Sunday 31 January 2016

නෙළුම් යාය 2016 සම්මාන උළෙල - 2015 හොඳම බ්ලොග්කරු සඳහා නාම යෝජනා හා ජනවාරි 2016 නෙළුම් යාය සම්මානය

නෙලුම් යාය සහෘද සමූහය විසින් පවත්වන 2016 නෙළුම් යාය බ්ලොග් සම්මාන උළෙල මේ වසරේ මාර්තු 26 වන සෙනසුරාදා පස්වරු 3.00 ට පවත්වන්නට කටයුතු යොදා ඇත.

පවත්වනු ලබන ස්ථානය වන්නේ ජනමාධ්‍ය හා ප‍්‍රවෘත්ති අමාත්‍යාංශයේ ජනමාධ්‍ය ප්‍රවර්ධන මධ්‍යස්ථාන ශාලාවහිය. එහි ලිපිනය නො 163, කිරුලපන මාවත, කොළඹ 5 ය.
එහිදී පහත සඳහන් සම්මාන ලාභීන් තෝරාගනු ලැබේ.

1. 2015 හොඳම බ්ලොග් අඩවිය සිංහල - පළමුවන ස්ථානය රුපියල් 15,000 වටිනා තෑගී වවුචර , නෙළුම් යාය සම්මානය සහ සහතිකය

දෙවන ස්ථානය සිංහල - රුපියල් 10,000 වටිනා තෑගී වවුචර නෙළුම් යාය සම්මානය සහ සහතිකය

තුන්වන ස්ථානය සිංහල - රුපියල් 5,000 ක් වටිනා තෑගි වවුචර නෙළුම් යාය සම්මානය සහ සහතිකය


2.2015 හොඳම බ්ලොග් අඩවිය දෙමළ - පළමුවන ස්ථානය රුපියල් 15000 වටිනා තෑගී වවුචර , නෙළුම් යාය සම්මානය සහ සහතිකය

දෙවන ස්ථානය දෙමළ - රුපියල් 10000 වටිනා තෑගී වවුචර නෙළුම් යාය සම්මානය සහ සහතිකය

තුන්වන ස්ථානය දෙමළ - රුපියල් 5000 ක් වටිනා තෑගි වවුචර නෙළුම් යාය සම්මානය සහ සහතිකය

දෙමළ භාෂාවෙන් පලවෙන බ්ලොග් අඩවි සඳහා නාම යෝජනා තාමරෛකුලම් වෙබ් අඩවියේ පලවෙනු ඇත.

සිංහල බ්ලොග් අඩවි සඳහා පහත සඳහන් බ්ලොග් අඩවි විනිශ්චය මණ්ඩලයට ඉදිරිපත් කර තිබේ. නාම යෝජනා කරන ලද බ්ලොග් අඩවි 12න් මුල් වටයේ බ්ලොග් අඩවි 5ක් තෝරාගෙන ඉන් 3ක් පළමු, දෙවන හා තුන්වන ස්ථාන සඳහා තෝරා ගනු ඇත.
 (පහත නම් සඳහන් අනු පිළිවෙල විනිශ්චය කරන අනු පිළිවෙල නොවන බව කරුණාවෙන් සලකන්න). විනිශ්චය මණ්ඩලයේ සාමාජිකයන් එකිනෙකා ලබා දෙන ලකුණු සියල්ල එකතු කර වඩා ලකුණු ලබා ගත් බ්ලොග් අඩවියට ප්‍රථම ස්ථානය හිමි වනු ඇත. මෙහි සඳහන් බ්ලොග් අඩවි හිමි කරුවන්ට සම්මානය සඳහා සලකා බැලීමට අවශ්‍ය නොවේ නම් කරුණාකර අපට දන්වා එවන්න. ඔබේ අඩවියේ නම නාම යෝජනා වලින් ඉවත් කරන්නෙමු.

1. w3ලංකා - http://www.w3lanka.com/2016/01/blog-post_56.html, http://www.w3lanka.com/2016/01/blog-post_8.html

2. එකොනැමැට්ටා - http://economatta.blogspot.co.uk/2015_09_01_archive.html, http://economatta.blogspot.co.uk/2015/08/blog-post_29.html

3. නිදහස් සිතුවිලි - http://ranrandil.blogspot.co.uk/2015/12/379.html, http://ranrandil.blogspot.co.uk/2015/11/366.html

4. කුරුටු ගෑ ගී පවුර - http://kurutugegeepawra.blogspot.co.uk/2015/09/blog-post_4.html, http://kurutugegeepawra.blogspot.co.uk/2015/09/blog-post_25.html 

5. රසිකලොජි - http://rasikalogy.blogspot.co.uk/2015/12/daya-pathirana-end.html, http://rasikalogy.blogspot.co.uk/2015_04_01_archive.html

6. ට්‍රාන්සිල්වේනියා - http://transyl2014.blogspot.co.uk/2015/05/blog-post.html, http://transyl2014.blogspot.co.uk/2015/05/blog-post_21.html

 7. බස්සිගේ නවාතැන - http://bassigenawathana.blogspot.co.uk/2015/07/blog-post_24.html, http://bassigenawathana.blogspot.co.uk/2015/09/blog-post_94.html 

8. යාං හෑල්ල http://yanhella.blogspot.co.uk/2015/05/travel-with-grandma.html, http://yanhella.blogspot.co.uk/2015/11/village-water.html

 9. ඉවාන් පව්ලුෂා - http://iwanpaulooshaa.blogspot.co.uk/2015/11/blog-post_24.html, http://iwanpaulooshaa.blogspot.co.uk/2015/08/blog-post.html

10. විචාරක - http://wicharaka.blogspot.co.uk/2015/10/blog-post_28.html, http://wicharaka.blogspot.co.uk/2015/11/blog-post.html, ​

11. අසම්මතයා - https://asammathayaaa.wordpress.com/2015/11/​​, https://asammathayaaa.wordpress.com/2015/09/15/sangakkara/​ ​

12. පින්ච්පොයින්ට් - http://pinchpoints.blogspot.co.uk/2015/12/blog-post_12.html, http://pinchpoints.blogspot.co.uk/2015/11/blog-post.html

මීට අමතරව සිංහල බ්ලොග් සඳහා පමණක් පහත සඳහන් රුපියල් 5000 තෑගි වවුචර හා සහතික පිරිනමනු ලැබේ.
මේ සඳහා යෝජනා වුන බ්ලොග් අඩවි ඉදිරියේදී ඉදිරිපත් කරන්නෙමු.

දේශපාලන - පළමු(රුපියල් 5000 වටිනා තෑගි වවුචර) දෙවන (රුපියල් 2500 වටිනා තෑගි වවුචර) හා තෙවන ස්ථාන (රුපියල් 1000 වටිනා තෑගි වවුචර) සහ සහතික
කවි /නිසඳැස් පළමු (රුපියල් 5000 වටිනා තෑගි වවුචර) දෙවන (රුපියල් 2500 වටිනා තෑගි වවුචර) හා තෙවන ස්ථාන (රුපියල් 1000 වටිනා තෑගි වවුචර) සහ සහතික
කාලීන සංවාද - පළමු(රුපියල් 5000 වටිනා තෑගි වවුචර) දෙවන (රුපියල් 2500 වටිනා තෑගි වවුචර) හා තෙවන ස්ථාන (රුපියල් 1000 වටිනා තෑගි වවුචර) සහ සහතික
 කෙටි කතා - පළමු දෙවන (රුපියල් 2500 වටිනා තෑගි වවුචර) හා තෙවන ස්ථාන (රුපියල් 1000 වටිනා තෑගි වවුචර) සහ සහතික
 විද්‍යා හා තාක්ෂණ - රුපියල් 5000 වටිනා තෑගි වවුචර සහ සහතික
 විද්‍යා ප්‍රබන්ධ - රුපියල් 5000 වටිනා තෑගි වවුචර සහ සහතික
 නවකතා - (බ්ලොග් ) රුපියල් 5000 වටිනා තෑගි වවුචර සහ සහතික
 හයිකු - රුපියල් 5000 වටිනා තෑගි වවුචර සහ සහතික
 ප්‍රහසන - රුපියල් 5000 වටිනා තෑගි වවුචර සහ සහතික
 අතීත කාමය - රුපියල් 5000 වටිනා තෑගි වවුචර සහ සහතික
 සංගීතය රුපියල් 5000 වටිනා තෑගි වවුචර සහ සහතික
 සංචාරය - රුපියල් 5000 වටිනා තෑගි වවුචර සහ සහතික
 ඉතිහාසය - රුපියල් 5000 වටිනා තෑගි වවුචර සහ සහතික
 ගෘහස්ත කරන - රුපියල් 5000 වටිනා තෑගි වවුචර සහ සහතික
 පරිවර්තන - රුපියල් 5000 වටිනා තෑගි වවුචර සහ සහතික
 18ප්ලස් - රුපියල් 5000 වටිනා තෑගි වවුචර සහ සහතික
 වීඩියෝ බ්ලොග - රුපියල් 5000 වටිනා තෑගි වවුචර සහ සහතික

 ජනවාරි 2016 නෙළුම් යාය සම්මානය 

මෙවර 2016 වසරේ නෙළුම් යාය දුරුතු මස මාසික සම්මානය හිමි වන්නේ බොහෝ ඇසූ පිරූ තැන් ඇති වසර ගණනක් බ්ලොග්කරණයේ දී සිටින ජනප්‍රිය බ්ලොග් කරුවෙකුට. හන්තානය ගැන මෙන්ම ජෙට් එන්ජිම ගැනද ඔහු ලියූ බ්ලොග් ලිපි නෙළුම් යාය සහෘද සමුහයේ මෙන්ම අපගේ වෙබ් අඩවි කියවන බොහෝ දෙනා අගය කල නිර්මාණ. මේ බ්ලොග් කරු තමන්ගේ නිර්මාණ "තිලක සිත " නමි පොතක් වශයෙන් ද පල කර තිබෙනවා. ඔහු මහගම සේකරයන් ගේ 2016 ජනවාරි 14 වසර හතළිහක් පිරෙන ගුණ සමරු දිනය සමරා ලියු මෙම නිර්මාණය නෙළුම් යායේ පලකල පසු බොහෝ දෙනාගේ සිත් ගත් බව කිව යුතුයි.

 මේ එයින් කොටසක්.

 'ඒ කියලා මම අවුරුදු හතළිහකට පනහකට කලින් ලියපු පසුබිම අරන් අද නිර්මාණය වෙන දේ සංසන්දනය කරන්න යන්න එපා . අලුත් වෙන්න බලන්න' .

 'සිගරට් කොලේක පිටිපස්සේ පැන්සල් කොටේකින් ලියන ඒවා විතරක් නෙවෙයි කවි'.
 'එහෙනම් ? '

'බිස්නස් ක්ලාස් මෙනු කාඩ් එකක පිටිපස්සේත් හොඳ කවි ලියවෙන්න පුළුවන්. ඒවත් අතාරින්න එපා'.

මේ කතාව මොන තරම් බරපතලේට මට දැනුනාද කියලා කීවොත් ඉක්මනටම තේ එකක් දී සේකර පිටත් කර අරින්නට ඕනෑ කියා මම හඬ නගා අම්මා ඇමතීමි ."

  ජනවාරි මස බ්ලොග් සම්මානය හිමි වන්නේ තිලකසිතට.

81 comments:

  1. තිලක සිතට සුභ පැතුම්

    ReplyDelete
  2. තිලක සිතටත්, සම්මාන තරගය සඳහා යෝජිත බ්ලොග්අඩවිවලටත් මගේ සුභ පැතුම් එක් කරමි.

    ජයවේවා!

    ReplyDelete
  3. හොඳයි. තිලක සිත ලියු ඒ post එක හරිම imaginative and creative.

    ReplyDelete
  4. තිලක සිත ලියන තිලකෙ අය්යටත් මගේ සුබ පැතුම්. තවතවත් ලියන්න හැකි වේවා.

    ඔය බ්ලොග් කරුවන් විදිහට තෝරගෙන තියෙන බ්ලොග් 12 ම මමත් බොහොම ආසාවෙන් කියවන බ්ලොග්. මේ කාට ලැබුනත් සතුටුයි. එදාට සතුට සමරමු.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි කසුන්. එදාට එන්න.

      Delete
  5. තිලක සිතට සුබ පතන අතරම බ්ලොග් සම්මාන උළෙල සාර්ථක වේවා කියා ද ප්‍රාර්ථනය කරනවා. සම්මාන උළලේදී හොඳ සංවාදයක් ඇතිවනු දකින්නට කැමතියි.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි විචාරක. හොඳ සංවාදයක් කරමු.

      Delete
  6. කාලෙකට පස්සේ බ්ලොග් බලන්න ආවා.. තිලක සිතට සුබ පැතුම්.. බ්ලොග් සම්මාන උළෙලටත් ජය!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි පැතුම්. මොකද වුනේ බිත්තියට. තීන්ත ගානවද අලුතෙන්.

      Delete
  7. තිලක සිතගේ පෝස්ට් නම් හැම එකටම සම්මාන දෙන්න වෙනවා ලොක්කෝ....

    ReplyDelete
    Replies
    1. අනේ මචන් පුලුවන්නම් දීපන්.

      Delete
  8. විමසුම් අැසින් බලා සිටිමි.. ෙම් කාර්යය ෙකාතරම් අමාරු දැයි මා දන්නවා.. මගුල සිංහල අවුල් ෙවලා ෙනව.. පසුව ඒමි. කට්ට කපටි තිලකයාට සුභ පැතුම්.. හැක්.. ජය

    ReplyDelete
  9. තිලකට සුබපැතුම්!

    පූල් එකේ කට්ටිය නම් අවිවාදයෙන් සුදුසුයි. තව එක බ්ලොග් එකක් මම බලාපොරොත්තු උනා.

    ReplyDelete
    Replies
    1. අමතක වීම් මග හැරීම් සිදුවෙන්න පුළුවන්.

      Delete
    2. What is that blog Upayo.. if you can tell it here we'd have tell what went wrong with it. Sorry for no sinhala.

      Delete
    3. උපයාගේ මඟුලේ යෑම 1 & 2 :)

      Delete
    4. Kalyana:

      I've already informed Ajith about it as I felt that not nice to say in public. He might consider it. But no hard feelings about it. What you guys are doing is appreciated.

      Delete
    5. අර ගිය පාර වගේම මිස් වෙච්ච තියනවා. ඒවා අර human error ගොඩට වැටෙන්නේ. නිර්දේශ කරන්න හිතාගෙනම හිටි දෙකක් තමා දුමියාගේ කට කහන කතා සහ දුකා. නමුත් මට හොයා ගන්න බැරි වුණා ලිපි දෙක. වෙලා මද කමත් එනවා.

      Delete
  10. අජිත් අයියා..................

    මුලින් ම තිලක සිතට සුභ පැතුම්.... ඔය කියන නිර්මාණය තාම හිතේ අැදිලා තියෙන නිර්මාණයක්..... ඒ නිසා තේරීම ගැන අපේ සතුට......

    දෙවැනි දේ තමා හොදම බ්ලොග්කරු හැටියට තේරුණ සියලු දෙනාටම අපේ සුභ පැතුම් (අපි ද අැතුලුව) අජිත් අයියා මේ හොදම බ්ලොග්කරු නොමිනේෂන් අපි සින්ඩියේත් දානවා........... ජයවේවා..

    ReplyDelete
    Replies
    1. ස්තූතියි කුරුටු මල්ලිලා නංගිලා.

      Delete
  11. සම්මාන සඳහා යෝජනාවී ඇති සිංහල බ්ලොග් අඩවි සහ පොස්ට් වලින් සමහරක් සම්මාන ලැබීමට නිර්දේශ වීම විහිලුවට කරුණක් වන්නේ ඒවාට වඩා සම්මාන ලැබීමට සුදුසු බ්ලොග් කරුවන් සිංහල බ්ලොග් ලිවීමේ නිරතව සිටිනා බැවිනි. විනිසුරු මඩුල්ල වර්තමානයේ ලියවෙන බ්ලොග් සියල්ල විමසා බලා නොමැතිද එසේත් නැතහොත් හිතවතුනට සම්මාන කොටය ලබාදීමට දරනා ප්‍රයත්නයක්ද ??? විමසා බලන්න...

    ReplyDelete
    Replies
    1. ඔබ අපි ගැන දන්නවාද දන්නේ නැහැ. ගියවර අපි මාතලන්ට, බස්සිට හෙම බ්ලොග් සම්මාන දෙද්දී ඔවුන් රතුද නිල්ද කළුද සුදුද කියාවත් දන්නේ නැත. ඉන්පසු බොහෝ අය දන්නා මුත් හමුවී ඇත්තේ කීප දෙනෙකි. ඒ නිසා මේ චෝදනාව ප්‍රතික්ෂේප කරමි. මේවාට වඩා සුදුසු බ්ලොග්කරුවන්ට තම නිර්මාණ එවීමට අපි අවස්ථාව දුන්නෙමු. මේ නෙළුම් යාය සම්මාන දීම ගැන මිට පෙරේ ලිපි පලවී තිබේ. අප සම්මාන දෙන්නේ අපි කියවූ අපි දන්නා බ්ලොග් වලට් පමණි. අපි බොහෝ සින්ඩි වලට යන අතර කියවන්නේ වෙලා තිබෙන පරිදි පමණිය. අපි සම්මාන දෙන්නේ ද අපේ නිර්ණායකයන්ට මිස වෙන කාගෙවත් නිර්ණායකයන්ට නොවේ.

      Delete
    2. මම බොහෝ බ්ලොග් ප්‍රමාණයක් කියවා ඇති අතර මේ තෝරාගැණීම ඉතා ඉහල මට්ටමේ තෝරාගැණීමක් බව මගේ අදහසයි. මේ පෝස්ට් එකකට එකක් අනර්ඝ ඒවායි. මේවායින් එකක් තෝරාගැණීම නම් විනිශ්චය මණ්ඩලයට අන්තිම අපහසු කාර්‍යයක් වීමට ඉඩ ඇත. යමක් නොකර කරන අයගේ වැරදි සෙවීම බලාපොරොත්තු විය යුතු දෙයකි.

      Delete
  12. තිලක සිත ලියන තිලක් අයියාටද
    නෙළ්ම් යාය බ්ලොග් සම්මාන උළෙල සදහා නිර්දේශ වූ සියල්ලන්ටමද මගේ හද පිරි සුභ පැතුම්

    අජිත් අය්යේ හැම වැඩ කටයුත්තක්ම කිරි ගහට ඇන්න වගේ සාර්ථක වෙන්ට ඕන
    ජයෙන් ජයම වේවා

    ReplyDelete
  13. බොහොම ස්තුතියි මගේ ලිපිය අගය කළ සියලු දෙනාටත් ඒ ඇගයීම සම්මානයක් ලෙස නිර්දේශ කළ නෙලුම් යායටත්. සම්මාන ගැන කිසිම බලාපොරොත්තුවක් නොතිබ්බත් මේ වගේ ඇගයීමක් ලැබුනම ලොකු සතුටක් දැනෙනවා. ඒත් මේ සමග පිරිනැමෙන යම් තිළිණයක් ඇත්නම් එය පෙබරවාරි මාසයේ හොඳම බ්ලොග්කරුට ලබා දෙන ලෙස ඉල්ලනවා .
    (පොඩි නිවැරදි කිරීමක් තියෙනවා අර ලිපිය පළවූ 2016 ජනවාරි 14 සේකරගේ උපන් දිනය නෙවෙයි. ඒ ඔහු මියගොස් වසර හතළිහක් පිරෙන ගුණ සමරු දිනයයි.)

    ReplyDelete
    Replies
    1. තිලක සිත ස්තුතියි නිවැරදි කිරීම කරන්නම්. ඒ තිළිණය හොඳම වීඩියෝ බ්ලොගයට දෙන්නම්. හොඳම බ්ලොග් කරුට දැනට නියමිත් ගණන දෙන නිසා. ඒකට කමක් නැත්ද?

      Delete
    2. වීඩියෝ බ්ලොගයට දෙනවාට මම උඩින්ම සතුටුයි අජිත් .
      2015 වසරේ බ්ලොග් සම්මාන සඳහා නිර්දේශ වෙච්ච හමොටෝමත් මගේ උණුසුම් සුබ පැතුම්!

      Delete
    3. තිලකේ අයියා..................

      අපේ අාචාරය.

      Delete
  14. සම්මාන උළෙල සාර්ථක වේවා! ඉඩක් ලැබුනොත් ඇවිත් යන්න එන්නම්.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි උදය . ඇවිත් යන්න එන්න.

      Delete
  15. තිලක සිතට සුභ පැතුම්.
    සම්මාන උළෙල සාර්ථක වේවා!

    ReplyDelete
  16. ඈක්ක.. මුදල වටින්නේ නැතුව තමයි. ඒත්.. දේශපාලන, කවි/නිසඳැස්, කාලින සංවාද හා කෙටිකථා කියන්නේ බ්ලොග් රචනා අතර අමාරුම හා වැඩියෙන්ම අගය කල යුතු නිර්මාණ.. ඒවාට පලවෙනි තෑග්ගට 2500ක් දෙනවා කියන්නේ මොන කුණු හබ්බයක්ද? හයිකුවකට රුපියල් 5000ක් දෙද්දී? මෙහෙම කරන්න බලන්න.. පලවෙනි තෑග්ගට 5000යි දෙකට 3000යි තුනට 2000යි වත් දුන්නනම්.. එතකොට තෑගි තුනටම යන්නේ 10000යි. දැන් ඔය 2500 දෙකයි 1000යි එකතු උනාම 6000ක් වෙනවනේ .. අඩු වෙන්නේ 4000යි. කැටගරි හතරටම 16000යි. ඔන්න ඕක මන් කොහෙන් හරි හොයල දෙන්නම්.. අන්න ඒ විදියට කරන්න ..

    තිලකසිතට ජනවාරි බ්ලොග් සම්මානය ලැබීම අත් දෙකම ඔසවල අගේ කරනවා. විශේෂයෙන්ම ඒ පොස්ට් එකේ ශෛලිය හා නිර්මාණාත්මක බව අගය විය යුතුමයි. සුභ පැතුම්.. :)

    ReplyDelete
    Replies
    1. මල්ලි වරදවා වටහාගෙන . උඩ ලියල තියනවා රුපියල් 5000 දෙනවා කියල පළමුවන තෑග්ගට. දෙවන හා තුන්වන ඒවාට තමා 2500. වරහන් ඇතුලේ දැම්මේ ඒකනේ . වරහන දාන්නේ ඒ ළඟ තියන වචනයට අදාලව කියල දන්නේ නැත්ද? . ඔන්න ඔයා හොයල දෙන්නකෝ ඉතිරි ටික. (5000 කොහොමත් පළමුවෙනි එකට දෙනවා ) එතකොට 3000, 2000 දෙන්නම්."පනින්නට (කොමෙන්ට් කරන්නට) පෙර සිතා බලනු."

      Delete
    2. හා.. :)

      කැටගරි හතරටම එහෙනම් වැඩිවෙන්නේ එහෙමනම් රුපියල් හයදහයි (500/- *4 + 1000*4 = 6000/-) නේ එක මන් හොයලා දෙන්නම්. ඔයා කතාව පැහැදිලිවම ලියලා තිබුන නම් අපරාදේ වෙනස් කරේ.. :)

      Delete
  17. තිලකසිරි මහත්තයාට මේ සම්මානෙ ලැබීම පිළිබඳ ඉතාමත් සතුටුයි. ඉතිහාසයේ පටං රටේ මිනිස්සුංගෙ දැනුම වර්ධනය කරන්න ඔහු කරලා තියෙන සේවය අපමණයි. ඒක වෙනමම පෝස්ටෙහෙකිං ලියන්නං.

    ReplyDelete
    Replies
    1. අපොයි ලියන්න සුරංග. අපෙන් සුභ පැතුම්.

      Delete
  18. නෙලුම් පොහොට්ටුව කල එලි දකින යාමේ නෙලුම් යාය.....
    :D

    ReplyDelete
    Replies
    1. මට මේ කොමෙන්ට් එක ගැන හිතා ගණන් බැහැ. සරසා නේ කියන්නේ.

      Delete
    2. ///නෙලුම් පොහොට්ටුව කල එලි දකින යාමේ නෙලුම් යාය..... ///

      තව කී දෙනෙක් හිරේ යයිද ඊට කළින්...

      Delete
    3. //මට මේ කොමෙන්ට් එක ගැන හිතා ගණන් බැහැ. සරසා නේ කියන්නේ.//

      ඔයි යකා කිවුවොත් කියන්නේ මෝඩ කතාවක් නේ අජිත්...

      //තව කී දෙනෙක් හිරේ යයිද ඊට කළින්...//

      මොකා හිරේ දැම්මත් සිජ්ජ වෙන වැඩේ නවත්වන්න කාටවත් බැහැ ලොකු පුතේ...

      Delete
    4. // මට මේ කොමෙන්ට් එක ගැන හිතා ගණන් බැහැ. සරසා නේ කියන්නේ.//

      අහක යන කුනු ඔක්කොම බේරුවල් බොක්කට කියන්නැනැහෙ, ඔහෙට ගණන් බැරි එකට ස ර ස තුමා මක් කරන්නද.... ගණන් උගන්නපු ගුරුවරුන් තමයි ඕකට වග කියන්න ඕනේ....

      Delete
    5. http://www.mrsena.com/#!මහින්ද-බලවේගය-පොහොට්‌ටුවට-පණ-දෙන්න-දිනේෂ්-ගුණවර්ධන-පෙරමුණ-ගනී/cjds/56adcc960cf24ff5b2c9aed2

      Delete
    6. තිලක සිතට සුභ පැතුම් !!! සම්මාන උලෙලට ජය... :-)

      Delete
    7. මගේ ප්‍රියතම බයියා සා රස

      Delete
  19. තිලකේ අයියාටත් නාම යෝජනා ලබා ඇති අනෙකුත් සහෘදයින්ටත් සුබ පැතුම්...!!!

    ReplyDelete
  20. තිලක සිතට සුභ පැතුම්!!! නෙලුම්යායටත් සුබපැතුම්!!!

    ReplyDelete
  21. තිලක සිතට සුබ පැතුම්...
    ඒ වගේම නාම යෝජනා ලබා ඇති සියල්ලන්ටමද සුබ පැතුම්...

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තුතියි ලොකුපුතේ

      Delete
  22. දුරුතු මස හොඳම බ්ලොග්කරු වූ තිලකෙට මුලින්ම සුබ පතමි.නම් නිර්දේෂවූ සියලු දෙනාටත් සුබ පැතුම්.නෙළුම්යාය කරන මේ සත්ක්‍රියාව සම්පූර්ණයෙන්ම සාර්ථක වේවායි සුබ පතමි!!!

    ReplyDelete
    Replies
    1. අපිත් ගහල හරි සම්මානයක් ගමු බං.. හැක්

      Delete
    2. කාටද ගහන්න යන්නේ මට නෙමේනේ. අර කමියා ඉන්නේ උසට මහතට .

      Delete
  23. තිලකසිත සම්මානයට සුදුසුයි... ඉත සිතින්ම සුභපතමි...

    ReplyDelete
  24. තිලක් මගේ සුබ පැතුම්..

    ඒ වගේම නෙළුම්යායටත් ස්තූතියි,ඔබගේ උත්සාහය සර්වප්‍රකාරයෙන් සාර්ථක වේවා!!!

    ReplyDelete
  25. තිලක සිතට සුභ පැතුම් !!! සම්මාන උලෙල සාර්තක වෙන්න, කියලා මාත් ප්‍රාර්තනා කරනවා. ජය....:-)

    ReplyDelete
    Replies
    1. ස්තූතියි හේමමාලි

      Delete
  26. බොහොම ස්තුතියි ඔබ සියලු දෙනාගේ සුබ පැතුම් වලට . ඒ ඒ කොමෙන්ට් ළඟටම ගිහිං රිප්ලයි කරන්න බැරි තාක්ෂණ දෝෂයක් අලුතින් ඇවිල්ලා . සුරංග තැන්කිව්. හැබැයි ඔය පරණ කතා ගැනනම් ලියන්න එපා ඕන් මම ඔය කියන තරම් දෙයක් කරලා නෑ .

    ReplyDelete
  27. නිතර කොමන්ට් නොකලත් මම බලන බ්ලොග් එකක් තිලක සිත .

    තිලකට සුභපැතුම්

    ReplyDelete
  28. ගිය වතාවේ වගේ වැඩේ සාර්ථක වෙන්න මගෙනුත් සුබ පැතුම්

    තිලකේ අයියටත් සුබ පැතුම්.

    ReplyDelete
  29. තිලක සිතටත් නෙළුම්යායටත් මුළු හිතෙන්ම පිරිනැමෙන සුබ පැතුම්

    ReplyDelete
  30. තිලකසිත තිලකයියාට සුභ පැතුම්.. සම්මාන නිර්දේශිත සහෝදර බ්ලොග් කරුවන්ටත් හදවතින්ම සුභපැතුම්.. වැඩේ සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා...

    ReplyDelete
  31. සම්මානවලට නිර්දේශ වූ සියළුම දෙනාටත්, තිලකසිතටත් උණුසුම් සුභපැතුම්!

    සම්මාන උළෙල අනිවාර්යයෙන්ම සාර්ථක වෙනවා, මොකද අපිත් එනවනෙ. :D

    ReplyDelete
  32. තිලක සිතට උණුසුම් සුභපැතුම්! (මම නම් සුභපතන්න එන්න සෑහෙන්න පමා උනා) සම්මාන දෙන්න වටින, වැදගත් දේ බොහොම නිවුනු ස්වරයෙන් ලියවෙන මම කැමතිම බ්ලොගක් තිලකසිත.

    පොත් ප්‍රදර්ශණයෙදි තිලක අයියව අඳුනාගන්න ලැබීමම තවත් සතුටක්!

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තුතියි බස්සී . ඔව් ගියවර පොත් ප්‍රදර්ශනයේදී බස්සී සහ බස්සා මුණගැසීම මටත් ලොකු සතුටක් වුනා

      Delete
  33. ලඟදි තිලක සිත ආයෙත් මුල ඉඳල අගටම කියෙව්වා. පිදිය යුත්තන් පිදීම ඉතාම හොඳයි. උණුසුම් සුබ පැතුම්

    ReplyDelete
  34. තිලක සිත ට තිලක් අයියාට සුබ පැතුම්..

    ReplyDelete
  35. මට පෙනෙන මම දකින මගේ සිත එක්ක මම මේ බ්ලොග් එකකට ප්ලග් වුනා විතරයි. තිලක සිත කියවලා නැහැ. මට හිතෙන්නෙ හිතට බැහැලා තිතට හිත දකින්නෙ ඇහේ සුද නැති අය. තිලක සිතට මගේ සුභ පැතුම්

    ReplyDelete

සියලු හිමිකම් අජිත් ධර්මකීර්ති (Ajith Dharmakeerthi) සතුය. කොළඹ ගමයා බ්ලොග් අඩවියේ යොමුව සඳහන් කර හෝ අජිත් ධර්මකීර්ති යන නමින් පමණක් මෙහි ලිපි උපුටා පළ කරන්නට අවසර තිබේ.
මෙහි පලවන ලිපි සහ දේශපාලන අදහස් මගේ පෞද්ගලික අදහස් පමණි.
ඔබේ ඕනෑම ප්‍රතිචාරයක් මෙහි පල කරනු ලැබේ. නමුත් වෙනත් කෙනෙකුට සාධාරණ හේතුවක් නැතුව පහර ගසන අශිලාචාර අන්දමේ ප්‍රතිචාර පමණක් පල නොකෙරේ. බ්ලොගයට ගොඩ වදින ඔබ සියලු දෙනාට ස්තූතියි .