Tuesday 16 January 2018

සෙනෙහසින් ඔබට …- සිතුවිලි අරණ

මේ දවස් වල හැමෝම වගේ අලුත් බ්ලොග් හඳුන්වා දෙනවා. මාතලන් එකක් හඳුන්වා දීල තියෙනවා පොලියානා ගේ . එතකොට ඉයන් හඳුන්වා දීල තියෙනවා. මටත් එකක් හම්බ වුණා. දැනට ප්‍රා ජේ යි කමියයි විතරයි ඒ පැත්තේ ගිහින් තියෙන්නේ.

සිතුවිලි අරණට මෙතනින් යන්න.

Related image

සිතුවිලි අරනක

දැහැනකට සමවැදී

කියවද්දි ඔබ – මගේ හදවත
මගේ දෙනයන තුලින් ඉහිරුනු

කඳුලු පිනි  කැටි සෙමින් පිසදා

තුරුළු කරගෙන ඔබේ වදනින්

අහිංසක  මගේ හද වෙත

සිසිලසක්  ගෙනා බව

නොදනී මුත් ඔබ සබඳ
ලෙන්ගතු වදන් වැකි

හිත  යටින් පිරවෙද්දී

රිදුනු හද හිනැහුනා

මගහැරී තිබුනු  දුක් .

හිත නිවන සොඳුරු හිත

හිමිව ඇති සබඳ ඔබ

තුති ඔබට සහා ඔබේ

සන්වේදී හද මඬලට

තැවරුවාට හිතේ පාට .

වසන්තය ඉක්මවෙමින් තිබූ…..

සිනහව වියපත් වෙමින් තිබූ…….

ජීවිතය මගහැරුනු

ව්ඩාබර මගේ හිතට

සිසිලසක්  ගෙනාවාට

16 comments:

  1. ඔන්න යනවා ඒ පැත්තට

    ReplyDelete
    Replies
    1. සඳවතී ගේ පැත්තේ කාලෙකින් එන්න බැරි වුණා, තේකක් බිලා යන්න එන්න ඕනේ.

      Delete
  2. බොහොම ස්තූතියි අජිත්.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි ඉයන්

      Delete
  3. මම ඒ බ්ලොග් එක දැකල තියේ නේ..

    ReplyDelete
  4. ඒ කියන්නේ කලින් මැසේජ් එක කොපි කලේ මටයි ප්‍රා ටයි විතරද? ;)

    ReplyDelete

සියලු හිමිකම් අජිත් ධර්මකීර්ති (Ajith Dharmakeerthi) සතුය. කොළඹ ගමයා බ්ලොග් අඩවියේ යොමුව සඳහන් කර හෝ අජිත් ධර්මකීර්ති යන නමින් පමණක් මෙහි ලිපි උපුටා පළ කරන්නට අවසර තිබේ.
මෙහි පලවන ලිපි සහ දේශපාලන අදහස් මගේ පෞද්ගලික අදහස් පමණි.
ඔබේ ඕනෑම ප්‍රතිචාරයක් මෙහි පල කරනු ලැබේ. නමුත් වෙනත් කෙනෙකුට සාධාරණ හේතුවක් නැතුව පහර ගසන අශිලාචාර අන්දමේ ප්‍රතිචාර පමණක් පල නොකෙරේ. බ්ලොගයට ගොඩ වදින ඔබ සියලු දෙනාට ස්තූතියි .