Tuesday 6 March 2018

ඔන් යුවර් මාක්, ගෙට් සෙට්, ගෝ!

-අයීයේ මේ මොකද වෙන්නේ දැන් 
උඹ කලබල නැතුව ඉඳහන්, ඕකට කියන්නේ බටර්ෆ්ලයි එෆෙක්ට් කියල කොළඹ සිංහලෙන්

-ඒ කිව්වේ 
ඒ කිව්වේ උඹට දෙන්න තියෙන්නේ පොඩි තල්ලුවක් විතරයි ඉතුරු ටික ඉබේම වැටෙනවා හරි තැනට

-අයිය කියන්නේ මේ ඔක්කොම අයිය කරනවා කියලද 
නැහැ බං , දැන් බලපන් අපි වෙබ් අඩවි දෙක තුනකින් වඳ පෙති කතාව  පතුරවල ඇරියා

-ඔව් 
ඊට පස්සේ ඕක අල්ල ගත්ත කවුද ගොනෙක්   පාන් පිටි ගුලියකට ගේම ඉල්ලුව , ඉතින් එතැන සෙට්

-හරි ඒත් තඹුත්ත විලේජ් එක අයිය නෙමෙයිනේ 
ඔය ඉතින් බලපන්කො උඹට මං ගැන විශ්වාසයක් නැහැනේ , දැන් ඔය බෝතල් හදන ව්‍යාපෘතිය කාගේද

-අර ඇස් පුංචි සුදු ආසියන් කට්ටිය  ගෙනේ 
 දැන් ඒගොල්ලෝ  ඕන වෙලා තියෙන්නේ කාටද

-අර  ඉල්ලා අස් වෙන්නැති අරයටනේ 
දැන් එතකොට අපේ ලොකු අයිය එකපාරක් අයින් කලේ කවුද

- අර ඉල්ලා අස් වෙන්නැති අරයනේ 
දැන් ලොකු අයිය විරුද්ධ කාටද

- අපිට අර ණය හුඟආක් දෙන මාඕ ඌඕ ගෙන් පැවත එන 
 හරි හරි ඇස් පුංචි සුදු අයිය කියපන්කො

-ඔව් ඉතින් මට තේරෙන්නේ නැහැ එහෙම කොහොමද ගොවියෝ එන්නේ අයියේ. ඔය වතුර බෝතල් දෙන එක උන්ට හොඳයි නේ. වකුගඩු අමාරුවට නේද 
එහෙම හොඳක් නැහැ බන්. වතුර ඒ පැතිවල නැහැනේ. දැන් බලපන් ගොනෝ බැස්සා ඉන්නේ කාත් එක්කද දැන්

-ලොකු අයිය එක්ක 
ඉතින් ලොකු අයියා බැස්ස හරහා ගේම දෙනවා එතන . ඕන අරගලයකදී ඉදිරියට එන උතුම් ප්‍රතිපත්තිය මත අර වමේ කට්ටියගෙන් කට්ටියක් සපෝර්ට් එකට යනවා

-ඉතින් 
ඉතින් යකෝ කවුද අසමජ්ජතියෝ ටිකක් ගල් ගහනවා පොලිසියට , පොලිසිය නෙලනවා , බුකිය උණුසුම් , වමේ කට්ටිය සාකච්චා දෙනවා, ඔක්කොම ගොඩ , ආ මට මතක් කරපන් සල්ලි යවන්න අරුන්ට , චෙක් එපාලු, වැඩිය දෙන්න ඕනේ නැහැ. ගල් විතරනේ  පාවිච්චි කළේ

-අයිය කියන්නේ බොන ඒවත් එක්කටද 
ඔව්  බං

-අයීයේ  එතකොට  මේ දෙල් තෙනි  වැඩෙත් අයියද 
යකෝ ගොනෝ මම දැන් කිව්වේ  බටර්ෆ්ලයි එෆෙක්ට් කියල, දැන් බලපන් අර අන්තවාදී සෙට් එකත් පෙළපාලි යයි. පිටරටවල පත්තර වල වැටෙයි. තව හිර වෙනවා.  කොහොමත් ලොකු අයියා සතුටෙන් ඉන්නේ ඒකටත්

-ඒත් අයියේ මට හිතට අමාරුයි , අහිංසක කොල්ලෝ දෙන්නෙක් ගියානේ , අනේ අයියේ 
ඒකට අපි මොනවා කරන්නද බන්. අපි කලේ කට්ටියට ඒ පැත්තට යන්න  කියල මැසේජ් දෙන එක විතරනේ.ඕන කෙනෙකුට අවමංගල උත්සව වලට ගිය හැකිනේ

-අයියේ එතකොට අර ලොක්ක ගේන්න කලා වගේ වැඩක්ද මේකත්. අර කමිස ඉල්ලගෙන ඇඳන් යන සීගිරි  අයියව අල්ලලා අයිය මරු ගේමක් දුන්නේ , අර ඇමෙරිකාවේ හිටපු   කොට පොර මහතා  නම් කියන්නේ එයා දුන් ගේම කියල 
පොර එහෙම හිතාගෙන හිටපු දෙන්. කමිස දීල අල්ල ගත්ත හැටි මරු නේද, පොර අන්තිමට  උගේ පක්ෂේ හිර කරලා ඒකෙ සහයෝගේත්  ලොක්කට අරන් දීල, අපිව ගොඩ දැම්ම. ඒවා තමයි මල්ලි ගේම් ඈ.

-ඒත් අයියා ලොක්කව  යවන්නත් ගේම දුන්නනේ 
ඒ බං ඉතින් ලොක්ක අපිව අත ඇරලා අරුන් එක්ක සෙට් වුනානේ

-ඒ වුනාට ඉතින් ලොක්ක ගාන දුන්න  නේද පරණ වැඩේට 
ලොක්ක දන්නවා බන් මේවා බිස්නස් කියල. ඒ මනුස්සය තරහ නැහැ අපි එක්ක. ඒ මනුස්සය එක්ක එක අතකට වැඩ කරන්න ලේසියි. ඕන දෙයක් තේරෙනවා , මුන් වගේ නෙමේ

-දැන් ලොක්කව ගේනවද  අයියේ ආපහු 
පිස්සුද බං, දැන් අපිට අහවලා  ඉන්නවනේ , ඔහොම ඉඳපන් මෙහෙම යන්න  ඇරලා, මං කියන්නම් උඹට මොකද්ද කරන්න  ඕනේ කියල.  අඹරවන්න පුළුවන්  තව ටිකක් .


- මේ දවස් වල සීතල නිසා හිටි හැටියේ ලියු  ප්‍රබන්ධයකි. පාත්‍ර වර්ගයා ඇමෙරිකානු ජාතිකයන්ය.

16 comments:

  1. Replies
    1. ප්‍රතිචාරයක් දැමීමට එඩිතර වීම ගැන ස්තූතියි

      Delete
  2. හීතල හොඳටෝම වැඩියි වගේ.. මොනව ලියනවද මංදා.. පාත්‍ර වර්ගයා කියන්නේ පිඬු සිඟා වඩින අයද? හෙහ්..

    ReplyDelete
    Replies
    1. ටිකක් ඒ වගේ තමයි. ටිකක් හොයල බැලුව නම් තේරෙයි. මෙසේජ් යැව්වේ කවුද හම්බ උනේ කාටද වගේ ඒවා

      Delete
  3. Replies
    1. ප්‍රතිචාරයක් දැමීමට එඩිතර වීම ගැන ස්තූතියි x 2

      Delete
  4. මෙන්න මේක තමයි ඇත්තම තත්වය !

    ReplyDelete
    Replies
    1. ඔයා වගේ කට්ටිය බහුතරයක් නම් .............

      Delete
  5. තේරුණත් නොතේරුණා වගේ. කවුද අර අන්තිමට කියන අහවලා ?

    ReplyDelete
    Replies
    1. ඉතින් ඒක කිව්වොත් මේ ලිපියෙනුත් වැඩක් නහැනේ

      Delete
  6. මේක මරැ👍👍👍

    ReplyDelete
  7. ඇමරිකානු පාත්ත වර්ග එහෙමද?

    ReplyDelete
  8. මේ ආණ්ඩුව බලයට ගෙන ඒම පිටුපස තිබුනේ ෆේස්බුක් බව රහසක් නොවේ ..රාජපක්ෂ පාලනයට විරුද්ධව ගමේ ජනතාවට කුමන ප්‍රශ්න තිබුනත් ෆේස්බුක් සමාජයට තිබුනේ බාෂණ නිදහස ,ප්‍රජාතන්ත්‍රවාදය ,සමානාත්මතාවය ,මානව අයිතිවාසිකම් සපිරි නවීන ලෝකයක පිලිබඳ ෆැන්ටසියක්ය ..එලෙස බලාපොරොත්තු තබාගෙන මේ ආණ්ඩුව බලයට ගෙන ඒමට කටයුතු සිදු කල බහුතර ෆේස් බුක් සමාජයට ඇඳිවත උස්සා පස්චාත්බාගය පෙන්නීමට මේ ආණ්ඩුව සමත් වී ඇත ..මේ තරම් පිළිකුල් සහගත විලිලජ්ජා නැති ආකාරයට අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය උල්ලංඝනය කල අවස්තාවක් මිට පෙර තිබුනාද සැක සහිතය ..

    ෆේස් බුක් එකේ තබා ලෝකයේ කවර සමාජයකවත් එක සමාන අදහස් දරන මිනිසුන් නැත ..ලංකාවේ ෆේස් බුක් සමාජයද එලෙසය ..ෆේස් බුක් එකේ යන හැම බොරුවක්ම ගිලීමට සමාජ ජාලා වල බබ්බු නැත ..මිනිසුන් අතීතයේ වදකහ සුදිය බිව්වේ ෆේස් බුක් තිබිලා නොවේ ..අසුතුනේ දෙමළ ජාතිවාදය ඇති උනේ ෆේස් බුක් තිබී නොවේ ,වල්ලහගොඩ දේවාල පෙරහැර ආශ්‍රිත මුස්ලිම් කලබල නමසිය පහේ ඇති වන්නේ ෆේස් බුක් තිබී නොවේ ..ආණ්ඩුව සිතන ආකාරයට ෆේස් බුක් නිසා මේවා ඇති වනවා නම් වසර තිහක යුද්ධයක් තිබු කාලයේදීද ,ෆේස් බුක් තිබුණි ජාතිවාදී ප්‍රකාශ තිබුණි ,,කිසිවෙක් දෙමළුන්ට එලව එලවා පහර දුන්නේ නැත ,,මේවා ගොන් කතාය අතීතයේ සන්නිවේදන මාද්‍ය තුල සිටියේ ශ්‍රාවකයින්ය ,නැතහොත් පාඨකයින්ය ,නැතහොත් රසිකයින්ය ..ඔවුනට කියන ලියන දේ අහගෙන සිටිනවා විනා අදහස් ප්‍රකාශ කිරීමට හැකියාවක් තිබුනේ නැත ..ෆේස් බුක් එකේ එලෙස නැත ..සාමාන්‍ය මිනිසුන් තාර්කික මිනිසුන් වනවා ආණ්ඩුවට දිරවන්නේ නැත ..

    ජාතිවාදී ප්‍රකාශ කරන්නන් අත් අඩංගුවට ගන්නා බව ආණ්ඩුව පවසා ඇත ..යම් ප්‍රකාශයක් ජාතිවාදීද නැතිද යන්න නිර්ණය කරන නිර්ණායකය කුමක්ද ?එලෙස සිදු කරන්නේ සම්මත නිතිය යටතේද නැතහොත් කුමන පදනමක් යටතේද ?මේවා ගැටලුය

    ලෝකයේ දියුණු රටවල ආගමික නිදහස ඇත ඕනෑම රටක කෙනෙකුට සිය ආගම ඇදහීමේ අයිතිය ඇත ..නමුත් සංස්කෘතිකමය නිදහසක් වල් බූරු ආකාරයකට නැත ..යම් නිශ්චිත ජන කණ්ඩායමක් පරිසරයට අනුගත වීමේදී ඇති කර ගන්න චර්යා රටා සංස්කෘතිය ලෙස හැඳින්වේ ..මේ රටේ එලෙස චර්යා රටා ඇති කර ගත් ජාතිය සිංහල වශයෙන් හැඳින්වෙන නිසා එම සංස්කෘතිය හැඳින්වෙන්නේ සිංහල සංස්කෘතිය ලෙසය ..මේ රට සිංහලයාගේ රට යයි කීම ජාති වාදී නොවන්නේ එම නිසාය

    මේ රටේ අප කුඩා කල සිටි මුස්ලිම් ජාතිකයන් අපේ හොඳ මිතුරන් විය අපට ඔවුන් සහ අපේ වෙනසක් තේරුනේ නැත ..නමුත් මේ රටේ අරාබි සංස්කෘතියට කිසි සේත් ඉඩක් නැත ..මේ සංස්කෘතික ආක්‍රමණය ගැන අපි මිට වසර ගණනාවක් සිට කීවෙමු ..මේ වෙනස ජන වර්ග දෙක අතර ලොකු පරතරයක් ඇති කරන බවද මේ ඇති වන පරතරය රටට ඉතා අහිතකර බවද අපි කීවෙමු ..පාලකයින් කනකට ගත්තේ නැත ..ජනවර්ග දෙකක් එකිනෙකා මරා ගන්නේ හේතුවක් මතය එම හේතුවට පිළියම් යොදනවා පැත්තක තබා ෆේස් බුක් තහනම් කරමින් කරන්නේ බොර දියේ මාළු බා ගැනීමය

    ReplyDelete
    Replies
    1. ප්‍රතිචාරයට ස්තුතියි .//නමුත් මේ රටේ අරාබි සංස්කෘතියට කිසි සේත් ඉඩක් නැත ..මේ සංස්කෘතික ආක්‍රමණය ගැන අපි මිට වසර ගණනාවක් සිට කීවෙමු ..// එකඟයි

      Delete

සියලු හිමිකම් අජිත් ධර්මකීර්ති (Ajith Dharmakeerthi) සතුය. කොළඹ ගමයා බ්ලොග් අඩවියේ යොමුව සඳහන් කර හෝ අජිත් ධර්මකීර්ති යන නමින් පමණක් මෙහි ලිපි උපුටා පළ කරන්නට අවසර තිබේ.
මෙහි පලවන ලිපි සහ දේශපාලන අදහස් මගේ පෞද්ගලික අදහස් පමණි.
ඔබේ ඕනෑම ප්‍රතිචාරයක් මෙහි පල කරනු ලැබේ. නමුත් වෙනත් කෙනෙකුට සාධාරණ හේතුවක් නැතුව පහර ගසන අශිලාචාර අන්දමේ ප්‍රතිචාර පමණක් පල නොකෙරේ. බ්ලොගයට ගොඩ වදින ඔබ සියලු දෙනාට ස්තූතියි .