Friday 6 September 2013

පෙරටුගාමී සමාජවාදීන් හා ලංකාවේ විප්ලවය Joke එකක්ද ? ඇත්තක්ද ?


ජනරළ ලිපිය:

http://janarala.wordpress.com/2013/08/13/flsp-2/

මගේ උත්තරය:

සුගත් ගේ කතාවේ සඳහන් කරුණු ගැන කීර්ති ගේ පිළිතුර ට මගේ විවේචනාත්මක එකඟතාවය පල කරන්න කැමතියි. මෙහිදී සුගත් ශ්‍රී ලංකා  පෙරටුගාමී පක්ෂය ගැන කියන තක්සේරුවට එකඟ වීම අමාරුයි. ශ්‍රී ලංකා  පෙරටුගාමී පක්ෂය ජවිපෙ ජාතිවාදී ප්‍රවණතාවය මුල සිටම නිර්දය විවේචනයට ලක්කළ පක්ෂයක්.  ශ්‍රී ලංකා පෙරටුගාමී පක්ෂය පල කරන පොත් පත්  කියවීම හා සම්මන්ත්‍රණ වලට සහභාගී වීම අනුකුල කරගෙන කුමාර් ගුණරත්නම් ඇතුළු පිරිස පෙරටුගාමී නම ඈඳ  ගත්තා  විය හැකියි. මේ ගැන ත්‍රිමාණ වෙබ් අඩවිය ට  කළ කොමෙන්ටුවකදී මගේ අදහස වුනේ මෙය දයලෙක්තිකව  ඉදිරියේදී විසදෙනු ඇත කියා. සුගත් මෙහිදී පෙරටුගාමින් හැටියට මුලදී අදහස් කරන්නේ පෙරටුගාමී සමාජවාදීන්. දෙවනුව ඔහු කියනව  ශ්‍රී ලංකා පෙරටුගාමින් ගේ නිශේධනාත්මක  ආකල්ප ගැන. පෙරටුගාමීන්  කියල පක්ෂයක් තියන නිසා ඔවුන් ඒ නමින් අමතල , පෙරටුගාමී සමාජවාදීන් ඒ නමින් ඇමතීම තමා  කල යුත්තේ . මේ නම් දෙකේ ඉතා ප්‍රබල වෙනසක් මම දකිනවා. ප්‍රධාන ප්‍රශ්නයට මුලයත් මෙතනම තමා තියෙන්නේ.



දීප්ති සහෝදරයාගේ පක්ෂය හේගල් පිලිබඳ උගැන්වීම් හමාර කොට වෙනත් සංස්කෘතික හා කල විචාර, සමාජීය ප්‍රශ්න සඳහා කරන කාලින විචාර, තම දයලේක්තික න්‍යාය පිලිබඳ අවබෝධය ඔස්සේ විශ්ලේෂණය කරමින් ඉන්නව. අපටත් එතන ඉගෙන ගන්න දේවල් තියෙනවා. ශ්‍රී ලංකා පෙරටුගාමින් විප්ලවයක් සඳහා පිලියෙල වෙන්නේ ඔවුන්ගේ ක්‍රමයකටයි. ඔවුන් පිහිටුවන්න යන්නේ සමාජවාදී සමාජයක්ද ලිබරල් නිදහස්  ධනවාදී එකක්ද යන්න තවම අපැහැදිලියි.

පෙරටුගාමී සමාජවාදී පක්ෂයට (මේ මන් හිතන විධිහටයි කියන්නේ) අවශ්‍ය සමාජවාදය  පිහිටුවීමේ ලංකාවේ පෙර  ගමන් කරුවන් වීමට. එහිදී ඔවුන් ජවිපෙන් ඉවත් වෙනවා . එයට හේතු කීපයක් ඔවුන් ඉදිරිපත් කරනවා. ජවිපෙ ජාතිවාදී වීම, නායකයන් නිලධාරිවාදීන් වීම, ස්වයං විවේචනයක් පමා  කිරීම ආදී දේවල්. ඔවුන් අලුත් විධිහකට යමක් කරන්න එලියට එනවා. ඔක්කොම හොඳයි.

මොකද වුනේ...

මම සහභාගී වුන පළමු වන දේශනය වරුණ දීප්ත රාජපක්ෂගේ. අධිරාජ්‍ය විරෝධය ගැන. එහිදී ඒ සහෝදරයා කල ඇල්මැරුණ  දහස් වාරයක් අසා  තිබෙන ඒවා ඇහුවට පස්සේ මම  ඇහුව - මේ අධිරාජ්‍ය විරෝධී සටන් පාඨ  තවත් මතුරන හේතුව මොකක්ද කියල. ජාතික නිදහස් පෙරමුණ ඇතුළු පක්ෂත් ඕව කියනවනේ. එතන හිටපු කිසිවෙක්  ඒකට  හරි උත්තරයක් දුන්නේ නැහැ.

කුමාර් ගුණරත්නම්  මහතා ගේ දේශන වලදී ජාතික ප්‍රශ්නය ගැන පක්ෂයේ ස්ථාවරය එලියට ආවේ නැහැ. හරි ඒකට  කල් දුන්න කියමු. පුබුදු ජයගොඩ  කතා කලේ ආගමික සම්මුතිවදයකට යාම ගැන. ලතින් ඇමෙරිකාවේ ක්‍රිස්තියානි සහෝදරත්වය ගැන. මිට පස්සේ ගිය රැස්වීමක කාන්තා  විමුක්තිය ගැන කතා වුනේ. ඒ පිලිබඳ විවේචනයක් මෙහි පල කිරීම අදාල නැහැ. 
අන්තිම දේශනයෙන්  පස්සේ මට දැඩිව සිතුනු සිතිවිල්ල තමයි - මෙතන තවම ඉන්නේ පරණ ජවිපෙ සහෝදරයෝ ටික කියන එක. ඒකෙ  වැරැද්දක් නැහැ. නමුත් ජවිපෙ කියන ඒවම කියනවනම්, ඒ මාර්ගයම දේශන වලදී ගන්නවනම් අපට ජවිපෙ රැස්වීම වලට ගිහාම ඇතිනේ. තව ටිකක් ජාතිවාදී වෙන්න ඕනේ නම් විමල්ජ ගේ නිපෙටත් ගිය හැකිනේ. ඉතින්ම ට පෙරටුගාමී සමාජවාදී සහෝදරයන් ගෙන් අහන්න තියෙන්නේ එක ප්‍රශ්නයයි , ජවිපෙන් ආවේ ඇයි? එතනින් පටන් ගන්න.

- අජිත් ධර්මකීර්ති 2013-09-07