Monday 12 February 2018

ඉන්දියාව සමග නැගිටිමු

ජේ ආර්  රජීව් 
ජේ ආර් ජයවර්ධන මහතාගේ රජය ශ්‍රී ලංකාවේ ආර්ථිකය විවෘත කරන විට ඉන්දියාවේ තිබුනේ සංවෘත භාග සමාජවාදී ආර්ථික ක්‍රමයකි. කලබල වුනු ඉන්දියාවට  ඇමෙරිකන් හිතවාදී ජේ ආර් රජය පාලනය කරන්නට හොඳ අවස්ථාවක් දුන්නේ ජේ ආර් මය. ඒ 1983 සිදුවූ දෙමළ  ජන සංහාරයට ඉඩ සැලසීමෙනි. ඉන්පසු දෙමළ කැරලි කරුවන්ගේ සංවිධාන කිහිපයක්ම පුහුණු කරන්නට හා ශ්‍රී ලංකා හමුදා සමග සටන් කරන්නටත් රටේ ආර්ථිකය අඩපණ  කරන ප්‍රහාර එල්ල කිරීමටත් මේ කණ්ඩායම් හරහා ඉන්දියාවට හැකි විය. මෙහි අවසන් ප්‍රතිඵලය වුයේ වඩමාරච්චි සටන නතර කරමින් සිදුවූ පරිප්පු ආක්‍රමණයයි.

ඉන්දියානු හමුදා ශ්‍රී ලංකාවට පැමිණි අතර ශ්‍රී ලංකාව ජීවත්වීමට නුසුදුසු  දරුණු රටක් බවට පත්වුණි. ශ්‍රී ලංකාවේ උතුර හා දකුණ එකම ලේ විලක් විය. මේ තත්වයට ජේ ආර්, ප්‍රේමදාස,  සිරිමාවෝ , විජේවීර , ප්‍රභාකරන් පමණක් නොව ඉන්දියාවද වගකිව යුතු විය. ඉන්දියාවට පළමු ප්‍රහාරය ලැබුනේ තමන්ම කිරි පෙවූ නයි  පැටියා ගෙනි. තම ජාතියේ අභිමානය රැක  ගෙන ප්‍රභාකරන් රජීව් ගාන්ධි එර්දි කළේය.

ඉන්දියාවට චන්ද්‍රිකා  සමග ප්‍රශ්නයක් නොතිබුණු නිසා දෙමළ කැරලිකරුවන් සමග යුද්ධය අතර වුවද, රටේ ආර්ථිකය දියුණු වූයේ නැති වුවද චන්ද්‍රිකා බණ්ඩාරනායක   දෙවරක්ම රට පාලනය කිරීමට තේරී පත් වූවාය.  නමුත් ඉන්දියාව තම අගමැති මරා දැමීමට අණ  කළ  ප්‍රභාකරන් අමතක කලේ නැත.

චන්ද්‍රිකා  ගේ  දෙවන පාලන සමයේ දී  රනිල් වික්‍රමසිංහ සහ එජාපය පාර්ලිමේන්තු මැතිවරණයෙන් ජයගෙන රජයක් පිහිටෙව්වේය. බටහිර රටවල උදව්වෙන් ඔහු සාම ගිවිසුමක් අත්සන් කර ගිවිසුම විමසීමට ලංකාවේ තවමත් කුප්‍රකට මොනිටරින් මිෂන් (SLMM) එකක්ද ස්ථාපිත කළේය. ඔහුගේ වැඩ පිළිවෙල,  LTTE දෙකඩවී කරුණා ගේ නායකත්වයෙන් තවත් කොටසක් බිහි වීමට හේතුවක්  විය. එසේම LTTE ප්‍රදේශ වලට රුපවාහිනී හා නොයෙකුත් සූඛොපභොගි උපකරණ යැවුනි. ඉන්දියාව සිටියේ විමසිල්ලෙනි.
ඇමෙරිකාවේ හා යුරෝපයේ සහය රනිල් වික්‍රමසිංහ රජය ට හිමි විය. සිංහලයන් බහුතරයක් අසතුටු වුවද දෙමල බහුතරයක් සිටියේ සාම විරාමයක් ලැබීමේ සතුටිනි.

කවුරුත් වැඩිපුර නොදන්නා කාරණයක් නම් තරන්ජිත් සිං  සඳු නමැති මහතකු වසර 2000 දී  ශ්‍රී  ලංකාවේ  ඉන්දීය තානාපති කාර්යාලයට දේශපාලන නිලධාරියා වශයෙන්  පත්වීමක් රැගෙන පැමිණි බවයි.

එසේම  ජනතා විමුක්ති පෙරමුණ නමැති වාමාංශික පක්ෂයේ නායකයා ශ්‍රී ලංකාවේ පැවති 88-90 භීෂණ  සමයේ ඉන්දියාවේ උදව්වෙන් බටහිරට පැනගොස් ජීවිතය  බේරා ගත්  අයෙකි.

ඉන්දියාවේ රහස් ඔත්තු සේවයේ නම රෝ හෙවත් පරීක්ෂණ හා විශේල්ෂණ කිරීමේ කාර්යන්ශයයි.

ශ්‍රී ලංකාවට සුනාමිය පැමිණියේ වසර 2004 දීය . දකුණට ලැබුනා  සේ උතුරේ  විනාශ වූ පෙදෙස් වලටද ආධාර අවශ්‍යය. ආධාර දීමට අන්තර් සුනාමි සහන මණ්ඩලයක් LTTE සමග  සමග හැදීමට රනිල් ගේ රජය කැමැත්ත පල කල අතර චන්ද්‍රිකා  ජනාධිපතිනියගේ විරුද්ධත්වයක් තිබුනේ නැත. මෙහිදී බටහිර රටල ආධාර කෙලින්ම උතුරේ LTTE සංවිධානයට ලැබේ. ප්‍රභාකරන්, තමිල් සෙල්වම්, බාලසිංහම්  ආදීන් ලෝකයේ දෙමල ඩයස්පෝරාව සිටි  රටවල් වල වීරයන් විය.

ඉන්දියාවට අනුව බටහිර සුනාමි  ආධාර කෙලින්ම ලැබෙන්නේ  තමන් කිරිපොවා ඇති දැඩි කළ එහෙත්  පසුව දෂ්ට කළ නයි හාමිටය.

රටේ මේ සහන මණ්ඩලයට විරෝධතා වැඩි විය. ඉදිරියෙන්ම සිටියේ ජනතා විමුක්ති පෙරමුණයි. එසේම ජාතික හෙළ උරුමයද විය. චන්ද්‍රිකා,  රනිල් රජයේ  ඇමතිවරුන් තිදෙනෙක් අස්  කරමින් පාලනය තමන් අතට ගත්තාය. රනිල් ගෙදර ගියේය.

බටහිරට හිතැති කදිරගාමර් මරා දැමුණු අතර මහින්ද  රාජපක්ෂ අගමැති විය.

තරන්ජිත් සින් සඳු දේශපාලන නිලධාරී මහතා  2004 දී ඉන්දියන් තානාපති කාර්යාලයෙන් වෙනත් පත්වීමක් ලබා නික්ම ගියේය.

මහින්ද රාජපක්ෂ ඉදිරිපත් වූ 2005 චන්දයේදී ජවිපෙ හා හෙළ උරුමයේ සහයෙන් ඔහුට 50.29% කුත් රනිල් වික්‍රමසිංහට 48.43% කුත් ලැබුණි. ප්‍රභාකරන් හිටියේද මහින්දගේ පැත්තේය. ඔහු දෙමළ චන්ද වර්ජනය කිරීමට නියෝග කර චන්දය  දැමීමට ගිය දෙමළ  චන්ද දායකයකු ගේ අතක්ද කැපුවේය.   දෙමළ චන්ද තිබුනා නම් මහින්ද 2005 දී බලයට පත් වන්නේ නැත.

කවුරුන් මොනවා කීවත් යුද්ධය සමයේදී මතුපිටින් කිසිදු සහයක් දෙන බවක් නොපෙන්වුවත් ඉන්දියාව LTTE   සමග ශ්‍රී ලංකා හමුදාවල යුද්ධයට හා මහින්ද රජයට ආධාර කළේය. ඒ ආධාර චැනල් කිරීම සඳහා විශේෂ පුද්ගලයෙක් බැසිල්  නමින් සිටියේය.බැසිල් තමන්ට පැවරුණු කාර්යය මැනවින් ඉටු කළේය. කරුණා  අම්මාන් සිටියේ ඉන්දියාව  පැත්තේය. මහින්ද රජයට කඳුකරයේ තොන්ඩමන් (ඉන්දියාව) ගේ සහය ලැබුණි. නයි හාමි ගේ බෙල්ල කපන තුරු ඉන්දියාව  මහින්ද රජයට සහය දුන්නේය. ඉන්පසු ඇතිවුණු යුධ අපරාධයක්  සේ හැඳින්වෙන  සුදු කොඩි සිද්ධියේ ඉන්දියන්  ජාතිකයෙකු වන විජේ නම්බියාර් ද ගෑවී සිටි. මේ සිද්ධියේ දී  මියගිය කොටි පොලිස්පති නඩේසන් කතා කර තිබුනේද බැසිල් ටය.( මේ සිද්ධියේ බැසිල් ගේ වරදක් නැත.  ඉන්දියා ව එය දනී.)

දෙවන ජනාධිපතිවරණයෙන් 2010 දී 57% පමණ චන්ද සංඛ්‍යාවක් දිනා  රාජපක්ෂ මහතා  රටේ දැඩි සංවර්ධනයක් දියත් කලේ යුධයෙන්  පසුවය. රටට යුද අවි වලින් ආධාර දුන් චීනය ආර්ථික තලයේද බලවතෙකි. මහින්ද රජය ණය ගත්තේ ඔවුන් ගෙනි. ඉන්දියාවද ආධාර දුන් නමුත් ඔවුනට චීනයට සම වීමට නොහැකි වුනි. හම්බන්තොට   නැව් නො ආ වරාය  හා ගුවන් යානා  නොඑන ගුවන් තොටුපල චීන ආධාර වලින් හැදුනි. කොළඹ  මුහුද ගොඩ කර නව වරාය  නගරයක් හැදෙයි.  විශාල හෝටල් ඉඩම් චීන කොම්පැනි වලට සින්නක්කර ලැබෙයි.  කාලයක් මුළුල්ලේ රජයන් කිහිපයක සිහිනයක්ව තිබූ අධිවේගී  මාර්ගය විවෘත  වුනි. අසූ  ගණන් වල හදන්නට සැලසුම් කර තිබූ  ගල් අඟුරු බලාගාරය නොරොච්චෝලේ චීන ආධාර වලින් නිම වුනි.

ඉන්දියාව මෙන්ම  බටහිරද කලබල විය. මහින්ද රජයට බටහිර යුධ අපරාධ තර්ජන එල්ල වීමද වැඩිවිය. රටේ ජාති වාදී   ප්‍රශ්න ඇති වෙමින්  ජාතිවාදී සංවිධාන පැන නැගුණි. මහින්ද රජයේ ද ද 2001-2004 රනිල් රජයේ මෙන්ම දුෂිත මැති  ඇමතිවරුන් හා නිලධාරීන් පොකුරු වශයෙන් බිහි වුනි. රාජපක්ෂ රජය රටේ නිතිය තැකුවේ  නැති අතර සංචාරකයනට පවා තර්ජන එල්ල වුනි.  කොටින්ම රජය ඉතා  අපකීර්තිමත් තත්වයකට පත්ව තිබුණු අතර මාධ්‍ය  නිදහසටද තර්ජන එල්ල වී තිබුණි.

ඉන්දියාව බලා  සිටි අවස්ථාව එළඹුණේ මහින්ද විසින්ම නව ජනාධිපතිවරණයක්  කැඳවීම මගිනි.මෛත්‍රිපාල සිරිසේනට එජාප, ජවිපෙ හා දෙමළ සන්ධානයේ සහය ලැබුණු අතර 51.28% ප්‍රතිශතයක්ද  මහින්ද රාජපක්ෂට 47.58% ද ලැබුණි.

පාර්ලිමේන්තු මැතිවරණයෙන් රනිල් වික්‍රමසිංහ  නැවතත් අගමැති විය. බොහෝ ස්වාධින කොමිසම් සභා පිහිටවනු ලැබීය . මාධ්‍ය නිදහස එයාකාරයෙන්ම  ලැබුණි. නොයෙකුත් ජනතා හිතවාදී  පනත් සම්මත වුනි. එහෙත් ඉන්දියාවෙන්  බලාපොරොත්තු වූ පරිදි ආර්ථික ආධාර ලැබුනේ නැත. රනිල් ගේ රජයේ සරණට සිටියේ ද   චීනයයි. අන්තිමේදී ඉන්දියාව අකමැති වුවද හම්බන්තොට  වරාය චිනයටම දෙන්නට සිදුවිය. කොළඹ වරාය  නගරය ද ඉන්දියාවේ අභිප්‍රායට එරෙහිව චිනයටම දෙන්නට රනිල්ට සිදුවිය.

රනිල් රජය ව්‍යවස්ථාවක්  හදා අවසානය. නමුත් එය සම්මත කර ගන්නට ඔවුන්ට නොහැකිය.

කලින් ලංකාවේ සිටි තරන්ජිත් සිං  සඳු මහතා මෙවර ශ්‍රී  ලංකාවේ ඉන්දියානු තානාපතිවරයා ලෙස 2017 ජනවාරි 24 දා  පත්ව ආයේය.

බැසිල් මහතා ඉන්දියාවේ පරණ හිතවතෙකි.

මෙම වසරේ 2018 පෙබරවරි 10 පැවති  පළාත් පාලන චන්දයෙන් මහින්ද රාජපක්ෂ මහතා මෙහෙයවන පොදු ජන පෙරමුණ බැසිල් රාජපක්ෂ මහතාගේ සංවිධායකත්වයෙන් යුක්තව ප්‍රබල ජයග්‍රහණයක් ලැබිය. තනිව ගත්තොත්  එජාපය  හේදී  ගොස්ය.

එය එසේ වුවද මහින්ද ගේ පොදු ජන පෙරමුණට ලැබුණු චන්ද සංඛ්‍යාව 44.69 % කි.

වසර දෙකකින් පැවැත්වෙන ජනාධිපතිවරණයෙන් ජය ගැනීමට මේ චන්ද ප්‍රමාණය හොඳටම මදිය. තෙවන බලය වන ලක්ෂ හතක චන්ද සහිත ජනතා විමුක්ති පෙරමුණේ නව නායකත්වය වඩා  ලංව සිටින්නේ නමට කොමියුනිස්ට්වාදී චිනයටය.

මහින්ද මහතා  තම පුත්‍ර නාමල් සමග  විපක්ෂ නායක  සම්පන්දන් බැලීමට නොබෝදා රෝහලට ගියේය. උතුරේ විග්නේශ්වරන් ට  දකුණේ දදේශපාලන නායකයෙකුට  ඥාති සම්බන්ධයක් ඇත්තේය. තොන්ඩමන් තමන්ගේ සීයා ලෙසටම  පළාත් පාලන ආයතනය සඳහා  ඩිල් එකක් ගසා  අවසානය.

බුකියේ සිටින ලංකාවේ සමහර විද්වතුන් රටේ සිංහල අහවල් එක, පෞරාණික   සභ්‍යත්වය, බ්‍රිගේඩියර් සහ  අරක මේක රනිල් නොසැලකූ නිසා  ඔහු පරාජය වී යයි කියති. ඔහුගේ පක්ෂයේ දුෂිතයන් ද සිටිති. මහින්ද ගේ රජයේද 2015 දුෂිතයන් සිටියහ. නමුත්  රටේ චන්ද සංඛ්‍යාව දුෂිතයන් නිසාම වෙනස් වන්නේ නැත.

පරීක්ෂණ හා විශේල්ෂණ කාර්යාංශය වුවද   එය හොදින් දනී.

ලිව්වාද කියා මතක නැත. කලින් ලංකාවේ සිටි තරන්ජිත් සිං  සඳු මහතා මෙවර ශ්‍රී  ලංකාවේ ඉන්දියානු තානාපතිවරයා ලෙස 2017 ජනවාරි 24 දා  පත්ව ආයේය.


ව්‍යවස්ථාව සම්මත කර ගැනීමට මිට වඩා හොඳ අවස්ථාවක්  තවත් නැත. රටේ ප්‍රධාන පක්ෂ දෙකම හිර වෙලාය. (හිර කරලාය?)  ව්‍යවස්ථාවට මම නම් විරුද්ධ නැත.

ශ්‍රී ලංකාව කොහෙන් හෝ පටන් ගත යුතුය. ලේ හෙලුවා  හොඳටම ඇතිය.


28 comments:

  1. ඉතිහාසයේ සිට කරුණු සහ සිදුවීම් පෙළගැස්වීම අපූරුයි. දැන් තියෙන තත්වය අනුව ඉන්දියාව සමග නැවත හාදවෙනවා කියන්නේ චීනය තරහ වෙන එක. මේ දෙගොල්ලන්ම පොලිටිකලි බැලන්ස් කරගෙන ගමනක් යන්න පුළුවන් මිනිහෙක් ඕනෑ. ඒත් අවාසනාවකට එවැනි දෙයක් කරන්න පුළුවන් හැකියාවක් සහිත, බහුතරයකට විශ්වාසය තැබිය හැකි දේශපාලන නායකයෙක් නම් අහලකවත් නැති බවයි පෙනෙන්නේ.

    ReplyDelete
    Replies
    1. / දැන් තියෙන තත්වය අනුව ඉන්දියාව සමග නැවත හාදවෙනවා කියන්නේ චීනය තරහ වෙන එක. මේ දෙගොල්ලන්ම පොලිටිකලි බැලන්ස් කරගෙන ගමනක් යන්න පුළුවන් මිනිහෙක් ඕනෑ. // ඕක තමයි වෙන්න ඕනේ.

      Delete
    2. ඉතිහාසයේ සිට කරුණු සහ සිදුවීම් පෙළගැස්වීම අපූරුයි. - ස්තුතියි උදය

      Delete
  2. අලුත් ව්‍යවස්ථාවක් ඕනේ.එක තමයි ජනවාරි අට ජන්දය දීපු බහුතර ජනතාවගේ කැමැත්ත.අනිත් එක ජනාධිපති නිදහස් පක්ෂ සභාපති කියන කොඩිවිනය අතහරින්න ඕනේ.මේ රටේ මිනිස්සු ජනාධිපති කෙරෙව්වේ නිදහස් පක්ෂ සභාපතිව නොවේ.නිර්පාක්ෂික අපේක්ෂකයා බව ඔහු සිහියේ තබා ගත යුතුයි.

    ReplyDelete
    Replies
    1. ඕක ඔය මනුස්සයට මතක් කරලා දෙන්න හිටි එවුනුත් කලේ අමන වැඩ නේ

      Delete

  3. ශ්‍රී ලංකාව කොහෙන් හෝ පටන් ගත යුතුය. ලේ හෙලුවා හොඳටම ඇතිය.
    ඉතාමත් හොද විවරණයක් සහෝ,

    ReplyDelete
    Replies
    1. විවරණය --හ්ම්ම්ම් ස්තූතියි සහෝ

      Delete
  4. හම්මේ! පරණ ඇත්ත පත්තරයක් කියෙව්වාම වගේ සුවයක් දැනුනා, පොඩිත්තක් වෙන්න අධිරාජ්ජවාධී කුමන්ත්‍රණ, ව්‍යප්තවාධය වගේ එව්වත් දල ගත්තනම් කදිමයි. :)

    ReplyDelete
    Replies
    1. මම ඔය අනවශ්‍ය වචන දාන්න යන්නේ නැහැනේ. දන්නා හැමදේම ලියලත් නැහැ ඇණයා. එහම ලිව්වනම් මම සුරංගනා කතා ලියන්න පුරුදු වෙන්ව කියලත් කියයි. BTW read between the lines.

      Delete
    2. nothing there to read than speculation, අපි කළු හින්ද දැන ගත යුතු නැති රාජ්‍ය රහස් ඔබ දන්නවා වගේ:) සඳරුවන් මහරටේ වුන්ට බනින්නේ නැති නිසා එපත්තේ ගියත් මොකුත් දැනගන්න ලැබෙන එකක් නෑ.යමක් තියේනම් බය නැතුව ලියන්න නැතිනම් අපට සුදු වැන් වල යන්න වෙයි.

      Delete
    3. let's do a little game. you show me the speculations one by one and i will tell you yes or no.

      Delete
    4. someone did a note in 2015.
      http://3mana.com/%E0%B6%85%E0%B7%80%E0%B7%94%E0%B6%BD%E0%B7%8A-%E0%B6%A2%E0%B7%8F%E0%B6%BD%E0%B6%BA/

      Delete
    5. වැල්වටාරම් අතරතුර වාක්‍යයක් දෙකක් කියල තියනවා. එච්චරයි

      Delete
  5. Big brothers are a reality in world politics. Little brothers have to work within that towards their own benefit.

    ReplyDelete
  6. ඇයි දේශපාලන නිලධාරිව විතරක් නෙමේ තනාපති නිරුපම් සෙන්වත් 2004 ඉවත් කළ බව නොකියන්නේ?

    ReplyDelete
    Replies
    1. දේශපාලන නිලධාරිව ඉවත් කළා කියල කවුද කිව්වේ. ඉතා සාර්ථක ඔපරේෂන් එකකින් පසු //වෙනත් පත්වීමක් ලබා නික්ම ගියේය.// කියල තියන්නේ

      Delete
    2. එබට සිදුවූයේ වැරදීමක්. නිරුපම් සෙන්වයි දේශපාලන නිලධාරිවයි ඉවත් කිරිමට හේතුව ජනාධිපතිනිය රජය නොපෙරළන බවට දිපු සහතිකය නොසලකා රජය පෙරලීම කල් ඇතිව දැන නොගැනිමයි. නිරූපම් සෙන්, ඩික්සිට් ඉන්දේදි ඔහුගේ දෙවන නිලධාරියා. පස්සේ ඔහුව ඉවත් කලා. ඇයි කියලා කියන්න එහේනම්. රනිල්ව පෙරලන්න ඉන්දියාවට පිස්සු නැැහ මම හිත්නේ. ඉන්දියන් ඔයිල් ලංකාවට ගෙනාවේත් ත්‍රි මලේ තේල ටැංකි ඉන්දියාවට දුන්නේත් රනිල්. එහෙව කොට ඔබ කියන දේ පිළි ග්නනේ පුළුවන්ද? වැරදි නම් නිවැරදි කරන්න.

      Delete
    3. නිරුපම් සෙන්වයි දේශපාලන නිලධාරිවයි ඉවත් කිරිමට හේතුව// එහම් තමා ගොඩක් අය හිතන් ඉන්නේ.
      අපොයි ඉන්දියාවට පිස්සු නැහැ. ඒ රටේ ප්‍රතිපත්තියක් තියනවා. හැම දෙයක්ම කරන්නේ තමන්ගේ රටේ සුභ සිද්ධියට හෝ යහපතට

      Delete
    4. ඒ තමුන් දන්න හැටි. අපිට තියෙන්නේ ලොකේ සිරාම ප්‍රතිපත්තිය . දන්නවාද ඒක. දුනනේ නැත්නම් අදවත් දැන ගන්න Our principle is no principle

      Delete
    5. රනිල්ට ජෝජ් ඩබ් බුශ් ගේ රජය සමඟ තිබ්බ ඍජු සම්බන්ධතාවයට රෝ සංවිධානය විරුද්ධවීම හේතුව කියා මම හිතනවා. ඔහුට ඩොලර් බිලියන 4 ක ආධාර මුදලක් ලබා ගැනීමට එක්සත් ජනපද සංචාරයේදී හැකිවුණා. ඔහු ආපසු පැමිණ දින කිහිපයකින් අමත්‍යාංශ තුන පවරා ගැනීම සිදුවුණා. එම ඔපරේශන් එක නිරූපම් සෙන් හරහා රෝ සංවිධානය දියත් කල එකක් යන්නයි මගේ වැටහීම.

      Delete
    6. උදාර ලොකු සර් එහෙමයි එහමයි , ගැත්තාට සමා වෙන්න

      Delete
    7. ඒක කලේ නිරුපම් සෙන් නෙමෙයි, TSS. අහවල් එකේ නියෝජිතයා. එයා තමයි 2017 ආපහු තානාපති වෙලා ආවේ. ලංකාව ගැන දුකයි

      Delete
    8. "our principle is no principle."

      ඕක තමයි ඇත්ත. හැමදාම පාටි පොලිසීස් ඇන්ඩ් ප්‍රින්සිපල්ස් සහ අනාත තියරීස්වල එල්ලිලා පොර ටෝක්ස් දිදී ඉන්නවා . අපතයෝ රට අල්ලගෙන ෆුල් ඔප්ශන් ආතල් ගන්නවා. කුරහන්,නිල්,කොල,රතු ,කහ හැටියට පොරවගත්ත මේ සළුපිලි ගලවලා , මේ ටෞහකන සාතන්ලාව ඔලුවෙන් හිටගස්සවන්න ඉස්සෙල්ලා, අපේ රටේ මේ ජනතාවට, සමාජයට අලුතෙන් ඇඳුම් අරන් දෙන්න වෙනවා. මේ විකට ඇඳුම් තරඟයෙ ජයග්‍රහායකයා තෝරන්නේ අපි උඹලා නෙමෙයි. මේක 1948 ඉඳන් එන "ෆැන්සි ඩ්‍රෙස් පැරේඩ්" එකක්. අඬන කඳුලුවලින් පුක පිහිදගන්න තමයි ජනතාවට වෙන්නේ. ඒක බන්ඩාරවෙලින් ඔප්පු වුනා.

      Delete
    9. උදාර// ලොකේ සිරාම ප්‍රතිපත්තිය// කිව්වා ගැලපෙනවනේ හරියටම - සිරාගෙම ප්‍රතිපත්ති සිරාටම තමයි.
      අනුර -// මේ විකට ඇඳුම් තරඟයෙ ජයග්‍රහායකයා තෝරන්නේ අපි උඹලා නෙමෙයි. මේක 1948 ඉඳන් එන "ෆැන්සි ඩ්‍රෙස් පැරේඩ්" එකක්.// ඒක තමයි කේස් එක. සමහර වෙලාවට මේ චන්ද කියන්නේ එක්කෝ ඕනේ නැහැ.
      //ඒක බන්ඩාරවෙලින් ඔප්පු වුනා// ඒ මොකක්ද

      Delete
    10. බණ්ඩාරවෙල සමන්ත ගැන නේද? ඒවා එහෙම තමයි. උමා ඔයෙන් රස්සා හම්බවෙන එක වඩා වැදගත් නේ අරුණ සහෝදරයා

      Delete
  7. 2002 සාම සාකච්චා වලින් මටත් පෞද්ගලික වාසියක් උනා.. හෙහ්.. දැන් අවුරුදු 16ක් තිස්සේ වැලන්ටයින් පාට් එක අදින්නේ එහෙමයි..

    ඉන්දියාවේ හා ලංකාවේ පිහිටීම අනුව අපේ ලොකු අයියා වෙන ඉංදියාව සම්පුර්ණයෙන්ම අමතක කරලා මොනම ආකාරයේ වත් ලොකු ප්ලෑන් වලට යන්න බෑ. අපේ හිටපු හැම පාලකයාම අඩු වැඩි වශයෙන් මේ වැරැද්ද කරා.. කවුරු හරි ඒක නිවැරදි කරන්නම ඕනි. ලංකාව කියුවත් වගේ කොහෙන් හරි පටන් ගන්නම ඕනි. මේ විදියට තව ගොඩක් දුර යන්න බෑ.

    ReplyDelete
    Replies
    1. ලොකු රටක් ගාව ඉන්න කොට වාසනාවයි අවාසනාවයි දෙකම තියනවා.

      Delete

සියලු හිමිකම් අජිත් ධර්මකීර්ති (Ajith Dharmakeerthi) සතුය. කොළඹ ගමයා බ්ලොග් අඩවියේ යොමුව සඳහන් කර හෝ අජිත් ධර්මකීර්ති යන නමින් පමණක් මෙහි ලිපි උපුටා පළ කරන්නට අවසර තිබේ.
මෙහි පලවන ලිපි සහ දේශපාලන අදහස් මගේ පෞද්ගලික අදහස් පමණි.
ඔබේ ඕනෑම ප්‍රතිචාරයක් මෙහි පල කරනු ලැබේ. නමුත් වෙනත් කෙනෙකුට සාධාරණ හේතුවක් නැතුව පහර ගසන අශිලාචාර අන්දමේ ප්‍රතිචාර පමණක් පල නොකෙරේ. බ්ලොගයට ගොඩ වදින ඔබ සියලු දෙනාට ස්තූතියි .