Sunday 1 April 2018

සෝවියට් විවාහ හා නිකං ට්‍රොට්ස්කි - 4

බ්‍රෙස්ගර්ඩල් 
ජෙහාන් ලෙනින්
සෝවියට් විවාහ හා ජෙහාන් ට්‍රොට්ස්කි - 1
සෝවියට් විවාහ හා ජෙහාන් ට්‍රොට්ස්කි - 2
සෝවියට් විවාහ හා ජෙහාන් ට්‍රොට්ස්කි - 3

මේ ලිපි පෙළේ සමාප්ත කිරීම  සඳහා මා පෙර ලියු ලිපියක් වැදගත් වේ.එම ලිපිය නම් "සෝවියට් සාහිත්‍යය සහ ලංකාවේ වම 1 - පැරැණි වමේ මූලාරම්භය "  මැයෙන් ඇන් ඇම් , කොල්වින් , පිලිප් ගුණවර්ධන ලාගේ වම ගැන ලියූවකි.  පැරණි වම ගැන කතා කිරීමේදී අධිරාජ්‍යවාදී බ්‍රිතාන්‍ය පාලනයට විරුද්ධව ඔවුන් ගෙන ගිය අරගලයේදී සුරියමල් ව්‍යාපාරය, මැලේරිය මර්දනයට සහය දීම ආදිය  මගහැර ගිය නොහැකිය. එසේම වසර 1915දී සිදුවුණු  සිංහල මුස්ලිම්  කෝලාහලයේදී පොලිස්පති ඩව්බිගින් විසින් බොහෝ මිනිසුන් නිරපරාදේ මරා දැමීමට  එරෙහිව ඔවුන් කල අරගලය අවසන් වූයේ  ඩව්බිගින් ලංකාවෙන් එළවා ගැනීමෙනි.

මාර්ක් ඇන්තනි බ්‍රෙස්ගර්ඩල් 1936 දී ලංකාවට පැමිණි වාමාංශික ඉංග්‍රීසි ජාතිකයෙකි.  ඔහු වතු කම්කරුවන්ට සුදු  වතු පාලකයන් සලකන තිරශ්චීන  ආකාරය ප්‍රබල ලෙස විවේචනය කල අයෙකි. ලංකා සම සමාජ පක්ෂයට මුලින්ම බැඳුනු සුදු ජාතිකයා ඔහුය. නාවලපිටියේදී වතු කම්කරුවන් දෙදහසක් අභියස බ්‍රිතාන්‍ය පාලකයන් ප්‍රසිද්ධියේ විවේචනය කිරීමේ හේතුවෙන් ඔහු අත් අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කල අතර සම සමාජ පක්ෂය  ඔහු සඟවාගෙන වරෙන්තුවට එරෙහිව විරෝධතා  දියත් කළේය. 1937 මැයි  5 දා  ව්‍යවස්ථා දායක සභාවේ දී චන්ද 34 - 7 කින් බ්‍රෙස්ගර්ඩල්  පිටුවහල් කිරීමට  සුදු ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් ස්ටබ්  දුන් නියෝගය පරාජය කරන ලදී. ඇන් ඇම් , ලෙස්ලි, පිලිප්, ගුණසිංහ , ජෝර්ජ් ඊ  ද සිල්වා, ඩි  එම්  රාජපක්ෂ , පෙරිම්බනායගම්, බණ්ඩාරනායක වැනි නායකයන් සමග ගෝල ෆේස් පිටියේ  පනස් දහසක පමණ ජනතාවක් සහභාගී වූ රැලියට බ්‍රෙස්ගර්ඩල් පැමිණි අතර පොලිසියට ඔහු අත් අඩංගුවට ගැනීමට නොහැකි විය.

එවකට වම, ප්‍රබල අධිරාජ්‍යයක නියෝගයක් අභියෝගයට ලක් කළේ  එලෙසය.

ඩී එස් සේනානායක ඇතුළු ජන නායකයන්ට ශ්‍රී ලංකාව ට නිදහස ලබා ගැනීමට වැඩි බලපෑමක් කිරීමට අවශ්‍ය නොවුයේ එවකට පැවති  මේ ප්‍රබල වාමාංශය හේතුවෙනි.

මා පෙර ලිපියෙන් නැගූ ප්‍රශ්නය වූයේ ප්‍රධාන රටවලින් ලංකාවට ඇතිවන බලපෑම ජාතිවාදී පිබිදීමකින් පරාජය කළ හැකිද යන්නය. බණ්ඩාරනායක මහතා  නිතරඟ ගිවිසුමක් අත්සන් කරමින්  1956 දී  වාමාංශික රජයක් පිහිටවුවද එය හරයෙන්ම ජාතිවාදී වූවක් විය. අවසානයේ අන්ත ජාතිවාදී ගමනක් යෑම ප්‍රතිකෙෂේප කිරීමේ හේතුවෙන් ඔහු ජිවිතයෙන් වන්දි ගෙවීය.

 සිරිසා පන්නයේ සමාජීය බලවේගයන්ගේ ලිහිල්  එකතුවකින් මිස මේ අනවශ්‍ය අත පෙවීම් පරාජය කළ නොහැකිය.

අනුර කුමාර දිසානායක හිවලෙකු වැනි කපටි ඥාණයක් ඇත්තෙකු යැයි මට සිතේ. එවැන්නක්  එංගලන්තයේ හැඳින්වෙන්නේ දක්ෂකමක් (clever) වශයෙනි. (crook නොවේ.) ඔහුට ඩීල් කුමාර යයිද නමක්  පට බැඳී තිබේ. අනුරට වඩා ඩීල් කාරයෝ ශ්‍රී ලංකා දේශපාලනයේ එදත් අදත් සිටියහ. බොහෝ අය එසේ කලේ තම බඩ හා පවුල රැක  ගැනීමටය. ඉඳහිට ජාතිය  ගලවා ගැනීමේ කතාද එවැනි උන්  මතුරති. අනුර කුමාර මහතා  එසේ කරන්නේ යයි මම නොසිතමි.

මා ලියූ ජෙහාන්  ලෙනින් ලිපියේ අන්දමට ලෙනින් ද එක්තරා විධිහක ඩීල් කාරයෙකි. නමුත් දේශද්‍රෝහී ලේබලයෙන් ගැලවීම පිණිස ජර්මානුන් සැපයූ  දුම්රියේ ගමන් කරද්දී ජර්මානුන් ගෙන් වෙන්ව එම දුම්රිය මැදිරිය "වෙනම රටක් " මෙන් මවාගත් දේශ සිමා සහිතව ගමන් කරන බව පෙන්වීමට ඔහු වග බලා ගත්තේය. එසේම ලෙනින් තමන්ගේ බඩ වඩා ගැනීමට ගියේ ද නැත.

අනුර,  විජිත හේරත් , නලින්ද ජයතිස්ස වැනි ජවිපෙ දක්ෂිනාංශයේ ප්‍රතිගාමින් මෙන්ම බිමල් රත්නායක, සමන්ත හේරත් වැනි ජවිපෙ වාමාංශය ද මැනවින් කළමනාකරණය කරගනිමින් සිටී. එසේම  ටිල්වින්ද ඔඩොක්කුවේ තබාගෙන පළාත් පාලන ඡන්දයෙන් චන්ද ලක්ෂ හතක් පමණ ලබා ගැනීමට  පක්ෂය මෙහෙයවා නායකත්වයට අභියෝගයක් නොමැතිව සුවසේ වැජඹෙයි. ඔහු ජවිපෙට සුපුරුදු ජාතිවාදී ස්ථාවරයෙන්  මිදී සම්බන්ධන් වැන්නවුන් සමගද හොඳ  සම්බන්ධතාවයක් පවත්වා ගෙන යන බවක් පෙනී යයි.

සිරිසා වැනි සාමාජිය බලවේගයක නායකත්වය දැරීමට ඔහුගේ  නුසුදුසු කමක් මට පෙනෙන්නේ නැත.

අනිත් පසින් ඩීල් එකක් දම්මවා ගෙන ලංකාවට පැමිණියා යයි පැවසෙන කුමාර් ගුණරත්නම් ඇතුළු පෙරටුගාමී සමාජවාදී පක්ෂය,   ද්‍රවිඩ ජනතාවගේ ස්වයං නිර්ණන අයිතිය ඇතුළු ප්‍රශ්න  බොහොමයක්ද ජවිපෙ අතීත ක්‍රියාකාරකම් පිලිබඳ පැන නැගෙන විවේචන  බොහොමයකටද සාධාරණය ඉටු කරන්නේ යයි කියමින් දේශපාලනයට පිවිසියද ඒවායේ තවමත් හිරවී  සිටින බවක් පෙනී යයි.  ඔවුන්ගේ ප්‍රධානම අරගලය  සයිටම් විරෝධය හා නිදහස් අධ්‍යාපනය රැක ගැනීම බවද පෙනේ.

එය එසේ වුවද කුමාර් ගුණරත්නම් ගේ සංවිධාන ශක්තිය හා ජවිපෙ හි දීර්ඝ කාලයක් වැඩ කිරීමෙන් ලද අත්දැකීම් සමුහයද නිකම්ම අතහැර දැමීමට නොහැකි දේය. පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ සාමාජිකත්වය  තවමත් සිරවී සිටින්නේ යල්පැනගිය විජේවීර  වාදයේ හා ස්ටාලින් වාදයේ අනවශ්‍යම න්‍යායාත්මක බැඳීම් වලය. කුමාර් ගුණරත්නම් හා පුබුදු ජාගොඩට  පක්ෂයේ මූලික හර  පද්ධතීන් වෙනස් කිරීමට තව සැහෙන කාලයක් ගතවනු ඇත. එය එසේ වුවද  කුමාර් ගුණරත්නම් ගේ වේදිකා ප්‍රකාශ හා රැස්වීම්  වල දහස් දැක්වීම් අනුව "අපහසුවෙන් හෝ" ඔහු සිටින්නේ නිවැරදි ස්ථාවරයක  බව පෙනී යයි. මගේ අදහස නම් අනුරගේ නායකත්වයෙන් දියත් කළ හැකි සිරිසා පන්නයේ  සමාජීය බලවේගයක ප්‍රධාන සංවිධායකවරයා විය යුත්තේ කුමාර් ගුණරත්නම්ය.

නමුත් මේ සංවිධාන හෝ පක්ෂ දෙකෙහිම ප්‍රබල ප්‍රශ්නයක් තිබේ. ඒ මොනතරම් පුරසාරම් දෙඩුවද ඔවුන්ට වර්තමාන දේශපාලන තත්වයන් නිසි පරිදි විග්‍රහ කර ගැනීමට ඇති නොහැකියාවයි. ඔවුන් සිරවී සිටින වාමාංශික න්‍යායවාදී මකුළු දැලින් මිදීමට තවමත් හැකියාවක් ලැබී නැත.

ඒ තත්වයෙන් මිදීමට වසර ගණනක් වෙහෙසෙන වාමාංශික න්‍යායධරයෙකු  ශ්‍රී ලංකාවේ සිටි. ඒ දීප්ති කුමාර ගුණරත්නය.  නමුත් දීප්ති යනු තමන්ගේම "ඇසිඩ් වැස්සක" නිරන්තරයෙන් තෙමෙමින් සිටින තැනැත්තෙකි. දීප්ති ගේ කණ්ඩායම විසින් 2004 දී  ඔවුන් හැරගිය අයට ස්ටාලින් ක්‍රමයේ හෝ,  ජවිපෙ විජේවීර ක්‍රමයේ දඬුවම් දීම වෙනුවට පක්ෂ වෙබ් අඩවි හා සමාජ ජාල වලින් ඉදිරිපත් කරන ඇතැම් විට  පුද්ගලවාදී වශයෙන් පෙනෙන  නිර්දය ඇසිඩ් විවේචන නිසා ඔවුන් සමග එක්වී කටයුතු කිරීමට බොහෝ වාමාංශික අදහස් ඇත්තන් මැලි කමක් දක්වති.

මෙය හොදින් නිරීක්ෂණය කලවිට මා දුටුවේ  වෙනත් දෙයකි. ශ්‍රී  ලංකාවේ වාමාංශය  තුල සටින ලංකාවේ  හෝ විදේශයන්හි ජිවත්වන අය  තුල  අමුතු ආකාරයේ හැසිරීම් සමුදායක් තිබේ .  දියුණු බටහිර සමාජයක ජිවත් වෙන සමහරුන්  අගයන්නේ කියුබාවේ ආර්ථිකයයි. නමුත් කියුබාවට  ගොස් ජිවත් වීමට ඔවුන්ට නොහැකි සේම ඔවුන් එසේ කරන්නේද නැත. එසේම සමහරු ගැහැනුන් ගේ සම අයිතියට සටන් කරන ගමන්  තම බිරිඳ බත් ටික බෙදා අතට  නොදුනහොත් කෑම  වර්ජනය කරන ජාතියේ අයයි.  බැදුම්කරයට විවේචනය කරන ගමන් එවැනිම මුදල් උපයන ක්‍රියා මාර්ග අනුගමනය කරන සමජවාදීන් ද සිටි. ලේඛනය තව දිගට ලිවිය හැකි වුවත් මින් නවතිමි.

දීප්තිලාගේ නිර්දය විවේචන මේවා කෙරෙහි එල්ලවන නිසාත් බොහොමයක් අයගේ දෙබිඩි හැසිරීම් ඇත්තේ එතන  නිසාත් දීප්ති තමන්ගේම ඇසිඩ් වැස්සෙන් තෙමේ.
 "90 දශකයේ සාහිත්‍ය කලා හා දේශපාලන වැඩ බිමට පැමිණි මිනිස් පරම්පරාව යනු දේශපාලනයේදී මට සම්මුඛ වූ ප්‍රමුඛ මිනිසුන්ය. පරම්පරාවක් ලෙස ඔවුන් උභයාවේගිය. ඔවුන්ගේ ආත්ම මුලිකත්වයේ මුඛ්‍ය සාධකය ආශාව හා බිය අතර දෝලනය වෙයි. දේශපාලනය යනු ඔවුන්ට ආත්ම  භාෂණයක් මිස  විප්ලවවාදී මැදිහත්වීමක් නොවේ. මෙම පරම්පරාවට මාක්ස්වාදය ගැන ඇති සාක්ෂරතාවය දුලබය.  ඔවුන් රොමැන්තිකය. සංකේත නීතියට වඩා ඔවුන් ගරු කරන්නේ හදවතේ නීතියටය . තමන්ගේ දෛවයට වඩා  වෙනත් අයගේ දෛවයට රිට් ආඥා නිකුත් කරයි.  - දීප්ති කුමාර ගුණරත්න -"ඇසිඩ්  වැස්ස " පි. 102

ලැකානියානු මනෝ විශ්ලේෂණයන්,  ජිජැකියානු මාක්ස්වාදී විග්‍රහයන් හරහා දීප්තිගේ කණ්ඩායම වාමාංශික දේශපාලන ක්ෂේත්‍රයේ කාලයක සිට පෙරලියක් ඇති කරමින් සිටියි. කුමාර් ගුණරත්නම් ද මෙය වටහාගත් බව මට පෙනුනේ කලකට පෙර පෙසපේ සාමාජිකයකු ඇමතීමෙනි.

" මේ පෙරටුගාමී කට්ටියගෙන්   හොඳ, විවේචනාත්මක දේශපාලන අදහස් වගයක් ප්‍රකාශයට පත් වෙනවා නේද? කලින් හිටිය එක්ස් කට්ටිය නේද ?"
" ආ ඔව් ඔව් ඒ අපි තමයි. එක්ස් කට්ටිය ඉන්නේ අපිත් එක්ක"
මා පසුව වටහා ගත්තේ ඔවුන් පෙරටුගාමී සමාජවාදීන් බවය. නම් පැටලී ඇත.

සිරිසා පන්නයේ හෝ පැරණි වමේ මුල කාලයේ මෙන් වන  සමාජීය බලවේගයක න්‍යායාත්මක පදනම වැටිය යුත්තේ දීප්තිගේ සහභාගිත්වය හරහාය.
සිරිසා 

මේ බලවේගයට  තනිව (පක්ෂයක් රහිතව)  දේශපාලනයේ  සිටින දයාපාල තිරාණගම, ලයනල් බෝපගේ වැන්නවුන් මෙන්ම විදේශගත රෝහිත භාෂණ කණ්ඩායමද එක්  විය යුතු බව මගේ විශ්වාසයයි. ඕනෑම  ජාතිවාදී මැදිහත්වීමක් ප්‍රබල ලෙස පරාජය කිරීමට  ඔවුන් සහය දෙනු ඇත.

නමුත් නොකෙරෙන වෙදකමට කෝඳුරු තෙල් හත් පට්ටයක් සොයා ගැනීම කළ නොහැක්කක් සේම සිරිසා පන්නයේ සාමාජීය බලවේගයක් ගොඩ නැංවීමට  අපරිණත නායකයන් හා සාමාජිකයන් ගෙන් සපිරුණු ලංකාවේ   වම කිසිදා සමත් නොවෙනු ඇත. මිනිසුන් වෙනුවෙන් නිතර කැප වීමට හා ජීවිතය පිදීමට වුවත් සූදානම්  යයි දෙසන  සමහරු බොහෝ විට තම පක්ෂ පුටුව අත හැරීමට මැලිවෙති. පක්ෂයේ ඇති තැන රැක  ගැනීමට පොර කති.

කොටින්ම විය නොහැක්කක් ගැන මේ ලියවිල්ල මාගේ  හිතළුවක්  පමණි.

මේ නිසා ශ්‍රී ලංකාවේ සැබවින්ම විය හැක්කේ කුමක්ද?

~ මතු සම්බන්ධයි



21 comments:

  1. Sunday, January 21, 2018
    අළුත් බෝතල් වල පරණ වයින් බීම.

    එදා විජේවීරලා සහ ලක්ෂ ගානක් තරුණයෝ දැගලුවේ මේ ටික කර ගන්නටදැයි ඇත්තටම ගැටළුවකි.

    තුන්වන බලවේගයක් ලෙස ජවිපෙ කාර්යභාරය මෙපමනද ?

    කෝප් කමිටු, උපදේශක කාරක සභා, උද්ඝෝෂණ, පෝස්ටර් සහ මාධ්‍ය හමු වලට අමතරව වෙනත් දෙයක් කිරීම මගහැරී තිබෙනවා නොවේද?

    සැබෑ වම කොතනද ?

    ජවිපෙ ට එය මගහැරී ඇත.

    පවතින ධනවාදී පාලකයින් පලවා හැරීමට නම්, මේ ටික පමනක් ප්‍රමානවත්ද ?

    එසේනම් ධනවාදය පලවා හැර , සැබෑ වමක් වෙත රට තල්ලු කිරීමට මීට වඩා යමක් කල යුතුව ඇත.

    එසේ නොමැතිනම් තුන්වන බලවේගයක් ලෙස ජවිපෙන් ජනතාවට ඇතිවන සෙතක් නැත.

    ජවිපෙ පවතින්නේ මෙලෙස නම් අප විකල්ප බලවේගයක් වෙත යොමු විය යුතු සුදුසුම කාලය මෙය නොවේද?

    https://magelokaya01.blogspot.com/2018/01/blog-post_87.html

    ReplyDelete
    Replies
    1. //එසේනම් ධනවාදය පලවා හැර , සැබෑ වමක් වෙත රට තල්ලු කිරීමට මීට වඩා යමක් කල යුතුව ඇත.// මේ ලිපියේ කතා කරන්නේ ධනවාදය පලවා හැරීමක් ගැන නොවේ. ඒක ඔන්න ඔහේ තිබුණාදෙන්.

      Delete
  2. බ්‍රේස්ගර්ඩ්ල්ට විරුද්ධව ක්‍රියාකිරීමට ආණ්ඩුකාරයාට වැඩියෙන්ම බලපෑම් කලේ වතුපාලකයින්. එහෙත් බ්‍රේස්ගර්ඩ්ල් පිටුවහල් කිරීමේ ආණ්ඩුකාරයාගේ නියෝගයට විරුද්ධව සර් සිඩ්නි ඒබ්‍රහැම්ස් ප්‍රමුඛ ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කලා.


    බ්‍රේස්ගර්ඩ්ල් ඉන්ගලන්තෙ ඉපදුනාට මව සමග ඔස්ට්‍රේලියාවට සංක්‍රමණය වුනා.ඔහු සැලකුනේ ඔස්ට්‍රේලියානුවෙක් විදිහට මං හිතන්නෙ

    ReplyDelete
    Replies
    1. ඔබේ පොයින්ට් ඔක්කොම හරිය. නීතියෙන් දිනුවේද සමසමාජය ඔහු සංවා තබා ගෙන සිටියට පසුවය. ඔහුගේ නීති කටයුතු වලටද සමාජය උදව් කළේය. එසේම සුද්දගේ නිතිය ඒ කාලයේද සාධාරණය . උස්සා පැන්නුවේ නැත

      Delete
    2. ඔව් ඔහු ඔසියෙක්. ඔය උඩින් පළ කර ඇති පොත් පිටකවරයේත් ලියා තියෙන්නේ!

      Delete
    3. කණගාටුයි ඔබල දෙදෙනාම වැරදියි.
      දැන් රසික හිතනවද මම ඔය ෆොටෝ එක යට තියෙන මේ ලින්ක් එකේ ලිපිය කියෙව්වේ නැහැ කියල. http://www.scholarly.info/book/322/
      බ්‍රේස්ගර්ඩල් ඕස්ට්‍රේලියාවේ සිට ලංකාවට ආව නිසා ඔය පොතේ මිනිහ ඕස්ට්‍රේලියන් කියල කියන්නේ. ඔස්ට්‍රේලියාව හා ලංකාව යන රටවල් දෙකම බ්‍රිතාන්‍ය අධිරාජ්‍යය යටතේ තිබ්බේ. ඔස්ට්‍රේලියාව තවමත් ඩොමිනියන් තත්වයේ තියෙන්නේ. කොටින්ම රසික වුනත් මෙහෙ ක්වීන්ගේ සබ්ජෙක්ට් එකක් තවම. (ඕස්ට්‍රේලියන් පොත තියනවනේ.) බ්‍රේස්ගර්ඩල් ඉපදුනේ , ජිවිතේ වැඩි කාලයක් හිටියේ , මියගියේ ලන්ඩන් වල. මට මතක විධිහට මම දැකලත් තියනවා මොකක් හරි ෆන්ක්ෂන් එකක. ඔය ක්ලැසිකල් මියුසික් කොන්සර්ට් එකක. එළිමහණෙ තියෙන.

      අනික මේ ලිපියේ බ්‍රේස්ගර්ඩල් ගැන ලියල තියෙන්නේ ඔහුගේ ජාතිය ගැන කතා කරන්න නොවේ. මහත්වරුනි කාමරයේ සිටින අලියා නොපෙනේද?

      Delete
    4. ඒ දවස් වල පැවති නීතියට අනුව එංගලන්තයේ උපදින ඕනෑම අයෙකු එංගලන්ත ජාතිකයෙක්. ඒ නිතිය වෙනස් කලේ හුඟක් මෑතකදී. හුඟක් පිටරටවල අය ළමයි හම්බවෙන්නම් එංගලන්තෙට එන නිසා. ලංකාවේ ප්‍රසිද්ධ සමාජවාදීන්, සිංහල බෞද්ධ වීරයන් කිහිප දෙනෙක්ම ඔය ගේම් එක ගැහුවා මෙහේ ළමයින්ට සිටිසන්ශිප් අරන් දෙන්න. (අනිත අයත් කලා , නමුත් ඉතින් මේ ගොල්ල අධිරාජ්‍ය විරෝධිනේ )

      Delete
    5. ඒ දවස් වල පැවති නීතියට අනුව එංගලන්තයේ උපදින ඕනෑම අයෙකු එංගලන්ත ජාතිකයෙක්. ඒ නිතිය වෙනස් කලේ හුඟක් මෑතකදී. හුඟක් පිටරටවල අය ළමයි හම්බවෙන්නම් එංගලන්තෙට එන නිසා. ලංකාවේ ප්‍රසිද්ධ සමාජවාදීන්, සිංහල බෞද්ධ වීරයන් කිහිප දෙනෙක්ම ඔය ගේම් එක ගැහුවා මෙහේ ළමයින්ට සිටිසන්ශිප් අරන් දෙන්න. (අනිත අයත් කලා , නමුත් ඉතින් මේ ගොල්ල අධිරාජ්‍ය විරෝධිනේ )

      Delete
  3. ලංකාවේ වම දැන් නිකම්ම නිකම් බෝඩ් එකක් විතරයි.ඉන්දියාවේ කොමියුනිට්ස් පක්ෂය තවමත් ප්‍රබල දේශපාලන ව්‍යාපාරයක්ව තියෙන කොට කොමියුනිට්ස් කාරයොත්,අනෙකුත් වාමන්ශිකයෝත් ඉතිහාසයට එකතු වෙච්චි අය පමණක් වෙලා.

    පෙරටුගාමින්ගේ දේශපාලන භාවිතය ගැන ඉස්සර පොඩි පැහැදීමක් තිබ්බා.ඒ කුමාර් ගුණරත්නම් හිරේ ඉන්නකොට එහෙම.දැන් අජිත් අයියා කියනවා වගේ සයිටම් විරෝධය කියන තැන විතරක් නතර වෙලා ඉන්න හැටි දැක්කම උන්ගේත් ගන්න දෙයක් නැහැ කියලා තමයි පේන්නේ.

    ReplyDelete
    Replies
    1. ඔතනින් ඉදිරියට යන්න දැනට ටිකක් අමාරුයි දෙතුන් ගොල්ලටම

      Delete
  4. Replies
    1. නිර්භීත ලෙස ප්‍රතිචාරයක් දැක්වීම ගැන ස්තූතියි

      Delete
    2. ඉයන් ධනපතියා!
      ඒකයි ඔය ධන ලකුණු දාන්නේ හැම තැනම.

      Delete
    3. ඉයන් ඇවිල්ල හොඳ බෞද්ධ කතෝලික සමාජවාදියෙක්. සල්ලි තියෙන දන් දෙන හැමෝම ධනපතියෝ වෙන්නේ ලංකාවේ සමාජවාදීන් හා වාමාංශික යන් කියල පෙනී හිටින්නන්ගේ නිර්ණායක අනුවනේ.
      ධන + පති - ධනයට + අධිපති - හරි හරි ධන ලකුණ එන්නේ එහෙමයි

      Delete
  5. /* මාර්ක් ඇන්තනි බ්‍රෙස්ගර්ඩල් 1936 දී ලංකාවට පැමිණි වාමාංශික ඉංග්‍රීසි ජාතිකයෙකි. */

    He was an Australian. See the sub-title given in the book cover you have published.


    ReplyDelete
  6. දැන් රසික හිතනවද මම ඔය ෆොටෝ එක යට තියෙන මේ ලින්ක් එකේ ලිපිය කියෙව්වේ නැහැ කියල. http://www.scholarly.info/book/322/
    බ්‍රේස්ගර්ඩල් ඕස්ට්‍රේලියාවේ සිට ලංකාවට ආව නිසා ඔය පොතේ මිනිහ ඕස්ට්‍රේලියන් කියල කියන්නේ. ඔස්ට්‍රේලියාව හා ලංකාව යන රටවල් දෙකම බ්‍රිතාන්‍ය අධිරාජ්‍යය යටතේ තිබ්බේ. ඔස්ට්‍රේලියාව තවමත් ඩොමිනියන් තත්වයේ තියෙන්නේ. කොටින්ම රසික වුනත් මෙහෙ ක්වීන්ගේ සබ්ජෙක්ට් එකක් තවම. (ඕස්ට්‍රේලියන් පොත තියනවනේ.) බ්‍රේස්ගර්ඩල් ඉපදුනේ , ජිවිතේ වැඩි කාලයක් හිටියේ , මියගියේ ලන්ඩන් වල. මට මතක විධිහට මම දැකලත් තියනවා මොකක් හරි ෆන්ක්ෂන් එකක. ඔය ක්ලැසිකල් මියුසික් කොන්සර්ට් එකක. එළිමහණෙ තියෙන.

    ReplyDelete
  7. Mark Bracegirdle was born in London in 1912, into a family of artists. His mother, Ina, was a suffragette, a talented artist and a member of the Independent Labour Party. She was once arrested during a march to the Houses of Parliament when she was alleged to have disturbed some flowerbeds.
    Bracegirdle ended his career lecturing in engineering at North London Polytechnic, and in his retirement studied archaeology and worked voluntarily for London University. His many interests included the history of Chinese scripts, the theories of Darwin, Leninism and Marxism, Roman glass, ornithology, farming, art and design.

    Mark Anthony Lyster Bracegirdle, tea planter, engineer and campaigner: born London 10 September 1912; married 1939 Mary Vinden (one son, three daughters); died London 22 June 1999.
    https://www.independent.co.uk/arts-entertainment/obituary-mark-bracegirdle-1121185.html

    ReplyDelete
  8. http://revolutionaryhistory.co.uk/index.php/documents/196-asia/sri-lanka/4907-the-bracegirdle-saga-60-years-after

    ReplyDelete
  9. මොහොට්ටි10 April 2018 at 07:05

    පෙරටුගාමීන්ට සයටම් එක ලඟ තමයි කොහොමත් හිටගන්න වෙලා තියෙන්නෙ.එහෙම නැතුව පැවත්මක් නැහ.ලංකාවෙ ඉන්න වැඩවසම් ශිෂ්‍ය බලවේගයෙන් විප්ලවේ කරන්න තමයි ඒ අය හිතාගෙන ඉන්නෙ

    ReplyDelete
    Replies
    1. එකනම් එහෙම තමයි මොහොට්ටි . ශිෂ්‍යයෝ කියන්නේ විප්ලව වලට කලින්ම එළඹෙන කට්ටිය තමා නමුත් ඒගොල්ලන්න්ට දිග කාලයක් ගෙනියන්න බැහැ නේද

      Delete

සියලු හිමිකම් අජිත් ධර්මකීර්ති (Ajith Dharmakeerthi) සතුය. කොළඹ ගමයා බ්ලොග් අඩවියේ යොමුව සඳහන් කර හෝ අජිත් ධර්මකීර්ති යන නමින් පමණක් මෙහි ලිපි උපුටා පළ කරන්නට අවසර තිබේ.
මෙහි පලවන ලිපි සහ දේශපාලන අදහස් මගේ පෞද්ගලික අදහස් පමණි.
ඔබේ ඕනෑම ප්‍රතිචාරයක් මෙහි පල කරනු ලැබේ. නමුත් වෙනත් කෙනෙකුට සාධාරණ හේතුවක් නැතුව පහර ගසන අශිලාචාර අන්දමේ ප්‍රතිචාර පමණක් පල නොකෙරේ. බ්ලොගයට ගොඩ වදින ඔබ සියලු දෙනාට ස්තූතියි .