Friday 18 March 2016

2016 බ්ලොග් සම්මාන උළෙලේ නිර්දේශ වී ඇති බ්ලොග් - අනිකුත් අංශ

නෙලුම් යාය බ්ලොග් සම්මාන උළෙලේ අනිකුත් අංශ සඳහා නිර්දේශ කර ඇති බ්ලොග් අඩවි මෙසේය.

බොහෝ විට අපට යම් යම් බ්ලොග් අඩවි මග හැරීමට ඉඩ තිබෙන අතර ඒ ගැන කණගාටුව පළ කරමු.

කෙටි නවකතා

කවදාද ඒ වැහි වහින්නේ නොදනිම් - 1 -18 - නුවර කුමාරි

එකෝමත් එක කාලෙක - සිත්තමි.

මංගල සීනු 1, 2, 3 - නිහඬ සිත්තරාවි

නමක් නැති කතාවක්..1 - 10 - අම්බලන්ගොඩ කථා

කැලයේ උපන් මල් වත්තක මතක සුවඳ පොද-1-12 - කැලේ පිපුන මල්


 ප්‍රහසන 

වඳුරා......කුරුටු ගෑ ගී පවුර

 සුරක්ෂිතතා පූර්ව උපක්‍රම, කැනරි කුරුල්ලන්, අවිච්චියන් සහ මනීෂා කොයිරාල - රවී වීරසිංහ

සෝභමාන ගුවන් ඇටෙන්ඩොං -දුමි ගේ කට කහන කතා

ලියුං කියුං කටිං කෙරුං- තනි තරුව 

පරණ විහිලු පොත // same old joke - පින්ච් පොයින්ට්

 අතීත කාමය

දෙකේ වඩේ අංකල් ගේ වඩය, මාකටින් සහ අපි..- අවන්හල

සල්පිල සහ මල්වට්ටි වෙන්දේසිය - සොඳුරු අතීතයෙන් බිඳක්..

පොත් සමගින් ගැටවර විය..- කටුසු හදවත 

අපේ දිව්‍ය භෝජන අංක 1 සහ 2- ඉන්ද්‍රනාත තේනුවර

 භිෂණය මැදින් ටෙලිනාට්‍ය සමඟ ජීවිතය කොටස් 1 සිට 7 දක්වා- හැලපයා

සිප් කිරි පෙවූ මූසිලයින් උඩු මාලේ අපෙ ගුරුතුමා යයි තාමත් ඉස්කෝලේ - මා සඳු මල්

කවුද අප්පා දැනන් උන්නේ ජනාධිපති වෙයි කියලා.....- නොකී කතා .

මෙතෙක් කතාව සහ අද එතැන් සිට - හෙන්රි බ්ලොග් වෝකර්

 සංගීතය

මචං අර ඇන්තනී සුරේන්ද්‍ර ගහපු භාණ්ඩෙ මොකද්ද? - මනාගේ පින්තාරුව

කොළඹදී කම්පලක් නැතුව සෙනගක් මරාදාලා.. හද ගී පොත- තිස්ස දොඩන්ගොඩ 

ලෝකය නමැති ගමේ.. ප්‍රේමකීර්ති- ෆ්‍රෙඩි සිල්වා ගී එකතුව - සින්දු ඇනෝ

 දෘෂ්ටි රසය- ඉවාන් පවුලුෂා

කුලගෙදරින් - බන්දුල විජේවීර - ගී පැදුර

ABBA පස්වන කොටස - ජනප්‍රියත්වයේ මුල් පියවර- දම්පාට දේදුන්න


 සංචාරක -

වෙහෙරගල ලුණුගම්වෙහෙර 02 - අලුත් කුරුල්ලෙක්, කණේ හිලා සමග ගංජා හේන්... ලොකු පුතා

අතීත මුතුන් මිත්තන් විසූ පුරාණ ලෙන - බෙලිලෙන - දසත සැරිසර

වෙසක්  සඳ සමග තිරුකේතීෂ්වරම් - ලෝකයේ කොනක

ප්‍රාග් ඓතිහාසික ගුහා සංචාරය - The Dark Cave - බිත්තිය

විනාශකයාගේ නිම්නතර දිටි පාරාදීස - ඔමා ගේ හීන


 ඉතිහාසය

මෙන්න ඩ්‍රැක්‍යුලා - Dracula the Historical Figure - ඩ්රැකී ගේ අඩවිය

පළමු රහතුන් වැඩසිටි සොඳුරු වන අරණ -- රිටිගල - දසත සැරිසර (ශානිකා පවනි හේවගේ)

දේව විශ්වාසය හා අලුත්නුවර ඇත්තෝ 6 - sugv ගුණසිංහ

විජයබා කොල්ලය - රාජාවලිය XXXVII -පහන් යාය



පරිවර්තන

The story of my marriage - නිදහස් සිතුවිලි (රවී)

ඌරන් බලාගත් රාජ කුමාරයා - නිලූක කදුරුගමුව

බොරු නේද ඔය කියන්නේ? -මට හිතෙන හැටි


ගෘහස්ත කාරණා

එළුපැටියාගේ කතාව - කුඩා දරුවන් සිටින දෙමව්පියන් වෙනුවෙනි ......- ඇවිද්ද පය

වෙඩිං කතා...- හිරු නැති හෝරාව .

දියවැඩියාව පරදවන්නට නම් - ප්‍රභාෂ්වර

ඡායාරුප

උතුරේ සංචාරයක් - අසීමි දකිමි සොයමි

ඡායාරූප පිස්සුවෙ හොඳ එක. ටයිල් රටා. -මගේ ඩෙනිම - ඩුඩ් (1/1)

The Earth is Art, The Photographer is only a Witness part 2. ඕමාගේ හීන

පොටෝකාරයා වටින්නෙම නැද්ද..? - කැමරාවෙන් එහා ලෝකය


 18ප්ලස්

අනේ දෙයියනේ......!!!- කුරුටු ගෑ ගී පවුර

 සුවපත් කිරීම- මධු මාධවී

නෝනාගේ වයස - රාජ් ගේ නවාතැන

ලඹේ හොඳයිද මිස්? ගස් ලබ්බ. (3/3)

රත්තරන් ජංගිය - හෙනහුරා  


නෙළුම් යාය සම්මාන උළෙලේ හොඳම බ්ලොග් කරු සඳහා නිර්දේශ වී තිබෙන බ්ලොග් අඩවි මෙතනින් බලා ගත හැක.

2016 බ්ලොග් සම්මාන උළෙලේ නිර්දේශ වී ඇති බ්ලොග් - කාලීන සංවාද අංශය

2016 බ්ලොග් සම්මාන උළෙලේ නිර්දේශ වී ඇති  බ්ලොග් - දේශපාලන

2016 බ්ලොග් සම්මාන උළෙලේ නිර්දේශ වී ඇති බ්ලොග් -කෙටි කතා අංශය

2016 බ්ලොග් සම්මාන උළෙලේ නිර්දේශ වී ඇති  බ්ලොග් - විද්‍යා හා තාක්ෂණ , විද්‍යා ප්‍රබන්ධ 

ඉහත නිර්දේශ වී ඇති කිසියම් බ්ලොග් කරුවෙකු තමන් ගේ අඩවිය ඉවත් කර ගැනීමට අවශ්‍ය නම් අපට දන්වන්න.

35 comments:

  1. මම මේ අවේ අපිවත් නිකමට හරි නොමිනේට් වෙලාද බලන්න....

    ReplyDelete
    Replies
    1. මහත්මයා 2015 මුකුත් ලියල නැහැනේ. 2016 ලියන්න. 2017 බලමු.

      Delete
  2. අජිත් අයියා සහ නෙලුම්යාය සැමට....

    තේරීම් ගැන සතුට පළ කරන අතර තේරී පත්ව ඇති සියලු බ්ලොග්කරුවන්ට අපගේ උණුසුම් සුභ පැතුම්.....

    සින්ඩියේ පළකරා....... (තරහා අවසර)

    ReplyDelete
  3. බ්ලොග් අති බහුතරය ස්පර්ශ කළ හැකි ක්‍රමයක් ලබන අවුරුද්දට තිබුනා නං හොදයි නේද අජිත්.. මටත් හිතෙනවා සමාර හොද බ්ලොග් අපට මිස් වෙනවා කියලා.. කෙටි කතා වලදි මටත් අමතක උනා සදිනි තෙන්නකෝන් ගැන කියන්න. ඒ වගේ මං නොකියවන බ්ලොග් කොච්චර තියේද වර්ඩ්පේ‍රස් ඒවා හෙම.. අර තඩි කලුවයි මයික් කටායි අල්ලගත්ත නං (ඔව් ඔව් බෙලෙක් කටාත් හොදා. අටං) යම් ක්‍රම වේදයක් හදාගන්න තිබුනා.. ඒ කිව්වේ බ්ලොග් ලෝඩ් එකක් අරගෙන ලිස්ට් එකක් හදලා ඒක තව අයට දීල ඒකේ නැති ඒවා ඇඩ් කරන්න කියල වගේ.. මට තේරෙන්නෑ වෙන ක්‍රමයක් හරි..

    ReplyDelete
    Replies
    1. දේශකයා අනිවාර්යයෙන්ම හදන්න වෙනවා. නෙළුම් යායේ පල කරන එවලින් තම තෝරා ගන්නේ. නමුත් වැඩේ වුනේ හැම වෙලේම පල කරනන් බැරි ප්‍රයෝගික හේතු ගොඩක් ආව. අටමා ඔය වැඩේ පටන් අරන් තිබ්බ කියල කිව්වා. නමුත් අර අතර මැද ආපු ප්‍රශ්නෙකදී අටමා අයින් වුණා . මම ඒක ගැන කතා කරන්න කැමති නැහැ. නැත්නම් මම අටමාගේ නිර්දේශ බලා පොරොත්තුවෙන් හිටියා. මේ සැරේ බලන්න ඕනේ එහම ක්‍රමයක් හදන්න අසාධාරණයක් නොවෙන්න. නමුත් ගියපාරට වඩා බ්ලොග් ප්‍රමාණයක් බැලුනා.

      Delete
    2. මම තව පරිවර්තන බ්ලෝග වගයක් කියවල තියනවා. හොයා ගණන් බහ. අර සුදු මහත්තයා හරි ඒ වගේ එකක් තිබ්බ. මොන බ්‍රව්සර් එකේද මාක් කලේ කියල මතක නැහැ.

      Delete
    3. යසනාත් සිතුවිලි මග හැරිලා නේද...ගීතය හා සංගීතය ගැන ලියවෙන අගනා ලියවිල්ලක්.

      මම හිතන්නෙ ලබන වර කීප දෙනෙක් එකතු වෙලා ටිකක් මහන්සි වෙලා කල් ඇතුවම බ්ලොග් ගැන සමීක්ෂණයක් කරල දන්න අයට විස්තර එවන්න කියල ප්‍රසිද්ධ කිරීමත් එක ක්‍රමයක්.
      පස්සට කතා කරමු. දැන් මේ කලබලේට ඔය මදැයි..

      Delete
  4. දේශකයා විසින් දක්වා තිබෙන අදහස් හා එකඟ වෙනවා. මොනා වුනත් මෙවැනි වැඩක් පටන් ගැනීමත් දුක් මහන්සියෙන් අද තියෙන තත්ත්වයට ගෙන ඊමත් ගැන අජිත් ඇතුළු ඔබ සියලු දෙනාට ස්තුතියි. ලබන අවුරුද්දේ වඩා ක්‍රමවත්, විනිවිද පෙනෙනසුළු හා පරිණතව මේ සම්මාන තේරීම කර ගත හැකි වේවි . ඒ සඳහා අපේ සියලු සහය ලැබෙනවා . සම්මාන සඳහා නිර්දේශ ලැබූ සියලු දෙනාට උණුසුම් සුබ පැතුම්
    (ඒ අතරේ ඉහත ලයිස්තුවේ ඇති සම්මානයක් සඳහා නිර්දේශිත මගේ පෝස්ටුව තරගයෙන් ඉවත්කරන මෙන් ඉතා නිහතමානීව ඉල්ලනවා)

    ReplyDelete
    Replies
    1. ස්තූතියි . අයින් කලා. එන අවුරුද්දේ තේරීම් කමිටුවකට ඉන්න පුලුවන්නම් හොඳයි.

      Delete
    2. බොහොම ස්තුතියි අජිත් . සුදුසුයැයි සිතේනම් එන අවුරුද්දේ විද්‍යා හා තාක්ෂණ අංශවල බ්ලොග් තේරීමට මම උදව් වෙන්නම්. සරල සිංහලෙන් විද්‍යාව හා තාක්ෂනය ජනතාව අතරට ගෙනයන ලිපි ලිවීමට අප බ්ලොග්කරුවන් උනන්දු කරන්න ඕනි. විද්‍යාව හා තාක්ෂනය වෙනුවෙන් වෙහෙසුණු මෙරට විද්වතුන්ගේ ජීවන චරිතද ඇතුළත් වෙන්න ඕනි මේ අංශයට .උදා : 'අහිමි වූ ජෙට් එන්ජිම' වගේ පෝස්ට් මගේ මතය අනුවනම් එන්න ඕනි ' අතීත කාමය' කියන කැටගරියට නෙවෙයි 'විද්‍යාව හා තාක්ෂනය' යටතට

      Delete
    3. Eka hondayi.ahimi vu jet enjima athitha mathakayak vage penune.

      Delete
    4. ඒ ගැන අවුලක් නෑ අජිත්. ඒ මගේ පුද්ගලික මතය. වැඩේ සාර්ථක වෙන්න කියා නැවතත් සුබ පතනවා

      Delete
    5. කැටගරි වලට වෙන් කිරීමේ අවුල් තියෙනවා. ලබන සැරේට හදා ගනිමු.

      Delete
  5. මම පහුගිය අවුරුද්ද පුරා දුක් මහන්සියෙන් කියෝලා ලකුණු දීලා හදා ගත්ත ලිස්ට් එකේ නමුත් මෙතන තියෙනවා දැක්කම සන්තෝෂයි.

    හොඳ සිස්ටම් එකකට ලකුණු නම් දුන්නා. හැබැයි මිස් වෙන බ්ලොග් ගැන නම් යමක් කරන්න පුළුවන් වෙයිද දන්නේ නෑ. මගේ අදහසක් තියෙනවා ඊළඟ අවුරුද්දේදී සම්මාන සඳහා 'අයදුම් කරන්න' බ්ලොග් කරුවන්ව යොමු කරන්න කියන්න. සුළු දෙයයි තියෙන්නේ. ෆේස්බුක් පේජ් එකක්/ ඉ මේල් එකක් දීලා තමන්ගේ පොස්ට් එකේ ලින්ක් එක එවන්න කියනවා. එහෙම අයදුම් කරන ඒවා විතරක් සම්මාන සඳහා තොර ගත්තට ගැටළුවක් නෑනේ. එපා කියද්දී බලෙන් සම්මාන දෙන්න දැන් අව්ස්‍යතාවයක් නෑ මං හිතන්නේ. මෙවර මේ ක්‍රමය අනුගමනය කරේ සම්මාන උළෙල උඩට ගන්න. ඉස්සරහට එහෙම කරන්න ඕනි වෙන එකක් නෑ.

    ReplyDelete
    Replies
    1. ඔව් කමී ඒක ඉතා හොඳ යෝජනාවක්. සම්මාන උළෙලක් පිලිබඳ යම් ප්‍රමිතියක් ඇති වුනාම හොඳම දේ තමයි අයදුම්කරුවන්ට ඒ සඳහා ඉල්ලුම් කරන්න ආරාධනා කිරීම.

      Delete
    2. ඒක ඇත්තටම මුලින්ම යෝජනා කලේ කුරුටු ලා . ඒ ගොල්ලන්ගේ යෝජනාවක් කලින් ලිස්ට් එකේ තිබෙනවා.

      Delete
    3. නෑ කමියා. අපි ඒ තත්වෙට වැටෙන්න ඕන නෑ.. අයදුම් නොකරත් අපිට ඒ කිව්වේ තීරකයන්ට හොදය කියා හිතෙන බ්ලොග් තියේනං ඇඩ් කරගන්න නිදහස තියෙන්න ඕන.. ඒක ප්‍රජාතන්න්‍රවාදියි. තියෙන දකින දේට වඩා නොදන්න දේ කොච්චරද බං.

      උඹ අහල ඇතිනේ.. “වැඩි පුර කියවන්න කියවන්න,, දැනුම දුප්පත් වෙනවා“ කියන එක..

      Delete
    4. සම්මාන සඳහා ඉල්ලුම් කරන්න කියන යෝජනාවට එනඟ වගේම ඉල්ලුම් නොකළත් සංවිධායක මණ්ඩලය හා තේරීම් මණ්ඩලය නිර්දේශ කරන බ්ලොග් සම්මාන සඳහා සළකා බැලීමයි නිවැරදි ක්‍රමය. ඒ මගින් බ්ලොග් අවධානයට ලක් නොවීම අවම වෙනවා.

      Delete
    5. සම්මානවලට ඉල්ලලා ඉදිරිපත්වීමේ සම්ප්‍රදායෙන් මිදුණු ඒකනම් හොදයි.
      ඉල්ලලා සම්මාන නැති උළෙලක් හැටියට තියා ගැනිම වැදගත්.සම්මානයෙ වටිනාකම වැඩි වෙනවා.ඒ්කට වැඩි ගරුත්වයක් ලැබෙනවා

      Delete
  6. සුබ පතමි නම් ඉදිරිපත් වුනු හැමටම
    ප්‍රණාමය උර දෙන හැමෝටම
    " කවි/ නිසදැස්" වලට
    තිබුණනම් අගෙයි 'අගේ කෙරුමක්'

    ReplyDelete
    Replies
    1. කවි නිසඳැස් තෝරලා තියෙන්නේ . කලින් පොස්ට් එකක. ඔක්කොම එකට දානවා පස්සේ.

      Delete
  7. This comment has been removed by the author.

    ReplyDelete
  8. සම්මාන අපේක්ෂාවෙන් නොලිව්වත් බ්ලොග් ලෝකයට ආධුනිකයෙක් වශයෙන් අංශ දෙකකින්ම සම්මාන සඳහා නිර්දේශ වීම ගැන ඇතිවන්නේ නිහතමානී සතුටක්.
    සම්මාන සඳහා නිර්දේශ වූ සැමට හෘදයාංගම සුබ පැතුම්.

    ReplyDelete
  9. සුභ පැතුම්.... බ්ලොග් ගැන මෙහෙම හරි සමාජයේ කතාබහක් ඇතිවීම වටිනවා... 2007 සිට බ්ලොග් ලියන්නෙමි... නමුත් මෙවැනි දෙයකට සහභාගි වෙන්නේ මේ අවුරුද්දේය. එමි, බලමි.

    ReplyDelete
    Replies
    1. කොපමණ හොඳද සාදරයෙන් ප්ලිගනිමු දෙවන අවුරුද්දේ පළමු අවුරුද්දට වඩා වැඩි බ්ලොග් ප්‍රමාණයක් සලක බැලු මුත් තවමත් අතපසු වීම් සිදුවේ

      Delete
  10. මගෙත් පෝස්ට් තුනක් නිර්දේශ වෙලා. බොහොම තන්තෝසයි සම්මාන ලැබුනත් නැතත්. වැඩේ සාර්ථක වෙලා පාශල් ෆන් එකත් ගන්න ලැබේවා කියල ප්‍රාර්ථනා කරනව. එන්න බැරිවීම ගැන කණගාටුයි.

    ReplyDelete
  11. අිකොහෙන්දැයිඑච්චවාසනාවක්

    ReplyDelete
    Replies
    1. අර ඔයා ලිව්වා පොත ගැන ඇවිත් කියන්න. ඊ පොත ගැන

      Delete
  12. මේකට යන වියදම්, මැදිහත්වීම යනාදිය කාගෙන් කොහොම වෙනවාද කියලා මං දන්නේ නැත. ඒ වුනත් ඒ හැමෝටම මගේ උත්තමාචාරය පිරිනැමේ.

    ReplyDelete
  13. මේකට නිර්දේශවීම ස‍දහා අපි ඉල්ලුම් කරන්න ඕනද? නැත්නම් කොහේ හරි රෙජිස්ටර් වෙන්න ඕනද?

    ReplyDelete
  14. මේ සදහා අපි ලියාපදිංචි විය යුතුද?

    ReplyDelete
    Replies
    1. ලියා පදිංචි වෙන්න අවශ්‍ය නැහැ. නමුත් බ්ලොග් ලිපිනය එව්වා නම් පහසුයි. BLOGPOWER.INFO අඩවිය මාතලන්ගේ සින්ඩිය අජිත් කුමාරගේ සින්ඩිය වගේ එවලින් හොයා ගන්නේ . නැත්නම් නෙලුම් යායේ පලවෙන ලිපි

      Delete
  15. නිර්දේශ අතරට නම එකතු වී තිබීම ගැන ගොඩාක් සතුටුයි. ඔබතුමන් ඇතුළු සංවිධායක මඩුල්ලටම, මේ වෙනුවෙන් ධනය, කාලය, ශ්‍රමය කැප කරන හැම දෙනාටම බොහොමත්ම ස්තූතියි. නිර්දේශිත නාම අතරට එකතු වෙන්න ලැබුණ හැම දෙනාටම මගේ සුබ පැතුම්!

    ReplyDelete

සියලු හිමිකම් අජිත් ධර්මකීර්ති (Ajith Dharmakeerthi) සතුය. කොළඹ ගමයා බ්ලොග් අඩවියේ යොමුව සඳහන් කර හෝ අජිත් ධර්මකීර්ති යන නමින් පමණක් මෙහි ලිපි උපුටා පළ කරන්නට අවසර තිබේ.
මෙහි පලවන ලිපි සහ දේශපාලන අදහස් මගේ පෞද්ගලික අදහස් පමණි.
ඔබේ ඕනෑම ප්‍රතිචාරයක් මෙහි පල කරනු ලැබේ. නමුත් වෙනත් කෙනෙකුට සාධාරණ හේතුවක් නැතුව පහර ගසන අශිලාචාර අන්දමේ ප්‍රතිචාර පමණක් පල නොකෙරේ. බ්ලොගයට ගොඩ වදින ඔබ සියලු දෙනාට ස්තූතියි .