Wednesday, 7 September 2016

පලුටාව පුරා රැව්දෙන වේදනාවේ ගීතය

 මම මේ කියන්න යන්නේ වාර්තා චිත්‍රපටියක් ගැන. චිත්‍රපටියේ අධ්‍යක්ෂක නන්දන වීරරත්න. මේ වාර්තා චිත්‍රපටයෙන් විස්තර කරන්නේ  පලුටාවේ සිදුවූ දරුණු සිද්ධියකින් පසු වැසියන් තම දැඩි වේදනාවන් සමනය කර ගත්තේ කොහොමද යන්න ගැන.
(පළමු පින්තුරයේ ඇත්තේ පලුටාව යන නම ගිනි දැල්වෙන කහ අකුරෙන් ලියා දකුණු පස ගිනි ගොඩකි.)

පලුටාව කියන්නේ මධ්‍යම පළාතේ පුංචි ගමක් . අධ්‍යක්ෂකවරයා පවසන විධිහට මේ ගම්වැසියන් ලංකාවේ  ආදී වාසීන් වන වැඩි ජනතාව ගෙන් පැවත එන අය. නන්දන විරරත්නට අනුව මුළු ගමේම වාසගම් හතරලු  තියෙන්නේ.

පලුටාවේ ජිවත් වුනු මිනිස්සු බොහෝ විට මියෑදුනේ ස්වභාවික හේතුවකින් මහලු වියේදී, නැත්නම් ඉඳ හිට අලියෙක් මුලිච්චි වෙලා, එහෙමත්  නැත්නම් ලෙඩකින්. වසර 1987 අග  වන කොට ලෝකේ විශාලම හමුදාවකින් ලක්ෂ දෙකහමාරක සොල්දාදුවෝ ලංකාවට ගොඩ බැස්ස. ඒ ගොඩ බැස්ස ඉන්දියන් හමුදාව සටන් කළේ වන්නිකරේ ඊලම් කොටි එක්ක. ඒක මේ ගමේ නිසසල බවට බලපෑමක් කළේ නැහැ.

නමුත් 1989 වප් මස (ඔක්තෝබර්) හත් වනදා  මේ හැම දෙයක්ම වෙනස් වුනේ ගම ළඟම සිදුවුණු  බෝම්බ පිපිරීමකින්.

ඒකාලේ වෙනකොට ඉන්දියන් හමුදාව හා කොටි එක පැත්තක රටේ සටන් වදින කොට ශ්‍රී ලංකාවේ  දකුණු පැත්තේ වෙනම සිවිල් යුද්ධයක්. පිඩිත කියල කියන ජනතාව  එකට සටන් කළ යුතුව තියෙද්දී සටන් කරන්නෙ  බෙදිලා. උතුරේ අය නාසිවාදීන් වගේ. දකුණේ අය  පොල්පොට් ල වගේ.  තනිකරම ලේ ගංගාවක් සුන්දර ශ්‍රී ලංකාව පුරා  ගලා යනවා.

(මේ පින්තුරයේ ඇත්තේ පියා  නැති මිනිබිරියට මිත්තනිය ඉතිහාස කතාවක්  වැව අද්දර සිට කියන අයුරුය. ඈතින් පෙනෙන්නේ සිගිරි ගලයි.)

ඒ තීරණාත්මක දවසේ 1998 ඔක්තෝබර් 7 පලුටාව ගම  අසල බිම් බෝම්බයක් පුපුරා යනවා.   දකුණේ සිංහල සටන්කාමීන් රජයේ හමුදාවට විරුද්ධව ඇටවූ බෝම්බයෙන් ගජබා රෙජිමේන්තුවෙන් යැවූ නිරීක්ෂණ හමුදා ඛණ්ඩයක සිංහල හමුදා භටයන් දෙදෙනෙක් මිය යනවා. දෙමළ සටන්කාමීන් සමග තිබූ යුද්ධයේ මෙවැනි තත්වයකදී මැරෙන  එක සොල්දාදුවෙකුට දහ  දෙනෙක් මරණ පුරුද්දක් රජයේ හමුදාවලට තිබුණලු. හැබැයි ඒ මරණ දහ දෙනා හොයා ගන්නේ අහල පහලින්. සටන්කාමීන් හෙවත් ත්‍රස්තවාදීන් පැනල යනවා  හමුදාව එනකොට. ඉතින් හමුදාව වාඩුව අල්ලන්නේ ළඟම තියෙන ගමෙන්. මේ දවසේ ඒ අවාසනාවන්ත වළාකුල පෑයුවේ පලුටාවට.

හමුදාවේ අනුපාතයට අනුව විස්සක් ඕනෑ වුනත් ඔවුන්ට විසි තුනක් ම හිටිය. මේ පිරිමි වයස දාහතරේ සිට හතළිස්  පහ දක්වා අය. පෝලිම් ගස්සල වෙඩි තියන කොට එක්කෙනෙක් වෙඩි වැදිලා වගේ වැටුන . ඒ ගමගෙදර අබේරත්න. මේ තේරුමක්  නැති සමූල ඝාතනයේ එකම සාක්ෂිය. මම අසූ ගණන් වල මේ වගේ දේවල් වෙනවා කියල ඇදහුවේ ලතින් ඇමෙරිකාවේ එල් සැල්වදෝරය වගේ රටවල. මා උපන් රටේ මෙහෙම වෙනවා කියල දැනීමත් දරුණු කම්පනයක් ඇති කරනවා.

(මේ පින්තුරයේ පලුටාව ප්‍රධාන මාර්ගය දැක්වේ.  හමුදා වහනය සිරකරුවන් රැගෙන ගිය මාර්ගයේ ගස් වල දෙපස ඇත.)

ගවේෂණාත්මක මාධ්‍යවේදියෙක් වන නන්දන වීරරත්න පලුටාවේ වැසියන්ව මුලින්ම හමුවෙන්නේ 1990. ඔහු විසින් ඉන්පසු කඩින් කඩ ගමට යමින් චිත්‍රපටිය රූගත කළා.

මියගිය අහිංසකයන්ගේ සහෝදරියන්, බිරියන් , මව්වරුන් හිතේ දැවෙන දරුණු විරහය මැඩ ගෙන පිළිතුරු දෙනවා කැමරාවට. නමුත් ඒ මුහුණු මහන්සියෙන් දුක් ගින්නෙන් වේලිලා, වැටෙන කඳුළු වලින් ඒ මුහුණු තෙත් වෙන්නේ නැහැ. 

 තාත්ත නැති එක දරුවෙක් නෙමෙයි. දරුවෝ ගොඩක්. අපි දන්නවා තාත්තා නැති රණ විරුවන් ගේ ළමයි ඉන්නවා කියල. ඒ දරුවෝ විඳින දුකක් තිබෙනවා. නමුත් රට වෙනුවෙන් දිවි දුන් රණ විරුවන් ගේ දරුවන් හැටියට ඔවුන්ට ශිෂ්‍යත්ව හම්බ වෙනවා. ආධාර ලැබෙනවා . පාසල් ලැබෙනවා. නමුත් මේ "ද්‍රෝහීන්" ගේ ළමයි. ඇත්තටම ඔවුන් ගේ පියවරුන් වරදක් නොකලත් හමුදාවේ වරදක සාක්ෂි වෙන ළමයි රොත්තක් මේ. උන් ගැන කවුරුත් බලන්නේ නැහැ.

නන්දන වීරරත්න කැමරාව මෙහෙයවන්නේ ඉතාම සුක්ෂම නමුත් පියකරු ලෙසට.  සංචාරකයන් වශී වෙන සුන්දරත්වය විටෙක පෙන්වන ඔහු බුදු දහමින් සැනසෙන ජනතාවක් බුදුන් පුදන නිවී සැනහුන ස්වභාවය පෙන්වන කොට හිතෙන්නේ මේ සංචාරකයන් වෙනුවෙන් කළ චිත්‍රපටියක් කියල. සිගිරි ගල නිල්වන් ජලාශය උඩින් ඈතින් පෙනෙනවා. 

මේ අතිශයින් සුන්දර දර්ශන මැදින් දිළිඳුකමින් නිරන්තරයෙන් පීඩා විඳින ගම්වැසියන් සමුහයක් නෙතට හමුවෙනවා.  තමන්ගේ සිතේ වේදනාවක්, කරදරයක් කාට හරි කියන කොට ඒකෙන්   කියන කෙනාගේ හිතට සැහැල්ලුවක් ඇති වෙනවා කියල අදහසක් තිබෙනවා. සමහර විට ඔවුන් නන්දන වෙනුවෙන් මේ කතාව කිව්වේ එනිසා වෙන්න පුළුවන්.

ඔවුන්ගේ දුක් දෝමනස්සයන් කැටිව ගෙන කඳුළු අතරින් කියවෙන කතාව අවසන් වෙන්නේ අපේ නෙතටත්  කඳුලක් උනමින්. ඇත්තෙන්ම මේ වාර්තා චිත්‍රපටය එතරම්ම ප්‍රබලයි.  ඉතින් මේ වාර්තා චිත්‍රපටය අවසානයේ ලන්ඩනයේදී එක් රැස් වෙලා  අපි කතා කලා


මේ ගමට යුධ සෙබළුන් පැමිණියේ අසල තිබූ පැල්හවැර ගජබා රෙජිමේන්තුවේ හමුදා අණුකණ්ඩයෙන්. එම 1990 වසර අවසන් වනවිට සිංහල ත්‍රස්තවාදීන්  යැයි සැක  කල සියල්ල සමූල ඝාතනය කිරීමෙන් අනතුරුව සෙබළුන් දෙමළ ත්‍රස්තවාදීන් මර්දනයට උතුරට පිටත් කෙරුනා.



(පලුටාවේ ඝාතනයේදී දරුවන්, සැමියන්, සහෝදරයන් අහිමි වූ කාන්තාවන්)

එවකට ගජබා රෙජිමේන්තුවේ මාතලේ දිස්ත්‍රික්කය  භාර අණදෙන නිලධරයා වුයේ කර්නල් ගෝඨාභය රාජපක්ෂ මහතායි. (ඔහු මේ සිදුවීමට සම්බන්ධයක් ඇතැයි  මේ ලිපියෙන් අදහස් කෙරෙන්නේ නැති බවත් පැහැදිලිව කිව යුතුයි)
පලුටාව 
(ළා කොළ පැහැති  නව ගොයමින් පිරුණු සුන්දර පලුටාව ගම)

මට නම් ඛේදවාචකය හැටියට පෙනුනේ සෝමවංශ අමරසිංහ මහතාගේ හා ජවිපෙ භූමිකාව. එදා පැවති දේශපාලන ත්‍රස්තවාදය පටන් ගැනීමට දේශප්‍රේමී ජනතා ව්‍යාපාරයේ කාර්යභාරය අවතක්සේරු කරන්නට බැහැ. දයා පතිරණ, නන්දන මාරසිංහ, කොමියුනිස්ට් පක්ෂයේ එල් ඩබ් පණ්ඩිත, එජාප නිලතල දරන්නන් වැනි  බොහෝ අය මරා දැමුණා.  හමුදාවේ සිට නිවසට එන අය මරා දමන්නට ජවිපෙ යයි කියන කොටසකින් නියෝගයක් එවුනා. නොයෙකුත් අනීතික හමුදා කණ්ඩායම් හා රජය  පැත්තෙන් එකට දහයේ නොව එකට  සියයේ අනුපාතයට තරුණයින් මරා දැමුණා හෝ අතුරුදහන් කෙරුණා.  සමහර අය ජවිපෙට කිසිම සම්බන්ධයක් නොතිබූ අහිංසකයින්. ජවිපෙ හිතවාදීන් ට තර්ජන එල්ල වුණා. ත්‍රිම විතාන, විජේදාස ලියනාරච්චි ආදීන් දරුණු වධ දී මරා දැමුණා. 

එදා දේශප්‍රේමී ජනතා ව්‍යාපාරයේ අය බිම් බෝම්බයක් තබා බියගුළුව  සැඟවුණා. ගම්  වැසියන් මරණ බව ඔවුන් නොදැන සිටින්නට විධිහක් නැහැ. ද්‍රවිඩ කොටිනුත් මේ දේම කළා. බිම්  බෝම්බ තබා පැන ගොස් හමුදාව දෙමළ ගම විනාශ කළ පසු ඒවා රූපගත කර බටහිර රටවල පෙන්වා මුදල් රැස්  කිරීම ඔවුන් කළා.  මිනිසුන් සැඟවී  සිටින කෝවිලක සිට ඉන්දියන් හමුදාවට පහරදී, ඉන්පසු ඉන්දියන් හමුදාව ඒ පහර දුන් තැනට ප්‍රති ප්‍රහාර එල්ල කරන විට එතැනින් පැන ගිය දෙමල සටන්කාමීන්, පසුව පැමිණ  ෂෙල් පහරින් මැරුණු මිනිසුන් වීඩියෝ කරන විට එයට විරුද්ධ වූ  කෙනෙක් තමා වෛද්‍ය නිර්මලා රාජසිංහම් (තිරාණගම) . ඔවුන් (ද්‍රවිඩ ඊලාම් විමුක්ති කොටි සටන්කාමීන් )  ඇයව යාපනයේ දී මරා දැමුවේ ඒ නිසයි.

 ජවිපෙ ප්‍රසිද්ධ නායක සෝමවංශ අමරසිංහ හා නිල නොවන නායක කුමාර් ගුණරත්නම් ඉන්පසු උතුරේ යුද්ධයට හමුදාවට සහය දීමට ජවිපෙ මෙහෙය වූවා. මේ ගම වැනි තැනක වුනු සමුලඝාතන වලට විරුද්ධව  එදා හඬ නැගුවා නම් බොහෝ විට පසුව සිදුවූ දෙමළ වැසියන් ඝාතනය මග හැර ගන්නට ඉඩ තිබුන. 

ඉතින් අපි හමුදාවට චෝදනා කරනවද , දේශපාලකයන්ට චෝදනා කරනවද , මෙහෙයවන්නාට චෝදනා කරනවද කියල මට හිතා ගන්න බැහැ. මේ ලිපියේ අරමුණ මුළු හමුදාවකටම චෝදනා එල්ල කිරීම  නොවේ. හමුදාව කියන්නේ මනෝමුලික ආයතනයක්. එවැන්නක් පිහිටුවීම හෝ විසුරුවා හැරීම රජයකට හෝ ජනතාවකට කරන්න පුළුවන්. මේ මගේ අදහස පවසා  කාලයකට කලින් පල කෙරුව ලිපියක් . දකුණු අප්‍රිකාවේ වර්ණභේද වාදී රජය බිඳ වැටුනට පස්සේ කළු හිරකරුවන්ට වධ දුන් හා මරා දැමූ   පොලිස් නිලධාරියෙකු සාක්කි දුන්නා. එම නිලදරුවා  කඳුලින් තෙත් කරමින් කළු සිරකරුවන් ඔහුට සමාව දුන්නේ ඔහු කළේ අණ පිලි පැදීම පමණක් කියා.

මේ සමුලඝාතනයෙන් මාස  14 කට පසු එවකට පැවති රජය මරණ සහතික නිකුත්  කරලා එක පවුලකට රුපියල් 50,000 බැගින් වන්දියක් ලබා දුන්නා. ගැමියන්  එම මුදලින් ඝන්ඨාර කුළුණක් ඉදි කර තිබෙනවා. මරණ සහතික වල දක්වා ඇත්තේ මේ හමුදාව හා ත්‍රස්තවාදීන් අතර වෙඩි හුවමාරුවකදී මිය ගිය අය වශයෙන්.   

මා දකින්නේ මේ චිත්‍රපටිය යථාර්තවාදී සිනමාවක අති ප්‍රබල නිරුපණයක් ලෙසින්.

බටලන්ද ඝාතන ගැන චෝදනා ඇති රනිල් වික්‍රමසිංහ මහතාගේ රජය දැන් අතුරුදන් වූවන් සඳහා කාර්යාලයක් පිහිටවල තියනවා. ජනතා විමුක්ති පෙරමුණ එයට සහයෝගය දීල තිබෙනවා. ඇතැමුන් චෝදනා කරනවා මේ කරන්නේ හමුදාව එල්ලන්න වැඩක් කියල. නැහැ,  මුළු හමුදාවක්  එල්ලන්න කාටවත් බැහැ.  නමුත් සංහිදියාවක් ඇති කරන්නට හැමෝටම පුළුවන්. වේදනාව සමනය කර ගන්නට උදව් කරන්න පුළුවන්. එනිසා මෙවැනි දෙයකට දායක වුනු පක්ෂ දෙකකින් එහෙම කමිටුවක් බිහි කර ගැනීමම ජයග්‍රහණයක්. 

සමහර විට අපට මේ සොල්දාදුවන් සහ ගැමියන් මුණගස්වා අර පියවරු නැති ළමුන්ට තෑගි ටිකක් දුන්නා නම් හොඳයි කියලත් මට හිතෙනවා.  ඒකෙන් මේ ප්‍රශ්නය විසඳෙන්නේ නැති බවත් ඇත්ත. නමුත් දුක තුනී වෙන්න පුළුවන්. රටේ ජනතාවට සත්‍යය පහද දෙන්න පුළුවන්.
"චිත්‍රපටිය අවසාන වන එක රූප රාමුවකි. තනි කොකෙකු අඳුරු දියේ නොසැලී බලා සිටි. ඒ අසල දියේ වැටී බිඳී ගිය ගහකි. මා සිතන පරිදි මේ පින්තුරයෙන් අතිශයින් ප්‍රබල පණිවිඩයක් ලබා දෙයි. ලෝකයේ තනිවූ බිඳී ගිය සිතක් සහිත රුවක් මගේ මනසේ මැවේ."

- ඉදිරිපත් කර ඇති චිත්‍ර වාර්තා චිත්‍රපටයේ රූප රාමු වලින් ගත්  ඒවාය.
- අධ්‍යක්ෂක වරයා විසින් චිත්‍රපටියේ ඩිවිඩි වෙළඳපලට ළඟදීම නිකුත් කරනු ඇත.

76 comments:

  1. Thanks.

    How/where can one see this movie?

    Additionally, the text in the post is pretty small. Perhaps you could fix it.

    ReplyDelete
    Replies
    1. යුටියුබ් එකට දාල නැහැ. DVD එකක් නිකුත් කරනවා කියල කියනවා.

      Delete
    2. www.fulltv.tv/movies/palutawa-how-to-deal-with-pain-2014.html

      Delete
  2. යුද්දය කෘරයි

    ReplyDelete
    Replies
    1. හැම යුද්දයක්ම කෘරයි. ඒත් අහිංසකයන් යුද්ධයට අහුවීම අඩු කරන්න පුළුවන්.

      Delete
  3. ස්තූතියි "පලුටාව" පිළිබඳව දැනුවත් කළාට.

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ඔබටත්.

      Delete
  4. රටේ කැරලි තුනක් ඇතිවුණා. හමුදාව එම කැරලි තුන මර්ධනය කලා. සෑම කැරැල්ලකදීම හමුදාවෙන් සහ අනික් පාර්ශවයෙන් අහිංසකයන් මරා දැමීම සිදුවුණා. මෙවන් සිද්ධීන් සිදු නොවුණ මෑතකාලීන යුද්ධයක් නැතිතරම්.

    1971 ප්‍රේමවතී මනම්පේරි ඝාතනය වැනි දේවල් 1977 මැතිවරණයේදී එජාපය පාවිච්චි කලා. 1994 දී සූරියකන්ද ඝාතන පොදු පෙරමුණ පාවිච්චි කලා. මේදෙකේදීම සිංහලයන් මරණයට පත්වීම ඔවුනට වාසියක් වුණා. ඊලාම් යුද්ධ වලදී වූ දේවල් දෙමල බෙදුම්වාදීන් පාවිච්චි කලා.

    මා දන්නා පරිදි අතුරුදන් වූවන්ට සිදුවූ දේ සෙවීමේ ක්‍රියාවලියට එක් ජාතියක අතුරුදන් වූවන් සෙවීමට කියා නියමයක් නැහැ. එමෙන්ම එවිට ත්‍රස්තවාදියෙකුගේ සටනකදී මරණයක වැරැද්දක් සෙවීමට හැකියාවක් නැහැ. කුමන හේතුවක් නිසා හෝ මියගිය සහ මෘත දේහය සම්බ වුණ අය ගැන සෙවීමක් හෝ එයට වගකිවයුතු අය සෙවීමක් වන්නේත් නැහැ. වෙන්නේ ඔවුන්ට සිදුවූයේ කුමක්ද යන්න සෙවීම පමණයි. (මෙය වැරදි නම් නිවැරදි කරන්න ).


    මෙවන් ක්‍රියාදමයන් ලෝක රීති වලට අනුව යුද්ධයක් අවසානයයේ සිදුවිය යුතුයි. එම ක්‍රියාවලීන් ඉටුකිරීම කාගේවත් අවශ්‍යතාවයක් නොව රට වලකින් ගොඩ ගැනීමේ අවශ්‍යතාවයක්. ඊලාම් යුද්ධ ගැන ගන්නවානම් දෙමල බෙදුම්වාදීන්ට තවදුරටත් ඒවා ජාත්‍යන්තර තලවල භාවිතා කිරීමට නැවතීමේ ලකුණ තැබිය හැකි දෙයක්.

    දේසපාලන අරමුණු මත මේවා ජාතිවාදීව වැරදි නිර්වචන දෙමින් අභාවිත කිරීම දේශප්‍රේමී යැයි හඟවමින් කෙරෙන දේශදෝහී ක්‍රියාවක්.

    ReplyDelete
    Replies
    1. අතුරුදන් වුවන් සෙවීම කියන එක දෙමළ වැසියන්ට පමණක් අදාළයි කියල හිතන අය ඉන්නවා. හුඟක්ම විරෝධය එන්නේ ඒ නිසා. නමුත් එහෙම සීමාවක් නැහැ. මියගිය අය ගැනත් සෙවිය යුතුයි. නැත්නම් ඒ පරිච්චේදය නිමා වන්නේ නැහැ.
      //ඊලාම් යුද්ධ ගැන ගන්නවානම් දෙමල බෙදුම්වාදීන්ට තවදුරටත් ඒවා ජාත්‍යන්තර තලවල භාවිතා කිරීමට නැවතීමේ ලකුණ තැබිය හැකි දෙයක්.// ඒක හරි.

      Delete
  5. Replies
    1. ලින්කුවට ස්තූතියි. නිවාඩු වෙලාවක බලන්නම්.

      Delete
  6. //දකුණු අප්‍රිකාවේ වර්ණභේද වාදී රජය බිඳ වැටුනට පස්සේ කළු හිරකරුවන්ට වධ දුන් හා මරා දැමූ පොලිස් නිලධාරියෙකු සාක්කි දුන්නා. එම නිලදරුවා කඳුලින් තෙත් කරමින් කළු සිරකරුවන් ඔහුට සමාව දුන්නේ ඔහු කළේ අණ පිලි පැදීම පමණක් කියා.//

    යුදෙව්වන්ට එරෙහි මහා සංහාරයක් කරපු "ඇඩොල්ෆ් අයික්මාන්" උසාවියේදී කියා සිටිනවා තමන්ට එරෙහි චෝදනා වලට තමන් නිවැරදිකරු බවත් තමන් කලේ අණ පිලිපැදිමක් පමණක් බවත්.

    තමන්ට දෙන අණ නීති විරෝධී අණක් නම් එය නොතකා හරින්න පුළුවන් බව මනම්පේරි නඩු තීන්දුවේදී විනිසුරුවන් ප්‍රකාශ කොට තිබෙනවා.නමුත් ඝාතනය නිත්‍යානුකුල වූ විට සිදුවන්නේ කුමක්ද ?

    පසුගිය ජනපතිවරණයෙන් මහින්ද ජයගත්තා නම් ඇතැම් විට අපිටත් මිලිටරිකරණය වෙච්චි ආණ්ඩුවක යටත් වැසියෝ විදියට ඉන්න තිබ්බා.

    ReplyDelete
    Replies
    1. ඔතන තත්වයන් දෙකක් තියනවා මල්ලි.යුද අධිකරණයකදී වුනත් බලනවා නිලය කුමක්ද කියා. අයික්මාන් එහෙම කිව්වට අයික්මාන් අණ දුන් විශාල ප්‍රමාණයක් හිටියා. ඊට අමතරව අයික්මාන් තමන්ගේ මුලිකත්වයෙන් කරපු දේ තිබුණා. සොල්දාදුවෙක් කියන්නේ ඔය අණ දීමේ කෙලවරේම ඉන්න කෙනා. මෙතැනදී භටයෙකු විරුද්ද වුනානම් ත්‍රස්තවාදීන්ට සම්බන්ධයි කියා ඔහුවත් මරා දමන්නට ඇති ඉඩකඩ වැඩියි. සාක්කි හොයනවා කියල ඔවුන් හිතන්නේ නැහැනේ. මේ හදිසියෙන් ලැබුණු සාක්කියක්.
      //තමන්ට දෙන අණ නීති විරෝධී අණක් නම් එය නොතකා හරින්න පුළුවන් බව මනම්පේරි නඩු තීන්දුවේදී විනිසුරුවන් ප්‍රකාශ කොට තිබෙනවා.// මනම්පේරි සිද්ධියේ මිනිස්සු අවට සිටි නිසා භටයෙකුට විරුද්ධ වෙන්න හැකියාවක් තිබුණා .
      /නමුත් ඝාතනය නිත්‍යානුකුල වූ විට සිදුවන්නේ කුමක්ද ? // නිත්‍යානුකුල නම් ඝාතනයක් වෙන්නේ කොහොමද?

      Delete
    2. නට්සීන්ට විරුද්ධව කල නියුරම්බර්ග් නඩුවලදී යුධ අපරාධ පිලිබඳ ගයිඩ් ලයින්ස් ඇතිවුනා. එහි 4වන ප්‍රතිපත්තිය අනුව ක්‍රියාව අණක් මතවීම නිදහසට කරුණක් නොවේ - කෙසේ වෙතත් "මොරල් චොයිස් එකක් තිබුනේ නම්" ඒ රීතියට යන්න ව්‍යතිරේකයක් ලෙස සැලකිය හැක.

      Principle IV

      "The fact that a person acted pursuant to order of his Government or of a superior does not relieve him from responsibility under international law, provided a moral choice was in fact possible to him".

      This principle could be paraphrased as follows: "It is not an acceptable excuse to say 'I was just following my superior's orders'".

      Previous to the time of the Nuremberg Trials, this excuse was known in common parlance as "Superior Orders". After the prominent, high-profile event of the Nuremberg Trials, that excuse is now referred to by many as the "Nuremberg Defense". In recent times, a third term, "lawful orders" has become common parlance for some people. All three terms are in use today, and they all have slightly different nuances of meaning, depending on the context in which they are used.

      Nuremberg Principle IV is legally supported by the jurisprudence found in certain articles in the Universal Declaration of Human Rights which deal indirectly with conscientious objection. It is also supported by the principles found in paragraph 171 of the Handbook on Procedures and Criteria for Determining Refugee Status which was issued by the Office of the United Nations High Commissioner for Refugees (UNHCR). Those principles deal with the conditions under which conscientious objectors can apply for refugee status in another country if they face persecution in their own country for refusing to participate in an illegal war.

      මේකත් බලන්න
      https://en.wikipedia.org/wiki/Superior_orders

      Delete
  7. Replies
    1. ආවහම කියන්නම්. තවම දන්නේ නැහැ.

      Delete
  8. චිත්‍රපටය හොයාගෙන බලන්නම ඕනි කියල හිතුණ.

    ReplyDelete
    Replies
    1. අපි බැලුවේ තවම ප්‍රදර්ශනයට ඉදිරිපත් නොකළ එකක්. හදල හුඟක් කල්. දැන් තමා එලියට එන්නේ.

      Delete
  9. දේෂපාලුවෝ, මෙහෙයවන්නෝ, මේ හැම කෙනෙක් ලඟම අඩු වැඩි වශයෙන් වැරදි තියනවා... ඒත් අනුන්ගෙ ඇහේ තියන පොල් කෙන්ද දැක්කට තමන්ගෙ ඇහේ තියන පොල් පරාලෙ දකින්නේ නෑ නෙවෙයි, දැක්කෙ නෑ වගේ ඉන්නවා... ඒකයි වෙන්නේ...

    විය යුතු දේ ගොඩායි, වෙන දේ බොහොම පොඩ්ඩයි..

    ReplyDelete
    Replies
    1. ඔව් ඒක ඇත්ත. ඔබ සමග එකඟයි.

      Delete
  10. ////ScreenShot033
    (මේ පින්තුරයේ ඇත්තේ පියා  නැති මිනිබිරියට මිත්තනිය ඉතිහාස කටහ්වක් වැව අද්දර සිට කියන අයුරුය. ඈතින් පෙනෙන්නේ සිගිරි ගලයි.)///

    කරපු යෝජනාවට නියම ආකාරයෙන් ප්‍රතිචාර දැක්වූවාට ස්තුතී අයියේ..
    මා කියූ ක්‍රමය අපැහැදිලි නම් මේක හොඳ උදාහරණයක් සෙසු බ්ලොගර්ස්ලට...

    ReplyDelete
    Replies
    1. උත්සහයක් ගත්තා නංගි.

      Delete
    2. උත්සහය සාර්ථකයි:d

      Delete
  11. ළඟ පාත සිඳුවුනු බෝම්බ පිපිරීම් වලින් පසු අවට ගම්වල දෙමළ අය මරා දැමුණු අවශ්තා කීපයක් අසා තිබුණත්, සිංහලයන්වම මරා දැමුණු අවශ්තාද ඇතැයි කියා දැන සිටියේ නෑ

    ReplyDelete
    Replies
    1. එහෙම ඒවත් තිබුන නේද. ඇඹිලිපිටියේ සිද්ධිය ට නම් ගොඩක් ප්‍රසිද්ධියක් ලැබුන දේශපාලකයෝ ඒක චන්ද ගණන් භාවිතා කළ නිසා.

      Delete
  12. උතුරේ යුද්ධය ඇති වීමට හේතුවක් ඇත ,
    දකුණේ කැරලි ඇති වීමටද හේතුවක් ඇත ,
    ඒ සියල්ල ඇති වීමට බලපාපු හේතු මොනවාද කියා ... ඒ අවාසනාවන්ත සිද්දීන්ගෙන් පසුවද .. ,එතරම් ලේ ගංගාවක් ගලා ගිය පසුද අපි සමාජයක් වශයෙන් සොයා බැලුවේ නැත ,,,පාලකයින් කිසිදා එවැනි දෙයක් සොයා බලන්නේ නැත ,,,රට පාලනය කරනවා කියා බිස්නස් කරන උන්ට එවැනි දෙයක් ඉටු කිරීමට උවමනාවක් හෝ මොලයක් නැත ,,,නමුත් සිවිල් සමාජය ,විද්වතුන් එලෙස සිදු කරන ලෙස බලපෑමක් කරේද නැත ,,,හැම දාම මාද්‍ය සංදර්ශන වලනම් ජාතික සංහිඳියාව තිබුනේය ..හැබැයි සමාජයේ ඉන්නේ තම්බින් ,දෙමළුන් ය ,,,ඒවා අවුස්ස අවුස්සා බලයට එන්න තැත් කරන අයද ඔවුන්ට එරෙහි අයද මේවා ගැන වචනයක් දොඩන්නේ නැත ,,,යුද්ධ වලදී මිනී මැරුම් සිදු වෙනවා තමා කියා හිත හදා ගැනීමට හැකියාව ඇත ...නමුත් දකුණේ සිංහල කොල්ලන්ගේ කෙල්ලන්ගේ ඔලු වලට පරාල ඇන ගසා මරා දැමු හමුදාව ,,දෙමල ජනතාවට යුද්ධයක් වෙලාවේදී මානුෂිකව සලකුවාද ,අට සිල් රැක්කද කියා සිතා බැලීම ඔබට බාරය ,,,නමුත් යුද්ධ කිරීම නොව ශිෂ්ට සමාජයක් විදිහට යුද්ධ ඇති නොවීමට වග බලා ගැනීම ලොකුම හපන් කම කියා මට සිතේ

    ReplyDelete
    Replies
    1. පාලකයන් මෙන්ම අනිත් පැත්තද ඒවා ගැන හොයන්නේ නැත. මම හිතන්නේ ඒ විෂම චක්‍රය නැවැත්වීමට කාලය ඇවිත් කියල.
      //..නමුත් දකුණේ සිංහල කොල්ලන්ගේ කෙල්ලන්ගේ ඔලු වලට පරාල ඇන ගසා මරා දැමු හමුදාව // ඔය පරල ඇණ සිද්ධියට හමුදාව සම්බන්දද? දෙමල ජනතාවට සැලකුව කියල හිතන්නත් අමාරුයි නේද? අපි පින්තුර දැක්කට අවසාන වස්තාවේ දෙන උපකාර. ඊට කලින් වුනේ මොනවාද කියල අපි දන්නේ නැහැ. යුද අවස්ථවක ඕන දෙයක් වෙන්න පුළුවන්. සිද්ධීන් අවම කිරීමයි කළ යුත්තේ.
      //නමුත් යුද්ධ කිරීම නොව ශිෂ්ට සමාජයක් විදිහට යුද්ධ ඇති නොවීමට වග බලා ගැනීම ලොකුම හපන් කම කියා මට සිතේ// ඔව් ඒක හරි. වෙන්නේ ඒක නෙමෙයි මුළු ලෝකෙම.

      Delete
    2. මම අදහස් කලේ අසූ නමයේ සිංහල කෙල්ලෝ කොල්ලන්ව දස වද දීලා මරපු හමුදාව .යුද්ධයකදී දෙමළ මිනිස්සුට මොනවා නොකරන්න ඇත්ද කියලා ..නමුත් දකුණේ මිනිස්සුන්ගේ ඔලු හදලා තියෙන්නේ දෙමලාට මොනවා උනත් කමක් නෑ ඌ දෙමළ ..මේක සිංහල බෞද්ධයන්ගේ රට ඒ නිසා අපේ රටේ කෑල්ලක් ඉල්ලපු පණ්ඩිත දෙමළුන්ට හොඳ වැඩේ වගේ පසුගාමී මානසිකත්වයකට ...අනික හමුදාව සියයට සියක් නිර්දෝෂී කියලා මතයක් දකුණේ මිනිස්සුන්ගේ තියෙනවා ...ඒවා පොලිටික්ස් ...දැන් කියන්නේ සිංහල බෞද්ධයෝ ගොඩ යන්න නම් මහින්ද එන්න ඕනි ,නිර්දෝෂී හමුදාව මේ ආණ්ඩුව දෙමලුන්ගේ උවමනාවට හිරේ දානවා වගේ කතාවක්නේ ,,මම කියන්නේ කොටි හරි ෂෝක් කියන එක නෙමෙයි ...අනික සිංහල බෞද්ධයන් මහින්ද ආවහාම දියුණු වෙනවා කියන්නේ මොකද්ද ???බෞද්ධයෙක් විදිහට රොත්ත පිටින් සෝවාන් වෙනවද ?? ලංකාවේ මිනිස්සු මැරුණා ඇති එහෙම ආයේ නොවෙන විදිහට වැඩ කරන්න අපි පාලකයෝන්ට බල කරන්න මතවාදී සටනක් ගෙනියන්න ඕනි

      Delete
    3. //මම අදහස් කලේ අසූ නමයේ සිංහල කෙල්ලෝ කොල්ලන්ව දස වද දීලා මරපු හමුදාව .යුද්ධයකදී දෙමළ මිනිස්සුට මොනවා නොකරන්න ඇත්ද කියලා ..නමුත් දකුණේ මිනිස්සුන්ගේ ඔලු හදලා තියෙන්නේ දෙමලාට මොනවා උනත් කමක් නෑ ඌ දෙමළ // ඔව් ඔබ හරි. අසූ නමයේ හමුදාවේ කොටසක් එසේ කළ අතර දෙමළ ජනටහ්වට එරෙහිව කටයුතු කිරීමේදී ඔබ කි මානසිකත්වයක් බලපාන්නට හොඳටම ඉඩ ඇති බව පිලිගනිමි. අසු නාමය පිළිබඳව මුලුමනින්ම හමුදාවට වගකීම පැවරීමට හෝ දෙමල ඝාතන කෙරෙහිද මුලුමනින්ම හමුදාවට වගකීම පැවරීමටද නොහැකිය. මා පෙන්වා දක්වන්නේ එයයි. හමුදාව සියට සියක් නිර්දෝෂී කියා මා සිතනවා නම් මෙවැනි ලිපියක් පළ කරන්නේ නැත. දෝෂි අය අධිකරනයට් මුහුණ දිය යුතුබව මගේ හැඟීමයි.

      Delete
    4. අජිත් අයියා,ප්‍රා,

      ඇඩොල්ෆ් අයික්මාන් තමන්ට ලැබෙන නඩු තීන්දුවට එරෙහිව කරන අභියාචනයේදීත් කියන එක කරුණක් තමයි මේ දේවල් සිදුවුනේ ඉහළින් ආ නියෝග නිසා කියලා.එමෙන්ම එම නියෝග පැහැර හැරියා නම් තමන්ට අත් වන්නේ මරණය බව ඔහු සදහන් කරනවා.නමුත් අභියාචනය ප්‍රතික්ශේපව පෙර දී තිබු තීන්දුව ස්ථිර වෙනවා.අධිකරණය කියනවා "අයික්මාන් කිසිවිටක දුර්වලත්වයක් හෝ ළතැවිල්ලක් නොපෙන්නුවේය.ඔහු නිසි ස්ථානයට නිවැරදි පුද්ගලයාව සිටියේය" කියලා.එහෙම වෙන්නේ "ප්‍රා"කියන 4වන ප්‍රතිපත්තිය නිසා වෙන්න ඇති.

      ඔය ඉහත කොටස් මම උපුටා ගත්තේ "ඇඩොල්ෆ් අයික්මාන්ට එරෙහි නඩු විභාගය" කියන පොතෙන්. ඒ ගැන ලිව්වා පොස්ට් එක මේ තියෙන්නේ.

      Delete
    5. ඔයා හරි. ප්‍රා කියපු එකේ මෙහෙම කෑල්ලක් තිබෙනවා.
      //provided a moral choice was in fact possible to him// ඒ කියන්නේ ඒ අවස්ථවට අනුව තීරණයක් ගන්න පුලුවන්ද කියන එක. අයික්මාන් කියන්නේ අණදෙන්න හැකියාව තිබු ඉහළ රෑන්ක් එකක්. ඔහුට වෙන පැත්තකට යන් අවස්ථව තිබුන. පවුලස් වගේ. ඔහු යුධ භූමියේම හිටියෙත් නැහැ. නමුත් පලුටාවේ අණ ක්‍රියාත්මක කරන භටයන් ට තිබෙන්න හැකි ප්‍රශ්නය වෙඩි නොතිබ්බොත් ඔවුනුත් ජේවීපී හැටියට ගණන් ගෙන එම වලටම ඇද වැටෙන්නට වෙඩි තබන බව. එනිසා මෙතන සොයා බැලිය යුතු කාරනා කිහිපයක් තිබෙනවා. ඒ කාලේ තිබ්බ කළු බළලු වගේ සංවිධානයක් නම් මේ තීරණය අමාරු නැහැ. ඔවුන්එහෙම මරන්න මයි ගියේ. භටයන් මෙවැනි නීත්‍යානුකුල නොවන ඝාතනයකට යොමු කරන්න ඉහල නිලධාරියෙකුට බැහැ නීතියෙන් පිට.

      Delete
  13. මාත් හිතුවේ මේ වගේ කතා ඔය පොල්පොට්ගේ රටවල් වල විතරයි උනේ කියලයි. අපේ ගෙවල් හරියෙත් බිම්බෝම්බයක් පුපුරල මුළු ගමේම පිරිම අය ලොරි දෙකක දාගෙන ගියා. හැබැයි පලුවාවේ වගේ නැහැ හත් දෙනෙක් තෝරගනෙ ගියා. තුන් දෙනෙක් ආපහු එව්වා දවස් තුනකින්. දෙන්නෙක් මාසෙකින් විතර එව්වා. ඉතිර දෙන්නා තාම ආවේ නැහැ.

    අතිශය සංවේදි ඇතැයි සිතන කෙටි චිත්‍රපටියක්. බොහොම ස්තුතියි අජිත් මේ ලිපියට.. ජය

    ReplyDelete
    Replies
    1. තුන්දෙනා ආපහු එව්වා එක ලොකු දෙයක්.

      Delete
  14. මේ අබේ. අබේට දැන් පනස් තුනයි. මගේ වයස. අබේගේ ගම පලුටාව. සීගිරි ගල පෙනෙන මානේ, කිඹිස්සේ ඉඳල කිලෝ මීටර දෙකක විතර දුර. අසූ නවයේ කලබල කාලේ ඒ පැත්තේ පුදුම භීෂනයක් තිබුනේ. පලුටාවේ බහුතරය ගොවියෝ. ඒ අතරේ හරි හරියට ජවිපෙ කට්ටියත් හිටියා.

    දවසක් රාත්තිරියේ එකොළහට විතර ගමේ පංසල ළඟ බෝම්බයක් පත්තු වුනා. හරියටම ඉන් පැය භාගයක් යනකොට හමුදාවේ අය ගම දෙවනත් කළා. ජේ වී පී කාරයෝ ටික කල්තියාම පැනල ගිහිං. ගෙවල් වල ඉතුරු වෙච්චි අපි විසි තුන්දෙනෙක්ව බල්ලෝ බලල්ලු වගේ ඇදගෙන ගියා පුංචි කණ්ඩායම් විදියට. අපේ ගෑනු, දරුවෝ, දෙමව්පියෝ අවට හිටපු අපේ ඥාතියෝ මරලොතෝනි දීලා කෑගැහුවා අපිව ගෙනියන්න එපා කියල. උන්ට ඒවා ඇහුනේ නැහැ. අපිව ඇදගෙන ගිහින් වැව පාමුල තිබුණු ලිඳකට දැම්මා. ඔය වෙනකොට වෙලාව දොළහට විතර ඇති. ඊට පස්සේ එක් එක්කෙනා ගොඩට අරං අත් පිටිපස්සට තියලා ලණුවලින් බැඳලා අපිව ට්‍රක් එකකට දාගෙන ටවුම පැත්තට ගෙනිච්චා. එහෙම ගිහින් අයෙමත් හරවල හැතක්ම කාලක් විතර ඇවිත් කට්ටියටම බහින්ඩ කියලා බහින බහින කෙනාට වෙඩි තිබ්බා. අන්තිමට අපි තුන් දෙනෙක් ඉතුරු වුනා. අපිව පෝලිමට හිටෙව්වා. දෙන්නෙක් ඇවිත් වෙඩි තියන්න පටන් ගත්තා . මම හිටියේ කොනට වෙන්න. තුවක්කුවේ කොකා ගැස්සෙන සද්දෙයි, පතොරම පිටවෙන නිමේෂයයි අතර වාරයේ මම වැටුන. අනිත් දෙන්න මගේ ඇඟ උඩට වැටුනා. ටිකකින් වෙඩි හඬ නතර වුනා. කෙනෙක් ඇවිත් මූනට ටෝච් එකක් ගහලා බයිනෙත්තු තුඩෙන් ඇහට පහලින් ඇන්නා මැරිලා කියලා ඉස්තිරවටම දැනගන්න. මම මර බිය නිසාම වේදනාව විඳගෙන ඔහේ හිටියා

    එදා පලුටාවේ දරුවෝ විසි පස් දෙනෙකුට පියවරු අහිමි වුනා. තම ස්වාමි පුරුෂයින් අහිමි වූ තරුණ මවුවරුන් පහළොස් දෙනෙකු නැවත විවාහ නොවන්නට තීරණය කළා. ගෞරවණීය මරණයකට - ගෞරවණීය අවමංගල්‍ය චාරිත්‍රයකට හිමිකම් නොකියාම තරුණයින් විසි දෙදෙනෙකුගේ සිරුරු මහ මග දැවී පිළිස්සුනා.

    අපිට අළු ටිකක්වත් ගන්න ඉඩ තිබ්බේ නැහැ මහත්තයෝ අබේ කියනවා.

    මේ සිදුවූ මහා ඛේදවාචකය තනි පෙළක් විතරයි. මේ කථාව හර්දයාංගම වාර්තා චිත්‍රපටයක් ලෙස අපේ නන්දන වීරරත්න සහෝදයා අතින් රූපයට නැගුනා. චිත්‍රපටයේ මංගල දර්ශනය පවත්වන්නට නියමිතව තිබුනේ පහුගිය නොවැම්බර හය වෙනිදා අබේගේ ගෙදර මිදුලේ. ඒත් ඊට දවස් තුනකට කලින් පොලිසිය ගමට ආවා. කට උත්තර ලියා ගත්තා. මංගල දර්ශන අවලංගු වුනා.

    පහුගිය දවසක මම පලුටාව ගමට ගියා. අබේත්, තව කීප දෙනෙකුත් හමුවී තොරතුරු කතා කළා. ඒ කතා අහගෙන ඉන්න අමාරුයි. වේදනාවෙන් පිරිලා. මේ සිදුවීම සිහි කිරීමෙන් පවා ඔවුන්ගේ සිත් තැලෙනවා.

    පලුටාවේ කතාව

    ඔය කාලෙ මම දඹුල්ලෙ කාර්මික විද්‍යාලයට ගියේ සති අන්තය සීගිරියෙ මගෙ යාලුවෙකුගෙ ක්වාටර්ස් එකක නැවතිලා. භීෂණයෙන් පස්සෙ ආයම එහෙ ගිය දවසක මගෙ මිත්‍රය මට ඔය විස්තරේ කිව්ව ඇඟේ හිරිගඩු පිපෙන විදිහට.

    පලුටාව තියෙන්නෙ සීගිරිය පාරෙ කිඹිස්සෙ ඉඳල කිලෝ මීටර් හතරක් විතර එහා. ලොකුලූණු වගාව එහෙම බොහොම සාරෙට කරපු සුන්දර ගම්මානයක්. මගෙ යාලුවගෙ බොහොම හිතවත් කීප දෙනෙකුත් පලුටාවෙ වැසියො.එයාල තමයි විස්තරේ කියල තියෙන්නෙ.

    අවස්ථාවාදී ජෙප්පො හින්ද සදාකාලික දුක් වේදනාවන් උරුම වුනු ඒ අහිංසකයින් ගැන ලිව්වට ස්තූතියි අජිත්...:(

    ReplyDelete
    Replies
    1. යොමුව දැම්මට ස්තූතියි රවී. මම එතනට ගිහින් ප්‍රතිචාරයක් දැම්ම. ජවිපෙ සහෝදරවරු ලඟට ඇවිත් කතා කලා කියල කෙනෙක් ලියල තියනවා. නමුත් ජවිපෙ තමයි බිම් බෝම්බෙ දාල දිව්වේ කියන එක අමතක කරලා. අද ජවිපෙ අතුරුදහන් වුවන්ගේ කමිටුව ස්ථාපිත කරන්න සහය දෙන එක ගැන සතුටුයි.

      Delete
  15. අජිත්ටත් රවිටත් බොහොම ස්තුතියි. මේ චිත්‍රපටිය ඉක්මනින්ම හොයාගෙන බලන්න ඕනේ. කොහොමහරි හොයාගන්න ක්‍රමයක් දන්නවානම් කියන්න. යූ ටියුබ් එකේ දැම්මොත් කියන්න.

    ඇත්ත කුමක්දැයි දැනගැනීමට රටේ මහජනතාවට ඇති අයිතියට ගරු කරමි. රණවිරුවන් අතරින්, යුද අපාරාධකරුවන් වෙන් කලාම, බහුතර ආරක්ෂක හමුදාවල, ආත්ම ගෞරවය නොකෙලෙසී ඉතිරිවෙනවා.

    ReplyDelete
    Replies
    1. හරියට හරි විචා. ඕකනේ අපි හැමතැනම කරන්න ඕනේ. බහුතරයකගේ ආත්ම ගෞරවය රැකගෙන රජයේ ආයතන වල වරද කරන අය ට නඩු දානවා නම් ඒ නිතිය හැමෝටම තිබිය යුතුයි. පොඩි ප්‍රශ්නෙකට තියෙන්නේ හමුදාව තමන්ගේ ජිවිතත් පුද කරන එක යුද්දෙදි. නරක සොල්දාදුවෙකු පවා . මේ හැම දෙයක් ම අපට සැළකිල්ලට ගණන් වෙනවා. ජවිපෙ සහෝදරවරු වුනත්, ඔවුන් විසින් විශ්වාස කළේ ඔවුන් කරන්නේ හොඳක් කියල.

      Delete
  16. මේ සිදුවීම ගැන විචාරකතුමා දන්නවා ඇති. එයාගේ කොමෙන්ට් එක කියවන්න උවමනාවෙන් ඉන්නේ. මේ යක්කු කොහොම මෙහෙම මිනිස්සු මැරුවද දන්නේ නෑ.. ඇටෑක් එකක් ඉවරවෙලා සර්ච් කරනකොට ගොඩක් දවසට තුවාලවෙලා පීන පීන ඉන්න කොටි කොල්ලෝ කෙල්ලෝ හම්බ වෙනවා.. ඒ එකෙක්වත් මට කවදාවත් සතුරු විදියට පෙනිලා නෑ..

    ReplyDelete
    Replies
    1. කල්‍යාණමිත්‍ර ඔයා වගේ හමුදා නිලධාරීන් ඉන්න නිසා තමයි මේ වගේ සිදුවීම් සොයා බලා නිරාකරණය කරන්න වෙන්නේ. අර කොමාන්ඩර් එදිරිසිංහ වගේ අය ගේ වීරත්වය රැකෙන්නේ එහෙමයි.

      Delete
    2. මේ සිදුවීමට අදාළ කාලයේ මා සේවය කලේ දියතලාව, බණ්ඩාරවෙල, බදුල්ල ප්‍රදේශවල. 1989 දී මා, බණ්ඩාරවෙල කුඹල්වෙල ප්‍රදේශයේ සැඟවී සිටියායැයි කියන, සෝමවංශ අමරසිංහ මරාදැමීම හෝ ජීවග්‍රහයෙන් ගැනීම සඳහා, මෙහෙයුමක් කළා. මා එතැනට යන්න විනාඩි 15 කට පෙර ඔහු පලාගොස් තිබුණා.

      Delete
  17. අනේ මේ වගේ දේවල් අපේ රටේ තිබුනා කියලා හිතෙනකොටත් ගොඩාක් දුක හිතෙනවා. රටේ සන්වර්දනයට යොදා ගන්න තිබුනු විශාල මානව සම්පතක් විනාශ වෙලා ගිහින්.මේ වගේ දේවල් ඉදිරියට සිදු නොවෙන්න අපි ඔක්කෝම වග බලා ගන්න ඕනි.

    ReplyDelete
    Replies
    1. ඒක තමා මල්ලි හිතන්න ඕන දේ. ඉදිරියට නොවේවා කියන අදහස. ස්තූතියි.

      Delete
  18. //"එක්කෙනෙක් වෙඩි වැදිලා වගේ වැටුන . ඒ ගමගෙදර අබේරත්න. මේ තේරුමක් නැති සමූල ඝාතනයේ එකම සාක්ෂිය. මම අසූ ගණන් වල මේ වගේ දේවල් වෙනවා කියල ඇදහුවේ ලතින් ඇමෙරිකාවේ එල් සැල්වදෝරය වගේ රටවල. මා උපන් රටේ මෙහෙම වෙනවා කියල දැනීමත් දරුණු කම්පනයක් ඇති කරනවා."//

    කොටි මෙහෙම කරද්දි මේ විදිහටම බේරිච්ච හාමුදුරුනමක් ඉන්නවා නේද අරලගංවිල බස් එකේ සිද්ධියෙදි

    ReplyDelete
    Replies
    1. ඔව් කොටි කරද්දී එහෙම වුන සිදුවීම් තිබුන. ලෝකේ වෙනත් රටවල , නාසීන් ජුව් මිනිසුන් මරද්දී මෙහෙම් සිදුවීම් වුණා. ඒකෙන් සිදුවීම් ඇත්ත බවට ප්‍රබල සාක්ෂි ලැබුන. කොටි කරපු නිසා මේ වදෙද්ත් ප්‍රශ්නයක් නැහැ කියන අදහසක් නෙමේ නේද?

      Delete
    2. නැ එහෙම අදහසක් නෙවේ.

      Delete
  19. දෙමළ ජාතිවාදීන්ට මේ වනවිට සිංහල හමුදා සාමාජිකයන්ගෙන් ලෙයට ලෙයින් පලි ගැනීමට අවශ්‍යව ඇත. මෙවැනි කලා කරුවන් කරනුයේ එයට ගැලපෙන ලෙස සිංහලයන්ලේ මොල ශෝධනය කිරීමයි.

    ReplyDelete
    Replies
    1. එතකොට ජගත් ඔයාගේ සිංහල ප්‍රොජෙක්ට් එකට මේ මිනිස්සු 23 ක් චෝදනා නැතුව නිරපරාදේ මරපු එක අහු වෙන්නේ නැත්ද? මේ සිංහල මිනිස්සුනේ. මේ මිනිසුන් ගේම ළමයිනේ ඔයාගේ "රට වෙනුවෙන්" යුද්ධයට ගිහින් මැරුණේ. ඔයා නෙමෙයිනේ. කුරුණෑගල හා මාතලේ පැතිවල කොල්ලෝ කොපමණ යුද්දෙට ගියාද ?

      Delete
    2. මට හොඳ සිදුවීමක් මතක් වුණා. මේක වෙන තැන් වලත් ලියල තියෙනවා. ලන්ඩනයේ සාදයක ඇති වුන කතාවක මමත් තව කිහිප දෙනෙකුත් වාද කලා (මේ මාවිල් ආරු කාලේ ) ද්‍රවිඩ කොටි විමුක්ති සටන් කාමීන් හැටියට සලක ඔවුන් දිනයි කියන අය සමග. මම කිව්වේ 1971, 1989-1990 වගේ රජයට ඕනෑ නම් මොවුන් සමුලඝාතනය කළ හැකියි. ඔවුන් ගේ යුද ශක්තිය හොඳ වුනත් රජයට වෙන රටවලත් සහය අරගෙන ඕක පරද්දන්න පුළුවන් කියල.එනිසා දෙමල මිනිස්සු අවස්ථාව තියෙන වෙලේ සාමයට කැමැති වෙන්න ඕනේ කියල. රාජපක්ෂ මහත්මයත් සාම දුතයෝ යවමින් හිටියේ. මට චෝදනා කලා මම අමු සිංහල ජාතිවාදියෙක් කියල. හමුදාවට කවදාවත් කොටි පරදවන්න බැහැ කියලත් ඔවුන් කිව්වා. ඇත්ත කතා කරන මිනිස්සු හැම වෙලේම කොහේ හරි පැත්තකට තල්ලු කිරීම තමා හැමෝම කරන්නේ. තමන් ඉදිරිපිට පෙනෙන සත්‍යය පිලි ගන්නේ නැහැ. මෙතන සිංහල දෙමළ ප්‍රශ්නයක් නෙමේ තියෙන්නේ. මේ මිනිස්සු නිරපරාදේ මරා දැමීම ඝාතනයක්. එච්චරයි. ඔය බුද්ධාගමේ වෙන්න ඇති නේද? මේ මිනිසුන් ගැන අනුකම්පාවක් ඔයාගේ හිතේ ඇති වෙන්නේ නැත්ද? අර දරුවෝ ගැන අනුකම්පාවක් ඇති වෙන්නේ නැත්ද? උන්ට චොකලට් එකක් ගෙනිහින් දෙන්න හිතෙන්නේ නැත්ද? ඔයයි අයිසිස් එකේ එකෙක් අතරෙයි වෙනසක් තියනවද ?

      Delete
    3. Sinhala and Tamil racists (such as Jagath and Vigneshwaran) are 2 sides of the same coin. The wounds from the conflict and the contributing factors to that are too deep, to be solved by a purely judicial/administrative mechanism.

      A South African style Truth Commission would be the best way forward, to acknowledge the wrongdoings by both parties, forgive, and then move on.

      However, it's questionable if the majority of Sinhalese, Tamils, and Muslims would agree to it. There are a lot of people who are out for vengeance.

      Delete
    4. ගමේ මිනිස්සු ජවිපෙ කලබල අවසන්වූ පසු තමන්ට සිදුවූ අසාධාරණයට වන්දියක් ඉල්ලුවේ නෑ.
      1994 ආණ්ඩු පෙරලියෙන් පස්සේ වත් මේක ගැන කතාකලේ නෑ. ඒ කලේ මිනී වලවල් හෑරුව බවත් මතන ඇති.
      එයින් නිගමනය වන්නේ ගම් වැසියන්ට අවශ්‍ය එය අමතක කිරීමට බව නේද?
      වසර 27කට පසු පිටින් ආපු මිනිහෙක් ගම්මුන්ගේ කඳුළු විකුනන්නේ මොන අරමුනකින්ද?

      Delete
    5. මට ට්ව ලිපියක් ලියන්න වෙනවා මේක පැහැදිලි කරන්න. ජගත් පසුගිය කාලේ ලනක්වේ නෙමේද හිටියේ. ඒත් එහෙම කියන්නත් බැහැ. මමත් හිටියේ ලනක්වේ නේම්. නමුත් මම දන්නවා තත්වය. හොඳයි කියන්න බලන්න ඔය අබේ කැලේ හැංගිලා හිටියේ. එලියට ආවනම් අද ජිවතුන් අතර ඉන්නවද. අනික 1994 ආණ්ඩු පෙරලියේදී ඇඹිලිපිටිය තිබ්බ. අනික මේ මිනිස්සු ඊට වැඩිය දුප්පත්. ඒ එකක්. හමුදාවේ ලොකු කට්ටිය ඉන්නවා ඔතන. මේ අහිංසක මිනිසුන්ට පුලුවන්ද මේක ගැන කියන්න කටවල් වහගෙන ඉන්නවා ඇරෙන්න. ඊට පස්සේ ආපු ආණ්ඩුවේ ආරක්ෂක ලේකම් කවුද? මුළු ගමම බුල්ඩෝසර් කරනන් පුළුවන් කෙනෙක්. ජිවත බේරාගෙන සද්ද නැතුව ඉන්න එක ඇරෙන්නේ මොකක්ද කරනන් පුලවන් සරත් පොන්සේකත් හිරේට ගිය එක. අමතක කරන්න ඕනේ නම් මේ මිනිසුන්ට ඕක නොකිය ඉන්න තිබ්බනේ.

      Delete
    6. //වසර 27කට පසු පිටින් ආපු මිනිහෙක් ගම්මුන්ගේ කඳුළු විකුනන්නේ මොන අරමුනකින්ද?// ඔයා හදන්නේ මේ දෙමල ප්‍රශ්නටේ අල්ල ගන්නනේ මේක. නන්දන මුලින්ම ගමට ගිය 1990-1991 කාලේ, අබේ හමුවුනේ කැලෑවක. රාවයට මේක කලින් ලිඉයක් වශයෙන් ලියල තිබුනේ. 2014 තමා චිත්‍රපටිය කලේ. එතකොටත් අරක්ශාක් ලේකම් ගෝඨාභය මහතා. ජිවිතේ ගැන බයෙන් කරපු එකක් . පෙන්වන්න තැනක් තිබිල නැහැ. අද තියෙන ආණ්ඩුව අඩුම ගනනේ ඒ නිදහස දීල තියෙන්නේ. දැන් මේක ගැන කතා කරන්න කියල මම හිතුවේ ඒකයි. කඳුළු විකුනන්නේ - කිව්වහම මේක හරියට අපට විකුණුව වගේනේ. නන්දන ට අපි සතයක් වත් දුන්නේ නැහැ. එදා ආපු අය දනනවා. චිත්‍රපටය නිකම් පෙන්නුවේ. සාපරාධි මනුෂ්‍ය ඝාතනයක් ගැන කතා කිරීම විකිණීමක් වෙන්න තරම් ඔබේ සුපිරිසුදු සිංහල බෞද්ධ මනස විකෘති වෙලාද? බුදුහාමුදුරුවෝ දේශනා කළේ ප්‍රාණඝාතය වැරදියි කියා නොවේද?

      Delete
  20. මෙවැනි කෘර සිද්ධි ගැන කියවා තම තමන්ගේ මතය නැවතත් ස්ථිර කරගන්නා අය බොහෝය. ජ.වී. පෙ ට විරුද්ධ අය ඔවුන්ට බනිති, කොටින්ට විරුද්ධ අය ඔවුන්ට බනිති . යුඇන්පී විරෝධීන් මේ කතා ඒ සඳහා ප්‍රයෝජනයට ගනිති. ඔය 26 දෙනා අතරේ ජවිපෙට සහය දුන් අයත් ඉන්න ඇති ඒ වගේම යුඇන්පී, ශ්‍රී ලංකා අයත් ඉන්න ඇති. මේවා කියවා අදහස් දක්වන අයට යුද්ධයක කෙලින්ම යෙදී නොසිටි පිරිසක් මරා දැම්මා මෙතන කියන එක කෙලින් කියන්න ටිකක් අදී මදී කරන අයත් ඉන්නවා . කාට හරි වාසියක් වෙයි කියලා.. තම තමන් දරන් ඉන්න හැව ඉවත් කරලා මනුශියව මේ දිහා බලන්න බැරි අය තමයි අපේ බ්ලොගර්ස් ලා අතරත් ඉන්නේ..

    ReplyDelete
    Replies
    1. මම සෑහෙන උත්සහයක් ගත්තා ජවිපෙ , යුඇන්පී පැත්තෙන් එපිට ගිහින් ලියන්න. මොකද හුඟක් අය ජවිපෙට වුන අසාධාරණයක් හැටියට මේක හුවා දක්වන නිසා?
      //මේවා කියවා අදහස් දක්වන අයට යුද්ධයක කෙලින්ම යෙදී නොසිටි පිරිසක් මරා දැම්මා මෙතන කියන එක කෙලින් කියන්න ටිකක් අදී මදී කරන අයත් ඉන්නවා . කාට හරි වාසියක් වෙයි කියලා// ඔන්න ඔය සත්‍යය තමා පිලි ගන්න වෙන්නේ. උදේ හවා පන්සිල් රකින රටේ වෙච්ච දෙයක්.

      Delete
  21. මේ සිද්ධිය අහල ඒ කාලෙ කම්පා වුණා. පාලකයො එක්ක වෛර බැඳ ගත්තා. හමුදාව කියන්නෙ දේශපාලකයන්ගෙ අතකොලු. මේ වාර්තා වීඩියෝව දකින කල් ඉස්පාසුවක් නෑ.
    මා සම්බන්ධ වූ Life TV එකෙන් ලොව පුරා පෙන්නන්න බලන්නම්. අජිත්ල මට නන්දනව සම්බන්ධ කර දෙන්න පුළුවනිද ?

    ReplyDelete
    Replies
    1. ඔව් පුළුවන්. ඔතන සිද්ධියට සම්බන්ධ දෙපාර්ශවයක් ඉන්නව. දන දැනම අහිංසකයන්ගේ ගමක් අසල බෝම්බ පිපිරවූ උදවිය හා නියෝගය දුන් උදවිය. හමුදාව කියන්නේ කගේ හරි අණක් පිළිපදින නිත්යන්කුලාව මිනී මැරීම සඳහා ජනටහ්ව විසින් බලය ලබා දී ඇති ආයතනයක්. නමුත් එහෙම මරන්න පුළුවන් අර දී තිබෙන නීතියේ රාමුව තුල පමණයි. රටේ ආරක්ෂාව සඳහා සහ, රටේ නීතියට එරෙහිව එන ආයුධ සන්නද්ධ විරුද්ධ පාර්ශ්වයකට එරෙහිව.

      Delete
    2. මම අහන්නමයි හිටියේ.. මොකක්ද ඔය Life TV කියන්නේ? සැටලයිට්/ කේබල් TV චැනල් එකක්ද? අපිට බලන්න පුළුවන් කොහොමද?

      Delete
    3. මෙන්න නන්දන ගේ පිළිතුර:
      දයාබර් අජිත්, හෙන් රිගෙ අදහස ඉතාමත් අපුරුයි. මේ වෙලාවෙ අතුරුදහන් වූවන් ගැන සාකච්චාක් තියෙන නිසාත් එයට මහජන අවධානයක් දී බැලීමෙ මුලික උනන්දුව ඇති කලයුතු නිසාත් පලමුව කොලබ මුල් දර්ශනයක් පවත්වා දෙවනුව චැනලයක්ට දමමුද?
      ඔබෙ බ්ලොග් රචනයෙන් විවරවු දොරටුව තවත් නද දුරක් ජනමධ්‍ය සමග ගමන්කර මහජනයා අතරට යමුද?
      ඔබේ ඇරබුමට නැවත වාරයක් ස්තුතියි

      Delete
    4. ලංකාවේ පෙන්වන්න කවුරු හරි සංවිධානය කරන්න ලෑස්ති නම් හෝල් එකකට යන මුදල හොයා දෙන්න පුළුවනි.

      Delete
  22. සිනමා පටය නරඹන්න ඕනේ...ඔබේ සටහනෙන් එයට බොහොම හොඳ ප්‍රවේශයක් ලබා දෙනවා...බොහොම ස්තුතියි...

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි. කෙනෙක් ලින්ක් එකක් දමල තිබෙනවා.

      Delete
  23. යුද්ධය නම්... එපා....

    ReplyDelete
    Replies
    1. හරිම අමාරුයි නේ ඕකට එකඟ වෙන්න. මාත් කියන්නේ යුද්ධය එපා කියල. ඒත් ලෝකේ වෙනෙන් යුද්ධමයි. එක එක්කෙනෙඅගෙ, එක එක රටවල අභිප්‍රායන් වලට.

      Delete
    2. මම දකින විදියට යුද්දෙට මුල බල තණ්හාව. ලොකු කෑල්ල අල්ලගන්න, තමං ලොකුයි කියල පෙන්න ගන්නනෙ ඔය ට්‍රයි කරන්නෙ.

      Delete
  24. බොරු කතා මෙයා,

    ලෝකෙන් උතුම් රට ලංකාවයි..
    ලංකාවයි සිරි ලංකාවයි...
    එහෙව් රටේ මෙහෙම වෙයිද?

    බොහොම ස්තුතියි මේ ගැන ලිව්වාට අජිත්. අපි හැමදාම හෙළුව වහගෙන ඉන්න හදන්නේ. අළුත් පරම්පරාවට අතීතය ගැන සටහන් තියන එක හොඳයි.

    88-89 කාලේ ගැන මතක් නොකරගෙන ඉන්න තමයි මම හදන්නේ. එක නිසා මේ චිත්‍රපටිය බලන්න ගිහින් කබොල්ලකින් වැහිලා තියන තුවාල ආයෙත් පාරවගන්න හදන්නේ නැහැ. එත් මේක කියවද්දී මට මතක් උනා දඹුලු-කැකිරා (A-9)
    පාරේ දැකපු එක පේළියට තිබ්බ අඟුරු උන, දර කඳන් වගේ මළ කඳන් ටික.

    ReplyDelete
    Replies
    1. මෙහෙම් දේවල් වුණා කියල ඔය "දෙමළ අයට විතරක් ඒවා වුණා LTTE එක නිසා ඒක සාධාරණයි කියල කෑ ගහන අයටත් " දැනගන්න පෙන්වන්න ඕනේ. දැන් ඔය ජගත් මහත්මය කියන්නේ මේවා කරන්නේ හමුදාව අපකීර්තියට පත් කරන්න කියල. ජගත් වගේ නෙමේ නියම හමුදාවේ මහත්වරු දෙන්නෙක් තමා ඔය උඩ කොමෙන්ට් කරලා තියෙන්නේ. විචාරක හා කල්‍යාණ මිත්‍ර. ආයුධ රැගෙන එන සතුරා සමග සටන් කිරම ගෞරවාන්විතව කරන හමුදාවක් ඉන්නවා හැම තැනම. එහෙම නැති වුන අවස්ථා තිබෙනවා ලෝක ඉතිහාසයේ හැම තැනම. ඒවා කතා කළ යුතුයි නැවත නොවෙන්න නම්.

      Delete
  25. හොඳ යුද්ධයක් හෝ නරක සාමයක් ය කියා දෙයක් කිසිකලක තිබී නැත. මතුවටද නැත.

    ReplyDelete
  26. මෙම වාර්තා චිත්‍රපටය නැරඹු පසු මේ අපේ රටමද කියන ප්‍රශ්ණය හිතට ආව. නන්දනට ස්තූතියි අපව දැනුවත් කිරීම සම්බන්ධයෙන්. ඒ වගේම මෙම විග්‍රහය කිරීමට නිර්භීත වීම ගැන අජිත් ටත් මගේ ආචාරය! සුදත් කුමාරසිංහ

    ReplyDelete
    Replies
    1. ස්තූතියි සුදත්.

      Delete
  27. චිත්‍රපටියයේ ලංඩන් ප්‍රදර්ශණය බැලීමට මටත් අවස්ථාවක් ලැබුනා. අජිත් මේ වැඩේට ලොකු මහන්සියක් ගත්තා. චිත්‍රපටියේ සියළු කදුළු සැලීම්, සංවෙදිතා සහ දුක්ඛාන්ත වලින් අනතුරුව වැඩේ අවසාන වෙන්නේ බලන මිනිස්සුන්ට තද වෙන අන්තයකින්.
    ඒක අවසාන කරන්නේ මේ වගේ අදහසකින්. උපේක්ෂාවෙන් ජිවිතේට මුහුණ දෙන්න පලුටාවේ මිනිස්සුන්ට පුදුම හයියක් තියෙන්නේ. ගමේ ඔක්කොම පිරිමි (බොහොමයක් පිරිමි ) මරා දැමු පසු ගැහැණු ඉදිරියට ඇවිල්ල පිරිමි වගේ කුබුරු වැඩ කරලා ජිවිතේ ඉස්සරහට අරගෙන යනවා. හදිස්සියේ ඉදිරි අරගලයකදී මේ ගැහැනුන්ගේ ජිවිත අහිමි උනොත් පවුල්වල ළමයි ජිවිතේ අරගෙන යැයි. ( කරුමේ )

    ලංකාවේ කලාකාරයෝ කදුළු වලට ආසයි. කදුළු වැටෙන්නේ ඇයි කියල ප්‍රශ්ණ කරන්න කම්මැලියි.

    චිත්‍රපටිය සමාජගත කරන්න මහන්සි වෙන අජිත් උනත් කදුළු වලින් මත වෙලා. ඒක නිසා ඒක දේශපාලනිකව විචාරය කරන්නේ නැතුව ඔහුගේ සුපුරුදු සටන් කලාව මෙතෙනට ගෙනෙනවා. අජිත් කියන සත්වයා දක්ෂතා දක්වන්නේ අසමානතා සමාන කරන්න. ලෝකයේ සිදුවන ඕනෑම හැල හැප්පිමක් ඔහුගේ ඉදිආප්ප වංගෙඩියට දමා මිරිකා ඔහු ‘මේඩ් ඉන් අජිත්’ ඉදිආප්ප හදනවා. ඊට පස්සේ ඒවා කොලබ ගමයා කොළමේ රසිකයන්ට කන්න දෙනවා.

    කොලබ ගමයා බොගයට රිප්ලයි දාන්න මං හරිම කම්මැලියි. මේක කියවනකොට මට මතක් වෙන්නේ වික්ටෝරියානු සදාචාර සාහත්‍ය සංවාද

    ReplyDelete
    Replies
    1. සරද ගේ අදහස් වලට මම ගරු කරනවා. හැබැයි පොඩි නිරීක්ෂණ ටිකක් කියන්නම්.
      1. පිරිමි මරා දැමුවාට පස්සේ ජිවිතේ ගෙනියන එක ප්‍රශ්නයක්. ගැහැණු ටික ඒක කරනවා. ඒ විපත ගැන ඔවුන් ක්‍රියා කරන ආකාරය. කරුමේ ගැන ඔවුන් කතා කලා නම් ඒ සියවස් ගන්නක බුද්ධාගම විසින් ඔවුන්ට කියල දුන් විධිහ. බෝම්බ තියන්න කලින් අඩුම ගානේ ගම්වැසියන්ට කර්මයට එහා ජිවිතයක් කියල දුන්න නම් උන් කර්මේ ගැන කතා කරන්නේ නැහැ.
      2. //ලංකාවේ කලාකාරයෝ කදුළු වලට ආසයි. කදුළු වැටෙන්නේ ඇයි කියල ප්‍රශ්ණ කරන්න කම්මැලියි.// මේක මේ වාර්තා චිත්‍රපටියට අදාල නැහැ. මොකද මේ ගුරු ගීතය නෙමේ. එතැන බෑඟිරි ගහල අඬන එක විකුණුවට මෙතන එහෙමෙ එකක් නැහැ. මෙතන කිසිම ගැහැණියෙක් කෑ ගහල අඩන්නේ නැහැ.. ඒ අම්මගේ ඇසින් හිමින් වැටෙන්නේ කඳුළු. ඒ යථාර්තය සරදට අමාරුයි බලන්න. මේ චෝදනාවේ මුල එතන .
      3./චිත්‍රපටිය සමාජගත කරන්න මහන්සි වෙන අජිත් උනත් කදුළු වලින් මත වෙලා. ඒක නිසා ඒක දේශපාලනිකව විචාරය කරන්නේ නැතුව ඔහුගේ සුපුරුදු සටන් කලාව මෙතෙනට ගෙනෙනවා.//
      මෙන්න දේශපාලනය:
      මට නම් ඛේදවාචකය හැටියට පෙනුනේ සෝමවංශ අමරසිංහ මහතාගේ හා ජවිපෙ භූමිකාව. එදා පැවති දේශපාලන ත්‍රස්තවාදය පටන් ගැනීමට දේශප්‍රේමී ජනතා ව්‍යාපාරයේ කාර්යභාරය අවතක්සේරු කරන්නට බැහැ. දයා පතිරණ, නන්දන මාරසිංහ, කොමියුනිස්ට් පක්ෂයේ එල් ඩබ් පණ්ඩිත, එජාප නිලතල දරන්නන් වැනි බොහෝ අය මරා දැමුණා. හමුදාවේ සිට නිවසට එන අය මරා දමන්නට ජවිපෙ යයි කියන කොටසකින් නියෝගයක් එවුනා. නොයෙකුත් අනීතික හමුදා කණ්ඩායම් හා රජය පැත්තෙන් එකට දහයේ නොව එකට සියයේ අනුපාතයට තරුණයින් මරා දැමුණා හෝ අතුරුදහන් කෙරුණා. සමහර අය ජවිපෙට කිසිම සම්බන්ධයක් නොතිබූ අහිංසකයින්. ජවිපෙ හිතවාදීන් ට තර්ජන එල්ල වුණා. ත්‍රිම විතාන, විජේදාස ලියනාරච්චි ආදීන් දරුණු වධ දී මරා දැමුණා.

      එදා දේශප්‍රේමී ජනතා ව්‍යාපාරයේ අය බිම් බෝම්බයක් තබා බියගුළුව සැඟවුණා. ගම් වැසියන් මරණ බව ඔවුන් නොදැන සිටින්නට විධිහක් නැහැ. ද්‍රවිඩ කොටිනුත් මේ දේම කළා. බිම් බෝම්බ තබා පැන ගොස් හමුදාව දෙමළ ගම විනාශ කළ පසු ඒවා රූපගත කර බටහිර රටවල පෙන්වා මුදල් රැස් කිරීම ඔවුන් කළා. මිනිසුන් සැඟවී සිටින කෝවිලක සිට ඉන්දියන් හමුදාවට පහරදී, ඉන්පසු ඉන්දියන් හමුදාව ඒ පහර දුන් තැනට ප්‍රති ප්‍රහාර එල්ල කරන විට එතැනින් පැන ගිය දෙමල සටන්කාමීන්, පසුව පැමිණ ෂෙල් පහරින් මැරුණු මිනිසුන් වීඩියෝ කරන විට එයට විරුද්ධ වූ කෙනෙක් තමා වෛද්‍ය නිර්මලා රාජසිංහම් (තිරාණගම) . ඔවුන් (ද්‍රවිඩ ඊලාම් විමුක්ති කොටි සටන්කාමීන් ) ඇයව යාපනයේ දී මරා දැමුවේ ඒ නිසයි.

      ජවිපෙ ප්‍රසිද්ධ නායක සෝමවංශ අමරසිංහ හා නිල නොවන නායක කුමාර් ගුණරත්නම් ඉන්පසු උතුරේ යුද්ධයට හමුදාවට සහය දීමට ජවිපෙ මෙහෙය වූවා. මේ ගම වැනි තැනක වුනු සමුලඝාතන වලට විරුද්ධව එදා හඬ නැගුවා නම් බොහෝ විට පසුව සිදුවූ දෙමළ වැසියන් ඝාතනය මග හැර ගන්නට ඉඩ තිබුන.

      Delete
    2. //කොලබ ගමයා බොගයට රිප්ලයි දාන්න මං හරිම කම්මැලියි. මේක කියවනකොට මට මතක් වෙන්නේ වික්ටෝරියානු සදාචාර සාහත්‍ය සංවාද // මේකට දෙයක් නැහැ. ඒක ඔබ තුමාගේ අදහස්. නෑවිත් ඉන්න. එච්චරයි.
      නමුත් දේශපලනය් නැහැ කියනවා කියන එකට් මේ පිළිතුර ? අර ජවිපෙ සාමාජිකයෝ බෝම්බ තියල දුවපු එක හරිද? හමුදාවේ දෙන්නෙක් මැරුනොත් හමුදවට් පුළුවන් තව දෙන්නෙක් එතනට දාන්න. ආක්‍රමණික හමුදවකට තියන බෝම්බෙ හා රටක් අතුල්ලේ හමුදාවකට තියෙනේ බෝම්බෙයි වෙනසක් තියනවා. අනික හමුදාව ඒවා කලේ මොසාඩ් වගේ අයගේ උපදෙස් පිට වෙන්නත් පුළුවන්. නමුත් මාක්ස්වාදය පදනමේ වත් ඔහොම ඒවා නැහැ. චේ ගුවේරා මිනිසුන්ට හමුදාවෙන් පහර වදියි කියල ගොවි ගම්මාන වලට යන්නේ නැතුව බඩගින්නේ ගියා. දැන් ඒ අය අනුගමනය කෙරුවයි කියල කරල තියෙන්නේ වෙන දෙයක් නේ. ඒ ජවිපෙ පැත්ත. හමුදාව හරියි කියල කියන්නෙත් නැහැ මෙතන. ප්‍රධානම ප්‍රශ්නේ හමුදාව සහ ජවිපෙ දෙකම මේ මිනිසුන්ව අමතක කරනවා. හේතුව - අදාල නෑනේ ඒකයි. නමුත් අද ජවිපෙ අතුරුදහන් වුවන් වෙනුවෙන් දෙමල සිංහල භේදයක් නැතුව පෙනී හිටිනවා නම් ඒක අගය කරන්න ඕනේ.

      Delete
  28. මම නම් මේ වගේ කතා හෝ චිත්‍ර පටි බලන්නේ නෑ... ඔය අඳුරු කාලය ගැන යන්තම් මතක අපිටත් තියෙනවා.. හැබැයි අපිට කරදරයක් වුනේ නෑ.. කැළණි ගඟේ මිනී පාවෙන හැටි ගැන තාත්තා කියපු කතා මතක් වෙනවා.. අපේ පවුලේත් එක අයිය කෙනෙක් ඔහොම අතුරුදහන් වෙලා තියෙනවා. අපේ තාත්තගේ අක්කගේ පුතෙක්. ඒ පවුලේ අය එයා නැති ජිවිතේට දැන්ට පුරුදු වෙලා. අඳුරු මතකයක් විතරයි අපි හැමෝටම තියෙන්නේ. එයා ගැන තියෙන්නේ බොහොම පොඩි මතකයක් හැබැයි මේ අතුරුදහන් කතා කියද්දී හැමදාම එයාව මතක් වෙනවා.

    මම නම් කවදාවත් ජේවීපී එක අනුමත කරන්නේ නෑ.. ඒ මගේ කැමැත්ත.. අපේ රට මේ වගේ පස්සට යන්න හේතුව විදියට මම හිතන්නේ ඔය කාලේ සිද්ද වෙච්ච ඔය ගොන් මෝඩ වැඩ සහ ඒ වට මුලික වෙච්ච පක්ෂ වල මිනිස්සු.. දැන්වත් අපි ඔය පරණ කතා ඇද ඇද විකාර කරන එක නතර කරලා අලුත් ලෝකයක් දකින්න පටන් ගන්න ඕනේ.. මිනිස්සුගේ ආකල්ප අලුත් කරන්න ඕනේ..

    ReplyDelete
    Replies
    1. මෙහමයි මම බලන්නේ මේවා විතරක් නෙමේ. අර සැල්වදෝරය වගේ ඒවා , නාසීන් යුදෙව්වන්ට කළ ඒවා මේ හැම දේම මම බලනවා. අපේ ලෝකය තේරුම් ගැනීමේදී මේවා වැදගත්. පරණ කතා අපට අවශ්‍ය වෙන්නේ මේ මිනිස්සු නැවත ඉතිහාසය රිපීට් කරන්න ගියහම. දැන් ඔය වැරදි කරපු හමුදාවේ අයට තවත් උසස්වීම් දෙනවනම් ඒක මම අනුමත කරන්නේ නැහැ. හෙමින් සීරුවේ වැදගත් විධිහට විශ්‍රාම ගියා නම් හරි. ජවිපෙ මෙතැන වැරැද්ද හදා ගන්න උත්සහ කරන බවක් පේනවා.

      Delete

මෙහි ඇති ඕනෑම ලිපියක් අජිත් ධර්මකීර්ති, අජිත් ධර්ම හෝ කොළඹ ගමයා බ්ලොග් ලින්ක් එක යටතේ උපුටා පල කිරීමට පුළුවන.
මෙහි පලවන ලිපි සහ දේශපාලන අදහස් මගේ පෞද්ගලික අදහස් පමණි.
ඔබේ ඕනෑම කොමෙන්ටුවක් මෙහි පල කරනු ලැබේ. නමුත් වෙනත් කෙනෙකුට සාධාරණ හේතුවක් නැතුව පහර ගසන අශිලාචාර අන්දමේ කොමෙන්ටු පමණක් පල නොකරමි. කොමෙන්ට් දමන සියල්ලන්ටම ස්තුතියි.