Wednesday 7 February 2018

දෙන දෙවියෝ ගෙටම ගෙනත් දීම හෙවත් බ්‍රිගේඩියර් රංගනය

ප්‍රියංක ප්‍රනාන්දු මහතාගේ අභිනය 
දිනය: 2018 පෙබරවාරි 07
ස්ථානය : ලන්ඩනයේ ටුටීන් බ්‍රෝඩ්වේ ප්‍රදේශයේ දමිළ නිවසක්
දමිළ මහත්මයෙකු වන ගනේෂ් ඉතාමත් භක්තියෙන් යුතුව හමුදා ඇඳුමක් ලාගත් නිලධාරියෙකු ගේ රුවකට  හඳුන්කූරු අල්ලයි. සුදු හඳුන් දැමූ තාච්චියක් අල්ලමින් ඔහුගේ පිළිරුව අනිත් දෙවියන් වන ශිව, ගණ දෙවියන් ආදීන් අසලින් තබයි.  නිවසේ සීනුව නාද වේ.  ගනේෂ් ගේ බිරිඳ පාර්වතී දොර හරියි.
යොවුන් වියේ දෙමල තරුණයෙකු ඇතුළු වේ. ගනේෂ් ගේ ක්‍රියව දකින ඔහු පරල වී කෑ ගසයි.
"ගනේෂ් මාමා ඔහෙට පිස්සු තද වෙලාද මේ සිංහල ආමි එකේ ලේ පිපාසිත සොල්දාදුවෙකුට වඳින්න? මොන යකා වැහිලද ඔහෙට ?"
පාර්වතී කොල්ලා අස්වසයි. "කෑ ගහන්න එපා පුතා. අපේ දෙවියෝ එතුමාව අපට එවල තියෙන්නේ. බ්‍රිගේඩියර් තුමා හරි හොඳයි. එතුමා නැත්නම් අපි ඉවරයි. අන්කල් ගෙන් අහන්න විස්තරේ "
"මොන පිස්සුද ආන්ටි. අපේ පවුලේ කි දෙනෙක් මැරුණද යුද්දෙන්"
"මේකයි පුතා." ගනේෂ් රැල්  බුහුරු හැර උගුර පාදයි.
"මේකයි. අර අපේ නීතිඥයයි, ටිජීටිඑෆ් (රටින් පිට දෙමල රාජ්‍යය) එකේ කට්ටියයි කිව්වනේ මට අර ලංකාවේ  තානාපති කාර්යාලේ ඉස්සරහ උද්ඝෝෂනේ ට යන්න  කියල"
"ඔව් ඉතින්"
" ඒ කිව්වේ උද්ඝෝෂනේ මම ඉන්න  ෆොටෝ ටිකක් ගහල ගෙනත් දෙන්න කියා කිව්වනේ. ඊට පස්සේ අපෙ පවුලේ දේශපාලන අනාථ බව ඉල්ලන  අයදුම්පතට ඇතුල් කරනන් ඕනේ කියල. අපට හිරිහැර වුණා කියල තියෙන සාක්කි මදි කියල"
"ඔව් ඉතින් මේ සිංහල සෝල්ජර් මෙතන මොකද කියලනේ මම ඇහුවේ "
"ඒ නිකන් සොල්ජර් නෙමේ. බ්‍රිගේඩියර් මහත්තයෙක්.  මහත්තය එලියට ඇවිත් අපේ එවුන් එක්ක කතා කරානෙ . අර ඉන්දියාවේ චෙන්නායි හිටන් ආපු නඩා මල්ලිත් හිටිය. ඌ එක එක ඒවා කියල මහත්තයා තරහ ගැස්සුවා. "
"ඉතින්"
"එයාට තරහ ගිය පාර බෙල්ල කපනවයි කියල මෙහෙම පෙන්නුවා " ඔහු එය අභිනයෙන් රඟ දක්වයි .
"ඊට පස්සේ "
"ඊට පස්සේ මොනාද . අපේ එකෙක් ඒක වීඩියෝ කරලා. අපි හැමෝටම කොපිය ගානේ දුන්න. ඒක  නීතිඥයා ටත් ටිජීටී එෆ් එකෙන් දීල. අපේ අසයිලම් වැඩේ ටක්කෙටම හරිලු දැන්. ඕවගේ මරණිය තැනකට (රටකට ) යවන්නේ නැහැලු ආගමන විගමන  මහේස්ත්‍රාත් කීයටවත් "
"මාරයි නේ"
"ඔව් වීසා හම්බ වුණාම  ලංකාවට ගිහිල්ල එමු."
ඉන්පසු තිදෙනාම එකතුව බ්‍රිගේඩියර් තුමාගේ පිළිරුවට මල් මාලයක් පළඳා උපහාර දැක්වූහ.

මම මේ ලිව්වේ ප්‍රබන්ධයකි. එහෙත් සත්‍යය එතරම් දුර නැත. කොන්සර්වේටිව් පක්ෂය සඳහා වන දෙමළ ජාතිකයන් (Tamils for Conservatives) සංවිධානයේ සභාපති වන අර්ජුන් ආසිර්වාදන් මහතා මගේ මිතුරෙකුට ඊයේ කියා ඇති පුවත මෙසේය.

පසුගිය පෙබරවාරි හතර වනදා ලන්ඩනයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ඉදිරිපිට  පැවති  ද්‍රවිඩ ජාතිකයන් ගේ උද්ඝෝෂණයට සහභගි වුනු අයගෙන් සීයට අනූවක්  පමණ විසා ප්‍රශ්න තිබෙන අය වෙති. සමහරු බ්‍රිතාන්‍යයෙන්  පිටුවහල් කිරීම  සඳහා ලිපිද ලැබී ඇති අයයි. මොවුන් මෙහෙයවා ඇත්තේ ටිජීටිෆ් හෙවත් "රටින් පිට දෙමල අයගේ ඊලාම් රාජ්‍යය (Transitional Government of Tamil Eelam) නම් සංවිධානයකිනි. LTTE සංවිධානය තහනම් වූවාට මෙම සංවිධානය තහනම් නැත.

මේ උද්ඝෝෂණයේ සිටි  සමහරුන් මෙහි වෙසෙන දකුණු ඉන්දීය ද්‍රවිඩ ජාතිකයන් බවටද හඳුනාගෙන ඇත.

ආසිර්වාදන් මහතා කියන පරිදි එම උද්ඝෝෂණයේ පරමාර්ථය වී ඇත්තේ පින්තුර ටිකක් ගැනීමය. ඔවුන් මෙසේ උද්ඝෝෂණයේ දී සිට ගන්නා පින්තුර සමහරක් ටිජීටිෆ් එකට මුදල් එකතු කරන්නට උපයෝගී කරගනිති. අනිත් පින්තුර අසයිලම් හෙවත් දේශපාලන අනාථ භාවය හෙවත් වීසා ලබා ගැනීමේ අයදුම්පත සඳහාය. බොහෝ අයට නඩු තිබේ. මේ පින්තූර භාවිතා කරන්නේ එම ආගමන නඩු සඳහාය.  එය බොහෝ අය දන්නා දෙයකි.

බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු මහතා  හොඳ අයකු නිහතමානී අයකු බව බොහෝ අය කියති. එහෙත් ඔහු බෙල්ල කපන බවට කල තර්ජනාත්මක රංගනය  එතරම් කල්පනා කර කල දෙයක් බව නොපෙනේ. එයට හේතුව ඉහත අයදුම් පත් වලට පෙන්වන්නට ඔහු නිරායාසයෙන්ම හොඳ වීඩියෝවක් තනා දී තිබීමයි.

එම වීඩියෝව බලන ආගමන විගමන මහේස්ත්‍රාත් වරු (Immigration tribunal) ඉහේ අත ගසා ගනු ඇත. මෙවැනි තානාපති නිලධාරියෙක් සිටින රටකට ඔවුන්ට මේ දේශපාලන  අනාථයින් යැවිය නොහැකිය. ඔවුන්ගේ ද රස්සා ගහලා  යන වැඩකි. ඔවුන්ට එම අයදුම්පත්ලාභීන් ට "allow " (බ්‍රිතාන්‍යයේ ජිවත් වීමට -ඉඩ දුන්නා ) යන මුද්‍රාව තැබීමට  අනිවාර්යයෙන්ම සිදු වේ.

එසේම ශ්‍රී ලංකා ජනාධිපති වරයාද කළ ඇත්තේ කල දුටු කල වල ඉහ ගැනීමකි. බ්‍රිගේඩියර් ප්‍රියංකර ප්‍රනාන්දු මහතා  මේ අවස්ථාවේ ලංකාවට ගෙන්වුවොත් එය ඔහුට අවාසියකි. ඔහු එංගලන්තයේ සිටින තරමට  ජනාධිපතිවරයා ගේ චන්ද ව්‍යාපාරයට වාසි සහගතය.

හැබැයි ප්‍රියංකර මහතාට මම නම් කියන්නේ ලංකාවට යන ලෙසය. හේතුව  බ්‍රිතාන්‍ය නීතියට අනුව ඔවුන්ට ඔහුව "persona non grata" පර්සනා නන් ග්‍රාටා ලෙස නම් කළ හැකිය. එසේ කළ විට ඔහුගේ තානාපති මුක්තිය අහිමි වේ. (diplomatic immunity) ඉන් පසු ඔහුට නඩු දැමිය හැකිය.  එම අවස්ථාවට  පත් වීමට අවශ්‍ය නැත.

බුකියේ වීරයන්ට කියන්නට තියෙන්නේ මෙයයි. වෙල්ලස්සේ කැරැල්ලේදී සුද්දා ගේ  වෙඩි උණ්ඩයට දුවගෙන ඇවිත් මිය යාම වීර කමක් බව ඇත්තය. සුද්දා  ගේ තුවක්කු සමග සමග කොට අසිපත් වලින් කෙලින්ම සටනට යාම අගය කළ යුතු  නිර්භීත කමකි. නමුත් මොළේ තිබුනා  නම් කරන්නට තිබුනේ කන්ද උඩරට වන දුර්ග , දුෂ්කර මාවත් ආදිය උපයෝගී කර ගනිමින් ගරිල්ලා යුද්ධයක් අවුරුදු ගාණක් තිස්සේ දියත් කිරීමය. එසේ කළානම් සුද්දා කන්ද උඩරට දාලා යන්නේ අටසිය ගණන් වලය. එසේ නම් අදත්  වෙල්ලස්ස සශ්‍රීක පෙදෙසක් වනු ඇත.




//wikipedia- In diplomacy, a persona non grata (Latin: "person not appreciated",) is a foreign person whose entering or remaining in a particular country is prohibited by that country's government. Being so named is the most serious form of censure which a country can apply to foreign diplomats, who are otherwise protected by diplomatic immunity from arrest and other normal kinds of prosecution.//



45 comments:

  1. සිරි සඟබෝ මුද්‍රාව නිසා Political asylum කරළ පැසේ

    ReplyDelete
    Replies
    1. සිරි සඟබෝ මුද්‍රාව - මරු උපමාව - කැනඩාවේත් ඔය සීන් එකමද

      Delete
  2. මරදානේ චොප්පෙලා තානාපති සේවයට එව්වත් කරන්න දෙයක් නැහැ බන් . ඒත් මේ එන අයට විදේශ සේවා ආචාර ධර්ම පද්ධතීන් පෙර හුරුවක්වත් තියන්න එපැයි එන්න පෙර. ඉතා දරුනු කාලවල මැඩ්‍රාස් වගේ තැන්වල හිටපු අපේ තානාපති සේවයේ උගත් , ඉහල, පහල බොහෝ නිලදාරීන්ට මගේ ප්‍රනාමය..

    ReplyDelete
    Replies
    1. ඔව් මචං, දරුණුම කාලෙ මැඩ්රාස් ලස්සනට කොන්ට්‍රෝල් කරගෙන හිටපු අය හිටියා.

      Delete
    2. ඒවට යවන්නේ බොහේ විට වෘත්තීය නිලධාරීන් ඩිප්ලෝමැටික් සේවයේ අය. මගේ විශ්වවද්‍යාල මිතුරෙකුත් හිටියා මදුරාසියේ.

      Delete
    3. හැලපේ කාලෙකින්.මැඩ්‍රාස් චෙන්නායි කට්ටිය බොහොම අමාරු කාලෙක වැඩේ ඇදන් ගියා . ඒක ඇත්ත. එවන කොට මොකක් හරි කෝස් එකක් වත් කරල් එව්වා නම් හරි. මේවා මෙහෙමයි මේ රටවල් වල වත් කියල. කොහෙද

      Delete
    4. මේ දැන් දැන ගන්න ලැබුණු ආරංචියක්. අර අගෝර කට්ටියගේ භෝජන සංග්‍රහයකට ඇවිත් කාල බීල ගිහිල්ල තියනවලු හොඳට කතා බහ කරලා. උන් කියනව බ්‍රිගේඩියර් මහත්මය හොඳ පොරක්ලු. මම කිව්වේ අපි නරකයි කිව්වා නෙමේ තැනේ හැටියට ඇඇණේ ගහන්න දැනගන්නයි ඕනේ කියල

      Delete
  3. // ඒත් මේ එන අයට විදේශ සේවා ආචාර ධර්ම පද්ධතීන් පෙර හුරුවක්වත් තියන්න එපැයි එන්න පෙර. // ඕක ඉතින් විදේශ අමාත්‍යංශයට තේරෙන එකක්යෑ

    ReplyDelete
  4. මේ නිලදාරියාගේ මේ ක්‍රියාව පරිනත ක්‍රියාවක් නෙමෙයි ඔහුව ශ්‍රී ලංකාවට යැවිය යුතු යයි කියන ඔබ ඇයි නොකියන්නේ තානාපති කාර්යාලය මේ විරෝදතාවය පවත්වන පිරිස එක්සත් රාජධානියේ තහනම් ත්‍රස්තවාදී සන්විදානයක කොඩි පාවිච්චිය ගැන එරට පොලිසිය දැනුවත්කර එරටේ නිතිය ක්‍රියාත්මක කරවා ගැනීමට නොහැකි උනේ ඇයි ?

    ReplyDelete
    Replies
    1. 1. එක්සත් රාජධානියේ තහනම් ත්‍රස්තවාදී සන්විදානයක කොඩි පාවිච්චිය - ඊලාම් කොඩිය LTTE කියන තහනම් කරපු සංවිධානයට පමණක් රෙජිස්ටර් කරලා නැහැ. ඒක රටක් ඉල්ලන කට්ටියකගේ කොඩියක්. මට ඕනේ නම මගේ කොඩියක් හදල පාවිච්චි කෙරුව හැකි තහනමක් නැහැ.
      2. උද්ඝෝෂණය කළේ LTTE නෙමෙයි. TGTF
      3. තානාපති කාර්යාලය මේ විරෝදතාවය පවත්වන පිරිස එක්සත් රාජධානියේ තහනම් ත්‍රස්තවාදී සන්විදානයක කොඩි පාවිච්චිය ගැන එරට පොලිසිය දැනුවත්කර එරටේ නිතිය ක්‍රියාත්මක කරවා ගැනීමට නොහැකි උනේ ඇයි ? - ඉතින් ඒකත් defense attache හැටියට මේ මහත්මයාම කල යුතුව තිබුන දෙයක් නේ. ඔයා කතා කරන්නේ හරියට මෙයා තානාපති කාර්යාලයේ නිලධාරියෙක් නවෙයි වගේනේ

      Delete
    2. 01.ඔබට බලාගන්න තිබ්බ අල්කයිඩා සංවිදානයේ කොඩියක් අරන් ලන්ඩනයේ උද්ගෝෂණය කලානම්

      //උද්ඝෝෂණය කළේ LTTE නෙමෙයි. TGTF// මොන සංවිදානය උද්ගෝෂණය කලත් ත්‍රස්තවාදී සන්විදානයක ලාංජන ප්‍රදර්ශනය කරන්න බෑ නේද ?

      //ඉතින් ඒකත් defense attache හැටියට මේ මහත්මයාම කල යුතුව තිබුන දෙයක් නේ. ඔයා කතා කරන්නේ හරියට මෙයා තානාපති කාර්යාලයේ නිලධාරියෙක් නවෙයි වගේනේ//

      මේවට මුලික වන්න ඕනේ එතන තානාපති, අදාළ තනතුර දරන කෙනාට මේ නිලදාරියාට දඩුවම් කිරීමට මතක්වෙනවා නමුත් අදාළ සංවිදානයට විරුද්දව වැඩ කිරීමට අමතක වෙනවා, ඊට හේතුව ශේප් එකේ තමන්ගේ රැකියාව බේරාගැනීම නෙමෙයිද ?

      Delete
    3. 01.ඔබට බලාගන්න තිබ්බ අල්කයිඩා සංවිදානයේ කොඩියක් අරන් ලන්ඩනයේ උද්ගෝෂණය කලානම්
      මෙන්න ඔයාටත් බලා ගන්න
      https://www.youtube.com/watch?v=JCpu0YgIcZk

      Delete
    4. මෙන්න තව එකක්. දැන් මොකක්ද ඔය කියන්නේ ? මුන් දෙන්නේ ගේම් හැමෝටම කියල නෙමේ . මම කතා කරන්නේ සුද්දෝ ගැන

      Delete
    5. http://www.independent.co.uk/voices/comment/isis-are-on-the-streets-of-london-but-theres-no-need-to-panic-9668746.html

      Delete
    6. //මොන සංවිදානය උද්ගෝෂණය කලත් ත්‍රස්තවාදී සන්විදානයක ලාංජන ප්‍රදර්ශනය කරන්න බෑ නේද ?// ඔතන හිටිය පොලිසියේ එවුන්ට කවුරු හරි එහෙම කියල තියනව කියල ඔයා දන්න වද ? කුර්දි ෆ්ලෑග් එක ඔය ඕනේ තරම් අරන් යන්නේ. යුද්දේ අන්තිම කාලේ සමහර සිංහල අය කියල පොලිසියෙන් කොඩි අරන් තියනවා. නමුත් මෙහෙ පොලිසිය සාමන්‍යයෙන් එහෙම කරන්නේ නැහැ. උන් දන්නෙවත් නැහැ. ගණන් ගණන්ව අඩුයි. ඔයාට තරම් උන්ට ඒකෙ ප්‍රශ්නයක් නැහැනේ. ලංකාවේ සිංහල දෙමල වැලි විතරක් නෙමේ මෙහා යන්නේ. කුර්දි -තුර්කි, යේමන්- ඇරැබ් , සීක් - හින්දු , මුස්ලිම් වුන් අනික් එවුන් හැමෝම එක්ක , පේරු මාඕ ගරිල්ලා - අනිත් උන් . ඔය සමහර ඒවා තහනම්. හැබැයි ඕන තරම් පෙළපාලි යනව. කොඩි ගෙනියනවා. මේ රටේ ඒවා එහෙමය්.

      Delete
    7. //මේවට මුලික වන්න ඕනේ එතන තානාපති, අදාළ තනතුර දරන කෙනාට මේ නිලදාරියාට දඩුවම් කිරීමට මතක්වෙනවා නමුත් අදාළ සංවිදානයට විරුද්දව වැඩ කිරීමට අමතක වෙනවා, ඊට හේතුව ශේප් එකේ තමන්ගේ රැකියාව බේරාගැනීම නෙමෙයිද ?// ඔයාට තානාපති ගේ ප්‍රශ්නේ එන්නේ රනිල නෑදෑයෝ නිසා වෙන්න ඇති. ඔය එවන කොයි තානාපතියත් වැඩක් නැහැ තමයි. හැබැයි එලියට ගිහින් වාද කලාට කමක් නැහැ . නමුත් තේරුමක් නැහැ. අනික සංයමයෙන් වාද කරලා උන් එක්ක තේකක් බීල අර පල්ලහ ඇනෝ කියනව වගේ වතුර ටිකක් බෙදල දීලා උන්ගේ විස්තර අරන් ලංකාවට පාස් කලා නම් ඉවරයි. ඔච්චරම ඕනේ නම්.

      Delete
  5. මේ ගැන මගේ අදහසත් ඔය සමානයි.අනවශ්‍ය ප්‍රචාරයක් ලැබුනා වගේම තානාපති සේවයට යවන මිලිටරි අයව මේට වඩා පුහුණුවක් ඇතිව යවන්න ආණ්ඩුව ඉදිරියටවත් කටයුතු කරන්න ඕනේ.

    ReplyDelete
  6. මේ රවී මගේ පෝස්ට් එකට දාල තිබ්බ කොමෙන්ට් එකක්.. ඇත්ත බොරු කෙසේ වෙතත් මෙහෙම උනත් කතාවක් යන්න බැරි නෑ..
    //බ්‍රිගේඩියර් වරයා කොටි හිතවාදීන්ගෙන් අල්ලස් ගත් බවට සැකයක් -

    පසුගියදා බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ඉදිරියේ පැවැත්වුනු කොටි හිතවාදී උද්ඝෝෂකයින්ට ගෙල කපා දමන වබට හඟවමින් තර්ජනය කල බ්‍රිගේඩියර් වරයා එසේ කලේ දෙමළ ඩයස්පෝරාවෙන් මුදල් ලබා ගෙන බවට සැකයක් මතුවෙමින් පවතී.

    විසි දෙනෙකුගෙන පමණ සැදුම්ලත් මෙම කණ්ඩායම මීට පෙරද මෙවන් උද්ඝෝෂණ පැවැත්වුවද ඒ සඳහා කිසිම මාධ්‍ය ප්‍රචාරයක් නොලැබුනු බැවින් ඒ සඳහා උපක්‍රමයක් වශයෙන් ඔවුන් මේ උපාය මාර්ගය අනුගමනය කොට ඇති බව බ්‍රිතාන්‍ය පොලීසිය සැක කරයි.

    වැඩිදුර පරීක්ෂණ පැවැත්වේ.//

    ReplyDelete
    Replies
    1. ඔය වගේ දේවල් අනන්ත වුණා ගිය ආණ්ඩුවේ කාලේ. මුදල් හුවමාරු වුණා එක එක දේවල් වලට. මෙහෙන් සිංහල කට්ටියට සල්ලි දෙන ගමන් පක්ෂව පෙළපාලි යන්න එහෙන් දෙමල අයටත් සල්ලි දීල තියනවා ආණ්ඩුවට විරුද්ධව පෙළපාලි යන්න

      Delete
  7. මේ වගේ දේවල් වලින් නැවත නැවත ඔප්පු වෙන්නේ රාජ්‍ය සේවයේ තියෙන අකාර්යක්‍ෂමතාවය නේද? රාජ්‍ය ආයතනයකට කා.කා.ස කෙනෙක් නිවැරදිව බඳවාගන්න බැරි රටේ වෘත්තීය ඩිප්ලෝමැටික් නිලධාරීන් ගැන මොන කතාද.

    ReplyDelete
    Replies
    1. පළාත් සභා අහෝසි කරලා නිලධාරීන් බඳවා ගන්න චන්දෙ තිබ්බොත් කොහොමද - හේ හේ අර ඇමෙරිකාවේ පොලිස් ලොක්ක තෝරනවා වගේ
      කතාව ඇත්ත

      Delete
  8. කාට කියන්නද මේවා?

    ReplyDelete
    Replies
    1. "දේශ ප්‍රේමියා ගේ ගැම්මේ හදවත" කියල පොතක් ලියන්න

      Delete
  9. ලන්කාවෙ මෑත ඉතිහාසයේ (අවු 30 ක් විතර ) වෘත්තීය diplomatic corps එකෙන් පිට පත්කරපු මහ කොමසාරිස්/තානාපති වරුන් හා ඔවුන්ගේ නිලධාරීන් ලිස්ට් එක අරගෙන බලන්න උන්ගේ බහුතරයේ තත්වය

    ReplyDelete
    Replies
    1. හපොයි ඒකනම් මොනවට කියනවද අර ලියනගේ කියල පොරකුත් ඉන්නව නේද . මොකෝ ප්‍රා මේ තමන් හෙලිකොට්ටෙන් ඉන්න ෆොටෝ එකක් දාගෙන . රටේ තත්තේ කියන්නද

      Delete
    2. Sartorial aspects of the profile picture has remained constant from begening although it has not come to your exalted notice before. My apologies for any offence to your delicate sensibilities Mr. Dharmakeerthi.

      The above is how a diplomat would have answered your question.

      For myself of course I do what I like !

      Delete
    3. Ajith,

      /හපොයි ඒකනම් මොනවට කියනවද අර ලියනගේ කියල පොරකුත් ඉන්නව නේද . /

      හුහ්...කිව්ව ලස්සන ඒක...ලියනගේ කියල පොරක්....කට කට..අපේ ගරුතර තානාපති තුමා ඒ.

      Delete
    4. Pra I noticed it, but did not raised it as I thought that is a little advertisement for your book. I am perfectly happy if you do what as you like as far as you are not representing anybody. BTW I thought you changed the profile picture to a hero.

      Delete
    5. සමාවෙන්න සමාවෙන්න රවී මහත්තයෝ. මම හිතුවේ පොර කියන්නේ ගරු වචනයක් කියල

      Delete
    6. Should I change it to H.E. Liyanage's picture then ?

      Delete
    7. you will be appointed as his deputy then.

      Delete
  10. කරල හැමෝගෙම පැහෙන ගානට වැඩ සිද්ධ වෙලා තියෙන්නෙ හිටං

    ReplyDelete
    Replies
    1. කරල පැහෙන තරමට කාටත් වාසියි

      Delete
  11. මහින්ද පතිරණලා ගෙන් ඉගෙන ගන්නා සිසුන්ට අබ සරණයි.

    - වෛද්‍ය රුවන් එම් ජයතුංග transyl2014.blogspot.com

    කථිකාචාර්ය මහින්ද පතිරණ මහතා ශ්‍රීලන්කන් ගුවන් සේවය මහින්ද රාජපක්ෂ යුගයේ කළමනාකරණය කළ ආකාරය පිළිබඳව දක්වා ඇති අදහස මුග්ධ මෙන්ම අතිශය හාස්‍යජනකය. පතිරණ මහතා ආශ්‍රයෙන් වෛද්‍ය රුවන් ජයතුංග මහතා ශ්‍රී ලංකාවේ විශ්ව විද්‍යාල පද්ධතිය පිළිබඳව දරන අදහසේ බොහෝ සත්‍යතා ඇති නමුත් විශ්ව විද්‍යාල වර්ගීකරණය මත පදනම්ව කෙරෙන විග්‍රහයේ දී ඔහු මීට වඩා ප්‍රවේසම් විය යුතුව තිබිණි.

    මේ කමෙන්ටුව සඳහා මා පාදක කරගනුයේ www.4icu.org හි දත්තයන්ය.

    ශ්‍රී ලංකාව තුළ විශ්ව විද්‍යාල 16 ක් ඇති අතර ඉන් දේශීය වර්ගීකරණය (island ranking) අතර ප්‍රථම ස්ථානය හිමිකරගන්නේ වසර 1921 දී ආරම්භ කළ කොළඹ විශ්ව විද්‍යාලයයි (University of Colombo). ගෝලීය වර්ගීකරණයේදී (global ranking) එයට 1596 වන ස්ථානය හිමිය. ශ්‍රී ලංකාව තුළ ඇති විශ්ව විද්‍යාල අතරින් දේශීය වර්ගීකරණය යටතේ අවසාන එනම් 16 වන ස්ථානය හිමිකර ගන්නේ වසර 1996 දී ආරම්භ කළ අනුරාධපුරයේ භික්ෂු විශ්ව විද්‍යාලයයි. එය ගෝලීය වර්ගීකරණයේදී 7620 වන ස්ථානය හිමිකර ගනී.

    එසේම අපි වෛද්‍ය රුවන් ජයතුංග මහතාගේ අවධානයට ලක්වූ කථිකාචාර්ය මහින්ද පතිරණ මහතා කුමන විශ්ව විද්‍යාලයක ඉගෙනුම ලැබුවාද යන්න මා නොදන්නා නමුත් දැනට ඔහු සේවය කරන වසර 1995 දී ආරම්භ කරන ලද සබරගමුව විශ්වවිද්‍යාලයට දේශීය සහ ගෝලීය වර්ගීකරණයන් යටතේ ලැබෙන ස්ථානයන් විමසා බලමු. දේශීයව එය විශ්ව විද්‍යාල 16 ක් අතරින් 13 වන ස්ථානය හිමිකරගන්නා අතර ගෝලීයව එයට හිමිවන ස්ථානය වෛද්‍ය රුවන් ජයතුංග මහතා සඳහන් කරන පරිදි 5993 නොව මා පරිශීලනය කළ මූලාශ්‍රය අනුව වඩාත් පහල අගයක් වන 6393 ය.

    වෛද්‍ය ජයතුංග මහතා සඳහන් කරන වසර 1950 දී ආරම්භ කරන ලද ඉතියෝපියාවේ Addis Ababa විශ්ව විද්‍යාලය ඉතියෝපියාවේ ප්‍රථම ස්ථානය හිමිකරගන්නා අතර ගෝලීයව 1837 වන ස්ථානය හිමිකර ගනී. එසේම වෛද්‍ය ජයතුංග මහතා සඳහන් කරන වසර 1922 දී ආරම්භ කළ උගන්ඩාවේ Makerere විශ්ව විද්‍යාලය දේශීයව ප්‍රථම ස්ථානයත් ගෝලීයව 2182 වන ස්ථානයත් හිමිකර ගනී.

    දැන් අපි යුක්රේනයේ විශ්ව විද්‍යාලයන්හි තත්වය විමසා බලමු. එහි විශ්ව විද්‍යාලයන් 171 ක් අතුරින් ප්‍රථම ස්ථානය හිමිකර ගන්නා වසර 1898 දී ආරම්භ කළ National Technical University of Ukraine Kyiv Polytechnic Institute ගෝලීය වර්ගීකරනයේදී 1747 වන ස්ථානය හිමිකර ගනී.

    අවසානයේ මා අවධානය යොමු කරනුයේ වෛද්‍ය ජයතුංග මහතා අධ්‍යාපනය ලද වසර 1922 දී ආරම්භ කරන ලද යුක්රේනයේ Vinnitsa National Medical University දේශීය සහ ගෝලීයව වර්ගීකරණයට ලක්ව ඇති ආකාරය පිලිබඳවය. එම විශ්ව විද්‍යාලය යුක්රේනයේ විශ්ව විද්‍යාලයන් 171 ක් අතුරින් 63 වන ස්ථානය හිමිකර ගන්නා අතර ගෝලීයව එයට හිමි ස්ථානය 6734 ය.

    මෙම සටහනෙහි අරමුණ වෛද්‍ය ජයතුංග මහතා, කිසිදු විශ්ව විද්‍යාලයක් හෝ රටක් අපහාසයට ලක් කිරීම නොව දත්ත එක්රැස් කිරීම, විශ්ලේෂණය, නිගමනයන්ට එළඹීම සහ ඒ මත තර්ක ඉදිරිපත් කිරීම යන කාරණයන් හිදී හැඟුම්බරව කටයුතු කිරීමට වඩා උපායශීලීත්වය අගනා බව තරමක් කටුක ආකාරයෙන් සිහිපත් කරවීමටය.

    අවශ්‍යනම් සංවාදයට එළඹෙමු.

    ReplyDelete
    Replies
    1. රුවන් ජයතුංග සඳහා නෙමෙයි මම මේ පෝස්ට් එක දාන්නේ. යුක්රේනය කියන්නේ දැන් යුරෝපයේ හොඳ රටක් නෙමේ. ආර්ථිකය කඩා වැටිච්ච දූෂණය පිරුණු රටක්. දැන් ලනක්වේ සමහර වෙලාවට කිහිප දෙනෙක් ඇර වෙන අය ඔය විශ්ව විද්‍යාල වලට යනවද දන්නෙත් නැහැ. ඔය තත්වය සෝවියට් දේශය වැටුනට පස්සේ හුඟක් විශ්ව විද්‍යාල වලට අදාලයි. රුසියාවේ විශ්ව විද්‍යාල දැන් පුටින් මුදල් යොදවන නිසා නවතැහැ පෙර තිබු තත්වයට ඇවිත්. මා දන්නා තරමින් රුවන් උගත්තේ 1986 වගේ කාලෙක. ඒ කාලයේ ඔය විශ්ව විද්‍යාල රැන්කින් වල උඩින් තිබුණු එකක්. විශ්ව විද්‍යාලය හැදුවේ 1921. මම උගත් මොස්කව් පවර් ඉංජිනියරින් යුනි එක දැන් රුසියාවේ 79 වර්ල්ඩ් 3728. නමුත් සෝවියට් කාලේදී මුල් 5 අතර තිබ්බේ. ස්ටේට් යුනිවර්සිටි (මොස්කව් 1) එකට සම්බන්ධ කරලා තිබුන නිසා. එම විශ්ව විද්‍යාලයේ තමන්ගේම විදුලි බලාගාරයක් තියනවා මුළු විශ්ව විද්‍යාලය හා අවට නගරයට විදුලිය සපයන. සෝවියට් කාලෙත් පොහොසත් එකක්. සෝවියට් දේශය වැටුනට පස්සේ තත්වය වෙනස් වුණා , funding කපලා රටේ ආර්ථිකය වැටුන නිසා. යුක්‍රේනයේ දැන් තියෙන තත්වයත් ඒ නිසාම ඇතිවුණු එකක. දැන් නම් මම කීයටවත් ඒ වගේ විශ්ව විද්‍යාලයකට යන්නේ නැහැ.

      Delete
    2. මම ඉගන ගන්නා කාලයේ (1986-1993) යූක්‍රයීනයේ විනිට්සා විශ්ව විද්‍යාලය අයත්ව තිබුනේ සෝවියට් දේශයටය​. එකල යූක්‍රයීනයේ විනිට්සා විශ්ව විද්‍යාලය මොස්කව් රාජ්‍ය විශ්ව විද්‍යාලය සමග අනුබද්ධව තිබූ අතර එකල යූක්‍රයීනයේ විනිට්සා විශ්ව විද්‍යාලය ලෝක ශ්‍රේනිගත කිරීමේදී පළවන 500 අතර තිබුනේය​. සෝවියට් දේශය බිඳ වැටීමෙන් පසු විනිට්සා විශ්ව විද්‍යාලයේ සිටි මහාචාර්‍යවරු බොහෝ දෙනෙක් ඇමරිකාවට සහ ඊස්ස්‍රායලයට ගියෝය​. එසේම යූක්‍රයීනය සිවිල් යුද්දයකට පැටලුනි. ඒ නිසා පසුකාලීනව ශ්‍රේනිගත කිරීමේදී පහල වැටුනේය​. මේ හැර මා උසස් අධ්‍යාපනය ලැබූ කැනඩාවේ යෝක්විශ්ව විද්‍යාලය ඇමරිකාවේ වොශ්බර්න් විශ්ව විද්‍යාලය ගැන තොරතුරු ඔබ සඟවන්නේ මන්ද ? කැනඩාවේ යෝක් විශ්ව විද්‍යාලය ඇමරිකාවේ වොශ්බර්න් විශ්ව විද්‍යාලය ලෝක ශ්‍රේනි ගත කිරීමේදී ඉහලින්ම සිටින විශ්ව විද්‍යාල වෙති. (අවශ්‍යනම් සංවාදය Face Book එකේ කරමු ; එවිට ඔබට ඔබගේ නියම අනන්‍යතාවයෙන් එන්නට සිදුවේ. එවැනි නිර්භීත පියවරක් ගැනීමට ඔබට පුලුවන්ද ? )

      Delete
  12. අපේ ගොබබ හැතිකරේට ඕවා කියල වැඩක් නෑ. ඔය වගේ උද්ගෝශන වලට මොලෙන් ගේම දෙන්න ඔනේ. එම්බසිය ගානේ උදගෝශන කරන එවුන තිබහට බොන්න වතුර බෝතල් ටිකක් යවලා, ඔහේ පොටෝ එක ප්‍රසිද්ද කරනවා වගේ වැඩක්. ඌරගේ මාලු ඌරගේ ඇගේ තියල කපනවා වගේ. කොහෙද බ්‍රිගේඩියර් ඌරොත් එක්ක වලි දාගනන ගිහින් මඩ නාගේ ආවනේ.

    ReplyDelete
  13. ලාංකික දෙමළ ජාතිවාදය යනු ලංදේසීන් විසින් ගොඩනඟා ඉංග්‍රීසින් විසින් බෞතිස්ම කෙරුණු දෙයක්නේ.
    අපි දෙමළ ජාතිවාදය හඳුනාගත යුත්තේ බිරිතානි අධිරාජ්‍යවාදයේ බලල් අතක්හැටියටයි.
    ඉතින් ලංකාවේ දෙමළු හැමෝම බිරිතානියට හෝ වෙනත් ඇංග්ලිකන් රටකට යවාගන්න පුළුවන්නම් ඒක උන්ටත් හොඳයි අපිටත් හොඳයි.

    ReplyDelete
    Replies
    1. 57, 83 සැහෙන ගාණක් යැව්වට තව ඉන්නවා නේද

      Delete
  14. ලාංකික දෙමළ ජාතිවාදය යනු ලංදේසීන් විසින් ගොඩනඟා ඉංග්‍රීසින් විසින් බෞතිස්ම කෙරුණු දෙයක්නේ.
    අපි දෙමළ ජාතිවාදය හඳුනාගත යුත්තේ බිරිතානි අධිරාජ්‍යවාදයේ බලල් අතක්හැටියටයි.
    ඉතින් ලංකාවේ දෙමළු හැමෝම බිරිතානියට හෝ වෙනත් ඇංග්ලිකන් රටකට යවාගන්න පුළුවන්නම් ඒක උන්ටත් හොඳයි අපිටත් හොඳයි.

    ReplyDelete
  15. පල පලයන් ඩෝ යන්න

    මීට

    I O සිරිසේන

    ReplyDelete

සියලු හිමිකම් අජිත් ධර්මකීර්ති (Ajith Dharmakeerthi) සතුය. කොළඹ ගමයා බ්ලොග් අඩවියේ යොමුව සඳහන් කර හෝ අජිත් ධර්මකීර්ති යන නමින් පමණක් මෙහි ලිපි උපුටා පළ කරන්නට අවසර තිබේ.
මෙහි පලවන ලිපි සහ දේශපාලන අදහස් මගේ පෞද්ගලික අදහස් පමණි.
ඔබේ ඕනෑම ප්‍රතිචාරයක් මෙහි පල කරනු ලැබේ. නමුත් වෙනත් කෙනෙකුට සාධාරණ හේතුවක් නැතුව පහර ගසන අශිලාචාර අන්දමේ ප්‍රතිචාර පමණක් පල නොකෙරේ. බ්ලොගයට ගොඩ වදින ඔබ සියලු දෙනාට ස්තූතියි .