Thursday 14 January 2016

හිටපු හමුදා නිලදරුවකු වීම වරදක්ද ? ඡායාරූපයක් ගැනීම නිසා අත් අඩංගුවට පත් වුනු බ්ලොග්කරුවෙකු කතාවක්

නාටකය පටන් ගත්තේ පෙරේදාය. අද මේ ලිපිය ලියන්නේ කෙළවරක් වී යයි සිතුවත් අවසන් නොවූ කතාවක් ගැන කියන්නටය. බ්ලොග් අවකාශයේ නිරන්තරයෙන් සැරි සරනා සහෘදයෙක් ගෙන් පෙරේදා මට පණිවුඩයක් ලැබුණි. "හදිසියක්. කල්‍යාණ මිත්‍ර පොලිසියෙන් අල්ලලා". ඊයේ පෙරේදා ඌව පළාතේ සම්පත් මද යැයි කිව හැකි පාසලක ළමා ළපටින්ට නෙළුම් යායත් සමග එකතුව පොත් පත් උපකරණ ආදිය බෙදාදී ලංකාවේ පවසන විධිහට පින්කමක් ද කරගත් කල්‍යාණ මිත්‍ර තෙමේ මේ කුමක් නම් කරගෙනද. රාජපුරුෂයන් විසින් කුදලා ගෙන යන්නට ".

නියම විස්තරයක් සොයා ගැනීම සඳහා වහාම ලංකාවට කතා කලෙමි. සිදු වී ඇත්තේ මට නම් හිතා ගැනීමට නොහැකි දෙයකි. අතක් පයක් නිකන් තියාගෙන ඉන්නට බැරි මේ හාදයා ඡායාරූපයක් ගෙන තිබේ. එසේ මෙසේ එකක් නොව හමුදාපති තුමෙකුගේ එකකි. එයත් එසේ මෙසේ එකක් නොව ගමනක් යමින් සිටියදීම වැඩ කිඩ දා හමුදාපති වාහනය කැමරාවට හසු කරගෙන තිබේ. කැමරාව මොබයිල් එකේ ඇති කැමරාවයි. මෙය හමුදාපති මහතා ගේ ආරක්ෂාවට සිටි නිල දරුවන් ගේ උකුසු ඇසට හසු වී තිබේ. ත්‍රිවිලයකින් යමින් සිටියදී ගත් ඡායාරූපයක් පවා ඇසට හසු කරගන්නට ඔවුන් සැබවින්ම දක්ෂයන් විය යුතුය. මෙහිදී අවධාරණය කළ යුත්තේ ඔහු ගත්තේ ඡායාරුපයක් පමණක්ය යන්නය.


ලංකාවේදී ඡායාරූප ගැනීමට ගොස් සිදුවූ මේ ඇබැද්දිය නිසා ඡායාරූප ගැනීම ගැන ලංකාවේ නිලදරුවන් කොතරම් සංවේදීද යන්නද මා හොඳින් දන්නා නිසා කල්‍යාණ මිත්‍ර ගේ ක්‍රියාව අනුමත කිරීමට මට නම් නොහැකිය. කොටින්ම හමුදාපතිවරයෙකු ගේ වාහනයේ ඔහු සිටියදී පින්තුර ගැනීම ඔහුගේ ආරක්ෂාවට තර්ජනයක් විය හැකිය. මෙය සිදු වූයේ 2009 ට කලින් නම් කල්‍යාණ මිත්‍ර මාස හයක් වත් ඇතුලට යන බව විශ්වාසය. කල්‍යාණ මිත්‍ර කියන අන්දමට ඔහු එය ගත්තේ හමුදාපති වරයා ගමන් ගත් රථයේ ඔහුගේ සන්නාමය (insignia) තිබු නිසාය. ඔහු එය දැක නොතිබූ නිසා පින්තුරය ගත් බව පවසයි. ඇත්තටම වෙන හේතුවක් ගැන මටවත් සිතා ගැනීමට නොහැක. බ්‍රිතාන්‍ය වැනි රටක නම් අගමැති ගේ, රැජිනගේ හෝ ඕනෑම ඉහල අයෙකුගේ ඡායාරුප ගත හැකිය. නමුත් හමුදාව සම්බන්ධ ස්ථාන වල ඡායාරුප ගත හැකිදැයි නොදනිමි.  මා පසුගියදා එවැනි හමුදා කඳවුරක ඡායාරූප කිහිපයක් ගත්තෙමි. කඳවුර අවට ප්‍රදේශය ඉතා පියකරු බැවිනි. ඒ අහල පහලක එළදෙනුන් හා තවත් සතුන් කීප දෙනෙකු ඇරෙන්නට වෙනත් කිසිවකු නම් නොදුටිමි.

ඒ කියන්නේ එංගලන්තය වැනි රටක නම් බොහෝ විට සිදු වන්නේ මෙයයි. ඔවුන් රහසින්ම මා පසු පස කිසිවකු එවනු ඇත. මගේ ලිපිනය සොයාගෙන මා කවුදැයි සොයා ගැනීම අපහසු නැත. රහසේම ඒ විස්තර සොයාගෙන සාමාන්‍ය සිවිල් පුරවැසියකු නම් කිසිවක් නොකරති. නමුත් කිසියම් ම හෝ සැකයක් ඇති වුයේ නම් (ත්‍රස්ත සංවිධානයක සම්බන්ධකමක්) ඉන්පසු පසු පස යමින් වරදක් කරන තුරු සිට අත් අඩංගුවට ගනිති. හැබැයි ඒ හෙල්ලෙන්නට බැරි වෙන්නට සාක්ෂි සොයා ගෙනය. එතෙක් කිසිම හිරිහැරයක් කරන්නේ නැත. බොහෝ විට මුල් පැයේදීම සියලු තොරතුරු සොයා ගැනීමට ඔවුන්ට හැකිය. නමුත් ප්‍රධානම කාරණය නම් ඉහල නිලයක් ඇති පුද්ගලයෙකුගේ වාහනයක ඡායාරුපයක් ගැනීම වරදක් නොවන බවයි.

ඉතින් හිටපු නාවික හමුදා නිලධාරියෙකු මෙන්ම පදක්කම් තුනක් ලබා ගත් රණ විරුවකුද වන වන අපේ මිත්‍රයා ඡායාරුපයක් ගැනීමේ වරද කීම දැයි විමසන්නට ඇත. යුනිෆෝර්ම් හැඳි ආරක්ෂක භටයන් ගෙන් ප්‍රශ්න විමසිය යුතු නැත යන්න මම ජිවිතයේ මුල් කාලයේම ඉගෙන ගත් දෙයකි. හිටපු නාවික හමුදා නිලධාරියෙකු නිසා කල්‍යාණ මිත්‍රට අපට මෙන් ඒ ගැන විචිකිච්චාවක් තිබෙන්නට නැත. ඔහුගේ ප්‍රශ්න ඇසීමෙන් උරණවූ ගුවන් හමුදා නිලධාරීන් ඔහු පොලිසියට භාර දී ඇත.

මෙයට තවත් හේතුවකුත් තිබෙන්නට පුළුවන. ගුවන් හමුදාපති තුමාගේ ගේ දියණිය කිසියම් සංගීත සන්ධ්‍යාවකට යාම හෝ එහි දී සංගීතඥයා වැළඳ ගැනීමක් කිරීමක් පිළිබඳව කිසියම් මාධ්‍යයක් මගින් විවේචනයට ලක් වී තිබෙන බව දැනගන්නට ලැබී තිබේ. බ්‍රිතාන්‍යයේ ජිවත් වන අපට නම් මේවා මහා ලොකු දේවල් නොවේ. ඕනෑම සංගීත සන්ධ්‍යාවක එවැනි දේ කොහොමත් සිදු වන බැවිනි. අපේ කාර්යාල වල තරුණියන්ද අනන්ත මෙවැනි සංගීත සන්ධ්‍යා වලදී සංගීතඥයන් අසලට යාමට පොර කති. නමුත් මේ සිද්ධිය විවේචනය කරමින් පල කල පුවතක් නිසා භටයන් මෙහිදී මදක් සංවේදී වුවා විය හැක.

පොලිසියේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ඔහුව ප්‍රශ්න කිරීමකට බඳුන් කර ඇත. එහිදී කල්‍යාණ මිත්‍ර විසින් බුකියේ හෙවත් වත්පොතේ පොලිසිය සම්බන්ධව පල කල කිසියම් පුවත් ප්‍රමානයක් ගැන විමසා තිබේ. මෙය නම් කණගාටුවට කරුණකි. රාජ්‍ය ආරක්ෂාවට තර්ජනයක් නොවන දේශපාලන හෝ වෙන මොනයම්ම ලිපියක් තමන්ගේ බිත්තියේ පල කිරීමට කාගේවත් අවසරයක් අවශ්‍ය නැත. බටහිර රටවල නම් ජාතිවාදී, ආගම්වාදී හෝ ත්‍රස්තවාදී හෝ පුද්ගලයෙකුට එල්ල කර මරණිය තර්ජන හා අපහාස කිරීම ආදියේදී බුකියේ හෝ වෙනයම්ම තැනක පල කරන දෙයක් පොලිසියේ අවධානයට ලක්විය හැකිය. බොහෝ විට එවැනි අයට නඩු පවරනු ලැබේ. මෙතැනදී කල්‍යාණ මිත්‍ර අතින් එවැන්නක් සිදුවී නැත.

මට දැන් ප්‍රශ්න කිහිපයක් මතු වී . එකක් නම් ශ්‍රී ලංකාව තවමත් අනාරක්ෂිතද යන්නය. නාවික හමුදාවෙන් ඉවත්ව පැමිණි රණ විරුවකු වන කල්‍යාණ මිත්‍ර ඡායාරුපයක් ගැනීමෙන් වරදක් කලාද? හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා තවමත් ත්‍රස්ත තර්ජන තිබේ යයි කි බව අප දනිමු. එය එසේ නම් ඒ ගැන හෙළි දරව් කිරීම රජයේ යුතුකමකි. සාමාන්‍ය සිවිල් වැසියන් මේවා දන්නේ නැත. ගුවන් හමුදාපති තුමා විසින් මේ සිද්ධිය පිළබඳ එතරම් තැකීමක් නොකළ බවක් අපට දැන ගන්නට ලැබී ඇත. එයට අපගේ ස්තූතිය. එසේම සිද්ධිය දැනගත් වහාම අප හා දුරකතනයෙන් සම්බන්ධවී ප්‍රශ්නය නිරාකරණය කිරීමට පොරොන්දු වූ නියෝජ්‍ය ජන මාධ්‍ය ඇමති කරණාරත්න පරණවිතාන මහතාටද නෙළුම් යාය වෙනුවෙන් ස්තුතිවන්ත වෙමු.

මගේ ඊළඟ ප්‍රශ්නය වන්නේ කල්‍යාණ මිත්‍ර ඇප දී පොලිසියෙන් නිදහස් කර ඇතත් පොලිසියෙන් ඔහුගේ බිරිඳගේ නිවසට ගොස් ඔහු පිළිබඳව විමසා තිබේ. ඔහුගේ බිරිඳ දැනට දරුප්‍රසුතිය සඳහා නිවසේ සිටි. කල්‍යාණ මිත්‍ර නාවික හමුදාවෙන් ඉවත්ව අවුරුදු හය හතක් වේ. එසේම ඔහු පිළිගත් ඉදිකිරීම් ආයතනයක කළමනාකරුවෙකි. නීති ශිෂ්‍යයෙකි. සමාජ සේවකයෙකි. සමාජ ජාලා ක්‍රියා කරුවෙකි. බ්ලොග් ලියන්නෙකි. මේ කිසිවක් නොව පොලිසියට ප්‍රශ්නය වී ඇත්තේ ඔහු හිටපු හමුදා නිලධාරියෙකු වීමය. මේ අව් අස්සේ ලංකාදීප පුවත්පතේ මාධ්‍යවේදියෙකු විසින් තවත් පුවතක් පල කර තිබේ. ඒ කල්‍යාණ මිත්‍ර මෙය වීඩියෝ කළා කියාය. අදාල මාධ්‍යවේදියා මෙය දුටුවා ද? ඔහුගේ මොබයිල් දුරකථනය තවම පොලිසියේය. ඔහු අත් අඩංගුවට ගත් පොලිසිය එය තමන් ගේ භාරයට ගත්තේය. පින්තුරයක් වීඩියෝවක් බවට පත් වූයේ කෙසේද? ලංකාදීප මාධ්‍යවේදියා කියන්නේ ඇත්තක් නම් කවුරුන් හෝ දුරකථනය නැවත රැගෙන ගොස් වීඩියෝ කළා දැයි අප දන්නේ නැත. කෙසේ හෝ වේවා අහිංසක ලෙස ගත් ඡායාරුපයක් නිසා කල්‍යාණ මිත්‍ර කිසියම් අන්දමකින් වරදකට හසු කරන්නට තැත් කරන්නේ යයි සැකයක් අපට මතුව තිබේ. අප පොලිසියෙන් කරුණාවෙන් ඉල්ලා සිටින්නේ මේ සත්‍ය තත්වය වටහා ගෙන අපේ සහෝදර බ්ලොග් කරු තේරුමක් නැති පරීක්ෂණ වලින් නිදහස් කරන ලෙසයි.

104 comments:

  1. ඔබ මේ සම්බන්ධව අදාළ හැම පැත්තක්ම පුළුල්ව සාකච්ඡා කර ඇති නිසාත්, ලියා ඇති කරුණු සමඟ මමද සම්පූර්ණයෙන්ම එකඟ වන නිසාත්, අමුතුවෙන් කියන්නට යමක් නැත. කණගාටුදායක සිදුවීමකි. ප්‍රශ්නය දුරදිග නොගොස් කෙළවර වනු ඇතැයි ප්‍රාර්ථනා කරමි. ඔබ මේ ගැන මෙසේ දැනුවත් කිරීම අගය කරමි. මේ අවස්ථාවේදී ඔහු වෙනුවෙන් කළ යුතු හොඳම දෙය මේ සිද්ධියට හැකිතරම් වැඩි ප්‍රසිද්ධියක් දීමද එසේ නොකිරීමද යන්න ගැන මට තවමත් පැහැදිලි අදහසක් නැත.

    ReplyDelete
    Replies
    1. ගුවන්හමුදා පති තුමා සිද්ධිය පිළිබඳව දැනුවත්ව එතරම් බලපෑමක් නොකළ නිසා අපි මෙය ප්‍රසිද්ධ නොකිරීමට තමා හිතන් හිටියේ. නමුත් පොලිසිය තවමත් පරීක්ෂණ පවත් වන්නේත් ඔහුගේ නිවසට අද ගියේ ඇයිද කියා අප දන්නේ නැහැ. ලංකාදීප ලිපියෝ වීඩියෝවක් කියා තත්වය වෙනස් කර ලියා ඇත්තේ ඇයි කියා දන්නෙත් නැහැ. ඒ නිසා තීරණයක් ගත්තා ප්‍රසිද්ධ කරන්න. කල්‍යාණ මිත්‍රට දැනුම් දීලා තමා මම ලිව්වේ.

      Delete
  2. මෙහි ඇති භයානකකම තමයි, මෙවැනි අත් අඩංගුවට ගැනීමකින් පසු රිමාන්ඩ් කිරීම සහ ඇප දීම ප්‍රතික්‍ෂේප කරමින් තබා ගැනීමට පවා පොලීසියට මා හිතන විදියට තවමත් හැකිවීම.

    ඒ වගේම හොර රහසේ නීති විරෝධීව අත් අඩංගුවට ගෙන පොත්වල නො ලියා රඳවා ගැනීම් තවමත් කෙරෙනවා ද දන්නේ නෑ!

    දැන් මේ ෆොටෝ එක ගත්තේ සුමිත් නොව, සුමතිදරන් වැන නමක් ඇති අයෙකු නම්?

    ReplyDelete
    Replies
    1. අපි හිතුවා සවස් වන විට මෙය ප්‍රශ්නයක් නැතුව නිරාකරණය කර ගැනීමට හැකිය කියා. සුමතිදරන් වැනි නමක් නම් තටහ්වය ටිකක බරපතල වෙන්න පුළුවන් තවමත්.

      Delete
    2. සුමතිදරන් නම් ප්‍රශ්නයක් නෑ.. සුමිත් වුන එකයි අවුල.දැන් සුමිත්ලා ආරක්ශාවට තර්ජනයක්.

      Delete
  3. සිද්ධිය සිදුවී ටිකවෙලාවකින් විස්තරය දැනගත්තා. හවස 2-3 වෙනකොට දැනගත්තා පොලීසිය විසින් කල්‍යාණව රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමේ උසාවි නියෝගයක් නොගන්නා බව. සැනසුම් සුසුමක් හෙලා, ඔහු එලියට ආවා කියන ආරංචිය ලැබෙනතුරු බලාහිටියා.

    සිද්ධිය මේ තරම් දුරදිග ගියේ, පසුගිය දිනවල, ගුවන් හමුදාපතිගේ දියණිය ගැන ඇතිවූ, ආන්දෝලනාත්මක තත්වය නිසා යයි සිතනවා.

    අපොයි මගේ බ්ලොග් එකේ තියන හමුදා තොරතුරු කියවලා, මාව 'ජීවිතාන්තය දක්වා එල්ලුම්ගස්' යවයිද දන්නේ නෑ.

    ReplyDelete
    Replies
    1. ඔබ දන්නා බව මට දැන ගණන් ලැබුනා. කල්‍යාණ මුලදී බ්ලොග් කතාවල් කියන්න ගියේ නැහැ කොහොමටත්. මාත් හවස් වන තුරු බලන් හිටලා ඔහු එලියට එන තුරුම.
      //සිද්ධිය මේ තරම් දුරදිග ගියේ, පසුගිය දිනවල, ගුවන් හමුදාපතිගේ දියණිය ගැන ඇතිවූ, ආන්දෝලනාත්මක තත්වය නිසා යයි සිතනවා. // මේක නම් තේරුමක් නැති දෙයක් හැටියට තමා මම දකින්නේ. සාමාන්‍ය දෙයක් මිසක් වදගාත් ප්‍රවෘතියක් නෙමෙයි නේ.
      //අපොයි මගේ බ්ලොග් එකේ තියන හමුදා තොරතුරු කියවලා, මාව 'ජීවිතාන්තය දක්වා එල්ලුම්ගස්' යවයිද දන්නේ නෑ.// බොහොම භයානකයි , බොහොම භයානකයි. අනික හිටපු හමුදා නිලදරුවෙක්.

      Delete
    2. 'ජීවිතාන්තය දක්වා එල්ලුම්ගස්'
      ජීවිතාන්තය තෙක් එල්ලුම්ගස්? දෙකෙන් එකක් තෝරා ගන්න වෙනවා විචා. එක්කෝ ජීවිතාන්තය දක්වා හිර දඬුවම්, නැත්නම් එල්ලුම්ගස්. ඔහෙත් රාජපක්ශල වගේනෙ. දෙකම ඕනෙ :)

      පස්ස නොබලා දුවමින් " විචා මහත්තයට ජීවිතාන්තය දක්වා කිව්වට වයසත් එක්ක අවුරුදු කීපයයි නෙ හිරේ ඉන්න වෙන්නෙ" හැක්

      Delete
    3. වැඩක් නැනේ මේ රණවිරු පන්පොරියෙන්

      ප්‍රශ්නය නිරාකරණය කිරීමට පොරොන්දු වූ නියෝජ්‍ය ජන මාධ්‍ය ඇමති කරණාරත්න පරණවිතාන මහත්මයත් ප්‍රශ්නෙට මැදිහත් වෙන්න උනා එහෙනම්
      //අපොයි මගේ බ්ලොග් එකේ තියන හමුදා තොරතුරු කියවලා, මාව 'ජීවිතාන්තය දක්වා එල්ලුම්ගස්' යවයිද දන්නේ නෑ.// බොහොම භයානකයි , බොහොම භයානකයි. අනික හිටපු හමුදා නිලදරුවෙක්.සුළු දිය පහවෙයිද
      එතුමාට
      කල්‍යාණ මිත්‍රටගැන ඉතාමත් කනගාටුයි සමාජ සේවකයෙක් හැටියට

      Delete
    4. රණවිරු කතාව ලිව්වේ පම්පොරියකට නොවේ. රණවිරු කියල මුරුංගා අත්තේ තබල ඊට පස්සේ පහලට ඇදල දමන ශ්‍රී ලංකාවේ සමාජය ගැන කියන්න. මම කවදාවත් ඔය රණවිරු කටහ්වට දායක වුන කෙනෙක් නොවේ. යුද්ධය ගැන උපේක්ෂාවෙන් බලපු කෙනෙක්. නමුත් මගේ බ්ලොග් ලිපිය බලන්න ඒ ගැන.මම හමුදාවට මිනීමරුවෝ කියනවට කැමතිත් නැහැ. ඔය සමහරු කරනවා වගේ.

      Delete
    5. @ ඉයන්.

      නෑ නෑ කලබල වෙන්න එපා. මම 'ජීවිතාන්තය දක්වා එල්ලුම්ගස්' කිව්වේ මෙන්න මේ නිසා. මරණ දඬුවම ක්‍රියාත්මක කරන්නේ නැහැනේ දැන්. ඉතින් මරණ දඬුවම නියමවූ පුද්ගලයා එල්ලුම්ගහේ ඉන්නවා වගේ ජීවිතාන්තය දක්වාම ගතකරනවා. ඔන්න ඕකයි මම අදහස් කලේ.

      සුළු දිය හරි මහදිය හරි පහවෙන්න තවම මාව අල්ලගන්න කවුරුක්වත් ආවේ නැහැනේ. ආවම බලමුකෝ.

      Delete
    6. විචාරක මහතාව අල්ලන් එන්නේ මොකටද? අනික විචාරක කියන්නේ කවුද කියල හොයා ගන්නේ කොහොමද? ඔන්න මාව නම් ලේසියි හොයා ගන්න . නම ගම ඔක්කොම දාලානේ තියෙන්නේ.

      Delete
  4. මෙම අවස්ථාවේදී අජිත් මහතා සහ ඔහුගේ හිතවතෙකු කමියාව නිදහස් කරගැනීමට විශාල කාර්‍යභාරයක් කලබව දැනගතිමි. තවත් ප්‍රසිද්ධ කමෙන්ට් කරුවකුද මෙය සම්බන්ධිකරණය කරමින් කල කාර්‍යභාරයද ප්‍රසංශනීයයි.

    ReplyDelete
    Replies
    1. හැමෝම උත්සාහයක් දැම්මා. බ්ලොග් කරුවන්ගේ එකතුව ප්‍රශංසනීයයි.

      Delete
    2. මේවගේ වෙලාවට මිනිස්සු හුගක් අසරණ වෙනවා, බ්ලොග් සහෝදරත්වය අගය කල යුතුයි.

      Delete
    3. ලලිත සමග මගේ ද ප්‍රශංසාත්මක ස්තුතිය පිරිනමමි. මා දැන ගත්තේ මේ දැන් ඒකත් අහමිබෙන්. සිද්ධිය ගැන දුකයි සහෝදරත්වය ගැන අඩම්බරයි

      Delete
  5. ඉතා කනගාටුදායක තත්වයක්.... කල්යාන මිත්‍ර තුමාට කරදරයක් නොවේවා යැයි පතමි!

    ප ලි: ලන්කාදීපේ බෝතල් පත්තරකාරයන් ලියන කෙප්ප ගනන් ගන්න එපා

    ReplyDelete
    Replies
    1. ස්තූතියි සරසා. මේ බ්ලොග් ලිපිය ඇත්තටම ලිව්වේ ඒ නිසා. වෙන බාල්දියක් දැම්මොත් කියන අදහසින්.

      Delete
  6. කල්‍යාණට එහෙම දෙයක් වුනා කියලා දැනුයි දන්නේ.අජිත් අයියා මේ ගැන ලියපු එක වටිනවා.පුවත් පත් වල මේ ගැන පලවුනොත් පල වෙන්නේ කෙන්ද කන්ද කරලයි.

    ReplyDelete
  7. මීට පෙර මෙවන් තත්වයන්ට මුහුණ දුන් බොහෝ දෙනා රට හැර ගියා, ලංකාදීප වාර්තාව වැරදි නිසා ඔවුන්ගේ වැරුද්ද නිවැරදිකිරීමේ ලිපියක් පළකරවා ගත හැකිද? එවැන්නකට ඔබගේ මෙම පොස්ටුවේ කරුනු බොහොමයක්ද එවැන්නකට ඇතුළු කිරීමට හැකිනම් ජයග්‍ර‍හනයක්.

    ඔය නිළදරුවෝ සරුවපිත්තල තහඩුකෑලි එල්ලගෙන මහපාරේ සැරි සැරීම මට නම් දකින්නේ සාමාන්‍ය අයට කරන හිරිහැරයක් විදිහටයි, නිල උත්සව වලට අලංකාර ලෙස සහභාගීවීම සිඳුවිය යුතුයි, නමුත් සාමාන්‍ය රාජකාරී වලට ඕවා ඔනැද? එයාලටම ඒක කරදරයක් නොවේද? මම කුරුණැගල සිට අනුරාධපුරයට යන අතර අඩුම ගණනේ ඔය කියන විවිධ තරාදිරමේ සන්නාම එල්ලගත්ත පුංචි කොන්වෝයි 2-3න් වත් යනවා,දන්නවනේ පාරේ නීති සේරම බිඳගෙන යන්නේ. මා මේ ගැන විචාරක තුමා සමඟ වැරදි ටෝන් එකකින් විවාද කලා. අපට කරන්න පුළුවන් හොඳම දේ ඒවා දකින දකින තැන ෆොටෝ ගහන එක.

    ReplyDelete
    Replies
    1. ලංකාදීපයට ලියන්නේ කොහොමද කියා දන්නේ නැහැ. මන් හිතන්නේ කල්‍යාණ ඒක කලා නම් හරි.

      Delete
    2. වැඩක් වෙන්නෙ නෑ අජිත්.ඒ අය ලියන්නෙ ඇත්ත සිද්දිය නොවෙයි, මාකට් කරගන්න හැකි ප්‍රබන්ධයි.

      Delete
  8. හත්තිකුටං මං දැනුයි මේක දන්නේ

    ReplyDelete
    Replies
    1. මොකද්ද මචං ඒ හරුපේ තේරුම. අලුත් වචනයක්ද?

      Delete
    2. ඒ ඇවිල්ල හත්තිලව්ව කියන එකට මගේ වචනෙ. මං මුන්නැහෙට කතාකොලා. එයාව උදේම ඇහැරවන්න නිමිත්ත උනෙත් මං. මොකක් නමුත් මේ විච්ච දේට මේ මනුස්සයට සලකපු සැලකිල්ලනං ඉතා සවුත්තුයි. දැං මේක පත්තරේ දැක්කහම මිනිස්සු කියන්නෙ මෙහෙම
      “කලිං හිටපු නේවි කාරයෙක්ලුනෙ. ඔය පොටෝ ගැහැව්වෙ හොඳකටනං වෙන්න බෑ. මොකෝ පාරෙයන වාහන පොටෝ ගහන්න පිස්සුවටෑ. මොකක් හරි ගේමක්ම තමා“

      ඔය විදිහට කල්‍යාන මිත්‍රගෙ නම පතුරු ගහයි. අපහාස කරයි. හැබැයි ඉතිං නිහඩව විඳගන්නව ඇරෙන්න වෙන මොනව කරන්නද?

      Delete
    3. නිහඬ වෙන්නේ බැරි නිසා ලිව්වේ. බලමු මොකද වෙනෙන් කියල.

      Delete
  9. දැනුයි සිද්ධිය දැනගත්තේ. මෙය නම් ඉතාම නරක තත්ත්වයක්. ‍කිසිදු සාධාරණ හේතුවක් නැතිව යමෙකු අත්අඩංගුවට ගැනීමට පොලිසියට හැකියාව තිබීම භයානකයි. ඒත් හැමදාම සිද්ධ වෙන්නෙත් ඒකම තමයි.
    ඇති ඔයින් ගියා. ඒත් ප්‍රසිද්ධ ස්ථානයක ඡායාරූපයක් ගැනීම නීතිය ඉදිරියේ වරදක්ද?
    ඇප දුන්න කියන්නෙ උසාව් ක්‍රියාමාර්ග ගන්නව කියන එකයි. ඒ කියන්නෙ වැඩේ ගොඩ්න් බේරිලා නැහැ. ඇපෙන් නිදහස් වෙන්න ‍උසාවි යන්න වෙයි.
    අනෙක මාධ්‍යකාරයො කිසිම හෙවිල්ලක් බැලිල්ලක් නැතිව ලියන එකෙන් වෙන හානියත් ඉමහත්.
    කොහොම වුණත් කල්‍යාණ මිත්‍රට නිදහස් වෙලා ගෙදර යන්න ලැබුණ එක ගැන අප්‍රමාණව සතුටුයි. මේ සිද්ධිය දැනගත් වහාම ඊට මැදිහත් වූ අපේ බ්ලොග්කරුවන්ටත් ප්‍රණාමය පුද කළ යුතුයි.
    අනෙක යුද්ධයක් නැති රටේ තාමත් කොන්වෝයි එක්ක ගමන් යන්න හමුදාකාරයන්ට ලැජ්ජ නැද්ද? මුනුත් දේශපාලුවන්ගෙ ගාණට වැට්ල.

    ReplyDelete
    Replies
    1. සම්පුර්නයෙන්ම නිදහස් වෙලා නැහැ. ගුවන් හමුදාවෙන් නම් ප්‍රශ්නයක් නැහැ. කොන්වොයි එකක් ගියද කියල දන්නේ නැහැ. insignia දාගෙන යන්න තහනමක් නැහැ. අගමැති හෝ ජනාධිපති හමුවෙන්න යන්න ඇති. එතකොට දාන්න ඕනේ නේද?

      Delete
    2. දැන් ෆොටෝ ගත්තු එක ප්‍රශ්නයක් වෙන්නෙ කොහොමද...ඇරත් පාරෙ යන වාහනයක්. කවුරු වුණත් ෆොටෝ අරං මොන බම්බුවක් කරන්නද..මුංට අමු කැවිලද...

      Delete
  10. පැරනොයිඩ් නිසා දැන් කුමන්ත්‍රණ කතා පැටව් ගහයි. පව් කල්‍යාණ මිත්‍ර

    ReplyDelete
  11. කල්‍යාණ මිත්‍රට සිදු වූ දෙය අපිටත් සිදුවිය හැක.

    ReplyDelete
    Replies
    1. මම හිතුවේ ජනවාරි 8න් පස්සේ නැවතුනා කියල.

      Delete
    2. ජනවාරි 8න් පස්සේ වෙනස් උනේ මූනු ටික වෙතරයිනේ...

      Delete
  12. “නිදහස් රටක“ සිදු නොවිය යුතු කණගාටුදායක සිදුවීමක් ලෙසයි මට මෙය දැනෙන්නේ. අදාල බලධාරින් ඉක්මණීන් මේ ගැටළුව නිරාකරණය කර “නිදහස් රටක“ ජීවත් වන රටට සේවයක් කළ පුරවැසියෙකුගේ “ගෞරවනීය“ බව රැක ගෙන නිදහසේ නිවසට යාමට සලස්වනු ඇතැයි අපේක්ෂා කරමි .
    ස්තුතියි අජිත් , මේ පිළීබඳ අප දැනුවත් කළාට.
    “කළ්‍යාණ මිත්‍ර“ බ්ලොග් මිතුරාණනි , සිත්තැවුල බෙදා හදා ගන්නට අනෙක් බ්ලොග් මිතුරනුත් සමඟ මාද එක්වනවා.

    ReplyDelete
    Replies
    1. මමත් එසේම අපේක්ෂා කරමි.

      Delete
  13. /අහිංසක ලෙස ගත් ඡායාරුපයක් නිසා කල්‍යාණ මිත්‍ර කිසියම් අන්දමකින් වරදකට හසු කරන්නට තැත් කරන්නේ යයි සැකයක් අපට මතුව තිබේ. /
    කියවා‍ගෙන එද්දි,ආ සැකය
    /ලංකාදීප පුවත්පතේ... /‍මෙයින් තහවුරු විය.
    උඩ දමා කැවු අමුමිරිස් ආපිට කැවීම ‍නො‍හොත් නැග්ග ඉනිමගට පයින් ගැසීම නම් ‍මෙයයි.

    ReplyDelete

  14. /Your comment will be visible after approval./
    ‍හෙහ් ‍මේක ‍නොදැන කලින් ක‍මෙන්ට් එක.ම‍ගේ ක‍මෙන්ට් ‍දෙකම දාන්න එපා.
    අමුමිරිස් කවා‍ගෙන උඩ දමා‍ගෙන කැම්‍පේන් කරලා ,‍ගෙන්නගත්තු අයට ඇගිල්ල දික්කරාම හරි අමාරුයි. දැනට ඒ අයට රරෙදි නැතිව ක‍ඩේ යන, එකම ප්‍රධානම පත්තරය ලංකාදීප.



    ReplyDelete
    Replies
    1. ඇත්තටම දාන්න එපාද? මේක දාල තියෙන්නේ අනවශ්‍ය ලෙස පහර ගහන ඇනෝ කොමෙන්ට් නවත්වන්න. නැතුව ප්‍රොෆයිල් වලින් එන ඒවා මකන්න නෙමේ.

      Delete
    2. සංසා‍රේ ...සංසා‍රේ මමත්,හැම විටම ‍ෆෝන් කැමරා එක ඔන් කරන් පා‍රේ යන ‍කෙ‍නෙක්.හැබැයි ඉතින් ‍කොච්චර පුරුදුද කියනවානම් ‍වෙන ‍කෙ‍නෙකුට ‍නොදැ‍නෙන්න ‍නො‍පෙ‍නෙන්න ‍ෆෝන් එ‍ක සාමාන්‍ය විදියට අ‍තේ තියන් ඉන්නවා ව‍ගේම වැ‍ඩේ ‍දෙනවා.

      හැම ‍දේම ‍වෙන්‍‍නේ ‍හොදටයි කියලා. කමියාට ති‍යෙන්‍‍නේ ‍‍මේක ප්‍රයෝජ‍නේට ගන්න. ‍‍මොකද ‍දේශපාලනයට පය තැබී‍මේ පළමු පියවර විදියට දැන් එයා බලු කුඩු‍වේ ලැගලා තියනා. :)

      Delete
    3. අන්න වැඩේ. කමියා දාමු බ්ලොග් ජාතික පෙරමුණට

      Delete
  15. සිද්දිය ගැන දන්නේ අජිත් අයියගේ පොස්ට් එක කියෙව්වයින් පස්සෙයි. වෙලා තියන සිද්දිය තරයේම හෙලා දකිනවා. අපේ ආරක්ෂක අංශ තාක්ෂනය පාවිච්චි කරන්නේ නැතුව අතින් පයින් පරීක්ෂණ පවත්වනවා කියන එකට කදිම උදාහරණයක් තමයි මේ.

    ඔහොම බැලුවාම ටවුන්වල කඩවල පාරට ඒම් කරලා CCTV ගහල තියන කඩ කාරයෝ ටිකත් පොලිසියට අරන් ගිහින් ප්‍රශ්න කල යුතුයි. මොකද කල්‍යාන මිත්‍රගේ ෆෝන් එකේ වගේම පුද්ගලික ආරක්ෂාව වෙනුවෙන් පාවිච්චි කරනා CCTV වල මේ කියන ලොක්කන්ගේ වාහන සහ පින්තූර වදින නිසා. ඊට අමතරව දැන් පාරේ දුවන සමහර බස්වලත් CCTV හයිකරලා තියෙන්නේ කොන්දොස්තරලා හොරකම් කරන නිසා. ඒ බස් හිමියනුත් අත්අඩංගුවට අරන් ප්‍රශ්න කල යුතුයි..

    මෙව්වා මහ විහිළු.. අපේ රට දැන් ලෝකෙටම විහිළු සපයන මීඩියා යුනිට් එකක් වගේ..

    ReplyDelete
    Replies
    1. තේරුමක් නැති වැඩක්. නමුත් හිත ගණන් පුළුවන් ඇයි හේතුව කියල. පොලිසිය තවමන් පස්සෙන් පන්නන්නේ ඇයි කියන ප්‍රශ්නය තියනවා.

      Delete
    2. මෙව්වා මහ විහිළු.. අපේ රට දැන් ලෝකෙටම විහිළු සපයන මීඩියා යුනිට් එකක් වගේ..///

      ආයිත් අහලා... අර CNN BBC වල Breaking News කිය කිය දාන්න මළ කඳන් ගනං කරන්න බැරි හින්ද දැං මේක කොමඩි කෑලි සප්ලයි කරන රටක් වෙලා...

      Delete
    3. මෙන්න බොලේ මගේ බ්ලොගයටත් හිරු පායලා. කමියලට මොනවා හරි වෙන්න ඕනේ කවුශි නංගි ලාට මේ පැත්තේ එන්න. කොමඩි නම් තමයි.

      Delete
  16. මම නම් දකින්නේ මේක ඉල්ලගෙන කෑමක් ලෙසයි. අජිත් කතා කරන්නේ එංගලන්තය ගැන. මේ එංගලන්තය නෙමෙයි, අම්මට සිරි ලංකාව. මම නම් කතා කරපු හැම එකාම කිව්වේ, මේක ඉල්ලගෙන කෑමක් කියලයි.

    මට පේන්නේ කමියත්, විචාරකත් මේකෙන් හොඳ පාඩමක් ඉගෙන ගත් බවයි. ෆොන්සේකා බල්ලෙක් වගේ අරගෙන ගිහින් ඇතුලේ දාපු රටක මේවා පුදුම දේවල් නෙමෙයි. ෆොනී කියන්නේ යුද්ධයේ නියමුවා.. එතකොට මුන් මොක්කුඩ...?

    කෙසේ වෙතත් කරූට, චන්දිමට හා අජිත්ට අනේක වාරයක් ස්තූතියි. මොකෝ මූ එලියට ආවේ බ්ලොග් වලට පින් සිද්ද වෙන්න නිසා...

    ReplyDelete
    Replies
    1. මම එංගලන්තය ගැන ලිව්වේ ලංකාවේ ඉන්නේ නැති නිසා. ඇත්තටම ඉල්ලගෙන කෑමක් තමා.

      Delete
    2. දැන් පොලිසියේ හමුදාවේ ඉන්නේ එවුන් ඉන්නේ බුකියෙයි බ්ලොගෙයි ඉන්න එවුන් එක්ක මලේ උපරිමයෙන් උන්ගේ වන නිවුස් ඔක්කොම පට පට පාගලා රට වටේ හොල්සෙල් ගානට බෙදන නිසා ඒවාට සම්බන්ධ මොකද අහුවෙන්නේ මොකකට හරි පටලවලා ඇතුලට දාන්න බලන්නේ

      ෆොනීගේ කෙස් එකේදී ඔය ෆෝන්වල තිබුණු අනෙක් අමි ඔප්ෆිසර්ස් ලගේ ෆෝන් නොම්බර හින්දා මා දන්නා කිපදෙනකුටම බොහෝ අනවශ්‍ය කරදර ප්‍රශ්න කිරීම් වලට කාලය වැයකරන්න සිද්ද වුනා

      Delete
  17. අද ඒ කියන්නේ ජනවාරි 15 ලංකාදීප පත්තරේ ක.මි. ගේ සම්පුර්ණ නම, ගම සහ ආයතනයේ නම සඳහන් කරමින් පොලිසිය ලබාගත් වාර්තා අතර ඔහු පෙර වැරදි නැති අයෙක් බැවින් පොලිස් ඇප මත නිදහස් කලා කියල අධිකරණයට දැනුම් දුන්නු බවක් පළකරලා තියෙනවා...

    අද පුවතේ ජායාරූප සම්බන්ධව පුවත නිවැරදිව වාර්තා කරලා තියෙනවා...

    ReplyDelete
    Replies
    1. ඒක හොඳයි දැන් ඇත්ත දාපු එක. නැත්නම් ඊලග පියවර ගන්න හිටියේ දාපු මාධ්‍යවේදියාට විරුද්ධව. මම නීතිඥයෙකුට දැනුම් දුන්න නඩු දාන්න පුලුවන්ද කියල හොයල බලන්න කියල. අපේ බ්ලොගාල ගැන අපි බලන්නේ නැත්නම් කවුරු බලන්නද ?

      Delete
  18. මං මේ ලිපිය ගැන දැනගත්තෙ රූපෙගෙන් පහුගිය ටික දවසෙම බිසී හිනද බ්ලොග් පැත්තෙ වත් එන්න ලැබුනණැ
    අද මව්බිම පත්තරේපත හෙඩිමක් එක්ක තියෙනව දැකල බලපුවමයි දැක්කෙ මේ අපේ කළණෙ නෙ කියල. දැං තමා කතාව දන්නෙ..

    එතකොට ගගන් බුලත්සිංහල කියන්කෙ පට්ට පොරක් වෙන්ටැ ඔය තරං දෙයක් පොලිසි ගෙනියන්න. කෝමත් එයාපෝස් කියන්කෙ උඩිං යන ජාතියෙ උං හින්ද හැමදාම මූදට පැනල නාන අපිට කැමැත්තක් නැතුව ඇති.

    ඇත්තටම මේක මේ තරං දුර දිග ගෙනියන්න තිබ්බ උවමනාව මොකද්ද කියල පේන්නෙ නැතත් සමහර විට පහුගිය ටික දවස් වල නේවි එකට පෙරලපු බාල්දිවලම ප්‍රතිඵලයක් වෙනන ඇති කියල හිතෙනව.. අනික කළණෙගෙ ප්‍රශ්නයක් වුණාමයි කියමු ගෙවල් වලට පැනල ගෙවල් වල ඉන්න මිනිස්සුංව භීත කරන්නෙ අහවල් කෙංගෙඩියකටද..

    බලමුකො ඉස්සරහට මොකද වෙන්නෙ කියල..

    ReplyDelete
    Replies
    1. ඒක තමා අපි බලමු. කට්ටිය එකතු වෙලා ඉඳිමු. සමගිය බලය වේ.

      Delete
    2. airforce එක ඔච්චර පුම්බණ්ඩ එපා, ඕකුන් යුද්දෙදි කරපු දෙයක් නෑ, කොටි ප්ලේන් එනකොට සිස්ටම් ඕෆ් කරලා මුන් නිදාගෙන හිටියේ, සන්ග්ලාස් දාන කැටයම් විතරයි.

      Delete
  19. තවමත් මර්දනය, මාද්‍යවේදීන්ට තර්ජන තියනවා වගේ???

    ReplyDelete
    Replies
    1. මාධ්‍යවේදියෙක් කියල කිව්වේ නැහැ කල්‍යාණ මුලදී. මොකද පින්තුරය ගත්තේ නිකම් අසාවට නිසා.

      Delete
  20. ඔය කියන හාදයාට ෆොටෝ ෆෝබියාවක් ඇති රෙද්ද ගැලවුනු නිසා.ගුවන් හමුදාවෙ ඉන්න අපේ යාලුවො බුකියට එන්නෙ වෙන නම් වලිං.සමාජ ජාලා තහනම්.මොකද්ද මේ කරන්නෙ? මේකද ලැබෙන නිදහස?
    යුද්ධයක් නෑ.. කළු කොටි පවා නිදහස් වෙන රටක ෆොටෝ එකක් තමා දැං ලොකුම අවුල.
    හිටපු ආරක්ශක අංශ සාමාජිකයෙක් කියන්නෙ සැකයට ලක්වෙන පුද්ගලයෙක් වෙලා.ගෙවල් වලට පොලිසියෙන් යනවා... රට වෙනුවෙන් වැඩ කරපු මිනිස්සුන්ගෙ සැනසීම උදුරා ගැනීම ඛේදනීයයි.
    මෙතුවක් කල් විවේචන තිබුනාට කලකිරීමක් තිබුනේ නැහැ.ඇත්තටම කලකිරෙනවා..
    මේ හෙලිදරව්ව ඉදිරියට බොහෝ වටීවි.
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. මම දනන් විධිහට ගුවන් හමුදාපතිතුමා වැඩිය පස්සෙන් එලවල නැහැ. රුටින් විධිහට පොලිසියට භාර දෙන්න ඇති.

      Delete
  21. මෙන්න මව්බිමේ දාපු එක;
    http://mawbima.lk/86-103313-news-detail.html

    ReplyDelete
  22. අජිත් අයියා..............

    අැත්තට ම සිද්ධිය දන්නේ දැන්..... මොනවා වුණත් කමියා දැන් ගෙදරනේ.... අපි ඉන්නවා කමියා වෙනුවෙන් සහයට........ උසාවි දැම්මානං සාමාන්‍ය ක්‍රමයට යයි.... ඒත් සැක කරන්න දෙයක් නැහැ කියලා තේරුණා ම මේක විසදේවි...... දැක්විය හැකි සහයක් තිබේ නං අපි සාකච්ඡා කරමු.......

    ReplyDelete
    Replies
    1. උසාවියට දාල දුරකථන අංකත් හොයනවලුනේ.

      Delete
  23. ගුවන් හමුදාපතිවරයා ගමන් කරමින් සිටි නිල රථය හා ඔහුගේ ආරක්‍ෂක රථපෙළ රහසිගතව සිය ජංගම දුරකථනයෙන් ඡායාරූප ගත කළ නාවික හමුදාවේ හිටපු ලුතිනන්වරයාගේ ජංගම දුරකථනයට ලැබුණ හා ඉන් ලබාගත් ඇමතුම් පිළිබඳව වාර්තාවක්‌ කැඳවන ලෙස කොළඹ ප්‍රධාන මහෙස්‌ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා ඊයේ (14 දා) කෙසෙල්වත්ත පොලිසියට නියෝග කළේය.

    http://www.divaina.com/2016/01/15/news25.html

    ReplyDelete
    Replies
    1. "රහසිගතව" ?? කරුණාරත්න පරණවිතාන මහත්මයාගේ දුරකථන අංකයත් හම්බ වෙයිද දන්නේ නැහැ.

      Delete
    2. මමත් ෆෝන් එක පොලිසියේ කියල දැනගත්තම call එකක් ගත්ත තාම call back කලේ නෑ. උසාවි නියෝගයෙන් පස්සෙවත් කල්‍යාණ අපිට call back කරයිනෙ.

      Delete
  24. මේක වෛරල් වෙන්න කලින් මේ වගේ පැහැදිලි කිරීමක් දාපු එක හොඳයි අජියයියෙ. අනික පත්තර කාරයින් මේක එක හත කරලා දානවා. පත්තර කියවන උන් හත හැත්තෑව කරලා කියනවා. අර අහිංසකයා නිකං කටු කනවා.
    මොනවා වුණත් අනවශ්‍ය වැඩක්. කළණයා වගේ කෙනෙක් පුදුමයි එහෙම දෙයක් කලා. ආරක්ෂක අංශ වල මිනිස්සුවත් ස්ථානවත් ෆොටෝ ගන්න එක ඉල්ලං කෑමක්ම තමා. බ්ලොග් කරුවෙක් වුණු නිසාම ඔයිං ගියා වෙන්නත් පුළුවන්. බ්ලොග් කරුවෙක් නිසාම පොලෝසිය කේස් එක තද කලා වෙන්නත් පුළුවන්.
    අජියයියලා මේකට මැදිහත්වීම ගැන සමස්ථ බ්ලොග් ප්‍රජාවම වෙනුවෙන් ස්තුතිවන්ත වෙනවා.

    ReplyDelete
    Replies
    1. අපි මැදිහත් වෙන්නේ ගිහිල්ල ඇන වුනාද දන්නෙත් නැහැ. පත්තර වල බොරු දාන එකනම් වර්චස් වැඩක් . දිවයින පත්තරේ ලියල තියෙන්නේ රහසිගතව ත්‍රිවිලයක හිඳ කියල. මු නිකන් බලන් හිටියා වගේ. කලණය ඕක එච්චර තදට ගණන් ගන්නේ නැතුව ඇති.

      Delete
  25. දැනුයි විස්තරේ දන්නෙ.මට පුදුම කමියා මේකට පැටලුන එකයි.මොකද හමුදාවන් ගැන ඔච්චර දන්න එකෙක් වෙලත්.ඔය පත්තරවල වැඩ ගැන නම් කියන්න තියෙන්නෙ අජිත් හරිම පිළිකුල් සහගතයි.මටත් පහුගිය දවස්වල වෙච්ච හොඳම අත්දැකීමක් තියෙනවා මුන් බොරු ලියල රට ගිණි තියනවා.
    කොහොම හරි කමියා එළියට පැමිණීම ගැන සතුටුයි.පස්සෙන් එළවන එක සාමානය දෙයක් ඌ වැරදි දෙයක් කරල නෑනෙ ටික දවසකින් යථා තත්වයට පත්වේවි.

    ReplyDelete
    Replies
    1. කමියා එලියට ආවට වැඩේ ඇදෙනවා. මහේත්‍රාත්වරයා නියෝග කරලලු මොබයිල් එක බලන්න කියල. ඒකෙ ප්‍රශ්නයක් නැහැ. වරදක් කරලා නැහැනේ. නමුත් මේ ඒ. ඡේ. ඒ. අබේනායක කියන දිවයින පුවත්පත් කලා වේදියා ලියල තියෙන්නේ රහසිගතව පින්තූර ගත්ත කියල. මොන බොරුවක්ද? අපිඅ බුකියේ හා හැමතැනම මේ ගොල්ලන්ගේ නම් දාල name and shame කරන්න ඕනේ කියල මට හිතෙනවා. කවුරු හරි මට ලනක්දිපේ එක්කෙනෙ ගේ නමත් එවනවද? ඒකෙ කොපියකුත් කපල තියා ගණන් පුලුවන්ද උදව්වක් හැටියට.

      Delete
    2. ලංකාදීප වෙබ් එඩිෂන් එකේ නං අජිත් මම ඔය කතාව දැක්කෙ නෑ දැනගත්තෙ ඔබේ ලිපියෙන් තමා.

      Delete
    3. රහසිගත කියන එකට මෙතැනදී අර්ථයක් තියෙනවා අජිත් අයියේ...
      ගුවන්හමුදාපති තුමාගේ අනුදැනුමකින් තොරව ගත් නිසා රහසිගත යන වචනය භාවිතා කල එක නිවැරදියි කියල හිතන්න පුළුවන්...

      Delete
    4. පින්තුරයක් ගන්න ගුවන් හමුදාපතිගේ අනුමැතිය අවශ්‍ය නැහැ. එහෙම නම් ජනාධිපති ගේ පින්තුර ගණන් හැම වෙලාම අවසර ගන්න වෙයි සේනාධිනායක නිසා. මේක රහසිගටහ්ව ගත්ත කියල කියන්න කොහොමටත් බැහැ.

      Delete
  26. mamath news papers wala siddiya kiyewwa.
    kiyawana ayata loku waradak wage penwanna thamai lipi walin uthsaha karala thiyanne.

    loku deyak ajith blog post ekak thulin mema siddiya danuwath kireema.

    a wagema sathutui isthuthi karanna ajith wagema mewadeta
    ederipath wela kalyaana (kamee) gana soya baluu samatama.

    ReplyDelete
    Replies
    1. පුලුවන්නම් ඒ ලිව්ව මාධ්‍යවේදීන් ගේ නම් එවනවද?

      Delete
  27. අර උඩිනුත් කියලා තියෙනවා වගේ මේක මේ විහින් දාගත්තු ලෙඩක් වගේ පේන්නේ.මේකට අමතක වුනාද මේ ලංකාව කියලා.මහින්දගේ කාලේ මේ වැඩේ උනා නම් ඇපත් නැහැ.ත්‍රස්තවාදය වැලක්වීමේ පණත යටතේ මුට ලොකු ලෙඩක් පටලවන්නත් ඉඩ තිබ්බා.දැන් උසාවියෙන් ලැබෙන තීන්දුව මොකක් වේවිද ?

    ReplyDelete
    Replies
    1. මට නම් දැන් එහෙම හිතෙන්නේ නැහැ. ටිකක් මල පැනලා තියෙන්නේ. අපි කතා කරලා අදාල අයට කිව්වා මේක මේ නිකන් ගත්ත පින්තුරයක් කියල. මොකද කමිය නෙමේ මට කතා කලේ. සිද්ධිය දැනගෙන වෙන කෙනෙක්. මේ පින්තුරයක් ගත්ත එකේ ලොකු දෙයක් නෙමේනේ. මාර කෙලියක් නේ මේක. මමත් කමියට බැන්න තමයි . නමුත් ජනවාරි 8න් පස්සේ මේක ලොකු ප්‍රශ්නයක් වෙන්න බැහැනේ.

      Delete
  28. අපොයි එහෙමත් එකක්ද? ස්තූතියි අජිත් දැනුවත් කිරීමට..ඔබේ ලිපියෙන් තමයි විස්තර දැනගත්තෙ...මේ යස්සය හිටපු ඔෆිසර් කෙනෙක් වෙලත් මේ වගෙ අවදානම් සහිත වැඩක් කරපු එකනෙ පුදුමෙ...වැඩේ ඉතිං ඒ වෙලාවට ඔහොම හිතන්නෙ නැහැනෙ... ස්තූතියි අජිත් ඔබ ඉදිරිපත්වී කල කාර්ය භාරයට....

    මම නම් ගුවන් හමුදාපතිගෙ ආරක්ෂක නිලධාරින්ටවත් පොලීසියටවත් උසාවියටවත් වරදක් කියන්නෙ නෑ. ඒ ගොල්ලො කලේ ඒ ගොල්ලන්ගෙ රාජකාරිය...යුද්දෙ ඉවරයි තමයි . ඒත් ප්‍රභූ ආරක්ෂාව කියන්නෙ Minimizing the risk. රාජකාරියෙදි හැමෝම සැකකරන්න වෙනවා.

    ReplyDelete
    Replies
    1. එච්චරම අවදානම් කියල හිතෙන්නෙත් නැහැනේ. කර එකේ පින්තුරයක් දෙකක් ගත්තට. පොර අර සන්නාමය නේ ගණන් හදල තියෙන්නේ. දැන් කොටි නැහැ කියලනේ කියන්නේ. මොකක්ද ඔච්චරටම. එහෙම නම් කොටි ඉන්නවා කියල ගිය ආණ්ඩුවෙන් කිව්වා එක ඇත්ත වෙන්න ඕනේ.

      Delete
    2. අජිත්, මෙතන මම කියන්නෙ ඒ ගොල්ලන්ගෙ වීව් පොයින්ට් එකෙන් බලන්න කියලයි.

      1. යුද්දෙ ඉවරවෙලා තවම ගතවුනේ අවුරුදු හතක් විතරයි

      2. කොටි තර්ජන තියනවයි කියල විපක්ෂයෙ උදවිය පොළවෙ පස්කාල දිවුරනවා.

      3. ඒ අතරෙ ගුවන් හමුදාපතිවරයගෙ රථය ත්‍රී වීලර් එකක් ඉඳල ඡායාරූප ගන්නව ආරක්ෂක නිලධාරියෙක් දකිනව.

      හරි ඔබ ඒ ආරක්ෂක නිලධාරියා නම් ඔබ කරන්නෙ මොකක්ද?

      ඔබ සුමිත්ව පෞද්ගලිකව දන්න හින්ද ඔබ කියනවා ඡායාරූප ගත්තෙ වෙන දේකට නෙවෙයි නිකං ආසාවට කියල. ඒක දන්නෙ ඔබනෙ. ආරක්ෂක අංශය, පොලීසිය සහ උසාවිය ඒක දන්නෙ නැහැනෙ. ඒ අයට සුමිත් තවත් Unknown Security Risk එකක් විතරයි. ඒ හින්ද Better Safe Than Sorry කියල ඒ අය ඔය විදිහට කටයුතු කරන්න ඇති.

      Delete
    3. ඒක ඇත්ත. මම ත් එහෙම තමා මුලින් හිතුවේ. මේ ලිපියේ ලියල තියෙන්නෙත් එහෙමනේ. ත්‍රීවිල් එකක යමින් ගමන් නේ අරන් තියෙන්නේ. මම කියන්නේ ඒ ගොල්ලන්ට ප්‍රශ්න කරලා එලියට දාන්න තිබ්බ. caution එකක් දීලා . එහෙම නීතිමය වශයෙන් කරන්න පුලුවන්. දැන් යන්නේ කතාව වෙනස් කරලා කියල පැහැදිලියි. ජනමාධ්‍යවේදියෝ ඕව තමන් හිතල ලියන්වැඩ කියල දන්නේ නැහැනේ. රහසිගටහ්ව ගත්තලු. වීඩියෝ කලා ලු හෙම කියල. මම ඒ ආරක්ෂක නිලධාරියටකිසිම වැරැද්දක් කියල නැහැ . ඒ මනුස්සයා කලේ තමන් ගේ රාජකාරිය. කල්‍යාණ මිත්‍ර සමහර විට එතන හිටිය නම් එයත් ඕකම කරයි. යුද්දේ ඉවර වෙලා අවුරුදු හතක් කියන්නේ ලොකු කාලයක්.

      Delete
  29. විස්තරේ පත්තරේ දැක්කා ..කාමියා කියලා හිතුවේ නැ ...අයියෝ මේකා ඉල්ලගේනනේ කාලා තියෙන්නේ ..කොහොම වුනත් මෙහෙම විසදුන එක ගැන සතුටුයි ..ලංකාවේ පොලෝසිය ගමට ගිහින් විස්තර හොයනවා කියන්නේ බල්ලා බැබිල ගහේ රිව්වා වාගේ තමයි ..

    තුරු තුරු තුරු තුරු තුරු තුරු....
    අතුරු මිතුරු දඹදිවතුරු
    මගෙ සෙල්ලක්කාර මිතුරු
    කිරි මුට්ටියකට පනින්න
    හිටි පිනුමක් ගැහුවා
    මුට්ටිය හිර වෙලා මිතුරු
    කොක්කු නටති රෑ වෙනතුරු
    කිරි මුට්ටිය ගඟේ යන්න
    තව පිනුමක් ගැහුවා
    ගඟ දිය බොර වුනා මිතුරු
    කිඹුල් හිනා දැක පිවිතුරු
    ඕලු කැකුලකට පනින්න
    උඩ කරණම් ගැහුවා
    ඕලු කැලේ...හිටපු බමලු..
    නහය විදපි ඉදිමෙනතුරු..
    මගේ මිතුරු මේවනතුරු
    නැත තවමත් දුටුවේ

    නා‍ට්‍ය‍ය‍ - තාරාවෝ ඉගිලෙති

    ReplyDelete
    Replies
    1. //මගේ මිතුරු මේවනතුරු
      නැත තවමත් දුටුවේ// ආරංචියක් නෑ මටත්.

      Delete
  30. අනේ අපොයි අහිංසක, සෙල්ලක්කාර කමියා . තොරතුරු හොයලා බැලුවා . දැන්නම් අවුලක් නැති වගයි කියන්නේ .මේ වැඩේදී මැදිහත් වුනාට ස්තුතියි අජිත්

    ReplyDelete
    Replies
    1. එහෙනම් කමක් නැහැ. මට කතා කලේ නැහැ. පෙරේද නම් මම කතා කලා.

      Delete
    2. මටත් මනුස්පයට කෙලින්ම කතා කරන්න බැරි වුනා. සුරන්ගෙන් තමයි තොරතුරක් අහ ගත්තේ

      Delete
  31. Ajith, Divaina mawbima lankadeepa
    paper thunema thibuna mama dakka oya news eka
    lankadeepe bimal shyaman jayasinha liyala thibuna,
    sorry mata phone eken back gihilla paper balanna baha Adobe Flash player download karanna bari nisa.
    12 15 athara papers wala thamai news eka thibune.

    ReplyDelete
  32. බිමල් එකේ සිද්ධිය විතරයි දාල තිබුනේ නේද? වීඩියෝ කතාව ලිව්වේ එයද කියල මතක නැහැ. කමියට කතා කරලා විස්තර හොයල බලන්නම් ඉස්සෙල්ල. මොකක්ද තත්වය කියල.

    ReplyDelete
  33. Oh.. Shit.. මම ඔය ප්‍රවෘත්තිය බ්ලොග් වලත් හුවමාරු වෙනවා දැක්කා. ෆේස්බ්කු එකෙත් ෂෙයාර් උනා.. මම හිතුවෙම ඇන්දිල්ලක් කියලා.. ෂීට් ෂිට් තමා... ඕන වෙලාවට ඉන්න බැරි වෙච්චි එකටයි මට දුක..

    ReplyDelete
    Replies
    1. FB එකේ දැක්කේ නැහැ මම.

      Delete
  34. අයියෝ..... මං too late කමි අයියට වෙච්චි දේ ගැන දුකයි. අදයි දන්නේ,

    ReplyDelete
    Replies
    1. මෙච්චර මේ බදුල්ලේ රොයිටර් වාර්තා කරුවන් ඉඳලත්

      Delete
  35. කණගාටුදායක සිද්ධියක්... මම හිතන්නේ පුවත්පත් වාර්තා එච්චර ගණං ගතයුතු නෑ. කොහෙන් හරි පොඩි කෑල්ලක් අහු වුණාම රස කර කර ලියන එකයි දැන් ඒවගෙ කරන්නේ. දැනට විසඳිලා තියන විදිහ ගැන සෑහීමකට පත්වෙන්න පුළුවන්. නිකන් පාරේ අයිනේ හිටගෙන ඡායාරූප ගතකලාට වඩා ත්‍රීවීල් එකක යන ගමන් කරපු එක සැකයට තුඩු දෙන්න තියන ඉඩකඩ වැඩියි. හැබැයි අර පොලිසියේදි ෆේස්බුක් ගැන එහෙම අහුවා කියන ප්‍රශ්න නිසා පේනවා තාමත් මේ වගේ දෙයකට මැදි වුණොත් ඒක කොච්චර දරුණු ප්‍රතිවිපාක දෙන්න පුලුවන්ද කියන එක.

    වරක් මම ඕස්ට්‍රේලිආවේ හිරගෙයක් සහ පාර අතරතුර ඉඩකඩෙහි හිටිය කැන්ගරුවෝ ඡායාරූප අරගෙන සෙකියුරිටි වාහනයක් මාව හඹාගෙන ඇවිත් නතර කලා... මම කිව්ව කැන්ගරුවෝ ගත්තේ කියලා. මගෙන් කැමරාව ඉල්ලගෙන තියන ෆොටෝස් මොනවද කියලා බැලුවා. හිරගෙදර පේන හැම ෆොටෝ එකක්ම ඩිලීට් කලා. කැන්ගරුවන්ගේ ක්ලෝස්-අප්ස් ගත්ත ඒවා ඩිලීට් කලේ නෑ. හිරගෙයක ඡායරූප ගැනීම තහනම් බව කියලා කැමරාව ආයෙත් දීලා ගියා. එතැනදී එහෙම වෙන්න, මම වාහනයෙන් එළියට බැහැලා සාමාන්‍ය ආකාරයෙන් ඡායාරූප ගත්ත විදියත්, සැකකටයුතු පුද්ගලයන් සහ සාමාන්‍ය පුද්ගලයන් හඳුනාගැනීමට ඔවුන්ට ලැබී ඇති පුහුණුවත් හේතු වෙන්න ඇති.

    ReplyDelete
    Replies
    1. හැම රටකම සෙන්සිටිව් තැන තියනවා හැබැයි. අනිත් රටවල සෙන්සිටිව් ප්‍රභූවරු අඩුයි.

      Delete
  36. සිද්ධිය දන්නේ දැන්. හර්ම කණගාටුවක් වගේම දුකයි . අජිත් ඇතුළු පිරිසක් එක්ව ගැටළු අවම වන ප්‍රශංසනීය ලෙස ක්‍රියාත්මක වීම ගැන සතුටුයි අාඩම්බරයි

    ReplyDelete
    Replies
    1. ලොකු ප්‍රශ්නයක් වෙලා නැහැනේ.

      Delete
  37. හත්වලාමයි.... දැන්නේ බොලේ දන්නේ... චා චා... ඒකයි එහෙනම් මේ පින්තුර භීතිකාව!

    කණගාටුයි අහන්න ලැබෙන එකත්. මෙහෙම එකක් තියෙනවා. අපි වගේ එකෙක් සෙල්ෆියක් ගැහුවත් වටේ උන්ට සැකයි අප්පා.... මටත් ඔය කරුමේ තියෙනවා.

    ReplyDelete
    Replies
    1. ආ... එහෙනම් උපේස්සත් කොපි කොරනවා වගේ බොරුවට ඇස් ලොකු කොරලා කොල හොල්ලලා එග්සැමිනර් ලව නොමඟ යවලා ආතල් අරන් ඇති... බොහොම ලේසි වැඩක්.

      Delete
    2. උපේක්ෂ මොබයිල් එක උඩට ඉස්සුවත් ඔපීසියේ අය හැන්ගෙනවලු. ඔය පින්තුර බ්ලොගෙන් විතරක් නතර වෙයිද කියල දන්නේ කවුද?

      Delete
  38. //මේ අව් අස්සේ ලංකාදීප පුවත්පතේ මාධ්‍යවේදියෙකු විසින් තවත් පුවතක් පල කර තිබේ. ඒ කල්‍යාණ මිත්‍ර මෙය වීඩියෝ කළා කියාය. අදාල මාධ්‍යවේදියා මෙය දුටුවා ද? //

    දිනක් පත්‍රයක පල වූ පුවතකින් ඔද වැඩී සිටි මා දුටු මගේ මිතුරෙකු පැවසුවේ "පත්තර වල යන හැම එකක්ම ඇත්ත කියලද උඹ හිතාගෙන ඉන්නේ? ඔය කියලා තියෙන විදියටම වුණා කියලද උඹ හිතන්නේ ?"

    එම පිළිතුරෙන් මමද වෙනත් පැත්තක් ගැන සිතීමට යොමු වුවද, අපගේ නිවාස සමීපයේ සිදු වීමක් වාර්තා වූ විට, ඔවුන්ගේ පත්‍ර කළාව ගැන මට නිසි තක්සේරුවක් ලැබිණි. අප මෙයින් උගත යුතු පාඩම, පුවත් පත් වල පල වන දේ මත පදනම්ව තීරණ වලට එළඹීමෙන් වැළකිය යුතුය යන්නයි.

    අද දහවල් කමියාට කථා කලෙමි. දැන් සියළු විස්තර දනිමි. පසුගිය සතියේ මෙම පුවත ගැන දැන ගැනීමට නොහැකි විය. අම්බලන්ගොඩ මලයා නොකියන්නට මම මෙය නොදැනගන්නටම ඇති ඉඩ වැඩිය.

    ReplyDelete
    Replies
    1. දැන් තත්වය සමනය වී ඇත. පත්තර වල තත්වය එසේය.

      Delete
  39. danata parakkui ......ranaweruwek ......yako uta aydaya prasnakda.................................sadaranaya labennena nathnm ...hoyana one ................meka ..hari naha ..eath awasanayata kumak karamuda.......rata wenuwen api api wenuwen ratawasiyoo nathnam

    ReplyDelete
  40. කමිය කාපු මේ කට්ට දැන ගත්තෙ අදයි 😕

    ReplyDelete
    Replies
    1. පරණ දේවල් කියෙව්වද :)

      Delete

සියලු හිමිකම් අජිත් ධර්මකීර්ති (Ajith Dharmakeerthi) සතුය. කොළඹ ගමයා බ්ලොග් අඩවියේ යොමුව සඳහන් කර හෝ අජිත් ධර්මකීර්ති යන නමින් පමණක් මෙහි ලිපි උපුටා පළ කරන්නට අවසර තිබේ.
මෙහි පලවන ලිපි සහ දේශපාලන අදහස් මගේ පෞද්ගලික අදහස් පමණි.
ඔබේ ඕනෑම ප්‍රතිචාරයක් මෙහි පල කරනු ලැබේ. නමුත් වෙනත් කෙනෙකුට සාධාරණ හේතුවක් නැතුව පහර ගසන අශිලාචාර අන්දමේ ප්‍රතිචාර පමණක් පල නොකෙරේ. බ්ලොගයට ගොඩ වදින ඔබ සියලු දෙනාට ස්තූතියි .