පොල්කට්ටෙන් එපිටට පොත පිලිබඳ අදහස් හා විවේචන

පොල් කට්ටෙන් එපිටට පොත පිලිබඳ මුල්ම විවේචනය පැමිණියේ මගේ සොහොයුරියක ගෙනි. ඇය කිවේ මා පියා ගැන ලියු අවසන් ලිපියේ මගේ මව "ගඟ අද්දර වගේ" යයි නොකියූ බවත් ඇය මතක් කලේ "ගේ කුරුල්ලෝ " නමැති රුපවාහිනියේ ගිය කතාවක් බවත්ය. මගේ මව එයට විරුද්ධ වුනු අතර ඇය කිවේ "ඇය මතක් කලේ ගඟ අද්දර " බවටත් එහිදී මට කේන්ති ගොස් එම චිත්‍රපටිය කිසි සේත් අදාල නැති බව හා මා ලංකාවේ කිසිවකු විවාහ වී සිටියේ නැති බවත් කියමින් ගෝරනාඩු කල බවයි. මට එය ඒ විධිහටම සිදුවුණා දැයි කිව නොහැක. නමුත් ගඟ අද්දර යනු මගේ ප්‍රියතම චිත්‍රපටියකි. විජය කුමාරතුංග මගේ ප්‍රියතම නළුවෙකි.

 මගේ සොයුරිය ඉන්පසු පැවසුවේ ඉන්දියාවේ දී මියගිය දෙදෙනා ගැන ම සානුකම්පිතව ලියා නැති බවයි. මගේ අදහස් වුයේ වෙනත් දෙයකි. අගේ තෙවැනි නිරීක්ෂණය ම රාජකීය විදුහලට යාමේ අකමැති බව දෙතැනක කියා ඇති බවත් එදා මම එතරම් එය ප්‍රශ්නයක් කර ගත්තේ නැති බවත්ය. ඇත්ත වශයෙන්ම ම රාජකීය විදුහලට ආදරය කරමි. එය මා ඉගෙන ගත් විදුහලයි. මා ලියන්නේ විදුහල ගැන නොව එහි සිටි අය ගැනය.

No comments:

Post a Comment

සියලු හිමිකම් අජිත් ධර්මකීර්ති (Ajith Dharmakeerthi) සතුය. කොළඹ ගමයා බ්ලොග් අඩවියේ යොමුව සඳහන් කර හෝ අජිත් ධර්මකීර්ති යන නමින් පමණක් මෙහි ලිපි උපුටා පළ කරන්නට අවසර තිබේ.
මෙහි පලවන ලිපි සහ දේශපාලන අදහස් මගේ පෞද්ගලික අදහස් පමණි.
ඔබේ ඕනෑම ප්‍රතිචාරයක් මෙහි පල කරනු ලැබේ. නමුත් වෙනත් කෙනෙකුට සාධාරණ හේතුවක් නැතුව පහර ගසන අශිලාචාර අන්දමේ ප්‍රතිචාර පමණක් පල නොකෙරේ. බ්ලොගයට ගොඩ වදින ඔබ සියලු දෙනාට ස්තූතියි .