Friday 10 April 2015

නෙළුම් යායේ නොකළ කතාව හා ජයග්‍රහණයට හේතුව

ඉහල පන්ති වල ඉන්න කොට ඒ දවස් වල ඉස්කෝලේ (වැරදුනා ) කොලේජ් එක ඇරුනහම වලක්  බහින්න තැනක් හොයනවා නේ. පාඩම් වැඩ වලට අමතරව. මේ කොලේජ් කතාවත් අපේ රෝයල් ගිය බුවෙක් තමා  කිව්වේ. මම ඉස්කෝලේ ගියේ රෝයල් කිව්වහම මෑන් ඇහුව මම ගියේ පොළොන්නරුවේ රෝයල් එකටද කියල. ඒකට හේතුව මම "ඉස්කෝලේ ගිය එක " කියල කිව්ව නිසා. ඉතින්
මට පොර දුන්න අවවාදය තමයි මීට  පස්සේ කියපන් කොලේජ් ගියයි කියල. කොහෙද රෝයල් ගියත් බයියනේ. ඉස්කෝලේ කියලමයි කියවෙන්නේ.

ඉතින් මේ වල ගැන කිව්වම දැන් මේ මාතලන්ට, ඉවානයලට, බස්සිලට ඉතින් තියෙනවනේ KFC, මැක්ඩොනල්ඩ්ස්, පිට්සා හට් වගේ තැන්  වල බහින්න. අපිට තිබ්බේ නැහැ ඒ කාලේ  එහෙම තැන්. ඉතින් ඉස්සෙල්ලම බැලුවා අර මල් පාරේ (flower road ) එකේ ලේඩිස් කොලේජ් එක ඉස්සරහ තියෙන ඇමෙරිකන් සෙන්ටර් එකට සෙට් වෙන්න. (මේක දැන් එතන නැහැ. ගාලු පාරේ තියෙන්නේ). ඉතින් චෙස් අතක් හෙම ඇදල සෙට් වෙන්න බැලුවා. ම්හු ..ඩිප්ලොමැට් පොරවල්  ගේ ළමයි කස්ටිය, ඇමතිලගේ දුල පුතාල සෙට් එක එතන බහිරවයෝ වගේ ලැගන්  ඉන්නවා. ගෙවල් වල කතා නොකරන නිසා කඩ්ඩත් එච්චරම පොලිෂ් නැහැ. මං  පිටස්තරය එතනින් කැපුන. ඊළඟට සෙට් වෙන්න බැලුවේ බ්‍රිටිෂ් කවුන්සිල් එකට. අර සන්තෑසියම තමයි. පොතකුත් අරන් කියවල, ආපහු  ගිහිල්ල දීලා එතනිනුත් කැපුනා. ඒ දවස්වල අපි වාගේ වැඩි  සල්ලි බාගේ  නැති  සිංහළ  පවුල් වල එවුන් සෙට් වෙන්නේ නැතුව වගේ එතනට. සෙට් වෙන එවුනුත් ඉන්නවා. ඒ අපි නෙවේ.  අපි පිටස්තරයෝ.
ඊළගට සෙට් වෙන්න  බැලුවේ පොඩි කාලේ ඉඳන් අර නිකන් පෙන්වන ෆිල්ම් බලන්න යන තැනට.  සෝවියට් සංස්කෘතික මන්දිරේ,  අර ගංගාරාමෙට යන පාරේ  බිෂොප් කොලේජ් එක ගාව. එතන පරණ කොමියුනිස් සමසමාජ ඈයන් ගේ දු දරු රොත්තක් පිරිලා. තව එතනම අවුරුදු ගණන් ලැගල ඉන්න කස්ටියකුත් හිටිය. උන් නම් ටිකක් හොඳයි කියල හිතුන.  කඩ්ඩ වැඩිය  දාන්නේ  නැහැ.  එතැන රෂියන් නේ උගන් වන්නේ. හැබැයි උනුත් අලුතෙන් එන එවුන්ට කොස්ස. අපි පිටස්තරයෝ කීප  දෙනෙක් සෙට් වුනා. නව සමසමාජේ පොරක්, යංග්  ස්පාටසිස්ට් ලිග් පොරවල්, හිටපු ජවිපෙ , ඉන්න ජවිපෙ, යු ඇන්පී,  සිරි ලංකා  පොරවල් වගේ. හැබැයි අර බහිරවයෝ වගේ මුල් බැසගෙන ඉන්න පොරවලින් ඉතින් වලිම තමා. පස්සේ තමා හේතුව එලියට ආවේ. මේ සෝවියට් ශිෂ්‍යත්ව පෝලිම නොවැ. අර බහිරවයෝ රැල අදිනවා ලෙඩේ එතනට මොකා  ආවත්. ඔය අස්සේ කවුද කීව  එතන හිටි නෙත්තය  ඒවා විකුනනවා කියලත්.

දැන් ඉතින් යන්නේ කොහෙද? කොච්චර දක්ෂිණාංශික කීවත්, දැනුමට බයයි කීවත් ජේ ආර් ලොක්ක හොඳ වැඩක් කලා .  අර යාපනේ පුස්තකාලේ ගිනි තියල නරක වැඩක් කරලා - ඊට පස්සේ - කල හොඳ වැඩක්. අපේ අර කෞතුකාගාරේ ඉස්සරහ හරියේ තිබිච්ච පරණ මහජන පුස්තකාලේ වෙනුවට හදල දුන්න නොව නියම සිරා ගොඩ නැගිල්ලක්. ඒකෙ  තියෙන පොත්  ගොඩ. පත්තර ශාලාව.  ඒ මදිවට වලට කැන්ටිමක්. ඒලෙවල් පාඩම් කරන්න ශාලා. කියල වැඩක් නැහැ.  මෙන්න ඉතින් පිටස්තරයෝ රෑන  එතනට සෙට් වුණා.
ඉතින් මට මේ අපේ බ්ලොග් කාරයෝ ගැන හිතෙන්නෙත් එහෙමමයි. රේනගේ එක, වෙල්ගමගේ එක, අලස් ගේ එක , අසංගගේ  එක වගේ පුද්ගලික "එකවල්", අරTN, අරවාහිනී, මේ වෙබ් අඩවි වල නැතුව එළියේ ඉන්න පිටස්තරයෝ රෑනක් අන්තර් ජාලයේ එකතු වෙලා , නිව්ස් එකක් , ලිපියක්, කයියක් දාන ගමන් වලකුත් බහිනවා. මේකේ තියෙන ආතල් එක තේරෙන්නෙම එතන හිටියොත් විතරයි.

ඉතින් පිටස්තරයෝ එකතු වෙන තැන කට්ටියක් නිර්මාණ සංවාද කුලකය කියල එකක්  හදල ඔය සාකච්චා, සාහිත්‍ය කෘති විවේචන, සිනමා විවේචන යනවා. ඔතනට පස්සේ අර අහවල් රතු පක්සේ කට්ටියකුත් සෙට් වුණා. හැබැයි ඒ සමහරුන්ට වාද කරන්න පොයින්ට් නෑ. වැඩිය කියවන කට්ටියත් නෙමේ වගේ. කියවන්නේ දෙන දේ විතරද කොහෙද. ඒ නිසා වාදය උණුසුම් වෙනකොට උන් පුටු වලින් තමා වාද කලේ. පුටු අඬු කඩලා අරන් (අපරාදේ අර හොඳ පුටු ) ඒ ගොල්ල දන්නා වාදෙට  සෙට් වෙනකොට අපි වාදය කකුල් දෙකට දීල දුවන්න ගත්ත.  වැටෙන් පැනල විහාර මහා දේවි  පාක් එකට දාල දුවනවා. පඳුරු අස්සේ හැංගෙන්නත්  බැහැ. පාඩම් කරන්න ආපු ගෑල්ලමෙක් කීං ගාල කෑ ගහනවා. පඳුරේ  ඉන්න කොල්ල ගහන්න එනවා විකෘතියෙක් කියල හිතල. දුවන කොට උන්ගේ කකුල් වලත් පැටලෙනවා. ඇයි  කකුල් විතරනේ එළියේ තියෙන්නේ.  ඉතින් මොනවාද දුවල දුවල ටවුන් හෝල් එක ගාව  138 ක එල්ලෙනවා.

දැන් බ්ලොග් වල කොමෙන්ට් දාන යාලුවෝ, වාද කරන එවුන්, සංවාද කරන එවුන් ඔක්කොමත් ඉන්නවා. ඒ අතරේ ඉන්නවා තනිකර ඇනයක්ම වෙන ඇනෝලත්. ඒ ගොල්ලන්ට ඕනේ කෑ ගහල වන කරලා පුටු කඩලා බ්ලොගේ නවත්වන්න. මොකද සංවාද කරන්න තරම් සංයමයක්  නෑ.  හැබැයි අපට තියෙන්නේ ඉස්සර වගේ දුවන්න නෙමේ. සංසදයක් හදල සංවිධානය වෙන්න. අපි එකතු වෙනකොට අපේ ශක්තිය වැඩියි.

මේ රටේ වෙබ් අඩවි මර්ධනය කරපු කාලයක්, තහනම් කරපු කාලයක් තිබුන කිසි හේතුවක් නැතුව.  ලංකානිව්ස්වෙබ් ඇතුළු තහනම් කරපු අඩවි වලට ඇවිත් බැලුවේ ෆේස්බුක් වගේ සමාජ ජාල වලින් . නැත්නම් පිටරට වල ඉන්න සහෘදයෝ  විතරයි. මේව නිදහස් වෙබ් අඩවි. නමුත් ඒවා එක එක පැති  වලට තල්ලු කලේ මේ තේරුමක් නැති වාරණ. බොහොමයක් බ්ලොග් කරුවන් ඔවුන්ගේ  නිර්මාණ පල කරන්න  දුන්න. අපි ඔවුන් සමග අපේ පාඨක  ජනතාව බෙදා ගත්ත. එහෙම කලෙත් වඩා  නිදහස් මාධ්‍ය භාවිතයක් ඇති වෙයි කියල හිතා ගෙන. ඒ ජයග්‍රහණයතමා  මේ සමරන්නේ. එයට උර දුන් කට්ටියකට සම්මාන දීල මේ පුරවැසි ජන මාධ්‍යය වඩාත් සමාජ ගත කරන්න.

පසු සටහන:
මේ වැඩ සටහනේදී මගේ කතාව කෙසේ වෙතත් අහන්න පුල පුලා බලා  සිටි නාලක ගුණවර්ධනගේ කතාව  වත් අජිත් පැරකුම් ගේ කතාව වත් අහන්න ලැබුනේ නැහැ. වීඩියෝ වල හඬ වල නැහැ. සංගීත කණ්ඩායමේ සින්දු ටික නිවී හැනහිල්ලේ බලන්න හිටිය. ඒවා රෙකොර්ඩ් වෙලත් නැහැ. මොකක්ද වුනේ කියල මම දන්නෙත් නැහැ.  ලබන පාරවත්  බලමු.
අපට වුවමනා  වුනේ සම්ප්‍රදායෙන් පිට යමක් කරන්න. ඒක 100% සාර්ථක නොවෙන්න ඇති.
මේ දේශනය  කිරීමට  ප්‍රථමයෙන් Black  Eyed Peas කණ්ඩායමේ Let's get started ගීතයේ මුල් කොටස වාදනය කරන්නයි හිටිය.  පැයක් පරක්කු වුන නිසා වාදනය වුනේ නැහැ. ජාතික ගීයේ ප්‍රශ්නයකට නොවේ.
එය පහත දැක්වෙනවා.
Let's get it started in here...

And the bass keeps runnin' runnin', and runnin' runnin', and runnin' runnin', and runnin' runnin',
And runnin' runnin', and runnin' runnin', and runnin' runnin', and runnin' runnin', and...

In this context, there's no disrespect, so, when I bust my rhyme, you break your necks.
We got five minutes for us to disconnect, from all intellect collect the rhythm effect.
So lose an inhibition, follow your intuition, free your inner soul and break away from tradition.
Cause when we beat out, girl it's pulling without.
You wouldn't believe how we wow shit out.
Burn it till it's burned out.
Turn it till it's turned out.
Act up from north, west, east, south.

[Chorus:]
Everybody (yeah), everybody (yeah), let's get into it (yeah), get stupid (c'mon)
Get it started (c'mon), get it started (yeah), get it started!
Let's get it started (ha), let's get it started in here.
Let's get it started (ha), let's get it started in here.
Let's get it started (ha), let's get it started in here.




32 comments:

  1. කදිමයි+ නමුත් ඉවර නැහැ වගේ+ ඉතිරි ටික කියවන්නට ආසවෙන් ඉන්නවා ඕන්

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මෙහෙට ආවට. ඉතිරි ටික මෙතන. - කල කතාව :)
      http://kolambagamaya.blogspot.co.uk/2015/04/blog-post_3.html

      Delete
  2. ස්ටඩි කළේ කොහෙද කියලා ඇහැව්වොත් තමයි කියන්න උත්තරයක් නැති වෙන්නේ නේද?

    එතකොට කියන්න ස්ටඩි කළ නොකළ එක කෙසේ වෙතත් ගියේ නම් කොලේජ් එකට කියලා!

    ReplyDelete
    Replies
    1. ඔව්. කොලේජ් කථාවස් රෝයල් විතරක් නොවේ. ආනන්ද , නාලන්ද, තර්ස්ටන්, තෝමස් , ජෝසපියන්ස්, මාධ්‍ය මහා විද්‍යාල ඔක්කොම කියන එකක් දැන්.

      Delete
  3. පරන කතා ආයේ මතක් උනා. අපිත් ඉතින් ඔයිට වඩා වෙනසක් නෑ. රසික කිව්වා වගේ ඉස්ටඩී කොරන්න කොලේජ් එකට ගියාට ඉස්ටඩි කොලේ නෑ වගේම, පාඩම් කොරන්න පබ්ලික් ලයිබරියට ගියාට පාඩම් කළේ නෑ. එතන කෙල්ලෙක් එක්ක පාඩම් කරලා අනෙක් අයට ඩිස්ටර්බ් උනා කියලා. සික්කෝ අල්ලලා අපි දෙන්නයි සෙට් එකමයි එලියට දැම්මා. කොම්ප්ලේන් කොරලා තියෙන්නේ පුටුවක් හම්බ වෙනකන් එලියට වෙලා කෙල හල හලා ඉන්න උන්. ඉතින් උන්ගේ අම්මලාටත් පින් දීලා එලියට බැස්සයින් පස්සේ, ආයේ ඒ පැත්ත පලාතේ ගියේ නෑ.

    ඊට පස්සෙ නියම වලකට සෙට් උනා, උපාලි විජේවර්ධනගේ ගෙවල් කීපෙකට එහා රජ පැටියෙක්ගේ ගෙදර. අපේ එකයි, උගේ මල්ලියි, සර්වනස්ට්ලයි විතරයි ඒ ගෙදර. දෙමව්පියෝ ඩිප්ලොමැට්ස්ලා. ඒ වගේම ගෙයක් තිබුනා කැලනියෙත්. මුන් දෙන්නම අද ලංකාවේ පොරවල්. ඒ විතරක් නෙමෙයි ඔතන සෙට් උන් ගොඩාක් උන් ෆේමස් පොරවල්. එකෙක් දෙන්නෙක් උඹත් දන්නවනේ.. (මාත් ඉතින් පොරක් නේ.)

    බ්ලොග් වලට දෙන සහයෝගය ගැන නම් කියන්න වචන නෑ.. උඹලා දෙන්නම ලබන ආත්මෙත් බොගවල් වෙලාම උපදින්න ඕන..

    ReplyDelete
    Replies
    1. උඹ කියන්නේ රහීම එක ගාව ආ **** ලගේ ගෙදරද? එතන වල ගැන අහල තියෙනවා.

      Delete
    2. උඹ "පොරව" දැන් මුළු ලංකාවම දන්නවනේ. :) :)

      Delete
  4. මොනවා වුණත් අජිත්......... දෙයක් කරන්න තමා අමාරු.... පටන් ගන්න තමයි අමාරු.... ඔබලා ඒක කළා.... පටන් ගත්තා...... කරගෙන යාවි...... වැදගත් ම දේ ඒච්චරයි.... අනික්වා විචාර සහ පසුසටහන් විතරයි...... ඒවා සිදුවෙනවා... නමුත් මහා වැදගත්කමක් නැහැ...... වැදගත් වෙන්නේ දෙවැනි පාර ඒක කිරීමයි...

    ReplyDelete
    Replies
    1. දෙවැනි පාරට අපි යනවා මල්ලි. ස්තුතියි සහයෝගයට.

      Delete
  5. පිටරට වල නම් ඉස්කෝල වලට කොලෙජ් කියන්නෙ නෑ නේද?කොලෙජ් කියන්නෙ උසස් අධ්‍යාපන ආයතන වලට.
    බ්ලොග් අල කරන්න එන්නෙ ජෙනුඉන් ඇනෝල නොවෙයි අජිත් ලියාගන්න බැරි ප්‍රොපයිල්ලු ඇනෝ එනවා.ජෙනුඉන් ඇනෝල බොහොම වැදගත් විදියට කමෙන්ට් කරනවා.

    ReplyDelete
    Replies
    1. කොලේජ් කියන්නේ කාර්මික විද්‍යාල වලට් නේද? මන් දැකල තියනවා සිරා ඇනෝ කොමෙන්ට්. මම කියන්නේ කල්ලි ගැන.

      Delete
  6. Replies
    1. පුදුමයි මඩ කොමෙන්ටුව නැති එක. හිනාවෙන්ම කියා දදාල හේ හේ

      Delete
  7. හෙහ්..අඩේ..බොලා අපිට ගරු කරපල්ල...අපි ඇවිල්ල ඔය පුස්තකාලෙට කලින් තිබ්බ පරණ පුස්තකාලෙ පාඩම් කරපු / වලට සෙට් වුනු කස්ටිය හරී? ඒක තිබ්බෙ ඔතනම එහා ටෙනිස් කෝට්ස් ඉස්සරහ. ( ටෙනිස් කෝට්ස් දැන් තියනවද නම් නොදනිමි ) මම දන්න විදිහට ඒ ගොඩනැඟිල්ල දැන් කොළඹ පුරපති නිල නිවස. තට්ටු දෙකක පරණ කොලෝනියල් ටයිප් ගරු ගාම්භීර මන්දිරයක්. සොල්දරේ තනිකරම ලී. ඒකෙ ඇවිදිනකොට පල්ලෙහා තට්ටුවට සද්දෙ ඇහෙනව කණේ බෙර ගහනව වගෙ. පිටිපස්සෙ තිබ්බ වෙල්ඩඩ් මෙෂ් එකක් ගහපු මඩුවක් වගෙ එකක්. ඒක තමයි කැන්ටිම.

    ඒ දවස්වල ඔය දැන් තියන ලයිබ්‍රරි එක හදනව. ඕකෙ ඔය ඉස්සරහ පෝටිකෝ එක සපෝට් කරල තියෙන අමුතුහැඩේ කුළුණු මොනවද කියල අපිට හරි ගැටළුවක්. කට්ටිය එකතුවෙලා පරණ පුස්තකාලෙ කැන්ටිමෙන් එලියට බැහැල ප්ලේන්ටී ගහන ගමන් ඔය ගැන නොයෙකුත් වාද විවාද කලා. රයිට්..ස්තූතියි අජිත්...හිතේ හැංගිල තිබ්බ පරණ බොහොම සොඳුරු මතකයක් අඇවිස්සුවට. " පරණ පබ් මතක. " ...කියල ලියන්න ඕන සටහනක් දෙකක්.

    පලි - දන්නවද ඔය පුස්තකාලෙ නිධාන කතාව? 75-77 කාලෙ කොළඹ මේයර් වෙලා හිටියෙ පවුසි ලොක්ක. පවුසි ඔතන පටන්ගත්ත පුරපති නිල නිවසක් හදන්ට.ඕකට විරුද්ධව දැඩි ප්‍රචාරයක් ගෙනිච්ච 77 ඡන්දෙදි යූ.එන්.පී එක. ඒ දවස්වල ගහපු සත්වසක ශාපය කාටූන් පොතේ එක පිටුවක්ම වෙන් වෙලා තිබ්බෙ පවුසිගේ අහස් මාළිගාවට. 77 සමගිපෙරමුණ පරදින කොට ඔතන පවුසිගෙ මාලිගාවට ෆවුන්ඩේෂන් එක දාල තිබ්බෙ. ජේ.ආර්. කලේ ඒක උඩම අලුත් පුස්තකාලෙ හදපු එක.( වෙනස්කම් කරන්න ඇති අවශ්‍ය ආකාරයට )

    ReplyDelete
    Replies
    1. නිල කට්රොල් වගේ ඒවා ලියන කොටම හිතුඉන පෞරාණික පොරක් වෙන්නඕනේ කියල. මටත් ඔය ලි සොල්දරේ හොඳට මතකයි. ටෙනිස් කෝට් ඉස්සරහ තමා. පරණ පබ් කතා නම් ගමකට තියනවා. පවුසිය නම් මැද කොළඹට කරපු දෙයක් නැහැ. ගෝඨාබය රාජපක්ෂ මන් දැක්ක අවුරුදු 3-4කට ඊට වඩා දෙයක් කරලා තියනවා. හැබැයි මහජන පුස්තකාලේ හදපු එක නම් ලොකු දෙයක්. මාලිගාව වෙනුවට නම් ඕක හැදුවේ දැන් ඊටත් වැඩිය මනාපයි.

      Delete
    2. ඇත්තටම ගෝඨා කොළඹට කළ සේවය අමරණීයයි.. ඒ මනුස්සයාට ඒ ජොබ් එක දිගටම දෙන්න තිබුනේ.. අපරාදේ ඒ ටැලන්ට් එක..

      Delete
    3. යස්, " අගනුවර ඇළමාර්ග ගොඩදැමීමේ ප්‍රධාන විධායක කුම් සක්මන් මළු නිර්මාපක" වගෙ තනතුරක් නම් නියමෙටම ගැලපෙනව ඒ මනුස්සයට...:)

      අර කලින් එක පාරක් උත්සවාකාරයෙන් ප්‍රදානය කරපු " නිදහසින් පසු බිහිවූ ශ්‍රී ලංකාවේ විශිෂ්ඨතම රාජ්‍ය සේවකයා " කියන විරුදාවලියට අමතරව....හෙහ්,හෙහ්,

      Delete
    4. මාතා උඹ කතා කරනකොට විහිළුවටද සිරා වටද කියල මම තවම දන්නේ නැහැ? හේ හේ ස්ටාලින් තමා මොස්කව් වල ලස්සනම බිල්ඩින් ටික හදන්න එන කලේ. මොස්කව වැඩ ලස්සන වුනෙත් පොර යටතේ. ඒවගේම තමයි............මිලියන් ගානකට කෙල වුනෙත්.

      Delete
  8. ස්තුති අජිත් අයියේ. ඊලග පාර එකෙන්ම මීට වඩා සාර්ථක වේවි

    ReplyDelete
    Replies
    1. එහෙම හිතමු. දැන් ඔයත් එනවනේ.

      Delete
  9. ඔය සෝවියට් සංස්කෘතියෙ හිටිය නෙත්තයා කියන්නෙ ටිකක් කොන්ඩෙ ක්‍රේල් සුදු මෑන්ද? මිනිහා අපිට රශියන් ඉගැන්නුවා කාලයක් නාලන්දෙ.

    ReplyDelete
    Replies
    1. මිස්ටර් නෙත්තසිංහ.

      Delete
  10. ඇත්තටම හඬත් එක්ක වීඩියෝවක් තිබ්බානම් අපිත් ගියා වගේ දැනෙනවානෙ. ඊ ළඟ පාර අඩුපාඩු හදාගෙන ඉදිරියටම යමු. අර සංසදේ වැඩේ කොහොමද?

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මාධවී. වීඩියෝව අල වෙලා. සංසදේ වැඩේ යනවා. මේ දවස් වල ලංකාවේ ඉතින් ඔක්කොම වහලනේ. පලවෙනි වැඩේ හැටියට ප්‍රේමකීර්ති ද අල්විස් ගේ පොතක් පල කරනවා.

      Delete
  11. // හැබැයි අපට තියෙන්නේ ඉස්සර වගේ දුවන්න නෙමේ. සංසදයක් හදල සංවිධානය වෙන්න. අපි එකතු වෙනකොට අපේ ශක්තිය වැඩියි.//

    අනිවා. අපි ඔක්කොම එකතු වෙලා මේක ශක්තිමත්ව හදමු.
    ජය වේවා!!!

    ReplyDelete
    Replies
    1. මල්ලි මේ සපෝර්ට් එක තමා වැදගත්.

      Delete
  12. අජිත්, නියමයි ලිපිය. ඔහොම යං. සුදත් කුමාරසිංහ

    ReplyDelete
    Replies
    1. සුදත් මගේ යාව ජිව අඹ යාළුවා. සංස්කෘතික මන්දිරේ ගැන ලිව්වට කමක් නැහැනේ. සාදරයෙන් පිලිගන්නවා කොළඹ ගමයාගේ කමතට.

      Delete
  13. බ්ලොග් සම්මාන උළෙලේ නොකී කතා ගොඩක් තියෙනවා, ඒවා සමහර වෙලාවට තැන තැන කියනවා ,කොහොමත් හැම බල්ලටම ගල් ගහන්න ගියොත් කොළඹ යන්න බැරිවෙනවා . ඒ නිසා ඉස්සෙල්ලා අපි කොළඹ ගිහින් ඉමු, එතකොට බනින අයත් ටික දවසකට පස්සේ බලනකොට කොළඹ ඇවිත් ඉඳී.. එතන ඉඳන් එකතුවෙලා හැමෝම ගමන යමු

    ReplyDelete
    Replies
    1. හරියට හරි ඉවාන්. මේක මේ නොකී කතාව කිවේ සටහන් කරගෙන ඉඳලා වෙලා නැතුව හලපු නිසා. දැනටම අපි කොළඹ ඇවිත් කියලයි හිතෙන්නේ. රාවයේ නාලක ගුණවර්ධනගේ ලිපිය දැක්කද?

      Delete
  14. මං මේ කල්පනා කරේ කොළඹ ලොකු ලොකු කොලීජ වල රුපියල් බ්ලොග් කාරයොන්ගේ අස්සේ අපි වගේ මහ විද්‍යාල අලුක්කාල් ගහන්නේ කොහොමද කියලා.. අවුරුද්දට කඩේ වහල ඉන්නේ. 17 සිට නැවත ෆුල් ඇක්ටිව්.. ජය වේවා!

    ReplyDelete
    Replies
    1. කල්‍යාණ එදා කිව්වා මන් අහවල් විද්‍යාල කොලිජියේ කියල. යකෝ බ්ලොග් පටන් ගන්නෙත් අලුත් අවුරුද්දට නැකතින්ද?

      Delete

සියලු හිමිකම් අජිත් ධර්මකීර්ති (Ajith Dharmakeerthi) සතුය. කොළඹ ගමයා බ්ලොග් අඩවියේ යොමුව සඳහන් කර හෝ අජිත් ධර්මකීර්ති යන නමින් පමණක් මෙහි ලිපි උපුටා පළ කරන්නට අවසර තිබේ.
මෙහි පලවන ලිපි සහ දේශපාලන අදහස් මගේ පෞද්ගලික අදහස් පමණි.
ඔබේ ඕනෑම ප්‍රතිචාරයක් මෙහි පල කරනු ලැබේ. නමුත් වෙනත් කෙනෙකුට සාධාරණ හේතුවක් නැතුව පහර ගසන අශිලාචාර අන්දමේ ප්‍රතිචාර පමණක් පල නොකෙරේ. බ්ලොගයට ගොඩ වදින ඔබ සියලු දෙනාට ස්තූතියි .