Friday 9 December 2016

ගෝඨා හෝ මා හෝ ගංගා හෝ

අළුත් කරන ලද මාවතක් සහ ඇළක් 
ළඟකදී හදිස්සියේ ලංකාවට  ගිය අවස්ථාවේ  බස් දඩ ව්‍යාපාරය අත් විඳීම මෙන්ම තවත් රැල්ලක් ගැනද  දැන  ගැනීමට ලැබුණි. ඒ ගෝඨා රැල්ලයි. මේ ගෝඨා රැල්ල එන්නේ හෝ ආවේ කෙසේද යන්න පිලිබඳ කිසියම් හැඟීමක්  යුඇන්පී ආණ්ඩුවට ජනවාරි 8 චන්දය දුන් තරුණ විධායක නිලධාරියෙකු  සමග නගර සංචාරය කිරීමෙන් මට මනාව පසක් විනි.

 ඒ මෙසේය.

"බලන්නකෝ මේ අලුත් ආගමන විගමන එකේ ගොඩ නැගිල්ල. ඇතුල නියමයි. වැඩ පිළිවෙළයි . කාක්කන්ගේ බලපෑම අඩුයි. ඉක්මන්. වැඩ කරන උදවිය නම් තවම කට්ටිවාදියි. බොරු කිව්වා මට නම්. නමුත් වැඩ කරන අයට හොඳ නවීන තැනක් වැඩ කරන්න. යුරෝපේ කාර්යාලයක් වගේ." මම කියමි.

"ගෝඨා නේ හැදුවේ." මගේ මිතුරා පවසයි.

"හොඳ වැඩක්". මම කියමි.

 කාරය, මිනිසා විසින් සාදන ලද වැවක් පසු කරයි. වැව  වටේ කට්ටිය ව්‍යායාමයට ඇවිදිති.
"ගෝඨා වෙන්නැති." මම කියමි.
"ඔව් නේ.  ඕක විතරක් නෙමේ. අර කුණු ඇළත් පිරිසිදු කරා. ඒක දිගේ හොඳ පාරක්  හදල. ඇවිදින්න පුළුවන් හවසට ." ඔහු පවසයි.

"ඒ කියන්නේ මිනිසුන්ට ක්වොලිටි ලෙස හවස ගත කරන්න හදල දීල.  කොළඹ  පැත්තේ අයට පොඩි ඉස්පාසුවක් දීල වගේ. අපි ඉස්සර හැත්තෑවේ අග කාලේ ගෝල් ෆේස් එකේ ඇවිදින්න එනවා හවසට. අම්මත් එක්ක. ඒක ඇත්තටම හොඳයි. වික්ටෝරියා  පාක් එකට සෙල්ලම් කරන්නත්  යනව. " මම කියමි.

"ඔව් අයියේ නියමයි තමා. වික්ටෝරියා  පාක් කිව්වේ විහාර මහා දෙවි එකට නේද?  ඒකත් ලස්සනට හැදුව ගෝඨා හිටිය කාලේ. හැබැයි  ඔය කපල් වලට වැඩිය වැඩ කිඩ දාන්න දුන්නේ නැහැ." ඔහු පවසයි.

"පව් නේ මල්ලි. කපල් නුත් මනුස්සයොනේ. ඒ  අහිංසකයන්ට වෙන යන්න තැන්  නැහැනේ.  හෝටල් වලට යන්නැය පෝසත්  මිනිසුන්ට වගේ. ඒවානම් ගඳ වැඩ." මම කියමි.

"පිස්සුද අයියේ. හැමෝම කැමතියි කපල් එලෙව්වට."

"ලංකාවනේ. තමා හැර අනිත් අය සතුටු වීම වරදක් හැටියට දකින රටක් නේ" මම කියමි.

" ඒ වුනාට අයියේ තැන් තැන්  වල කුණු දාන්න දුන්නේ නැහැ. දැම්ම නම් සබ්බුව  තමා . කොළඹ පිරිසිදු කරලා ගත්තනේ"
"ස්ටාලින් වගේමයි."  මම කියමි.

අපි මදක් නගරයෙන් ඉවත්ව කොළඹ - පිළියන්දල රත්නපුර පාරේ   ධාවනය කරන්නෙමු.
" පාරවල් ටික නම් ඉතින් ඉටිකිරි. එක වලක්  නැහැ. " මම කියමි.

"මහින්ද නේ අයියේ. අධිවේග දෙකත් යුද්දේ ඉවර කළාට පස්සේ කළානේ."

"ඒක නම් ඇත්ත තමයි. ටක් ගාල යන්න  පුළුවන් ගාල්ලට. කටුනායක ඉඳන් එන එකත් ලේසියි. ඒත් පාරවල් දෙක අර එකතු වෙන  හරිය හදල නැති නිසා ඒ ටිකට විනාඩි 45 ට වැඩිය යනව. " මම කියමි.

"කෝ ඒක  හදන්න කලින් පැරදුනනේ "
"ඉතින් ඔයලානේ පැරැද්දුවේ. " මම කියමි.

"මේකනේ  අයියේ. අන්තිම කාලේ පොඩ්ඩක් අප්සෙට් ගියානේ. අහල පහල හිටි ප්‍රාදේශීය කාරයොයි, මන්තිරිලයි  ඇමතිලයි පුතාලයි  වනසන්න ගත්තනේ. ලොක්ක කට පියාගෙන නිකන් හිටියනේ ඕන සෙද්දක්  කියල. ඒකනේ  මිනිසුන්ට මළ පැන්නේ. කෝ ඒ වුනාට මේ මුන්ගෙන් වැඩක් වෙන බවක් පේන්නෙ නැහැ නේ."

"ඒකමත්  නෙමේ. දැන් ඔයා ඔය  පෙන්නපු ගොඩක් දේ හදල තියෙන්නේ එක්කෝ ගෝඨාභය මහත්මය. එයා  රජයේ නිලධාරියෙක්. නමුත් අයිය ජනපති නිසා ලෙහෙසියෙන්ම ප්‍රතිපාදන ආව, අනිත් ටික ඔයා  කියන විධිහට මහින්ද මහත්මය කලේ යුද්ද්දේ. යුද්දේ මෙහෙයවුයේ  අවංකවම ගත්තොත් ෆොන්සේකා මහත්මයයි, රාජපක්ෂ තුන්දෙනයි එකට. එතකොට මල්ලි අනිත් ඇමැතියෝ  ඔක්කොම නිකන් නේ ඉඳල තියෙන්නේ.  ඉන් කොටසකට දැන් නඩු. ඉතිරි කොටස මේ ආණ්ඩුවේ. ඉතින් වැඩක් කෙරෙයි ද? "

"ඒක නේ මම කියන්නේ ගෝඨාභය ගේන්න ඕනේ කියල."

"ඕකනම් දැන් අර බ්ලොග් ලියන මාතලන් ගොයියායි  සරසා ගොයියායි  නිතර කියන කතාවනේ. ජනවාරි 8 වෙනසට චන්දෙ දීපු ඔයත් කියනවා කියන්නේ වැඩේ ස් ..ස් ..සීරියස්. හැබැයි ගෝඨා එන්නේ නැහැ මල්ලි"
"ඒ  මොකද"

"දැන් බලන්නකෝ එයාට  පක්ෂයක් නැහැ. විමල් ගේ සන්ධානේ එයා නැහැ. විමල් පොඩි සප්  එකක් දුන්නට විමල්ට ඕනේ එයා උඩට එන්න. අලුත් පක්ෂේ පිහිටෙව්වේ බැසිල්.  අර ඇහින්දාස් ඇමති - මන්ත්‍රී සෙට් එක වඩාත් කැමති තමන්ට ශේප් කර ගන්න පුළුවන්, ශේප් වෙලා ගේම දීගන්න  පුළුවන් නායකයෙක්. එහෙම කෙනෙක් තමයි මහින්ද. එහෙම කෙනෙක් තමයි රනිල්.  එහෙම කෙනෙක් තමයි බැසිල්. නමුත් ගෝඨා හමුදා නිලධාරියෙක්. ෆොන්සේකා වගේම එයාට ත් කෙලින් කතාව කෙලින් වැඩ තමා පුළුවන්. මර්වින් ව හරි තැන තිබ්බෙත් එයානේ. ඒ නිසා මේ කපේට ඔය මන්ත්‍රී සෙට් එක එයා ට සපෝර්ට් කරන්නේ නැහැ. මහින්දට තමා ඒ සහයෝගය තියෙන්නේ. ඊළඟට බැසිල්ට. ඒක  නිසා බැසිල් ව කවදාවත් මේ රජයෙන් හිරේ යවන්නේ නැහැ. මොනවා කලත්.  බැසිල් එළියේ ඉඳන් ගේම් ගහන එක රනිල් මහත්මයට වාසියි. "

මල්ලි හෙන කල්පනාවේය.
"එහෙම නම් ඉතින් ජවිපෙ තමා ඉතුරු වෙලා තියෙන්නේ. උන්නම් හොඳයි තවම වංචා කරලා නැහැ"

"ඔයා  යුඇන්පී නේද. ජවිපෙ එක්ක 88-89 කාලෙත්  වලියක් තිබුනනේ."

"දැන් ඒවා නැහැ.  අනුර ඒවාට සමාවත් ඉල්ලුව. ජවිපෙ තමා අයියේ ඉතුරු වෙලා ඉන්නේ."

"වෙන්නේ නැහැ මල්ලි. ජවිපෙ හැම වෙලේම  කළේ වෙන කවුරුහරි කෙනෙක්කරේ තියාගෙන ගිහින් ලොකු පුටුවට තල්ලු කරන එක . අනික දැන් නම් ඔලුව උස්සන්න හම්බ වෙන්නේ නැහැ. වමේ වලිය ආයිත් පටන් ගනී. ජවිපෙ මහා අනෙකා  ආවනේ එලියට."

"ඒ කිව්වේ?"

"අර ජවිපෙ හිටියේ නැහැයි කියන කුමාර් ගුණරත්නම් නිදහස් වෙලා එලියෙනේ මල්ලි. "

මිතුරා තුෂ්නිම්භූත වෙලාය.
"ඒ කියන්නේ මොන ඔප්ෂන් එකක් වත්   නැහැ කියලද ඔයා  කියන්නේ."

"අපොයි නැහැ. බෞද්ධ රාජ්‍යයක් හදන්නකෝ.  අර ඥානසාර හාමුදුරුවෝ ඉන්නේ. එයාව ජනපති කරලා අර නැගෙනහිර වැඩ කිඩ දාන අම්පිටියේ හන්දුරුවෝ  ගෙනල්ල ආරක්ෂක අමත්‍යාන්ශේ  භාර දෙන්න.  එයා  පොලිසියට භය නැහැනේ. මුරුත්තෙට්ටුවේ ගෙනල්ල අගමැති කම දුන්නම  ආයේ නර්ස්ල දොස්තරලා ගෙන් වලියකුත් නැහැ.

එතකොට අර පිටිදුවේ ඉන්න මහා රහතන් වහන්සේ ගෙනල්ල මුදල් අමත්‍යාන්ශේ  භාර දුන්න නම් රට ගොඩ. එය අත තියන තැන රත්රන් වෙනවනේ මල්ලි."

අපි අපේ ගමනාන්තය ට  පැමිණියෙමු. රට තවම මගය. 
09/12//2016

- අජිත් ධර්මකීර්ති 


60 comments:

  1. Replies
    1. ඔයා ලංකාවේද එංගලන්තේද ඉන්නේ මෙච්චර ඉක්මනට කොමෙන්ට් දැම්මේ. ? :)

      Delete
  2. ඊරිසියාව... ඊරිසියාව... අර සත් ගුනවත් ගෝඨා සෑර්ව ජනාධිපතිකරනවට ඊරිසියාව.
    ඕවානම මොනවද... බස් ස්ට්‍රයික් එක වෙලාවේ , අනේ ඕක දිගටම ගිහින් ආණ්ඩුව පෙරලියන් .. කියලා බලාගන හිටපු ජහමනයෝත් ඉන්නවා කියන්නේ තාමත්.

    ReplyDelete
    Replies
    1. අනේ මට නම් ඉරිසියාව නැහැ මලේ. අපට කියල හොඳ එකෙක්ය ඉන්නේ.

      Delete
  3. ඒ කියන්නේ විකල්පයක් ඇත්තෙම නැද්ද? මේ තුමන්ලා දිගටම මේ විදියට පිස්සු කෙලින්නට බලාපොරොත්තු වෙනවා නම් ඊට වඩා මම නම් කැමතියි ගෝඨාභය වගේ කෙනෙක් එනවට..

    ReplyDelete
    Replies
    1. විකල්පය තවම ගර්භාෂයේ.

      Delete
  4. මහින්ද යළි එන්නෙ නැතේ
    බැසිල් බොරුව කරයි පුතේ
    අනාගත්ත අනාගතේ
    ගෝට කොහොම එයිද පුතේ

    ReplyDelete
    Replies
    1. ගෝඨා මල්ලි එන්නට නම්
      බැසිල් අයියා එපා පුතේ
      ඔබේ රටේ අනාගතේ
      චීන්නු දැන් ලියල ඇතේ

      Delete
  5. දේශපාලනයේට විකල්ප දේශපාලුවෝ අපේ රටේ නෑ. රටට හිටපු හොදම මිනිස්සු ටික මැරුනා නැත්නම් මැරුවා. අපි මේ කරන්නේ සෙක්කුවට හරකා මාරු කරන වැඩේ තමයි. කොයි හරකා බැන්දත් එකම වට රවුමේ කැරකි කැරකි යනඑක විතරයි.

    ReplyDelete
    Replies
    1. ඕකනේ මිනිස්සු තේරුම් ගන්නේ නැත්තෙත්.

      Delete
  6. මම හිටියේ ගහළයාගේ කාර්‍යාලයේ. ගහළයා දේශපාලනයමය වශයෙන් මෙන්ම රාජකාරියමය වශයෙන් බලවත් පුද්ගලයෙලක්. ඔහු ඉදිරියේ හමුදා නිලධාරීන් , රාජ්‍ය නිලධාරීන් හැසිරුනේ බයාදු විදිහට. මම විතරක් නිහඬ ව කෙලින් හිටගෙන සිටියා. ඔහු මා දෙස බැළුවා. මම නිසොල්මන්ව ඔහුගේ දෙනෙත් දෙස එක එල්ලයේ බලා සිටියා. කිසිම කෙනෙක් ගහළයා ඉදිරිපිට ඔහුගේ ඇස් දෙක දිහා බලන්නේ නැහැ. බැලුවොත් බලන්නෙ හිස නවාගෙන​. ගහළයාට මගෙන් වැඩක් නැහැ. මම නිකම් විශ්ව විද්‍යාලයක උපාධියක් තියන පුද්ගලයෙකු විතරයි. මට වඩා උගත් මිනිසුන් ගහළයා ළඟ දණ ගහනවා.

    එක් නිලධාරියෙක් ෆයිල් එකක් අරගෙන ආවා. ෆයිල් එක දැහැත් වට්ටියක් භික්‍ෂුවකට දෙනවා වගේ අත් දෙකෙන් දුන්නා. සර් තිස් දෙකේ වත්තේ ප්‍රොජෙක්ට් එක කරගන්න විදිහක් නැහැ මිනිස්සු ප්‍රොෙටස්ට් කරනවා කිව්වා. තිස් දෙකේ වත්ත කියන්නේ මුඩුක්කුවක්. මේ මුඩුක්කු ටික කඩලා මෙතන තරු පහේ හෝටලයක් ඉදි කිරීමට තමයි සැලැස්ම. ගහළයාගේ මුහුණට කෝපය ආවා. අයිසේ ඔය මුඩුක්කු ටිකට ගිනි තියනවා කිව්වා. ප්‍රශ්නය එතනින් හමාරයි. තවත් හමුදා නිලධාරියෙක් ආවා. රිපෝට් එකක් පෙන්නුවා එක මාධ්‍යවේදියෙක් ගැන​. මිනිහට වී.අයි.පී. ට්‍රීට්මන්ට් දෙනවා කිව්වා. ඒ කියන්නේ කැපුට් නොහොත් මරණය​.

    හවස මම ටීවී බලන කොට දැක්කා තිස් දෙකේ වත්තේ හදිසි ගින්නක් ඇති වෙලා නිවාස සීයක් විතර අළු වෙලා. සුන්බුන් අතර කුඩා පාසල් යන වයසේ ළමයෙක්. ඒ ළමයා තමන් ගේ පාසල් පොත් හොයනවා. මුහුනේ අසරණකම දුක පිරිලා. නමුත් පාසල් පොත් අළු බවට පෙරලිලා. ඒ සමගම හදිසි ප්‍රවෘත්තියක්. මාධ්‍යවේදියෙකුට වෙඩි තියලා මරලා. මාධ්‍යවේදියාගේ පවුල පොළවේ හැපී හැපී අඬනවා. මම ටීවී එකෙන් දෑස් මොහොතකට ඉවතට ගත්තා. අද දිනය ඇතුලත ගහළයා මම ඉදිරියේ පාප කර්ම දෙකක් කරලා. මට ගහළයා ගැන පිළිකුලක් ඇති උනා. යළිත් මම ටීවී එකට නෙත් යොමු කලා. පන්සලක පින්කමක් පෙන්වනවා. ගහළයා තමයි ප්‍රධාන අමුත්තා. සංඝ නායක ධාතු කරඬුව ඔහුගේ හිස මත තැබුවා. මම දුටුවා ගහළයාගේ මුහුනේ වූ ශාන්ත ස්වභාවය​. ගහළයා කිසිම වරදකරී බවක් නොමැතිව සන්සුන් ලෙස ධාතු කරඬුව හිස් මත තබාගෙන ඉන්නවා. ඔහු දක්‍ෂයෙක් අනිවාර්‍යෙන්ම දක්‍ෂයෙක්. මෙවැනි පුද්ගලයන් තමයි රෝමය නිර්මාණය කලේ. අප වගේ ස්වයං වරදකාරී බව නිසා තිගැස්සෙන නිතරම හෘධ සාක්‍ෂියට සවන් දෙන බියසුල්ලෙක් නොවෙයි ඔහු. ගහළයා උදාර පුරුෂයෙක්. මේ වගේ පුරුෂයන් තමයි ලෝකයට අවශ්‍ය. අනුකම්පාව කියන්නේ දුර්වළයාගේ චරිත ස්වභාවයේ මූලික ප්‍රකාශනය​. නීට්ෙෂ් ගේ සුපිරි මිනිසා පිලිබඳ භාෂිතය වෙනස් කරලා තමන්ට අවශ්‍ය සුපිරි මිනිසුන් නිර්මාණය කල Wewelsburg එස් එස් පාසල මට සිහියට ආවා. Wewelsburg පාසල බිහි කලේ ගහළයා වගේ ශක්තිමත් මිනිස්සු. අපි වගේ දුර්වළ මිනිසුන් ස්වභාව ධර්මය විසින් ක්‍ෂය කරලා දමනවා. අපට පැවැත්මක් නැහැ.

    (පරිකල්පනික අතික්‍රමණය )

    ReplyDelete
    Replies
    1. මට මේක කියෙව්වා වගේ මතකයි. එස් එස් එක ඉල්ලා හඬන මිනිස්සු දැක්කම දුකත් හිතෙනවා. නමුත් දියුණුව එතන තියනවා. උත්තම ජාතියේ.

      Delete
  7. දීලා තියෙන උත්තර දිහා බැලුවාම නම් හාමුදුරු ගොල්ලන්ට රට දෙන්න වෙනවා. :P

    මාත් කැමති ගෝඨාට. :P

    ReplyDelete
    Replies
    1. සාමාන්‍ය ජනතාව කැමති වුනාට වැඩක් නැහැ. කිසියම් දේශපාලන ස්තරයක කැමැත්ත අඩු නම්.

      Delete
  8. ඒ වගේ උංව නායකයින් ලෙස පතන උන්ව නියෝජනය කිරීමට එවුං ම මිස වෙනත් උන් නැත!

    ReplyDelete
    Replies
    1. ඔහේ ඔහේ වගේ උන්ව පත් කර ගන්නවා සිනුවරට, අපි අපිට ගැලපෙන උන් මෙහාට පත් කර ගන්නම්.
      අපි එන්නෙත් නැහැ, අපිට අදාළත් නැහැ තමුසෙලා සිනුවර හෝ අජ්ජ ඉන්න රටේ ඌ පත් කර ගන්න එවුන්ගේ පැටිකිරි හොයන්න.
      දෙකට දේවාලේ නැති ඔහේලා වගේ නපුංසකයෝ මෙහෙන් ගියානම් ගියාට පස්සෙ ආපහු මේ රටේ දේවල ගැන පුක අරින්නේ නැතුව ඉන්න පුරුදු වෙනවලා,
      ඔච්චර අමාරු නම් මෙහෙ ඇවිත් දේශපාලනය කරලා පාර්ලිමේන්තු ගිහින් වැඩ කරනවලා රටට, ජනතාවට.
      අවුරුද්දකට දෙකකට වතාවක් නිවාඩුවකට පමණක් එන රටක් හදන්න මුන්ට තියෙන අමාරුවක්, ගොබ්බ හැත්තෑ,
      අජ්ජෝ, මේ පිළිතුර උඹටත් එක්ක.

      Delete
    2. +++++++++++++++

      සහතික ඇත්ත හිටන්...

      තමන් ජීවත් වෙන රටේ පිටගම් කාරයෝ වෙලා, දාලා ගිය උපන් රටේ ආන්ඩු පෙරලන්න මුන් ට තියෙන උවමනාව අප්පා.....!!

      Delete
    3. පිළිතුර මටත් එක්ක කිව්වා නිසා පිළිතුරක් දෙන්නම් හිටන්. ඈ බන් උඹල කවුද මට කියන්න ලියන්න එපා කියල මම කැමති දේවල්. මම ලංකාවේ දේශපාලනේ ගැන විතරක් නෙමේ එංගලන්තේ, පරණ රුසියාවේ, අලුත් රුසියාවේ, ඇමෙරිකාවේ දේශපාලනය ගැනත් කතා කරනවා. අපේ සල්ලි අරන් කන්න උඹලට හොඳයි. කතා කරන්න තමයි බැරි.
      පිටරට වෙසෙන උන් එවන සල්ලි තමා රටේ ආදායමේ කොටසක් වෙලා තියෙන්නේ. උඹල ගත්ත නය වල පොලී ගෙවන්නේ අපේ රෙමිටන්ස් වලින්. 2007 දී 11% GDP. දැන් දෙගුණයක්. අපටද කතා කකරන්න හොඳ නැත්තේ. අපේ සහෝදර සහෝදරියන්, උන්ගේ ළමයින්ගේ නගතේ ගැන අපට තියනවා කැක්කුමක්. මොකද අපියි උන්ට ජිවත් වෙන්න උදව් කරන්නේ. එතකොට ඇමෙරිකන් පුරවැසි කම් තියන අය කරම්ද හොඳ. රසික ගැන මම දන්නේ නැහැ. හැබැයි මට ඕන දේ මම කොහොමත් ලියනවා.

      Delete
    4. Sorry Ajith, according to Migration and Remittances Data, the World Bank in 2015, the total foreign remittance to SL is 8.5% of the GDP.

      Delete
    5. ඕක ඔච්චරම නිවැරදි එකක් නෙමේලුනේ. වර්ල්ඩ් බෑන්ක් දත්ත වලටේ එන්නේ මහා බැංකුව විසින් NRFC එකට එන ඒවා එකතු කරලා විතරයි. රට තුලට රැගෙන එන ඒවා , හොරෙන් එවන ඒවා නැහැ. කබ්රාල් මහත්තය තමා ඒවා හරියටම හෙව්වේ. එකනේ මහින්ද මාතියට භය නැතිව ණය ගන්න කිව්වේ.

      Delete
    6. මේක ලොකු ගානක්. Remittances in Sri Lanka decreased to 577.88 USD Million in September from 618.29 USD Million in August of 2016. Remittances in Sri Lanka averaged 477.05 USD Million from 2009 until 2016, reaching an all time high of 708.84 USD Million in December of 2014 and a record low of 241.34 USD Million in February of 2009.

      Delete

    7. Sri Lanka Trade Last Previous Highest Lowest Unit
      Balance of Trade -645.00 -783.00 -50.10 -1100.70 USD Million [+]
      Exports 898.00 866.00 1070.10 304.80 USD Million [+]
      Imports 1543.00 1649.00 1986.41 408.00 USD Million [+]
      Current Account -713.00 -81.00 255.28 -1695.29 USD Million [+]
      Current Account to GDP -2.40 -2.50 -0.40 -19.30 percent [+]
      External Debt 3671100.00 3584617.00 3671100.00 70173.30 LKR Million [+]
      Terms of Trade 100.90 111.00 161.24 74.50 Index Points [+]
      Tourist Arrivals 167217.00 150419.00 209351.00 5536.00 [+]
      Gold Reserves 22.27 22.45 23.10 3.63 Tonnes [+]
      Foreign Direct Investment 112.00 104.00 388.00 20.00 USD Million [+]
      Remittances 577.88 618.29 708.84 241.34 USD Million [+]
      Terrorism Index 3.49 4.08 7.13 3.49 [+]
      Tourism Revenues 249.31 246.12 346.98 19.31 USD Million

      Delete
    8. එක්ස්පෝර්ට් වලින් (මුළු) එන ගනින් ටිකක් අඩුයි. තේ රබර් පොල් වලට වැඩියි.
      http://www.tradingeconomics.com/sri-lanka/remittances

      Delete
    9. හෝව් හෝව් අජියා...!

      Delete
    10. මොකෝ බං මම බස් එකක් කියල හිතුවැයි

      Delete
  9. අපේ රටට නායකයින් සිටියද ජාතික නායකයින්ගේ හිඟයක් ඇත.

    ReplyDelete
    Replies
    1. ජාතික නායකයන් හදල ගණන් ඕනේ. ගෝඨා වගේ කෙනෙකුට වුනත් එතනට් එන්න පුළුවන් මුළු රටේම රට වැසියා ගැන හිතුවොත්.

      Delete
  10. මග හොද වේද ගම්වල එය ගැටලුවකී
    රඟ නොපෙනේද නිල් කොල නම් මුලාවකී
    දඟ පෙන්නුවද රතු කවදත් මිරිඟුවකී
    නැග එනු කෝම කහපාටත් විහිලුවකී........

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. නියම කවිය. පිළිතුරු කවියක් දෙන්න බැරි තරමට හොඳ හිටිවන කවියක් වගේ.

      Delete
  11. ලන්කාවෙ ඉපදිලා පිට රටවල් වල ගිහින් ජීවත් වෙන උන්දැලාට ලන්කාවට ඇවිත් පම්පෝරි කියවන්න තිබුන චෑන්ස් එක මහින්ද මහත්තයයි ගෝටා මහත්තයයි නැති කොලා....

    අපෝ මල්ලි ලන්කාවෙ යුද්දෙනෙ...
    මෙහෙ වගේ ද එහෙ... ගමන් යන්නෙ සුරුස් ගාලා හයි වේ එකේ නේ...
    ලන්කාවෙ පිරිසිදු කම අන්තිමයි නේ.. පාරෙ හැම තැනම කුනු..
    මෙහෙ වගේද එහෙ මල්ලි... මහජනතාවට විනෝද වෙන්න..පාගමනේ වියායාම කොරන්න පබ්ලික් ස්පේසස් තියෙනවනේ...
    දැන් ඉතින් ඕවා කාට කියන්නද.. මහින්ද මහත්තයයි ගෝටා මහත්තයයි ඔක්කොම කොලා නේද හිටන්?

    අනේ පින්වතුනි ඉඳ හිටලා ලන්කාවට ඇවිත් මෙහෙ ඉන්න නෑදෑ හිතවතුන් ට දෙන්න තිබුනු පොර ටෝක් එක නැතිකොලාට පිටරටවල ඇම්ඹිටිල්ලන් මීයෝ වගේ ජීවත් වෙන ඈයො මහින්ද මහත්තයයි ගෝටා මහත්තයඉ එක්ක වෛර බැන්දා නේ...

    ඒකට රනිල් තුම්යි හිටන්තුමයි...
    පාරෙ ඉරි කහ පාටෙන් සුදු පාට කොල එක තමා එකම සන්වර්දනේ..පාර පුරා කුනු.. හැමදාම පාරවල් වහලා විරෝදටා... දැන් ඉතින් අපේ රට ගිය ඇඹිඉටිල්ලන් මීයන් ට හරි සන්තෝසයි...

    මොකේ රට හිටියා කියලා සුද්දන් ගේ ඉන්ග්‍රීසි සන්ගමේ කතාවක් කොරන්න කියලා ආරාදනා ලැබෙනවැයි? එහෙ ගිහිනුත් කොරන්නේ සින්හල සන්ගමේ රැස්වීමෙ දී හිටගෙන විහිලු කොරන එක පමනයි නේ හිටන්?

    ඒකට අපි... ඉස්කෝලෙන් විස්ස විජ්ජාලෙන් එලියට ගියාට පස්සෙ සින්හල සන්ගමේ කතා කොරන්නවත් කතා අහන්නවත් යනවද හිටන්?

    ReplyDelete
    Replies
    1. //අපෝ මල්ලි ලන්කාවෙ යුද්දෙනෙ...
      මෙහෙ වගේ ද එහෙ... ගමන් යන්නෙ සුරුස් ගාලා හයි වේ එකේ නේ...
      ලන්කාවෙ පිරිසිදු කම අන්තිමයි නේ.. පාරෙ හැම තැනම කුනු..
      මෙහෙ වගේද එහෙ මල්ලි... මහජනතාවට විනෝද වෙන්න..පාගමනේ වියායාම කොරන්න පබ්ලික් ස්පේසස් තියෙනවනේ...// අනේ මන් දන්නේ නැහැ සරසෝ. මම නම් එහෙම කියල ලංකා සවුත්තු කරන්නේ නැහැ. මම ඉගෙන ගත්තු රටක් වන රුසියාවට වුනත් අපි තවම ආදරෙන් මතක් කරන්නේ. එහෙව් එකේ. හැබැයි ඉතින් ලනක්වේ එහෙම කාලයක් තිබ්බ.

      Delete
    2. //මොකේ රට හිටියා කියලා සුද්දන් ගේ ඉන්ග්‍රීසි සන්ගමේ කතාවක් කොරන්න කියලා ආරාදනා ලැබෙනවැයි?// මම නම් මගේ චැරිටි එකේ වැඩේට සුද්දොත් ගෙනල්ල කතා පැවැත්තුවා මචන්. අනික සුද්දන්ට කතා කරන එක මහා ලොකු දෙයක් නෙමේ. උන්ට හරියට ඉංග්‍රීසිත් බැහැ බං. නැත්නම් මම ලඟදි තාරක විද්‍යාව ගැන කතා කලා ඔහේ අහන් හිටිය.

      Delete
    3. මෙන්න ඔබතුන්ලාගේ නායකයෙක් කියන ඉතා වටිනා කතාවක්. හා හා හා හා :)// අපේ රටට වැඩියෙන්ම ආදරේ කරන්නේ රටින් පිට ඉන්න අයයි කියලා මම හොදටම දන්නවා දැකලා තියෙනවා.// ගෝඨාභය රාජපක්ෂ
      //රටට ප්‍රශ්නයක් ඇති වුණාම ඒ ගැන වැඩිපුරම කතා කරන්නේ කැක්කුමක් තියෙන්නේ රටින් පිට ජිවත් වන ලංකිකයන්ට. අපේ රටේ සංස්කෘතිය ආගමේ ඇති වැදගත්කම පෙන්නේ අපි රටින් ඇත්වෙලා ඉන්න කොට. රටින් පිට වෙලා ඉන්න සෑම කෙනෙක්ම ලංකාවට වඩා වැඩ කරනවානේ විශාල ශ්‍රමයක් වැය කරලා. සෑම කෙනෙක්ම හොද සාර්ථක ජිවිතයක් ගත කරනවා// අපොයි
      https://lankacnews.com/%E0%B6%9C%E0%B7%9D%E0%B6%A7%E0%B7%8F%E0%B6%A7-%E0%B6%A2%E0%B6%B4%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B7%9A%E0%B6%AF%E0%B7%93-%E0%B6%B8%E0%B7%84-%E0%B7%84%E0%B6%BB%E0%B7%83%E0%B6%BB-%E0%B6%BB%E0%B6%A7/

      Delete
  12. පුද්ගල කේන්ද්‍රීය නායකත්වයක් යටතේ පමණයි 'තාම' ලංකාව දියුණු කරන්න පුළුවන්.වැඩක් කරන්න පුළුවන් එහෙම විතරයි.මොකද අපි හරි බයයි වගකීමක් භාර අරන් කරන්න.වටේ එවුන් මොනව කියයිද කියන බයට.ඇත්තටම වටේ එවුන් වැඩක් කරන කෙනාගෙ ඇදකුද හොයනවා මිසක වැඩක් කරන්න සහයෝගයක් දෙන්න ඉදිරිපත් වෙන්නෙ හරිම අඩුවෙන්.ඉදිරිපත් වෙන 'පුද්ගලයටත්' බැණුම් අහන්න සහ වැඩේ ඉවර උනාම (කොච්චර හොඳ උනත්) පොඩි වරදකට හරි දඬුවම් විඳින්න බලාගෙන තමයි රට කරවන්න වෙන්නෙ.
    මීට ලඟින් යන දෙයක් මෙතන තිබුන වගේ මතකයි.
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. ඒක දැනුයි .ප්‍රතිපත්තිමය වශයෙන් මම නම් ගෝඨා ට වත් වෙන කාටවත් එරෙහි නැහැ. පුටින්හොඳ නැහැ කියල වෙස්ට් එක කිව්වට රුසියන් කාරයෝ කියන්නේ නැහැ නේ . මේ රජයේ කිසියම් තීරණ ගන්න වෙලාවටත් කෙලින් තීරණ ගන්නවා කියල පෙනෙන්නේ නැහැ. බනින එක ඉතින් සම්මාන දුන්නත් බැනුම් අහන්න වෙනවනේ අප්පා .

      Delete
  13. අයියා විධායක ජනාධිපතිවීම මත වෙනත් රාජ්‍ය නිලධාරීන්ට නැති සුපිරි බලයක් ගෝඨාට තිබ්බා.ගෝඨා බය නැතුව වැඩ කෙරුවේ එව්වා ප්‍රශ්න කරන්න කවුරුත් හිටියේ නැති නිසා.යුද්ධය නිමා කරන්න සහා යුද්දෙන් පස්සේ රටේ යම්කිසි දෙයක් කරන්න ගෝඨා කටයුතු කෙරුවා.හැබැයි ගෝඨා ඒ සංවර්ධන වැඩ කිරීම සඳහා ගත්තු සමහර ක්‍රියාමාර්ග ප්‍රජාතන්තවාදී රටකට ගැලපෙන්නේ නැහැ.වනාතමුල්ලේ සුනිල් කියන පුද්ගලයා පහර ගැනීමේ සිදුවීම අමතකද ?අනිත් පැත්තේ ගෝඨාව නයකත්වයට ගෙන එම රට මිලිටරි පාලනයකට තල්ලු වීමක් වෙන්නත් පුළුවන්.

    ReplyDelete
    Replies
    1. ඔව් ඒකත් හරි. ඒ භයානක කම තියනවා. මම ස්ටාලින් ගැන කිව්වේ ඒකයි . අර කොම්පඤඤ විදියේ මිනිසුන් ගැන ක්‍රියා කෙරුවේ ඒකාධිපති ස්වරුපයෙන් රාජ්‍ය නිලධාරියෙකු වෙලත්. ජනාධිපති වුනොත් ....?

      Delete
  14. බයවෙන්න දෙයක් නෑ... ජේවිපිය 2020 ආන්ඩුව හදනවලුනේ

    ReplyDelete
    Replies
    1. අ නේ හොඳයි. උඩුවට ගොබෙල්ස් අමාත්‍යාංශය මම කිව්වේ ප්‍රවෘත්ති අමාත්‍යාංශය දෙයිනේ හේ හේ :)

      Delete
  15. ජී ඇල් පීරිස් - ජනාධිපති, කිරිඇල්ල - අගමැති,
    මුතුහෙට්ටිගම -මුදල් ඇමති,වාසුදේව -විදේශ ඇමති, වෙල්ගම අනිත් ඔක්කොම ඇමති කලොත් සමහරවිට රට ගොඩයයි.
    සෝමවංස අමරසිංහ හිටියනම් එයත් හොඳයි

    ReplyDelete
    Replies
    1. ප්‍රා ජේ - අධිකරණ ඇමැති - මම එක පයින් සපෝර්ට්

      Delete
  16. අජිත්, මොකෝ හිතෙන්නේ පොද්දා ලෙස, හිටන් නැතිව, ඒ වෙනුවට ඝෝඨා ගත්තා නම් කියන එක ගැන..

    මාර චෑන්ස් එකක් මිස් කරලා තියෙන්නේ...

    මම හිතන්නේ වත්මන් දේශපාලනය ගැන කතා කරනවට වඩා මෙහෙම ෆැන්ටසියක සැරිසරන එක ඇඟට වගේම හිතටත් හොඳයි..

    ReplyDelete
    Replies
    1. මාතේ, ඝෝටා කියන,සංකල්පය සමග මිලිටරයිසේෂන් කියන දෙය එන බව අමතක කරන්න එපා මචෝ ..අපිට තියෙන එකම උත්තරය ගෝටා විතරක් නෙවෙයි...අපි පරිස්සමෙන් 2020 දකින්න ඕනි..විශේෂයෙන්ම උඹ මචෝ...!

      Delete
    2. //අජිත්, මොකෝ හිතෙන්නේ පොද්දා ලෙස, හිටන් නැතිව, ඒ වෙනුවට ඝෝඨා ගත්තා නම් කියන එක ගැන..
      // දැන් වෙන්න යන්නේ ඒ වගේ වැඩක් වගේ නේ. රනිල් මහත්මය ඔයවගේ ගේම් ගහනවා. අන්තිමට ඇන ගන්නේ එයාමයි. චෙෆාකි අපට වැඩිය ළඟින් හිටි කෙනෙක් වශයෙන් අවවාදය හිතට ගන්න එක හොඳයි.

      Delete
  17. අපි ව් පව්..

    ReplyDelete
    Replies
    1. අපිත් පව්. ආප්පත් පව්.

      Delete
  18. අනේ මන්දා අජිත්.. ලංකාවේ ඉන්න අයගේ අනාගතය ගැන හිතන කොට මේ රටවල් වල තියන දේවල් වලින් අපි ලබාගන්න දේවල් පුලුවන් හැටියට ගිහින් දෙන්න හිතෙනවා.. පුතා ලොකු උනාට පස්සේ ආපහු ඇවිත් එහෙම කරන්න හීනයක් මට තියනවා..

    ReplyDelete
    Replies
    1. නොනැවිතී හීන දකින්න...!

      Delete
    2. ලංකාවේ චෙෆාකි වගේ පොහොසත්ම අයට ඕන දෙයක් තියනවා. රාජපක්ෂ පරම්පරාවට හා බණ්ඩාරනායක , වික්‍රමසිංහ - ජයවර්ධන පරම්පරාවට, පෞද්ගලික බිස්නස් කරනඅයටත් හැමදේම තියනවා. දත් දොස්තරලට, පෞද්ගලික් ප්‍රක්ටිස් කරන දොස්තරලට හැමදේම තියනවා. ඉතින් අපට දෙන්න දේවල් නැහැ. මාපට වැඩිය ඒ අයට සල්ලි තියෙන නිසා. ඉතින් අපට කියනවා - මේ අපට උගන්වන්න එන්න එපා කියල. ඔය කට්ටිය යට ඉන්න දුප්පත් මධ්‍යම පන්තිකයෝ දෙපැත්ත බෙදිලා ඉන්නවා. ඒ දුප්පත් මිනිහ තමා අපි ලලංකාවට ගියහම ඔය වගේ කතා කරන්නේ. අපි මොකද කරන්නේ කියල අහන්නේ.

      Delete
  19. අජිත්, රෙමිටන්ස් කිව්වම කවුන්ට් වෙන,අගයන් වලින් වැඩිපුරම කවුන්ට් වෙන්නේ මිඩ්ල් ඊස්ට් වලින් වෙන මන්ත්ලි රෙමිටන්ස්..ඔයා වගේඅය හම්බකරන,දේවල් මේ රටට එවන්න ඉස්සරවෙලා ඔයා ඔයාගේ කුටුම්භ සංරක්ෂණයට සෑහෙන වැය ප්‍රමාණයක් වෙන් කරන්න ඕනි කියන තැන මම ඉන්නේ..ඔයා ඔයාගේ ෆැමිලි එකත් එක්ක මිඩ්ල් ඊස්ට් වල හිටියනන් ඔයා ඔයාගේ අනාගතය ගැන හිතලා කරන,රෙමිටන්ස් සහ, පූර්ණ පුරවැසිබාවයක ඔය රටේ ඉඳන් එවන මුල්‍යම ප්‍රමානයන් සංසාදනාත්මකව ඉතාම,අඩු බැව් ඔයා දන්නවා..
    එහෙම උනා කියලා ඔයා ඉපදෙනු රට ගැන ඔයාට තියෙන කැක්කුම අඩුවෙන්න ඕනි කියල නෙවී මම කියන්නේ...ඔයා ඒක තේරුම්ගනීවි කියලා මම ගෞරවයෙන් අපේක්ෂා කරනවා...
    ඔයා උඩින් කරල තියෙන,එක කමෙන්ට් එකක එතනින් එහා ඉඳන් ලියලා කියල මට හිතුන නිසයි මෙහෙම ලියන්නේ...

    ReplyDelete
    Replies
    1. //ඔයා ඔයාගේ කුටුම්භ සංරක්ෂණයට සෑහෙන වැය ප්‍රමාණයක් වෙන් කරන්න ඕනි කියන තැන මම ඉන්නේ// ඕව ඒක ඇත්ත.

      Delete
    2. මම ගිය මාසේ මගේ වැටුපෙන් ලක්ෂ දෙකක් එව්වා ලංකාවට. දෙතුන් දෙනෙකුගේ වැඩ වලට. සෑම මාසෙකම ලංකාවේ මුදලින් 20,000-30,000 ක් ලලංකාවට එවනවා. ලොකු මුදලක් නොවෙන්නේ පුළුවන් උඹල වියදම් කරන විධිහට. නමුත් එංගලන්තේ මම කන්න බොන්න විතරක් නෙමේ වියදම් කරන්නේ මෙහෙ ඉන්න සමහර ලංකාවේ උදවිය වගේ. තව ගොඩක් දේවල් කරනවා. දේශපාලන පක්ෂ වලට මෙන්ම සොසයටි වලටත් දෙනවා. පූර්ණ පුරවැසිබාවය තියනවා කියන්නේ භාගෙට ජිවත් වෙන්න බැහැ . රොමේ නම් රෝමන් කාරයෙක් වගේ ඉන්න ඕනේ කියනවනේ. නමුත් මට ලංකාව ගැන කතා කරන්න තියන අයිතියට විරුද්ධ වෙන්න කාටවත් බහ.

      Delete
  20. මම මිට කලකට පෙර ස්පර්ස් ඔස්ට්‍රේලියා නමැති සංවිධානයක මේල් ලිස්ට් එකේ සිටියෙමි. බොහෝ ජාතික හෙළ උරුම සාමාජිකයන් මෙන්ම තවත් ජාතික වාදයේ අයද එහි සිටියහ. ඒ කාලයේ මේ ලිස්ට් එකේ සිටි ගෝඨාභය මහතාද සිටියේ පිටරට වන අතර මේ බොහෝ අය එංගලන්තය ඔස්ට්‍රේලියාව වැනි රටවල සිටියහ. ඒ කාලයේ අපි කට්ටි sසෑදී අන්තර්ජාලයේ දෙමල සංවිධාන සාමාජිකයන් සමග අන්තර්ජාල යුද්ධයක නිරතව සිටියෙමු. මට මේ මේල් ලිස්ට් අවශ්‍ය නම් පබ්ලික් කල හැකිය. ඒ කාලයේ කවුරුත් අපට පිටරටවල සිට ලංකාව හදන්න එන්න එපා යයි නොකීහ. දැන් අපට එහෙම කියන්නේ මේ ජාතික රැල්ලේ කට්ටියමය. අපි ඉන් ඉවත්ව සිටින බව දන්නා නිසාය. අද මට අද්මිරාල් වීරසේකර ලන්ඩනයට පැමිණෙන බවත් ඔහු අමතන "වියත් මග " නම් සංවිධානයක රැස්වීමට ආරාධනාවක් තිබේ. ඒ අයට මෙහෙ සිට දේශපාලනය කරන්න එපා හෝ ලිපි ලියන්න එපා යයි කවුරුත් කියන්නේ නැත. ඔතන වැඩි දෙනෙක් සුද්දන් සමග එක මේසේ සිට රස්සා කරන අප මෙන් නොව නොව බොහෝ විට ඉන්දියන් කාරයෙක් යටතේ සුද්දන්ට සර්විස් සපයන ඒවා වල වැඩ කරන එවුන් වෙති. නමුත් ජාත්‍යාලය පැත්තෙන් සුද්දන්ට බැට දෙමින් ඉන්දියාවට බැට දෙමින් කතා කරන්න දක්ෂ එවුන් වෙති. ඒ නිසා මට කියන්නට තියෙනෙන් කතා කකරන්න එපා යයි මට අවවාද දෙන්නට එන්නට කාටවත් බැරි බවය. එය මට අවශ්‍ය නිසා කරන දෙයක් මිස කවුරුත් මා මෙහෙයවන නිසා කරන දෙයක් නොවන බැවිනි.

    ReplyDelete
  21. ගෝටා බලයට ඒම යනු ,,පහු ගිය කාලයේ අවුස්සනු ලැබූ ජාතිවාදයේ යටි අරමුණයි ...ගෝටා බලයට ඒමේ මාකටිං කැම්පේන් එක දීර්ඝ කාලීනව කළා ...මගේ පුද්ගලික මතය නම් ගෝටා යනු කිසිදා බලයට ඒමට සුදුසු නැති අයෙකු බවයි

    ReplyDelete
    Replies
    1. ජාතිකවාදය ද ජාතිවාදයද කියන ප්‍රශ්නය තියනවා. ගෝඨා වැනි අයෙක් බලයට පත්වීමට ඇති ඉඩකඩක් තිබෙනවා. එකක් ඔහු හොඳ නිලධරයෙක් බවට රටේ හැඟීමක් තිබීම. සිංහල බහුතරයකගේ සහය තිබීම. නමුත් ලංකාවේ බලයට පත්වෙන්න ඒක මදි.

      Delete
  22. අපරාදෙ ට්‍රම්ප් ගෙන්නගන්න තිබුනෙ.. හැක්! (දැං වෙන දේවල් වලට දුක් වී තේරුමක් නැත)

    ReplyDelete
    Replies
    1. ලංකාවටද? මල්ලිට මාර අදහස් නේ පහල වෙන්නේ.

      Delete
  23. I think Gota will come to power just like Trump. People hate politicians , they are looking for alternatives.

    ReplyDelete

සියලු හිමිකම් අජිත් ධර්මකීර්ති (Ajith Dharmakeerthi) සතුය. කොළඹ ගමයා බ්ලොග් අඩවියේ යොමුව සඳහන් කර හෝ අජිත් ධර්මකීර්ති යන නමින් පමණක් මෙහි ලිපි උපුටා පළ කරන්නට අවසර තිබේ.
මෙහි පලවන ලිපි සහ දේශපාලන අදහස් මගේ පෞද්ගලික අදහස් පමණි.
ඔබේ ඕනෑම ප්‍රතිචාරයක් මෙහි පල කරනු ලැබේ. නමුත් වෙනත් කෙනෙකුට සාධාරණ හේතුවක් නැතුව පහර ගසන අශිලාචාර අන්දමේ ප්‍රතිචාර පමණක් පල නොකෙරේ. බ්ලොගයට ගොඩ වදින ඔබ සියලු දෙනාට ස්තූතියි .