Wednesday 4 November 2015

අන්තරේ ගැටේට හිරවුණු පොලිසියේ කිරිපල්ල හා මහමගේ හිරවුණු කිරි ඇල්ල

මහාමාර්ග ඇමති කිරිඇල්ලට යහපාලන ආණ්ඩුවේ විද්වත් මණ්ඩලයක් මගින් උසස් අධ්‍යාපන ඇමති පදවියත් ලබාදීමේ බුද්ධිමත් තීරණය ඇස් පනාපිට ඔප්පුවී ගියේය. දැන් ඒ සිදුවීම් පෙල විග්‍රහ කරමින් බ්ලොග්වල, මුණු පොතේ සහ පත්තර වල මෙන්ම ගොසිප් වෙබ් අඩවි වලද කතාව තවම නැවතී නැත. මට දැන් ප්‍රශ්න කීපයක් මතුවී තිබේ. ගුරුවරුන් ළමුන්ට පහරදීම කිසිදා අනුමත නොකළ අයෙකු ලෙස, ගැහීමෙන් ළමයි හැදිය නොහැකි බව පිළිගන්නා අයෙකු ලෙස පොලිසිය තියා මොකා වුනත් සිසුන්ට පහරදීම අනුමත කිරීමට හැකියාවක් නැත. එනිසා අපි එයට විරෝධය පළ කරමු.

 මා එසේ කීවද පොලිසිය ගැනද අනුකම්පාවක් ද තිබේ. ඒ සුළු පොලිස් නිලධාරීන් ගැනය. අපි රතුපස්වල ගනිමු. උද්ඝෝෂණයේදී හමුදාව කැඳවූ අතර ඔවුන් පුහුණුව ලැබූ දෙය වන වෙඩි තැබීමක් සිදුවී විරෝධතා කරුවෙක් මිය ගියේය.

උද්ඝෝෂණයකදී එක එල්ලේ වෙඩි තැබීම නීති විරෝධීය. පොලිසියට උගන්වා තිබෙන පිළිවෙල නම්, ජනතාවට අවහිර වන අවස්ථාවක, උද්ඝෝෂණ වලක්වාලීම සඳහා මුලින් ශබ්ද විකාශන මගින් විසිර යන ලෙස දැන්විය යුතුය. උද්ඝෝෂකයන් එම අණ පිළිපදින්නේ නැත්නම් වතුර විදීම වැනි ක්‍රමයක් හා ඉන් පලක් නැත්නම් කඳුළු ගෑස් ගැසීම කල යුතුය. ඉනුත් පලක් නැත්නම් කුළුපොලු හමුදාව ඉදිරියට ගෙනවිත් එක පෙලට උද්ඝෝෂණකරුවන් තල්ලු කරමින් ඉදිරියට යමින් ඔවුන් විසිරුවා හැරීමට කටයුතු කල යුතුය. උද්ඝෝෂකයන්ට අවම බලයක් යොදා පහර දීමටද අවසර තිබේ. බ්‍රිතාන්‍යයේ මෙන්ම බොහෝ රටවල උද්ඝෝෂකයන්ට විසිර යන්නේ නැත්නම් පහර දීම කරනු ලබයි. ඉහත සිද්ධියේදී පොලිසිය මූලිකව තම නීති පොත අනුගමනය කල බවක් පෙනී යයි. (අවසන් පහරදීම් සිද්ධීන් වලට කලින්) පොලිසිය මගින් වෙඩි තැබීමක් සිදු වුයේද නැත. එහෙත් පොලිසිය විරෝධතාවය මැඩීමට ගත් ක්‍රියාමාර්ග අතර අවශ්‍ය කාල පරතරය තිබුනේද යන්න ප්‍රශ්නයකි. කෙසේ වුවද තිරශ්චීන ලෙස එලව එලවා කල පහරදීමට එරෙහිව දැඩි විරෝධයක් මතුව තිබේ.


උදාහරණයක් ලෙස සසිනි සන්දීපනී ශිෂ්‍යාවට කල පහරදීම කිසි සේත්ම අනුමත කල නොහැකිය. ඇය ඒ අවස්ථාවේ පොලිසියට තර්ජනයක් කරන්නේ නැත. ඉවත්ව යාමට තතනන සිසුවියකට පහර දීම වීර ක්‍රියාවක් ලෙස ඒ පොලිස් නිලධාරියා සිතනවා නම් ඔහුව මානසික රෝහලකට යැවිය යුතුය. එසේම ප්‍රථම වතාවට මේ පහරදීම ගැන විමසන්නට උසස් පොලිස් නිලධාරීන් මානව හිමිකම් කොමිසමට කැඳවා තිබේ. මෙය පැසසිය යුත්තකි. ඔවුන්ට බලතල ඇත්නම් එතනින් නතර නොවී නීතිය කඩ කිරීමක් සිදුව ඇත්නම් දඬුවම් දීමද කල යුතුය.

දැන් අපි ඩිප්ලෝමා ගැන කතා කරමු. ප්‍රංශයේ අවුරුදු හතරක පාඨමාලා වලට ඩිප්ලෝම දෙන අතර ඒවා ඩිග්රි (උපාධි) වශයෙන් නම් කිරීමට නම් එහි අධ්‍යපාන අමාත්‍යංශයේ සහතිකය ගත යුතුය. රැකියා සඳහා එසේ සහතික කිරීම අනවශ්‍යය. ජර්මනියේද ඩිප්ලෝමා දෙන අතර අවුරුදු 4-5 දක්වා ඇති පාඨමාලා උපාධි හා සම තත්වයේ සැලකේ. ඇත්තේ නමේ වෙනස් වීමක් පමණි. ඩිග්රි හෙවත් උපාධි ඇත්තේ බොහෝ විට ඉංග්‍රීසි කතා කරන රටවල පමණි.ඒවායේ ඩිප්ලෝමා ප්‍රදානය කරන නමුත් ඩිප්ලෝමා උපාධි වලට වඩා අඩු තත්වයක ලා සැලකේ. නමුත් බොහෝවිට ඩිප්ලෝමාවට රැකියා ලැබෙන අතර උපාධියක් තිබීමම රැකියාවක් ලැබීමේ හේතුවක් නොවේ. මයික්‍රොසොෆ්ට්, සිස්කෝ වැනි ආයතන වල විභාග සමත් වී හා පරිගණක පාඨමාලා සම්පුර්න කර ඩිප්ලෝමා සහතික රැගත් ඉංජිනේරුවන් ඩිග්රි ඇති අය සමග සමව හෝ වඩා උසස් රැකියා කරනු මා දැක තිබේ.

ප්‍රංශය අනුව යමින් සාර් රුසියාවේ උසස් විද්‍යාල වල දුන්නේ ඩිප්ලෝමාය. සෝවියට් දේශයද එම ක්‍රමයම අනුගමනය කළේය. අපට ලැබුණු උපාධියේ රුසියානු භාෂාවෙන් හා (ප්‍රංශ බස කතා කරන අප්‍රිකානු සිසුන් හට එම ප්‍රංශ භාෂාවෙන්ද) උපාධි සහතිකය ඩිප්ලෝමා කියා නම් කෙරුණු අතර ඉංග්‍රීසියෙන් Master of Science degree කියා සඳහන් කර තිබුණි. මෙය ඉන්පසු ප්‍රංශයේ මෙන්ම සෝවියට් උසස් අධ්‍යාපන අමාත්‍යංශය හා විදේශ අමාත්‍යංශය මගින් උපාධියක් ලෙස සහතික කරන ලදී. ලංකාවේ උපාධි ලැබූ බහුතරයකින් සමන්විත වෛද්‍ය වරුන්ගේ සංගමය මෙන්ම ඉංජිනේරු සංගමයද මේ සෝවියට් උපාධි වලට විරුද්ධ වු. ඔවුන්ගේ මුලික තර්කයන් වුයේ උසස් පෙළ විභාග ප්‍රතිඵල අඩු අය මේ උපාධි ලබා පැමිණෙන බව හා මේවා ඩිප්ලෝමා බවයි. (කවුදෝ අර රුසියානු භාෂාවේ සඳහන් ඩිප්ලෝම වචනය අහුලාගෙන ඇත) ඒ දවස් වල අපේ සෝවියට් උපාධි ලැබුවෙක් "ලුමුම්බා උපාධිය කුරුම්බා කඩන්නද" යන මැයින් දිවයින් පුවත් පතට ලියු ලිපියක්ද දුටුවෙමි. මෙහිදී සෝවියට් උපාධිධාරීන් රජයට පැහැදිලි කලේ ශ්‍රී ලංකාවේ විශ්ව විද්‍යාල වලට යාමට සුදුසුකම් ලබා නමුත් ඉඩ නැතිවීම, දිස්ත්‍රික් ක්‍රමය නිසා අත්වුණු අසාධාරණය නිසාද සිසුන් නැගෙනහිර යුරෝපිය රටවලට හා චීනයට ගිය බවයි.

මා වැනි තවත් ශ්‍රී ලංකාවේ විශ්ව විද්‍යාල වලට ඇතුළුවීමට සුදුසුකම් ලබා (ලිපිත් නිවසට පැමිණ පසු) ඉගෙනීමට සෝවියට් දේශයට ගිය අයද බොහෝ විය. රුසියන් භාෂාවෙන් ඩිප්ලෝමා කියා කීවද එය ඩිග්රියක් බව ඔප්පු කරන්නට අපේ මුල් උපාධිධාරීන් විෂය නිර්දේශ ගෙනවිත් පෙන්වූහ. එසේම අපේ සෑම උපාධියක්ම Master of Science degree ලෙස නම් කර සෝවියට් උසස් අධ්‍යාපන අමාත්‍යංශයෙන් වෙන් වෙන්ව සහතික කර තිබුණි. මම සමස්ත සෝවියට් ශ්‍රී ලංකා ශිෂ්‍ය සංගමයේ ප්‍රධාන ලේකම් ලෙස පත් වී සිටියදී විදුලි ඉංජිනේරු හා වෙනත් පාඨමාලා වල විෂය නිර්දේශ ඉංජිනේරු සංගමයට මෙන්ම අදාල අමාත්‍යවරයා ටද භාර දුනිමි. විෂය නිර්දේශ සන්සන්දනය කිරීමේදී සෝවියට් දේශයේ බොහෝ උපාධි පාඨමාලා ශ්‍රී ලංකාවේ පාඨමාලා වලට වඩා වැඩියෙන් විෂයයන් උගන්වන බව මෙන්ම වඩා ගැඹුරට උගන්වන බවද පැහැදිලි විය. පුහුණුව අතින්ද සෝවියට් ක්‍රමයේ උසස් කම් දැකිය හැකි විය. මා උගත් මොස්කව් බලශක්ති විශ්ව විද්‍යාලයේ තමන්ගේම තාප විදුලි බලාගාරයක් තිබුණි. අප මුලික පුහුණුව ලැබුවේ එහිය. එවන් තමන්ගේම විදුලි බලාගාර තිබු විශ්ව විද්‍යාල ලෝකයේම ඇත්තේ අතලොස්සකි. සිවිල් ඉංජිනේරු, යාන්ත්‍රික ඉංජිනේරු වැනි අනිත් පාඨමාලාද උසස් තත්වයේ විය. මා මේ කියන්නේ ශ්‍රී ලංකා වේ උපාධි පහතට දැමීමට නොවේ. ඒවායේ හොඳින් උගන්වන අතර සිසුන් මහන්සිවී ඉගෙන ගන්නා බවද පිලිගනිමි.කෙසේ හෝ සෝවියට් උපාධිධාරීන්ගේ පැහැදිලි කිරීම් හේතුවෙන් ශ්‍රී ලංකා රජය විසින් එම උපාධි සම තත්වයේ ලා සලකන ලදී.


 සෝවියට් දේශයේ නමය පන්තියෙන් පාසල් හැර ගිය සිසුන් හා විශ්ව විද්‍යාලයකට යාමට සුදුසුකම් අඩුවූ සිසුන් සඳහා හෙද විදුහල්, කාර්මික විද්‍යාල ආදිය පිහිටුවා තිබුණි. නමුත් කාර්මික විද්‍යාලයක අවසන් කල කෙනෙක් කාර්මික නිලධාරියෙක් ලෙස විනා ඉංජිනේරුවකු ලෙස හඳුන්වනු නොලබයි. ඒවායේද ඩිප්ලෝමා දෙන නමුත් එහි තත්වය පහලය. ඒවායේ අවුරුදු හතර අවසන් කර රැකියාවකට යාමට හෝ අවශ්‍ය නම් විශ්ව විද්‍යාලයකට ඇතුලු වී තව අවුරුදු තුනක් හෝ දෙකක් (පාඨමාලාවට අනුව) උගෙන උපාධිය ලබා ගත හැකිය. 

ලංකාවේ කාර්මික විද්‍යාල හා වෙනත් පාඨමාලා බොහොමයක අපොස උසස් පෙළ සමතුන් උගනිති. ඔවුන්ගෙන් සමහරු විශ්ව විද්‍යාල වලට යාමට සුදුසුකම් ලබා නොගිය අයය. මේ පාඨමාලා වලට උපාධියක සම තත්වය දීමට නම් ඉගැන්වීමේ තත්වය, ලැබෙන රැකියාවට අදාල පුහුණුව ආදී නිර්ණායකයන් සොයා බලා, විෂයට අදාල වෘත්තිකයන් හා අධාපන වේදීන්ට තීරණයක් ගැනීමට ඉඩ හල හැකිය. සිසුන් පෙළපාලි ගොස් බල කල පලියට රජයකට එය කල නොහැක. එයින් බාල්දු වන්නේ එම රටේම අධ්‍යාපන ක්‍රමයයි. මොරටු විශ්ව විද්‍යාලයේ NDT නම් පාඨමාලාවක් තිබේ. මා දන්නා විධිහට එහි විදුලි අධිකාරී පාඨමාලාව හදාරා විදුලි අධිකාරී විය හැකිය. අවුරුදු 15 රැකියා කර ඉංජිනේරුවරයෙකු හා සම තත්වයට පත් විය හැකිය. එසේ නැතුව ඔවුන්ට ඉංජිනේරු උපාධියම දෙන්න යයි එම සිසුන් ඉල්ලීම් කරනවා දැයි මම නොදනිමි. එසේ ඉල්ලීමක් තිබේ නම් කල යුත්තේ එම වසර තුන හොඳින් අවසාන කල අයට අන්තිම අවුරුද්ද හෝ දෙක ඉංජිනේරු පාඨමාලාව කරන්නට අවසර දී උපාධිය ලබා දීමය. එච් එන් ඩි සිසුන් සඳහා වුවද එවැනි ක්‍රියා මාර්ගයක් ගත හැකිය.


 පොලිසියට ගල් ගැසීමෙන් එවැනි තත්වයක් ලබා ගත හැකිවේ යයි සිතීම මිත්‍යාවකි. මේ තිබෙන්නේ ත්‍රිමා විතාන වැනි සිසුන් පුද්ගලික විද්‍යා විද්‍යාල වලට එරෙහි උද්ඝෝෂණ පෙලේ සිටියදී මරා දැමුණු පසු ඒවාට චෝදනා ලැබුවන් පසුව රජයන් කීපයකම අමාත්‍ය වරුන් වූ රටකය. එම චෝදනා පවා ඔප්පු කර ගැනීමට නොහැකිවී ඇත. විශ්ව විද්‍යාල යාමට නොහැකි වුනු සිසුන් බොහෝමයක අධ්‍යාපන තත්වය උසස්ය. ඔවුන්ට හැදෑරීමට කාර්මික විසුහල් හෙද විදුහල් පමණක් නොව පරිගණක පාඨමාලා ගණකාධිකරණ පාඨමාලා ආදියද තිබේ. මම පෞද්ගලිකව මුදල් අය කරන විශ්ව විද්‍යාල වලට කැමති නැත. මම බ්‍රිතානයේ කම්කරු පක්ෂයේ ජෙරෙමි කෝබින් ට සහ දෙන එක හේතුවක් නම් ඔහු විශ්ව විද්‍යාල වලින් මුදල් අයකිරීම අහෝසි කර නිදහස් අධ්‍යාපනයක් ලබා දීමට පොරොන්දු වීමයි. එසේ වතුදු බ්‍රිතාන්‍යයේ පෞද්ගලික පාසල් හා පෞද්ගලික විශ්ව විද්‍යාල වලට මගේ නම් විරුද්ධත්වයක් නැත. සමාජවාදී ක්‍රමයක එවැනි විද්‍යාල රජයට පවරා ගත හැකි වුවත් දැනට ඇති යථාර්තය හමුවේ එවැන්නකට විරෝධය පෑමෙන් වෙන්නේ තවත් අතිරේක සිසුන් ප්‍රමාණයක් අතරමං කිරීමක් පමණකි. අප සටන් කල යුත්තේ මුළු මහත් ශිෂ්‍ය ප්‍රජාව වෙනුවෙන් මිස "සල්ලි තියෙන එස් තුනක් ගත්තවුන් " ගැන වෛරයකින් නොවේ. අඩු ලකුණු ගත් සිසුන් නොයෙකුත් ක්‍රම හරහා සෝවියට් දේශයටද පැමිණියහ. එය ශ්‍රී ලංකාවේ සමාජයේ වැරැද්ද මිස සිසුන්ගේ නොවේ. අනික වරක් එස් තුනක් ගත්තා කියා මේ කට පාඩම් කර පාස් වෙන විභාග වලින් දෙවනුව හෝ තෙවැනිව හොදින් සමත් වෙන අයද සිටිති.

 කියුබාව වැනි රටවල දොස්තරවරුන්ට හොඳ පඩි ලැබෙන්නේ නැත. එවන් එක දොස්තර කෙනෙක් ගොඩනැගිලි ද්‍රව්‍ය විකුණන කඩයක් පවත්වා ගෙන යන බව රූපවාහිනී වාර්තාවක දුටුවෙමි. අවශ්‍යතාවයට වැඩියෙන් දොස්තර වරු හා ඉංජිනේරුවන් සිටින රටකි කියුබාව. කියුබාවේ ඒ තත්වය ළඟදීම වෙනස් වනු ඇත. කියුබාවේ හෝ වෙනිසියුලාවේ ඇති පරිදි සමාජවාදී රජයක් අද හෙටම නොඑළඹෙන නිසා අන්තරයට පවතින නීතියට යටත්ව දැනට කටයුතු කිරීමට සිදුවනු නොවැලැක්විය හැකිය. අන්තරේ ඉහත සිද්ධියේදී පොලිසියේ කිරිපල්ල අතගාන්නට සිසුන්ට පවරා තමන්ට හොඳ ප්‍රසිද්ධියක් ලබා ගත් බව මගේ හැඟීමයි. සිසුහුද ඒ වෙනවට පොලිසියෙන් හොඳටම ගුටි කෑවෝය. පොලිසිය සුපුරුදු පරිදි හොඳටම අනා ගත්තේය. අවුරුදු ගණනක සිටම මෙලස හැසිරෙන ලංකාවේ පොලිසිය යහපාලන ආණ්ඩුවක් ඇවිත් මාස කීපයකින් වෙනත් විධිහකට හැසිරෙන්නේ යැයි බලා පොරොත්තු වීමම බොළඳ කමකි. ස්වාධින කොමිසම් ආවේ යන්තම් මාසයකට කලින්ය. මිට වඩා මර්දනකාරී ආණ්ඩුවක් පලවා හැරි යහපාලන ලැදි ජනතාවට කුමාරසිංහලා, රණතුන්ගලා දැන්මම තියා කොකා පෙන්වමින් සිටිති. සිසුන්ට පහර දීමට විරෝධය පාමින් ලිපියක් නිකුත් කළ මංගල සමරවීර මහතා මෙන්ම, කරුණාරත්න පරණවිතාන මහතාද යහපාලනයට සහය දුන් බොහෝ අයද ඉදිරියට පැමිණ පොලිස් පහරදීම හෙලා දැක ඇත. ඔවුන් විසින් මේ ප්‍රශ්නය සාකච්චාවෙන් විසඳා ගන්නා මෙන් දෙපාර්ශ්වයටම බල කල යුතුය. යහපාලන ලැද්දන්ට තවත් මර්දනකාරී ආණ්ඩුවක් අවශ්‍ය නැත.

45 comments:

  1. අන්තරයට ජය වේවා. අපි නම් මේ අන්තරයේ කැඳවුම්කරුවාට සහ අන්තරයට හරි කැමතියි. මේ අය නිසා බටහිර සංවර්ධිත විශ්ව විද්‍යාල වල ඉගන ගන්න අපි වගේ අයගේ වටිනාකම් වැඩි වෙනවා. අන්තරයේ කැඳවුම්කරුවන් සහ අන්තරය නිසා ලංකාවේ විශ්ව විද්යාල අධ්‍යාපනිකව වැටිලා. ලෝක ශ්‍රේණිගත කිරීම අනුව ලංකාවේ විශ්වවිද්‍යාල ඉන්නේ ඉතාම පහල මට්ටමක. අප්‍රිකාවේ අසාර්ථක රාජ්‍ය පවා ලංකාවේ විශ්වවිද්‍යාල පරද්දවල්ලා ලංකාවේ විශ්වවිද්‍යාල උපාධියට ලෝකයේ තියන තැන නැතිවේගෙන එන්නේ. අපි නම් බටහිර සංවර්ධිත විශ්ව විද්‍යාල වලට ගියා. අපේ උපාධි වලට දේශීයව සහ අන්තර්ජාතිකව විශාල පිළිගැනීමක් තියනවා. අපි නැවත ලංකාවට එනකොට රාජ්‍ය සහ පුද්ගලික අංශය අපිට රැකියා දෙන්න පොරකනවා. එත් දිස්ත්‍රික් කෝටා එකට අඩු උසස්පෙළ ලකුණු වලින් ලංකාවේ විශ්ව විද්‍යාල වලට ගිය අය ගැන නම් දුකයි. ඒ අයට අනාගතයක් නැහැ. අන්තරේ මේ අයව පාරවල් වල දක්කන්නවා , මේ අයට ඉංග්‍රීසි බැහැ , පරිගණක හැකියා නැහැ , කළමනාකරණය දන්නේ නැහැ . අන්තරේ මේ අයට උගන්වන්නේ පෝස්ටර් අඳින්න, පෝස්ටර් අලවන්න, කැට හොල්ලන්න , මහා පාරේ වේලෙන්න. ඉතින් ඉංග්‍රීසි දන්න, පරිගණක , කළමනාකරණ හැකියා තියන බටහිර සංවර්ධිත විශ්ව විද්‍යාල වල ඉගන ගත්ත අපි ලංකාවට ආවාම අන්තරේ කාබාසිනියා කරපු ලංකාවේ විශ්ව විද්‍යාල වලින් පිටවන සෝම්බිවරුන්ට අපි වගේ අයත් එක්ක හැරෙන්නවත් පුලුවන්ද? ඉතින් ඕනෑම ආයතනයක තැන තියෙන්නේ උඩට යන්නේ අපි. අපි ඉංග්‍රීසියෙන් වචන දෙක තුනක් දාපුවම, කම්පුටර් එකෙන් ප්‍රොජෙක්ට් එකක් ඩිසයින් කලාම අන්තරේ විසින් කැට හොල්ලන්න , පෝස්ටර් ගහන්න මහා පාරේ උද්ඝෝෂණය කරන්න විතරක් පුරුදු කරපු නුපුහුණු ලංකාවේ විශ්ව විද්‍යාල උපාධිකාරයෝ වෙව්ලනවා ඉතින් අපි තමයි වැඩකාරයෝ . අපි ලන්ඩන් ,පැරිස් නිව්යෝක්, සිඩ්නි ගැන කතා කරනකොට අන්තරේ මොළ හෝදපු දේශීය උපධිකාරයා කතා කරන්නේ ගලහ හන්දියේ , කැලණියේ , හැව්ලොක් පාරේ කරපු උද්ඝෝෂණ , උපාවස, පොලිසියෙන් ගුටි කාපු ඒවා . ඉතින් මේ අය ඉබේම කොන් වෙනවා. අපි බැබලෙනවා අපිට සදහටම ඉහලින් බැබලෙන්න ක්‍රමය හදල දුන්නේ අන්තරය නිසා අපි අන්තරයට හරිම කැමැතියි. අන්තරයට ජය වේවා.

    ReplyDelete
    Replies
    1. බල්ලෝ සදට බුරති.
      සද හෑරිලාවත් බලයිද?

      උඹලා වගේ මෝඩයන්ට උත්තර් දෙන්න අන්තරේට වෙලාවක් තියනවද?
      අන්තරේ උන් කුහකයි කියමුකෝ?
      කෝ මේ පහුගිය අවුරුදු දහය දොලහේදී පයිවට් ඩිග්‍රි ගත්ත මහලොකු උගත් දක්ශ සුපර්මෑන් පයිවට් ඩිග්‍රිකාරයො ටික?
      වරෙල්ලකෝ....උබලගේ පයිවට් ඩිග්‍රිවල මහානුබාවයෙන් ලoකාව දියුනුකරලා පෙන්නපල්ලාකෝ උබලගේ මොලෙන්.
      අපිත් දෙනවා පුල් සපෝට් ඵක.

      මෙතන අන්තරේ කතාවක් නෑ.
      තියෙන්නේ ළමයින්ගෙ සාදාරන ඉල්ලිම් සහ ආණ්ඩුව ඵම ඉල්ලීම් ඵක්ක ගනුදෙනු කරන ත්‍රාඩ් විදිය ගෑන ප්‍රශ්නයක්.
      කට්ටිය පවුද්ගලීක යුනි ලoකාවට ඵන්න ඔන කියලා මහා ලොකුවට කතාකරනවා.හෑමෝටම ඩිග්‍රි දෙන්න ඔනලු
      ඵ් උනාට HNDAළමයි තමුන්ගෙ ඩිප්ලෝමා ඵක ඩිග්‍රියක් විදියට පිලිගන්න කියලා ඉල්ලනකොට ඵහෙම කරන්න බෑ.... ඩිප්ලෝමා ඵක ඩිග්‍රියක් කරන්න බෑ...කියලා මෑරෙන්න හදනවා.
      OLවත් නෑති බූරු පෑටවු සල්ලි දීල ඩිග්‍ර ගන්නකොට ෆුල් ඕකේ........HNDAකොල්ලො කෙල්ලො විබාග පාස්කරලා ඩිග්‍රිය ඉල්ලනකොට දෙන්න බෑලු.
      මොකක්ද මේ දෙබඩි කම?මොකක්ද මේ කුහකකම?
      මෙතන යන බොරුව මොකක්ද?

      Delete
    2. +++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++

      Delete
    3. මේ ප්‍රහාරයෙන් පස්සේ ආණ්ඩුව HNDA එකට දිග්රියක තත්වය දීම ගැන මම සතුටුයි. නමුත් ඕකට ළමයි පෙළපාලි ගිහිල්ල ගුටි කන්නම ඕනෙද? ඇයි බැරි ඊට කලින් ඕක කරන්න. ලංකාවේ හැම විශ්වවිද්යලයකටම (පුද්ගලික ඒවටත්) යාමට ප්‍රමිතියක් තියෙන්නේ ඕනේ. නැත්නම් ඒක අසාධාරණයක්. සල්ලි දීලා වුනත් යන්න ඕනේ රිසල්ට්ස් තියෙනවා නම් විතරයි.

      Delete

    4. @ Ajith Dharma

      //මේ ප්‍රහාරයෙන් පස්සේ ආණ්ඩුව HNDA එකට දිග්රියක තත්වය දීම ගැන මම සතුටුයි. නමුත් ඕකට ළමයි පෙළපාලි ගිහිල්ල ගුටි කන්නම ඕනෙද? ඇයි බැරි ඊට කලින් ඕක කරන්න.//

      ඵක නම් රජයෙන් අහන්න ඔන ප්‍රශ්නයක්?ඈයි ළමයි පාරට බහිනකන්ම හිටියෙ?

      පොලිසියම පාර වහලා ට්‍රෑෆික් ඈතිකරලා චෝදනාව ළමයි පිටදාන ඵක කලින් ආණ්ඩුවත් කරපු දෙයක්.මේ රජයත් ඵ් තත්වෙමයි.හරිම කනගාටුදායකයි.

      //ලංකාවේ හැම විශ්වවිද්යලයකටම (පුද්ගලික ඒවටත්) යාමට ප්‍රමිතියක් තියෙන්නේ ඕනේ. නැත්නම් ඒක අසාධාරණයක්. සල්ලි දීලා වුනත් යන්න ඕනේ රිසල්ට්ස් තියෙනවා නම් විතරයි.//

      ලoකාවේ ප්‍රයිවට් කඩවල තත්වය නම් හරිම ඛේදවාචකයක් .
      රෑකියා පිලිබද උපාදි වලදී ඵ් කියන්නේ කලමණාකරණපරිඝනක වගේ ඵවාවලදී ඵක ඵච්චර බලනොපෑවත් වෛද‍‍ය නීති ඉoජිනේරු වගේ රටේ ජාතික ප්‍රතිපත්තිය තීරනය කරන වෘත්තීන්වලදී ඔය උපාදි කඩ ක්‍රියාත්මක වෙන්නේ වෘත්තීන්ට සහ ඵවායේ ඉන්න උගතුන්ට නිග්‍රහ කරන ආකාරයට.
      ප්‍රමිතියක් කියලා ඵකක් ගෑවිලාවත් නෑ
      .
      ඈත්තටම සමහර උපාදි කඩවල ඩිග්‍රි ඵකම යන්නේ 100%ක් ඵසයින්මන්ට්වයිස්.
      ඵසයින්මන්ට් ලියාගන්නේ පන්ස්දහක් ලක්ශයක් දීලා.
      ඊටපස්සේ උපාදිය අරගෙන වෘත්තීයට ඵනවා.
      ඊටපස්සේ කරන්නේ වෘත්තීයට ලෑජ්ජකරන ඵක.ඵක්කො ක්ලබ් ඵකක නෑත්නම් කෑසිනෝ පොලක.
      විබාග පාස්කරලා ආපු ගමේ දක්ශයව කොන් කරනවා රිපීට් කරනවා නොමරා මරනවා......

      ප්‍රමිතියක් නෑති උපාදි කඩ නීතිගතකරනවා වගේම ඊට සමාන්තරව නිදහස් අද්‍යාපන අවස්තා හකුලපුහාම(විශ්ව විද්‍යල වලට ප්‍රතිපාදන නොදී,උපාදි පාඨමාලා කප්පාදු කරලා,ආචාර්‍යවරුන් රට හෑරයාමට සලස්වලා,වි.වි වල පාලනයට උදුසුකම් නෑති හෙන්චයියන් පත්කරලා වෑඩ අවුල් කරලා ) ඈතිවෙන තත්වය හරිම භයානකයි.

      මේගෑන සoඝායනාවක් තිබියයුතුයි.
      මෙහෙම කොහොමද රටක් දියුනුවෙන්නේ?

      Delete
    5. ඔහොම නම් රටක් දියුණු වෙන්නේ නැහැ තමයි.

      Delete
  2. එක වාක්‍යයකට එකඟ නැහැ.

    //අපි රතුපස්වල ගනිමු. උද්ඝෝෂණයේදී හමුදාව කැඳවූ අතර ඔවුන් දන්නා එකම දෙය වන වෙඩි තැබීමක් සිදුවී විරෝධතා කරුවෙක් මිය ගියේය.//

    මෙය අපේ සමාජගතව තිබෙන ඉතාම සාවද්‍ය ආකල්පයක්. හමුදාව දන්නේ වෙඩි තැබීමට පමණක් නොවේ. අවශ්‍යනම් කොහොමවත් වෙඩි නොතබා තම අරමුණ ඉටුකරගන්නටද හමුදාව දනී. එහෙත් හමුදාව පාලනය කරන ඒ ඒ පුද්ගලයා/පුද්ගලයන් ගේ වැරදි ආකල්ප නිසා හමුදාවේ කීර්තිනාමය කෙලෙසීම එදත් අදත් සිදුවේ.

    සිසුන්ට පහරදීමේ සිධියෙදී සිසුන්ගේ පාර්ශ්වයටත් පොලීසියටත් කියන්නට කරුණු බොහොමයක් ඇත. එහෙත් තනිවූ ශිෂ්‍යාවකට පහරදීම නින්දිතය.

    සිසුන් මේ පෙළපාලි වලට දක්කන දේශපාලන ක්‍රියාකාරීන් බලාපොරොත්තුවන්නේ එක ශිෂ්‍යකුවත් පොලීසිය අතින් මැරුම්කනු ඇතැයි කියාය. ඔවුන්ගේ අබලන් දේශපාලන දර්ශන වලට නව පණක් ලැබෙන්නේ කාලීනව එවැනි මරණ කීපයක්වත්, ඔවුන්ගේ මෙහෙයවීම යටතේ ඇති කිරීමෙනි. තම මතයට විරුද්ධ සිසුන්ව කොම්පියුටර් මොනිටරයකින් හිසට ගසා මරන්නට තරම් සිසුන්ගේ සිත් දූෂ්‍ය කරන්නෙත් මේ දේශපාලන තක්කඩි රැළ විසින්මය.

    ශිෂ්‍ය උද්ඝෝෂණ පාලනය කිරීම සඳහා මීට වඩා දියුණු උපක්‍රම ඇත. අපි තවමත් පාවිච්චි කරන්නේ 18 වැනි සියවසේ දැක්මකින් යුත් ක්‍රමවේදයන් වීම කණගාටුවට කරුණකි.

    ReplyDelete
    Replies
    1. විචාරක, ඔබ ලිවූ දෙයට සම්පුර්නයෙන්ම එකඟයි. හමුදාව ගැන ලියු ලිපියක මම ඒ බව ලිව්වා. //එහෙත් තනිවූ ශිෂ්‍යාවකට පහරදීම නින්දිතය// සම්පුර්නයෙන්ම එකඟයි. මගේ මුණු පොතත් මම විරෝධය පල කරලා පොස්ට් කීපයක් දැම්මා. හමුදාව ගැන ඒ විධිහට ලිව්වේ ප්‍රතිචාර ලබා ගන්නා අරමුණින් මයි.

      Delete
  3. ස්ටෑන්ඩඩ්ස් අවශ්‍යයි අජිත්.. ඒක දීර්ඝකාලීන වැඩ පිළිවෙලක්.. ලංකාවේ වැඩිම ස්ට්‍රෙස් තියෙන ජොබ මොකක්ද ඇහුවොත් මම බය නැතිව කියනවා පොලිසිය කියලා.. ඒකම තමා වැරදි වීමට හේතුව.. හැබැයි වැරදී වීමේ ප්‍රධාන හේතුව ඉහල නිලධාරී අණ.. කොස්තාපල්ට සැරයන්.. සැරයන්ට එස් අයි.. අන්තිමට බැලුවහම කොස්තාපල් වැඩ කරන්නෙ අයිජී ගේ ඕඩර්ස් වලට..

    ReplyDelete
    Replies
    1. මම පොලිසිය අතුල ගැන පොඩි පොලිස් කාරයාගේ දුක ගැන දන්නවා.

      Delete
  4. ඒ දැරිවින්ට පහර දීමට එකඟ වෙන්නේ අමනුශ්‍යයින් පමණි!

    ReplyDelete
    Replies
    1. රසික ඔය මගේ ලිපිය කියෙව්වද මන්දා ? මම කොහෙවත් ඒ දැරිවිට ගැහුව එක හරි කියා කියා නැහැ. මම දැනුත් කියන්නේ ඒ පොලිස් නිලධාරියා ගේ වැඩ තහනම් කල යුතුයි ඔහු පමණ ඉක්මවා ගියා නම්. නමුත් අණ දුන් තැනැත්තා හා ආණ්ඩුව වරද වැඩියෙන් භාර ගත යුතුයි. ශිෂ්යනුත් භාර ගත යුතුයි. හැබැයි අවුරුදු ගානක් තිස්සේ දුෂ්‍ය කල පොලිසියක් (මහජනතාව හා දේශපාලකයා විසින්) මෙහෙම් හැසිරෙන කොට නිකන් පොලිසියට විතරක් බැනල හරියනවද? අනික පොලිසිය අපරාධකාරයෝ නඩු නැතුව මරණ එකට අපි විරුද්ධ වුණාම අපට බැන්නෙත් ඔය මහජනතාවමයි. මොකද නඩු නැතුව හරි අපරාධකාරයෝ මරණ එක හොඳයි කියලා කිව්වෙත් උන්මනේ.

      Delete
    2. මේ ලිපි වලට ප්‍රසිද්ධිය දෙන්නේ එවැනි දේ අනුමත නොකර නිසා. http://sinhala.lankanewsweb.net/featured/nelum-yaya/item/1374-sadist-behaviour-of-sri-lankan-police
      නමුත් පොලිසියේ එකා දරිවින්ට පහර දීම නමැති කතාවට එහා ගිය කතාවක් මෙතන තිබෙන බව ඔබට පෙනෙන්නේ නැත්ද. කුමාර් ගුණරත්නම් අත් අඩංගුවට ගන්නේ වැරැද්ද දැන් පැටවෙන්නේ පොලිසියට හා කුමාර් ට නිසයි. නමුත් අර්ජුනගේ අයියා තවම ජොබ් එකෙය.

      Delete
  5. මේ උද්ඝෝෂණයේදී සිසුන්ට අපරාධකාරයන්ට වගේ ගැහුවා.මේ පහරකින් සිසුවෙක් සදාකාලීක ආබාදිත වුනානම් එහෙම....මොනව වුනත් මේ ඉන්නේ රටේ අනාගතය බාරගන්න ඉන්න පිරිසක්....මටනම් මේ ගහපු විදිය ගැන කණගාටුවක් තියෙන්නේ.....ඔලු පැලෙන්න ගහන්න තරම් මහා ලොකු වැරද්දක් කලාද ?...මේ පොලිස් නිලධාරියකුගේ දරුවෙකුට මෙහෙම ගහලා තිබුනොත් ඒ නිලධාරියාට මොනව හිතෙයිද ?...

    ReplyDelete
    Replies
    1. ඕව එක වැරදියි. නමුත් ඔය මේ එම්ක දැක්කේ පලවෙනි වතාවටද? පොලිසි මිට කලිනුත් ඔලු පැලෙන්න ගැහුව. ඒ හැම වෙලෙමේ පොලිසියට බැන්න. පහුගිය අවුරුදු 40 ම වුනේ ඒක. එක පාවිච්චි කරලා ධනපති පොලිසිය කියල සිසුන් හරහා විප්ලවේ පටන් ගත්ත. //ඔලු පැලෙන්න ගහන්න තරම් මහා ලොකු වැරද්දක් කලාද// නැහැ නමුත් පොලිසියට එන දුන්නම ඔවුන් ගහන්න ඕනේ. අර පොලසි කාරයා ට දඬුවම් කරන්නත් ඕනේ. ආණ්ඩුව හා අන්තරේ තම තමන්ගේ වරද භාර ගන්නත් ඕනේ. අපි අලුත් විධිහකට කරමු නේද. පරණ විධිහටම යන්නේ නැතුව.

      Delete
    2. ....//නමුත් පොලිසියට එන දුන්නම ඔවුන් ගහන්න ඕනේ. //....
      මම මධ්‍යස්ථගේ පෝස්ට් එකේදිත් මේ ගැන දරපු අදහස ගැන මෙතනදිත් කෙටියෙන් කියන්නම්..එතන දැම්ම අදහස් උපුටා ගන්නවා මෙතනට...

      ඔවුන් කරන මේ අරගලය නිසා ඔවුන් පහරකෑමට ලක්වෙනවා මිසක ඔවුන්ගේ ඉල්ලීම් කිසිම දෙයක් ලැබෙන්නේ නැ.ඒක එදා ඉදලම එහෙමයි.ඒ ඉල්ලීම් අතර සාධාරණ වගේම සාධාරණ නොවන ඉල්ලීම් තිබෙනවා.සාධාරණ නොවන ඉල්ලීම් අතර එකක් තමයි සියලු උපාධිධාරීන්ට රජයේ රැකියා ලබාදීම.අද උපාධියක් තියාගෙන රජයේ රැකියාවක් බලාපොරොත්තුවෙන් කල් ගෙවමින් කාලය අපතේ හරිනවට වඩා යොමුවිය හැකි වෙනත් විකල්ප බොහෝ තිබෙනවා.අනික වර්ථමානයේ රැකියා සදහා එකම සුදුසුකම විදියට උපාධිය විතරක් සලකන්න බෑ.අනික ඒක ඔලුවට අරගෙන ජීවත්වෙන්න අවශ්‍ය නැ....

      සිසුන්ගේ මේ හැගිම දඩමීමා කරගත් පිරිසක් තමන්ගේ පැවත්ම වෙනුවෙන් සිසුන් මෙහෙයවනවා නේද කියලා හිතෙනවා.අද වාමාංශිකයන් කියාගන්නා පිරිස උනත් ඔවුන්ගේ දර්ශනය ආත්මාර්ථකාමී පටුහැගීම් වලට සීමා කරගෙන තිබෙනවා.ඔවුන් ඔවුන්ගේ පැවැත්ම ගැනම මිස සමස්ථය ගැන නොහිතන බවක් තියනවා.මේ අරගල වුනත් නොනවතින රැල්ලකට සීමා වෙලා තිබෙනවා.සිසුන් අරගල කරනවා පොලිසියෙන් පහර දෙනවා.හැමදාම වෙන්නේ ඒකයි.පොලිසිය කොහොමත් ඇහුම්කන් දීම නෙවෙයි කරන්නේ කන්දෙක පැලීම.මෙවනි අරගල වලින් ඔබ්බට ගිය වෙනත් ක්‍රියාමාර්ගයකට යොමුවීම වඩාත් සුදුසුයි කියලයි මටනම් හිතෙන්නේ.

      මම මේ ගැන හිතෙන්නේ ඔය වගේ..
      මේ තියෙන්නේ මධ්‍යස්ථගේ පෝස්ට් එකේ ලින්ක් එක
      http://yakaageadaviya.blogspot.com/2015/10/blog-post_30.html

      Delete
  6. This comment has been removed by the author.

    ReplyDelete
  7. කියන්න ඕන එක අන්තීමට කියලා තියෙනවා..

    ලංකාවෙ උපාධිකාරයෝ ගැන මට නම් තියෙන්නේ අනුකම්පාවක්.. ඒක උන්ගේ වැරද්ද නෙමෙයි... මේ මුළු රටේම වැරද්ද...

    ReplyDelete
    Replies
    1. අන්න එකයි. උසුස් පෙළ පාස් වෙලා විශ්ව විද්යලේටේ යන්නේ නැති කට්ටිය ගැන මොකද කියන්නේ.

      Delete
    2. ඒකයි මම මේ යහපාලනේට යෝජනා කළේ සෑම වසරකම අඩුම ගානේ එක කැම්පස් එකක් හෝ පටන් ගන්න කියලා..

      අනිවාරයයෙන් ඕන එකෙක්ට මොකක් හෝ ටැලන්ට් එකක් තියෙනවා.. ඒක තොරලා උන්ව ඒ දේට යොමු කරන අජ්ජාපන කොරම්කුයි අවශ්‍ය... මේ විභාග එල්ල කරගෙන ළෝකේ තියෙන හැම මලදානෙම උගන්වන අජ්ජාපන් ක්‍රමය එකම විකාරයක්..

      අන්තීමට මුළු රටම මාස්ටර්ස් ඔෆ් නන්

      Delete
  8. මධ්‍යස්ත විචාරයක්.. මේ පොස්ට් එක එන බව දැන ගත්තා අජිත් අයියා නාලක ගුණවර්දනගේ පොස්ට් එකට දාපු කමෙන්ට් එකෙන්.. :)
    ඊයේ එක්කෙනෙක් නම් අහගත්තා.. කිරි ඇල්ලත් ළඟදීම අහගනියි වගේ.. 'කරන්න බැරිනම් ඔය ඇමති කම දීපන් ලමේකුට'.. හැක හැක..

    ReplyDelete
    Replies
    1. නාලක, රසික, සුරේන් රාඝවන් ඔක්කොම පොලිසියට බනිනවා. අර පොලිස් නිලධාරියා වැරදියි. ඒකෙ විවාදයක් නැහැ. මුළු හමුදාවක් මිනීමරු නැහැ. නමුත් තුවක්කු දීලා තියෙන්නේ වෙඩි තියන්න. ඒ වගේම පොලිසියට කුළු පොලු දීලා තියෙන්නේ ගහන්න. අණ දුන්නනම් ගහන්න ඕනේ. නැත්නම් ගෙදර යන්න ඕනේ. වෙනස් කරපියව් නිතිය එහෙනම්. ඒකයි මම කියන්නේ. ඔය නීති හැදුවේ පොලිසිය නෙමෙයිනේ. අලුත් පරපුර නම් හරි තැනට විරෝධතාවය ප්‍රකාශ කරලා තිබුණා .

      Delete
  9. ලංකාවේ විශ්ව විද්‍යාලවල පාඨමාලාවන් වෙනස් වෙන්නේ නැහැ අවශ්‍යකරන වේගයෙන් ඒ වගේම විශ්ව විද්‍යාලවල ඉන්න බෝහෝ දෙනෙකුගේ ඉංග්‍රිසි මට්ටම දුර්වලයි ඒ නිසා අන්තර්ජාලය ආදීය භාවිතා කරමින් දැනුම ලබා ගැනීමට තියෙන හැකියාවත් අඩුයි. පරිඝණක පිලිබදව දැනුමත් අඩුයි. මේ සියල්ල වෙන්නේ ප්‍රධාන වශයෙන්ම විශ්ව විද්‍යාලවලට වෙන්කරල තියෙන ප්‍රතිපාදන ප්‍රමාණයත් එක්ක සහ ඔවුන්ව මෙහෙයවන්නේ නැහැ නව දැනුම ලබා ගැනීමක් වෙනුවෙන්

    මිනිස්සු උද්ගෝෂණ කරන්නේ ඇගේ අමාරුවට නෙමෙයි ඔය පෙලපාලියක 1000ක් ගියොත් දේශපාලන ව්‍යාපාරයක ක්‍රියාකාරිව වැඩ කරන මිනිස්සු ඉන්නේ 10ක් 12ක විතර ඔය 10 කගේ උවමනාවකට පාරට බැහැල කට්ට කන්න මිනිස්සුන්ට ඕන නැහැ. ශිෂ්‍යයන්ට ඇත්තටම ගැටලු තියෙනව. ආණ්ඩු හැමදාම පවතින ප්‍රශ්න වලට විසදුම් දෙන්නේ නැතුව ප්‍රශ්නේ වෙන තැනකට ගෙනව. මිනිස්සු ළමයි පාරට බැස්සහම ළමයින්ට බන්නව. පොලිසිය ගැහුවහම පොලිසියට බයිනව.

    මිනිස්සු, ප්‍රශ්නයක් තියෙනව මේක විසදන්න ඕන කියල හිතන්නේ නැහැ. හැමෝම හිතනව මේක විසදිමේ වගකීම තියෙන්නේ වෙන කෙනෙකුට අපිට තියෙන්නේ ළමයිත් වැරදි, අණ්ඩුවත් වැරදි, පොලිසියත් වැරදි කියල ප්‍රශ්නය අමතක කරන්න කියල.


    පොලිසිය සකස්වෙලා තියෙන්නේම මිනිස්සුන්ගෙන් බැනුම් අහල ආණ්ඩුව ආරක්ෂා කරන්න. ඒක නිසා හැමෝම පොලිසියට ඇගිල්ල දික් කරනව. පොලිසි හමුදා මිනිස්සුන්ගෙන් සල්ලි ගෙවල තියාගෙන ඉන්නෙම මිනිස්සුන්ට ගහන්න මරන්න තමයි.

    ආණ්ඩු කවදාවත් අධ්‍යපනය පිලිබදව ප්‍රතිපත්තියක් හදන්නේ නැහැ. අධ්‍යපනය දෙන්නේ ඇයි කියල අදහසක් කිසිම මිනිහෙකුගේ ඔලුවේ නැහැ. අපි ප්‍රතිපත්ති සම්පාදකයන්ට බලකරන්න ඕන ආර්ථිකය, අධ්‍යපනය, සෞඛ්‍ය, ප්‍රවාහනය, පරිසරය ආදි සියලුම අංශ ඒකාබද්ධ වෙන විදිහට ප්‍රතිපත්ති හදන්න කියල. ඒක කරන්න අපි කලයුත්තේ කුමක්ද අපගේ බලකිරීම කරන්න ඕන කොහෝමද කියන එක පිලිබදව මිනිස්සු එකගතාවයකට එන්න ඕන.

    මම හිතන්නේ දැනුම කියන්නේ මිනිස්සු තමන්ගේ ඉතිහාසයතුල ලබාගත්ත අත්දැකිම. එක ඉළග පරම්පරාවට උරුමකරල දියයුතුයි. ඒ සදහා අවශ්‍ය සියලු පහසුකම් සමාජය විසින් සපයා දෙන්න ඕන. අධ්‍යපනය ලබා දෙන්න අවශ්‍ය මිනිස්සුන්ගේ හැකියාවන් හා දක්ෂතාවයන් වර්ධනය කරමින් නව දැනුම නිර්මාණය කරන්න

    ReplyDelete
    Replies
    1. ඔබ හරියටම මේ වාක්‍යයෙන් අවශ්‍ය දේ කියල තිබෙනවා.
      //මිනිස්සු, ප්‍රශ්නයක් තියෙනව මේක විසදන්න ඕන කියල හිතන්නේ නැහැ. හැමෝම හිතනව මේක විසදිමේ වගකීම තියෙන්නේ වෙන කෙනෙකුට අපිට තියෙන්නේ ළමයිත් වැරදි, අණ්ඩුවත් වැරදි, පොලිසියත් වැරදි කියල ප්‍රශ්නය අමතක කරන්න කියල. //
      //පොලිසිය සකස්වෙලා තියෙන්නේම මිනිස්සුන්ගෙන් බැනුම් අහල ආණ්ඩුව ආරක්ෂා කරන්න. ඒක නිසා හැමෝම පොලිසියට ඇගිල්ල දික් කරනව. පොලිසි හමුදා මිනිස්සුන්ගෙන් සල්ලි ගෙවල තියාගෙන ඉන්නෙම මිනිස්සුන්ට ගහන්න මරන්න තමයි. //
      පොලිසි වලට පඩි ගෙවෙඅන්නේ මිනිසුන්ගේ සල්ලි වලින්. ඒ මිනිසුන්ගේ ළමයින්ට ගහන්නේ ඒ පොලිසියමයි. හේතුව පොලිසිය අවබෝධ කරගෙන සිටින්නේ ඔවුන් වග කියන්නේ දේශපාලකයට පමණයි කියන එක.

      Delete
    2. ඔබේ කොමෙන්ටුව අගය කරනවා ඉතාමත්ම.

      Delete
  10. ඒ දැරිවියට පහරදීම මුළුමනින්ම හෙළා දකිනවා. ඒ පොලිස් කාරයාගේ මානසිකත්වය ගැන ගැටළුවක් එතන තියෙන්නෙ. හැබැයි ඔය නල්ලමලේ උද්ඝෝෂණ කරුවනුත් ගල් ගහල අනං මනං කරලා පොලිසිය අවුස්සගන්නවා. අවුස්සගත් ලංකා පොලිසිය කියන්නෙ තිකරම අසූචි ගොඩක්...

    ReplyDelete
    Replies
    1. එතන තියෙන්නේ ඒක තමා . යන කට්ටියත් දන්නවා පොලිසිය ගහයි කියල. ගැහුවොත් තමා ගොඩ. ඉල්ලීම් ලැබුනේ නැතත් ආණ්ඩුව හරි අප්‍රසාදෙට පත් වෙනවා. ඒක අරගල උපක්‍රමයක්. මම කියන්නේ පොලිස් නිලධාරියට ඒ අමානුෂික ගැහීමට එරෙහිව නිතිය ක්‍රියාත්මක කරමු. ඩිග්රි ප්‍රශ්නේ දැන් විසඳිලා. අධ්‍යාපන ක්‍රමයත් සාධනීය විධිහට වෙනස් කරමු.

      Delete
    2. ....//උද්ඝෝෂණ කරුවනුත් ගල් ගහල අනං මනං කරලා පොලිසිය අවුස්සගන්නවා.//....

      අන්න එතන තමයි මේ උද්ඝෝෂන කරුවන්ගේ ලොකුම වැරද්ද තියෙන්නේ..අම්බානකට කන්න වෙනවා කියලා දැනගෙනම ඒක කරනවා...පොලිසියට එතනදි මේ අය සිසුවෝ නෙවෙයි කැරලි කාරයෝ පිරිසක් විතරයි...ඒ නිසා කැරල්ලක් මර්ධනය කරන්න අවශ්‍ය පියවරයි ගන්නේ....ඒ නිසානේ කැරලි මර්ධන ඒකකය එහෙම එවන්නේ...අනිත් කරුන තමයි අයීතීන් දිනාගැනීමට ප්‍රචන්ඩත්වයට යාම නොවෙයි කල යුත්තේ...ඒකෙන් නිර්මාණය වෙන්නේ ගැටුමක් වගේම අවසාන ප්‍රතිපලය ලේ වැගිරීමක් විතරයි...

      Delete
  11. විමල් වීරවංස හිටපු ජවිපෙ පුර්ණකාලිකයෙකි. සරසවි සිසුන්ට පන්ති වර්ජන කිරීමට , පිකටින් , පෙළපාලි වලට යාමට නායකත්වය දුන්නේය. ඔහු සමග අරගල කල සරසවි සිසුන් බොහොමයක් අද ජිවතුන් අතර නැත. ඉතුරුවූ ටික දෙනා නන්නත්තාර වි සිටිති. නමුත් විමල් ගොඩ ගියේය. ඔහු අද රජයේ ඇමතිවරයෙකි. බිරිඳ ෂොපින් යන්නේ ඇමරිකාවේය සහ යුරෝපයේය. විමල් වීරවංස ගේ පුතා ඉගෙනුම ලබන්නේ ස්කොට්ලන්තයේ පුද්ගලික විශ්ව විද්‍යාලයකය. ඔහුට මහපොළ අවශ්‍ය නැත.

    ___________________________________________________________________________________________________________________

    එස් බී දිසානායක – සරසවියේ පන්ති වර්ජන , විරෝධතා වලට නායකත්වය දුන් සරසවි ශිෂ්‍ය නායකයෙකි. අද උසස් අධ්‍යාපන ඇමතිය. ළමුන් ඉගෙනුම ලැබුවේ ඕස්ට්‍රේලියාවේ විශ්ව විද්‍යාල වලය.

    _____________________________________________________

    සෝමවංස අමරසිංහ – ජවිපෙ වර්තමාන නායකයාය. 1971 සිට මේ දක්වා සරසවි වල වර්ජන සහ විරෝධතා වලදී කැපී පෙනෙන කාර්යභාරයක් ඉටු කළේය. ඔහුගේ පුතා ඉගෙනුම ලබන්නේ එංගලන්තයේ පුද්ගලික විශ්ව විද්‍යාලයකය. පන්ති වර්ජන , නවක වද වලින් තොර සුවපහසු සරසවි දිවියක් ඔහුට පියා විසින් ලබා දී තිබේ.

    ___________________________________________________________________________________________________________________


    කුමාර් ගුණරත්නම් – 88-89 කාලයේ විශ්ව විද්‍යාල වර්ජන ගැටුම් වලදී සිටි ශිෂ්‍ය නායකයෙකි. දැන් ජිවත් වන්නේ ඕස්ට්‍රේලියාවේය. ළමුන් දෙදෙනා තව නොබෝ කලකින් ඕස්ට්‍රේලියාවේ විශ්ව විද්‍යාල වලට යනු ඇත. ඔවුන්ට වර්ජන , මහා පාරේ අරගල වලින් තොර සරසවි දිවියක් ලැබෙනු ඇත.

    ReplyDelete
    Replies
    1. සෝමවංශ ගේ පුතා සාමාන්‍ය විශ්ව විද්‍යාලයක් ඉන්නේ මම හිතන්නේ. නමුත් අවුරුද්දට පවුම් 5000 විතර නායක අරන් ගෙවන්න ඕනේ නේ. කවුද කිව්වා නැහැයි කියලත්.

      Delete
    2. අරගලයක් නොකර යමක් දිනා ගන්න බැරි තත්වයක් වගේ නේද ලංකාවේ තියෙන්නේ. ඕකට මොකද කියන්නේ? සිසුන් අරගල වලට යන්නේ ඒ නිසා වෙන්න බැරිද?

      Delete
  12. සම්පූර්ණ ක්‍රමයමයි වෙනස් කරන්න ඕනි.......... ඒත් කරන්න බැරි වැඩක් ඒකනං...............

    ReplyDelete
    Replies
    1. අධ්‍යාපන ක්‍රමයද? සමාජ ක්‍රමයද? සමාජ ක්‍රමය වෙනස් කරලා ඇති සුන්දර එකක එනවා කියල මට නම් හීන මවන්න බැහැ. තිබෙන යථාර්තය තුලම වෙනස් කර ගන්න තමා තියෙන්නේ මරා ගන්නේ නැතිව.

      Delete
  13. අජිත් අයියා මේ පහරදීම මමත් කිසිදු ලෙසකින් අනුමත කරන්නේ නැහැ.රටක පොලිසිය මේ විදියට ක්‍රියා කිරීම සම්පුර්ණයෙන්ම වැරදියි.සමහරවිට ශිෂ්‍යයින් මේ ඉල්ලීම් සාකච්චා මාර්ගයෙන් විසඳා ගන්න ගියා නම් තාමත් ප්‍රශ්නය එතැනම තියෙන්න තිබ්බා.

    මෙවර අමත්‍යංශ බෙදුවේ විද්‍යාත්මක පදනමකින් කියන එක නම් නියමෙට මේ සිදුවීමෙන් අනතුරුව පැහැදිලි උනා.

    ReplyDelete
    Replies
    1. මම අනුමත කරන්නෙත් නැහැ. නමුත් පොලිසිය බල්ලෝ කියල කියනවට වඩා ඒ ගහපු පොලිස් නිලධාරීන්ට දඬුවම් කරනු කියල බල කලාම හරි නේද. නිතිය කඩවීමක් එතන තියෙන නිසා. වතුර, කඳුළු ගෑස් ගැහීම නීතියට අනුවයි, ඉතින් ධනේෂ්වර නීතියට එකඟ නැහැ කිව්වත් සමාජවාදී නිතිය යටතේත් ඒක එහෙම මයිනේ. පෙළපාලි යන්න ඕනේ. අරගල කරන්න ඕනේ. පොලිසියට විරෝධතා විසිරුවා හරින්නත් බලතල තියනවා කියල පිලි ගන්නත් ඕනේ . එතැනදී අමානුෂිකව යන කොටසට විරුද්ධව කතා කරමු. මුළු හමුදාවම මිනීමරු හමුදාව කියල නම් කරන්න බැහැ කියල මම ලිවෙත් ඒකයි.

      Delete
    2. නිතිය ක්‍රියාත්මක කිරීම හරි නමුත් මානුෂිකත්වයක් තිබිය යුතුයි නේද ?රටක පුරවැසියෝ උද්ගෝෂන,අරගල කරන කොට නිතිය කඩ වුනා කියලා ඒ විදියේ පහර දීමක් අනුමත කරන්න බැහැ.ලංකා පොලිසිය අවම බලය යෙදවීමෙන් මිනිස්සු මැරිච්ච අවස්ථා කොයි තරම් තියේනවාද ?

      කොහොමත් අපේ පොලිසිය මොන ආණ්ඩුව යටතේ උනත් නිතිය ක්‍රියාත්මක කරන්නේ දෙවිදීයකට.ධනය,බලය තියෙන උන්ට එක විදියක්.එව්වා නැති උන්ට තව විදියක්.

      Delete
    3. ඒක පොලිසිය විතරක් නෙමේනේ කරන්නේ. අනික් හැමතැනමත් ඒ විධිහම නෙමෙයිද?

      Delete
    4. මගේ ලිපියේ ඒ එලව එලව පහරදීම අනුමත කරලා නැහැ. එකට විරුද්ධව තමා ලියල තියෙන්නේ. නමුත් රටේ නිතිය අනුව උද්ඝෝෂණ කරන්න මිනිසුන්ට අයිතිය තියනවා වගේම විසිරුවා හරින්න පොල්සියට අයිතිය තියනවා. අපිම හදපු නීති. අපි පොලිසිය විවේචනය් ක්රයුත්තේ ඒ පදනමේ ඉඳන්. වැරදි කරන යට දඩුවම් කරන්න පීඩනයක් එල්ල කල යුතුයි. ඒකනේ වෙන්නේ නැත්තේ.

      Delete
  14. අජිත් අයියේ.................... මෙහෙමයි.

    මේ සිද්ධියේ දී පොලීසිය වෙනම අායතනයක් විදිහටයි අාණ්ඩුව වෙනම අායතනයක් හැටියටයි හිතන්න බැහැ..... පොලීසිය හැම වෙලාවෙම වැඩ කරන්නේ අාණ්ඩුවට අනුව විතරයි.... ඔය උසස් අධ්‍යාපනේ අැමති කියන්නේ කවුද කියලත් ටිකක් අවුස්සලා බැලුවොත් තේරෙයි.... හැමදාම විශ්ව විද්‍යාල සිසුන් අනවශ්‍ය ඒකෙක්ගේ අතට පත්වුණා වගේ මේ පාරත් ඒකමයි වෙලා තියෙන්නේ... මේක නොනවතින අරගලයක් අජිත් අයියේ....

    ReplyDelete
    Replies
    1. ඔයා කියන දෙයට කිසිම විරුද්ධත්වයක් නැහැ. පොලසිය කටයුතු කරන්නේ ආණ්ඩුවේ කීමට අනුව. හෝ ඉහල නිලධාරියාගේ නියෝගයට අනුව. ඉතින් පොලිසියට විතරක් බැනල වැඩක් නැහැ. ගහපු පොලිස් නිලධාරියා නීතිය ඉක්මවා ගිහිල්ල නම් දඬුවම් කල යුතුයි. මම පෙළපාලි යන්න එපා කියල කියනවා නෙමේ. අනිවාර්යයෙන්ම යා යුතුයි. නමුත් එක තැනකදී අපි violence කියන එක අඩු කර ගත යුතුයි. පොලිසියට ගල් ගැහුවොත් පොලිසියෙනුත් ගහනවා අනිවාර්යයෙන්ම. පොලිසියට හැමෝම බනින කොට පෙනෙන්නේ මෙතන වැරදි කාරය පොලිසිය විතරයි වගේ.

      Delete
  15. මේ තියෙන්නේ අපිට සිස්ටම් නැති එකේ වරද , සිස්ටම් එකක් නැති වුනාම එක එකා එක එක කාලෙත් එක එක සිස්ටම් හදාගන්නවා , ඒවා තමන්ගේ නුවනේ දිග පළල අනුව , එත් මිනිස්සු සිස්ටම් එකක් ඇතුලට ගත්තම දේශපාලකයෝන්ගේ ජනප්‍රිය තාවය ගිලිහෙනවා , ඒ නිසා යන විදිහට යනවා ප්‍රහ්න ඇතිවුනාම පැලැස්තර දානවා

    ReplyDelete
    Replies
    1. මොන සිස්ටම් එකක් ගැනද ඔයා කියන්නේ? අධ්‍යාපන ක්‍රමයද ? සමාජ ක්‍රමයද?

      Delete
  16. රතුපස්වල ගනිමු. උද්ඝෝෂණයේදී හමුදාව කැඳවූ අතර ඔවුන් පුහුණුව ලැබූ දෙය වන වෙඩි තැබීමක් සිදුවී විරෝධතා කරුවෙක් මිය ගියේය...............

    අජිත් උසස් පෙළ සිසුන් දෙදෙනෙකු එක්ක ඔක්කොම තුනක් මැරුණා.. අදටත් ආමි රිපෝට්ස් නෑ.. මැරුණේ විරෝධතාවයටවත් සම්බන්ධ නොවුණු මිනිස්සු...

    ReplyDelete
    Replies
    1. ඔය මගේ වාක්‍යය "අවුලුවන්න" ලියපු එකක් කියල කිව්වා හැකි. අර විචාරක කිව්වා වගේ ඔවුන් පුහුණුව ලබා තියෙන්නේ වෙඩි තියන්න විතරක් නොවන බව ඇත්ත. නමුත් වෙඩි තැබීම කියන්නේ හමුදාවෙන් අපේක්ෂා කරන දෙය.
      මම කියන තර්කය මේකයි. හරි තුන් දෙනෙක් මැරුන. මොකද හමුදා භටයා තුවක්කුව තමන් සල්ලි වලට අරගෙන මම මුන්ට පාඩමක් උගන්වනවා කියල වෙඩි තිබ්බද? - තුවක්කුව අයිති කාටද? රජයට හමුදා භටයාට පඩි ගෙවන්නේ කව්ද? රජය. අණ දුන්නේ කව්ද? රජයේ නියෝජ්තයෙක්. එතකොට මිනීමරු හමුදාව කියලා හමුදාවට කියන කට්ටිය කොලේ වහල ගහනව කියල පේන්නේ නැත්ද?

      උද්ඝෝෂණයේදී නිතිය කඩ වෙනවා නම් සිවිල් නිතිය තුල එතනට යායුතු පොලිසියයි. පර අවහිර කිරීම් අදින් නිතිය කඩ වෙනවා නම් ඔවුන් විරෝධතාකරුවන්ට පළමුව අනතුරු අඟවා ඉන්පසු නීතියෙන්ම ඔවුන්ට වතුර, කඳුළු ගෑස් හා කුළු පොලු ගැසීමට නීතියෙන් ඉඩ තිබෙනවා. විරෝධතා කරුවන් යුධ ගන්නේ නම් පොලිසියට ඔවුන්ට වෙඩි තැබීමට පුළුවන් "ජනතා ආරක්ෂාව" සහ "ස්වයං ආරක්ෂාව " සඳහා එවැනි තැනකට හමුදාව යවන්නේ හමුදා ආණ්ඩුවක්. එතකොට ලංකාවේ තිබුනේ හමුදා ආණ්ඩුවක්ද? මිනිස්සු චන්දෙ දීල පත් කල එකක්ද?

      Delete
    2. රිපෝර්ට් දෙන්නේ හමුදාවද ? හමුදාවට පුළුවන් සාක්කි දෙන්න හා ඔවුන් වෙඩි තිබ්බේ නීතිමය අනකින් නොවේ න නම් ඉහලම නිලධාරියාට දඬුවම් පමුණුවන්න. මිනිස්සු මේ ගැන ක්‍රියා කරන්න ඉල්ලන්න ඕනේ මේ ආණ්ඩුවෙන්.

      Delete

සියලු හිමිකම් අජිත් ධර්මකීර්ති (Ajith Dharmakeerthi) සතුය. කොළඹ ගමයා බ්ලොග් අඩවියේ යොමුව සඳහන් කර හෝ අජිත් ධර්මකීර්ති යන නමින් පමණක් මෙහි ලිපි උපුටා පළ කරන්නට අවසර තිබේ.
මෙහි පලවන ලිපි සහ දේශපාලන අදහස් මගේ පෞද්ගලික අදහස් පමණි.
ඔබේ ඕනෑම ප්‍රතිචාරයක් මෙහි පල කරනු ලැබේ. නමුත් වෙනත් කෙනෙකුට සාධාරණ හේතුවක් නැතුව පහර ගසන අශිලාචාර අන්දමේ ප්‍රතිචාර පමණක් පල නොකෙරේ. බ්ලොගයට ගොඩ වදින ඔබ සියලු දෙනාට ස්තූතියි .