස්ට්‍රේලියන් මහතෙකු වන W ද සිටියහ.
ලවුලෙන් කිවේ කිසියම් වයස එතරම් වැඩි නොවන අයෙකු මට කතා කිරීමට බලා සිටින බවයි. ඔහු හමුදාව වැනි ආයතනයක සේවය කරන අයෙකු ලෙස හා තවත් විස්තර පැවසිනි. මගේ සිතේ ඇති සැක සහිත භාවය නිසා මේ කරුණු වලට මා කෙලින් පිළිතුරු දුන්නේ නැත. ලවුලෙන් මදක් කෝපයට පත්ව ඇය කිසියම් නිවැරදි දෙයක් කියන්නේ මා ඔව් යයි පිළිතුරු දිය යුතු බව කීවාය. එහිදී මා ඇයට පැහැදිලි කළේ මා මේවා එතරම් විශ්වාස නොකරන බවත්, නමුත් ඕනෑම දෙයක් සොයා බැලීමේ අදහසින් පැමිණි බවත් ඇය කියන තොරතුරු වලින් සමහර ඒවා කෙනෙකුට තර්කානුකුලව සිතා කිව හැකි බවත්ය.
ලවුලෙන් ගේ මා වඩාත්ම ගරු කරන ගතිය මා දුටුවේ එහිදීය. මා සමග වාද කර හෝ තමන් කරන දේ නිවැරදි යයි කීම වෙනුවට ඇය මට අවශ්‍ය ලෙස කටයුතු කිරමට එකඟ වුනාය . ඇය මෙය කරන්නේ විනෝදයට නිසා එහි ප්‍රශ්නයක් නැති බව පැවසුවාය. ඉන්පසු ඇය කියන දේ වලින් මට විද්‍යානුකුලව හෝ තර්කානුකූලව පිළිතුරු සෙවීමට නොහැකි දේ මෙසේය.
එක සාක්ෂියක්?
ඇය පැවසුවේ එහි (ඈ ඉදිරියේ) පෙනී සිටින තැනැත්තා ජිවත්ව සිටියේ මා සිටින තැනින් හැතැප්ම හයදාහක පමණ දුරින් බවය. (ලන්ඩනය හා කොළඹ අතර දුර කිලෝමීටර 8000 පමණ වේ, හැතැප්ම 5000 පමණ.) මා ලන්ඩනයේ ජිවත්වන බව ඇය දැන සිටියාය. සාමාජිකයකු වන විට එම විස්තර ඉදිරිපත් කළ යුතුය. මගේ පියා මිය ගියේ ශ්‍රී ලංකාවේ බව පිළිගතිමි. ඇය එවැනි රටක් ගැන දැන සිටියේ වත් නැත. (රටවල් ගැන ඇගේ දැනුම ඉතා අඩුබව පසුව දැන ගතිමි) ඉන්පසු ඔහුගේ නමේ මුල අකුර ඇය නිවැරදි ලෙස කීවාය. මගේ මව ඔහු නිතර සිහි කරන බව කීවාය. එනිසා ඔහු තමන් යන තැන පමා කරමින් සිටින බවද පැවසුවාය.
මේ මිඩියම් වරියන්ගේ අදහසට අනුව මියගිය පසු එක්තරා ආලෝකයක් දෙසට ඔවුන් යා යුතුය. ඔවුන් බොහෝ විට තමන් කරා එන මියගිය ආත්මයට එසේ යන ලෙස උපදෙස් දෙන බවද කීවාය.
ඊළඟට ඇය කී දෙයින් මා වඩාත් විමතියට පත්වීමි. ඔබට දරුවෙකු සිටීද කියා ප්‍රශ්නයක් ඇසීමට පෙර මට දුවක් සිටින බව ඇය පැවසීමෙනි.
මගේ ලොකු දුවගේ නහය ඔහුගේ වගේ යයි කියමින් "මගේ පියා" සිනාසෙන බව ඇය කීවාය. ඔබ දුවක් කියා දන්නේ කොහොමද යයි මම ඇසුවෙමි. තමන් එහෙම දෙයක් දන්නේ නැති බවත් මගේ පියා හඟවන්නේ එලෙස බවත් කී ඇය එය එසේ දැයි ඇසුවාය. මා එසේ යයි පැවසුවෙමි.
නැවත ටික වෙලාවකින් ඈ කී දෙයින් මගේ විමතිය දෙගුණ විය. මේ කියන දිනය මට මතක තිබීම එයට හේතුවයි.
"ඔබේ පියා කියන්නේ එසේ කිව්වේ ඔබේ මව බවයි. ඇය සිනාසුන නිසා ඔහුත් සිනාසෙන බවයි. " ලවුලන් කීවාය.
ලන්ඩනයට පැමිණි දවසේ සිට මගේ මව සිටියේ දුකිනි. පියා සමග ආ යුතු ගමනක් ඇය තනිව ආ බව ඇය නිතර සිහි කළාය. මගේ පියා හා මව එකිනෙකා කෙරෙහි ඉතා ආදරයෙන් සිටි, කිසි දිනෙක එකිනෙකාට බැන නොවැදී සිටි යුවලකි.
මගේ බිරිඳ තම දෙමව්පියන් සමග විසිත්ත කාමරයේ සිටියදී මා මව සමග නිදන කාමරයේ අළුත උපන් දියණිය සමග සිටියෙමු. දුව දෙස බලා "ඔයාගේ දූගේ නහය තාත්තාගේ වගේ" යයි කියමින් මව සිනාසුණාය, ඇය අදහස් කළේ මගේ පියා ය. ලන්ඩනයට ආ දවසේ සිට ඈ පළමුවරට සතුටෙන් සිනාසුනේ එදාය.
මම ලවුලන් නිවැරදි බව එවේලේ පිලි ගතිමි. ඇය මේ විස්තර කියන්නේ කිසියම් ක්‍රමයකින් මා සිතන දේවල් දැන ගෙනදැයි ඇසුවෙමි. මා එවේලේ එම සිදුවීම ගැන සිතුවා දැයි ඇය පෙරලා ඇසුවාය. එසේ කළේ නැති බව පිලි ගතිමි. මගේ පියා එදා කාමරයේ සිටියාද යයි විමසුවෙමි. ඔහු සිටින්නට ඇත්දැයි ඇය නොදන්නා බවත් නමුත් ඔවුන් සිහි කරන විට ඔවුන් එතැනට ආ හැකි බවත් ඇය පැවසුවාය .
ලවුලෙන් හෙවත් ජැමි විල්සන් හල් හා මා අතර අවුරුදු ගණනක මිතුරුකම පටන්ගත්තේ එලෙසය.
ඉන්පසු මම නිතර එම අන්තර්ජාලයේ එම චැට් රූම් එකේ ලවුලන් හා රූත් මළවුන්ගෙන් ලැබෙන විස්තර අනිකුත් සාමාජිකයන්ට කියනු බලා සිටියෙමි.
දෙවන සාක්ෂිය ඊළඟ ලිපියෙන්.
මතු සම්බන්ධයි.
(මා තවමත් භෞතිකවාදියෙකු බව සිතමි. එහෙත් මා නොදන්නා දේවල් ගැන සෙවීම කවදාවත් අත් හැර නැත. එනිසා පුර්ව-විනිශ්චයකින් තොරව ලිපි පෙළ කියවන්න. මේ ලිපියේ සඳහන් ලවුලන් හෙවත් ජැමී මගේ
යෙහෙළියක වන අතර ෆේස්බුක් හි ඇගෙන් ප්‍රශ්න ඇසීමෙන් වලකින ලෙස ඉල්ලා සිටිමි. මා ලියන දෙයෙහි හරි වැරැද්ද ඇයට මතක නම් ඇගෙන් ඇසීය හැකිය. මා මේ ලිපිය ලියන බවට ඇයට දන්වා තිබේ.
එහෙත් මළවුන් සමග කථා කිරීමට ඇයට යෝජනා නොකරන්න. ඇය දැන් එයින් ඉවත් වී සිටී . එයට හේතුව මේ ලිපි පෙලේම ඉදිරියේදී ලියවෙනු ඇත)