Friday 13 January 2017

නෙළුම් යාය 2016 බ්ලොග් සම්මාන උළෙල තෙවන වරටත්

නෙළුම් යාය වෙබ් අඩවියේ පහත සඳහන් දැන්වීම පළ කර තිබේ.
නෙළුම් යාය 2016 වසර සඳහා වන බ්ලොග් සම්මාන උළෙල තෙවන වරටත්  2017 මාර්තු 25 වනදා පැවැත්වේ.

ගිය වසර වලදී මෙන්ම මේ වසරේද පහත සඳහන් අංගයන් සඳහා සම්මාන, සහතික සහ ත්‍යාගයන් පිරි නමනු ලැබේ.

වසරේ හොඳම බ්ලොග් අඩවිය ප්‍රථම, දෙවන හා තෙවන ස්ථානය සඳහා පිළිවෙලින් මුදලින් රුපියල්  25.000, 15,000 හා 10,000 බැගින්  පිරි නමනු ලැබේ.

හතර  සහ පස්වන ස්ථාන වලට නෙළුම් යාය සම්මානයක් හිමිවනු ඇත. 
මුදලින් රුපියල්  5000 සහ නෙළුම් යාය සම්මානයක් පහත සඳහන් අංගයන් සඳහා පිරි නමනු ලැබේ.

1. අතීත කාමය 
2. අධ්‍යාපනික 
3.ඉතිහාසය 
4. කාලින සංවාද 
5. කෙටි කථා 
6. දේශපාලන 
7. පරිවර්තන 
8.ප්‍රහසන 
9. බ්ලොග් නවකතා 
10. විද්‍යා ප්‍රබන්ධ 
11. විද්‍යා හා තාක්ෂණ 
12. විවිධාංග 
13. සංගීතය 
14.  සංචාරක හා ඡායාරූප 
15. කාව්‍ය නිර්මාණ 
16. සාහිත්‍ය කලා  විචාර 

ඔබට ඔබේ බ්ලොග් අඩවියද මේ සඳහා ඉදිරිපත් කළ හැකිය. ඉහත සඳහන් අංගයන් ගෙන්  එකකට ඔබේ බ්ලොග් ලිපියක් සුදුසු යයි සිතේ නම් එය එවන්න. එසේම සහෝදර බ්ලොග්කරුවන්ට ද තමන් කැමති බ්ලොග් වල තේරීම් එවිය හැකිය. සියලුම බ්ලොග් ලිපි පලවී තිබිය යුත්තේ 2016 ජනවාරි 1 දා සිට 2016 දෙසැම්බර් 31 දා වන කාල පරාසය තුල පමණි.

ඔබගේ තේරීම් මේ ඊමේල් ලිපින වලට එවන්න.
editor@nelumyaya.com
deputyeditor@lankanewsweb.net
කල්‍යාණ මිත්‍ර - sumithyapa@gmail.com
අටම් පහුර - atampahura@gmail.com

එක්  එක් අංගයන් සදහා බ්ලොග් අඩවි 5 බැගින් නිර්දේශ කරනු ලැබේ. අවසන් තේරීම මාර්තු 25 දින ප්‍රකාශයට පත් වනු ඇත.   අපක්ෂපාති විනිශ්චය මණ්ඩලයක් මගින් බ්ලොග් තේරීම් සිදු කරනු ඇත. විනිශ්චය මණ්ඩලයේ තීරණය අවසන් තීරණයයි.

නෙළුම් යාය බ්ලොග් අඩවි සඳහා පමණක් වන වෙබ් අඩවියකි. එය ලංකානිව්ස්වෙබ් අඩවියේ නෙළුම් යාය කොටසට සම්බන්ධ පෞද්ගලික මුදලින් නඩත්තු වන වෙබ් අඩවියකි. බ්ලොග්පවර් http://www.blogpower.info/ යනු එයට සම්බන්ධ සින්ඩිය වන අතර එය ද පෞද්ගලික මුදලින් නඩත්තු වන්නකි.

නෙළුම් යාය සම්මන උළෙල පවතින ශ්‍රී ලංකාවේ රජය සමග කිසිදු සම්බන්ධයක් නැත. මෙය රාජ්‍ය සම්මන උළෙලක් ද නොවේ. නමුත් රජයේ නිලධාරියෙකු හෝ රජයකට සම්බන්ධ දේශපාලනඥයෙකුගේ උදව් ලැබුනොත් ඒවා ප්‍රතික්ෂේප කරන්නේද  නැත. ඒවා විනිවිද භාවයෙන් අනිකුත් බ්ලොග් කරුවන්ගේ සහභාගිත්වයෙන් ලබා ගනු ඇත. (පසුගිය වසරේ ශාලාව ලබා ගැනීමට ගියේද අනිකුත් බ්ලොග් කරුවන් සමගය.) වෙනත් ඕනෑම අයෙකුටද මෙවැනි උළෙලවල් සංවිධානය කළහැකි  අතර ඉල්ලීමක් කරන්නේ නම් හැකි ඕනෑම උදව්වක් කරන්නෙමු.  නෙළුම් යාය පිළිබඳ අවසන් තීරණ ගන්නේ නෙළුම් යාය සංස්කාරක මඩුල්ලය.

මේ බ්ලොග් සම්මාන උළෙලේදී හැකි පමණ බ්ලොග් කරුවන් සම්බන්ධ කර ගැනීමට උත්සාහ  දරන්නෙමු. සමහරු මග හැරී  යා හැකි අතර සැවොම සතුටු කිරීමද කල නොහැක. 

වෙනත් ඕනෑම නිර්මාණාත්මක ක්‍රියාවකදී මෙන් මෙයටද විවේචන එල්ල විය හැකි බවත් ඕනෑම දෙයක් 100% නිවැරදිව කිරීමට නොහැකි බවත් පිළි ගන්නෙමු.  අපේ ශක්ති ප්‍රමාණව හැකි තාක් සාධාරණව, නිවැරදිව, අපේ හෘදය සාක්ෂියට එකඟව  මේ උළෙල කිරීමට හැකි සෑම උත්සාහයක් ම දරන්නෙමු. 

නෙළුම් යාය ප්‍රධාන සංස්කාරක.

(කොළඹ  ගමයා බ්ලොග් අඩවිය මෙම සම්මාන උළෙලට (තරඟ සඳහා) ඉදිරිපත් වන්නේ නැත.)

61 comments:

  1. http://sudupoosa91.blogspot.com/2016/04/blog-post.html
    නිර්සත්වයෝ කෙටිකථාව 1-7 දක්වා කොටස්

    ReplyDelete
    Replies
    1. ස්තූතියි. මට ඊමේල් දාන්න අමතක වුණා.

      Delete
  2. මෙදා පාරත් සම්මාන දෙන්න වගේ යන්නෙ. ඒක බ්ලොග් ලියන්නන්ට ධෛර්යයක් වේවි. මගේ අදහස් පෝස්ට් එකක් විදිහට අද දාන්නම්.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි නොකී කතා. ගිය සැරේ ඔබ පැමිණීම සතුටක්. මගේ පොඩි ප්‍රශ්නයක් තිබුන මොකද protest එකක් ආව නිසා. නමුත් ඒවා ගණන් ගණන් එපා . ඔබව හඳුනා ගෙන අඳුන්වා දුන් ඉවාන් පව්ලුෂා ටත් කල්‍යාණ මිත්‍ර ටත් ස්තූතියි.

      Delete
  3. Replies
    1. නෙළුම් යාය සංස්කාරක ලට කියන්නම්.

      Delete
  4. Replies
    1. නෙළුම් යාය සංස්කාරක ලට කියන්නම්.

      Delete
  5. ලිපි එවන්න ඕනේ කොහාටද ?

    ReplyDelete
    Replies
    1. This comment has been removed by the author.

      Delete
    2. එක මේලයක් අයින් කලා තරඟයට සහභාගී වන නිසා.
      ඔබගේ තේරීම් මේ ඊමේල් ලිපින වලට එවන්න.
      editor@nelumyaya.com
      deputyeditor@lankanewsweb.net
      කල්‍යාණ මිත්‍ර - sumithyapa@gmail.com

      Delete
  6. ගිය පාරත් දුන්නා බැටේ... මේ පාරත් දියන් බැටේ

    ඕක තමයි අපි කිව්වේ... අජිත් එක්ක බෑ කිව්වේ...

    ReplyDelete
    Replies
    1. හා හා
      ගිය පාර දෙකෙත් දුන්නා බැටේ

      Delete
  7. This comment has been removed by the author.

    ReplyDelete
  8. වැඩේට ඉත සිතින් සුභ පැතුම්. 👏..

    ලබන අවුරුද්දෙ සෙට් වෙමු. අජිත් අයිය මිස්ට මාතලන් බ්‍රෝ ඇටම් පැහු සා රස තුමා ටත් එතකොට මගේම උත්සවයටම එක සැරේ ඔහෙල දෙතුන් දෙනාට ආරාධනා කොරන්ට පුළුවන්නේ. 🍻

    ReplyDelete
    Replies
    1. හා එහෙම එකකුත් එනවද? වැරි වෙල්

      Delete
  9. රුසියානු පරිවර්ථන බ්ලොග් අඩවියේ

    http://rusiyanuparivartana.blogspot.com/2016/05/v-behaviorurldefaultvmlo.html

    අලෙක්සාන්දර් සිර්ගේවිච් පුෂ්කින්ගේ පෙම්වතියේ නමින් මා පරිවර්ථනය කල කවිය

    ReplyDelete
    Replies
    1. ස්තූතියි , ඇතුලත් කර ගත්තා

      Delete
  10. ජ ය වේ වා!!!

    ReplyDelete
    Replies
    1. නෙළුම් යාය සංස්කාරක ලට කියන්නම්.ස්තූතියි

      Delete
  11. Replies
    1. නෙළුම් යාය සංස්කාරක ලට කියන්නම්.ස්තූතියි

      Delete
    2. අම්මට හුඩු ඕනයා!

      Delete
  12. සම්මාන උළෙල සාර්ථක වෙන්න කියල සුබ පතනවා...

    ReplyDelete
  13. This comment has been removed by a blog administrator.

    ReplyDelete
    Replies
    1. This comment has been removed by the author.

      Delete
    2. This comment has been removed by a blog administrator.

      Delete
  14. ඇස් කන් නාස සේරම බලියාගෙන බලන් හිටපු දෙයක්.....අම්මෝ ඉවසිල්ලක් නෑ....ජයෙන් ජයම වෙන්න ඕන! 😇

    ReplyDelete
  15. වැඩේ සාර්ථක වේවා.
    අර බැනර් එක එල්ලුවම හරිනේ ලින්ක් එකත් එක්ක?

    ReplyDelete
    Replies
    1. ස්තූතියි රාජ්. ඔව්.

      Delete
  16. තමන්ගේ බ්ලොග් එක තමන්ම නොමිනේට් කරගන්න ඔනේද?
    උත්සවය සාර්ථක වේවා.

    ReplyDelete
    Replies
    1. එසේ කිරීමට අවකාශ තිබේ.

      Delete
  17. සුබ පැතුම් !

    ReplyDelete
  18. සුභ පැතුම්....
    ගිය අවුරුද්දෙ එන්න බැරි උනා.. මේ අවුරුද්දෙ නම් එනවා...

    ReplyDelete
  19. ගිය පාර සම්මාන උළෙලෙදී ප්‍රථම වතාවට බ්ලොග් කරුවන් රැසක් හැබැහින්ම දැකලා කතා බහ කරන්න ලැබුනා. හරිම සතුටුයි...

    ඉතින් මේ පාරත් සියළු කටයුතු සාර්ථක වෙන්න කියලා හදවතින්ම සුබ පතනවා...

    ReplyDelete
    Replies
    1. ඔබට ස්තූතියි. හැකිනම් එන්න.

      Delete
  20. නියමයි. ඔන්න අපිත් ඉල්ලුම් කළා එහෙනං. සම්මානෙකට නිර්දේශ වුණොත් තමයි කලඑළි බහින්න වෙන්නෙ.

    ReplyDelete
  21. සුබ පැතුම්... සියලු දේ සාර්ථක වෙන්නට... කවියක් හෝ කෙටි කතාවක් ඉදිරිපත් කරන්නට හිතේ තියෙනවා. උඩ ඊ මේල් ලිපිනයකට යොමු කලාම හරි නේද ?

    ReplyDelete
    Replies
    1. එසේ කරන්න. ඉඅහත් ඕනෑම මේල් එකකට සම්මාන උළෙල තේරීම් සඳහා කියල.

      Delete
  22. සුපුරුදු පරිදි මේ සැරෙත් එන්න ලැබෙන්නේ නැත. මෙවරත් ජයටම කරන්න ලැබේවා..

    ReplyDelete
    Replies
    1. ස්තූතියි පැතුම. එනවා නම් හොඳයි.

      Delete
  23. මම ගැජට් එකක් හැදුවා නෙළුම් යාය ගැන බ්ලොග් වලට දාන්න

    <$a href="http://nelumyaya.com/?p=7272" target="_blank">
    <$img src="https://goo.gl/1yAhGv" alt="නෙළුම් යාය 2016" style="width:250px;height:auto;" />


    ( $ ලකුණු අයින් කරල දාන්න)

    ජය වේවා!!!

    ReplyDelete
    Replies
    1. මේක දාන්නේ ගැජට් එකතු කරන එකේ HTML කෝඩ් එකටද? පොඩ්ඩක් ලියන්න මම හැමෝටම යවන්න.

      Delete
    2. ස්තූතියි රොහාන්.

      Delete
    3. ලස්සනයි. මම නිත් යටත් යවන්නම්.

      Delete
    4. මෙන්න මෙතන ඔක්කොම විස්තර තියෙනවා අජිත් අයියා...

      http://techsayura.blogspot.com/p/blog-page_77.html

      Delete
  24. ගිය පාර වගේම මේ පාරත් සම්මාන උළෙලට එනවා. සුබපැතුම්!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි. එන්නෙන්න.

      Delete
  25. Great ! Wishing you all for a successful event

    ReplyDelete
  26. ජය වේවා... ලිපි කිහිපයක් එව්වා... අනිවාර්යයෙන්ම එන්නම් එදාට...

    ReplyDelete
    Replies
    1. ඔව් ඒවා ලැබුන. ලිස්ට් හදමින් ඉන්නේ.

      Delete

සියලු හිමිකම් අජිත් ධර්මකීර්ති (Ajith Dharmakeerthi) සතුය. කොළඹ ගමයා බ්ලොග් අඩවියේ යොමුව සඳහන් කර හෝ අජිත් ධර්මකීර්ති යන නමින් පමණක් මෙහි ලිපි උපුටා පළ කරන්නට අවසර තිබේ.
මෙහි පලවන ලිපි සහ දේශපාලන අදහස් මගේ පෞද්ගලික අදහස් පමණි.
ඔබේ ඕනෑම ප්‍රතිචාරයක් මෙහි පල කරනු ලැබේ. නමුත් වෙනත් කෙනෙකුට සාධාරණ හේතුවක් නැතුව පහර ගසන අශිලාචාර අන්දමේ ප්‍රතිචාර පමණක් පල නොකෙරේ. බ්ලොගයට ගොඩ වදින ඔබ සියලු දෙනාට ස්තූතියි .