Thursday 22 August 2013

හලාල් ප්‍රශ්නයත් - ප්‍රශ්නයක්ද?

හලාල් ප්‍රශ්නය - ප්‍රශ්නයක්ද?
දැන් ශ්‍රී ලංකාවේ අලුත්ම ප්‍රශ්නය හෝ ප්‍රශ්නයක් කරගෙන තියෙන කාරනාව හලාල්.  මේක දැන් තරමක් ඔඩු දුව ඇති බව පෙන්නේ චාර්ල්ස් හැවිලන්ඩ් ගේ BBC වාර්තාව කියෙව්වට පස්සේ. අපි හොඳින් අඳුනන යහළු දිලන්ත විතානගේ මහතාත්  ඉදිරියන්ම සිටින බව පේනවා. මම එංගලන්තයේ ජීවත් වන නිසා කොතරම් දුරට මෙය ලංකාවේ මුස්ලිම් වරුන්ට බලපා  තියෙනවද කියා දන්නේ නැහැ. නමුත් සමහර ආයතන හලාල් සලකුණ ඉවත් කරන්න කැමති වෙලා තියෙනවා කියල පුවත් පලවී තිබුණා. 
 අපි ජීවත් වන බ්‍රිතාන්‍යයේත් , වෙනත් යුරෝපියානු රටවලත් හලාල් ලකුණ දරන භාණ්ඩ විකුණනවා. දිලන්ත මහතා   එන්ගලන්තයට සංචාර සඳහා බොහෝ වතාවක් ආ ගිය අයෙක්.  එතුමාත් මේවා දකින්න ඇති. Sainsbury's , Tesco වැනි  supermarket වල හලාල් මස් වර්ග හා භාණ්ඩ සඳහා වෙනම කොටසක් වෙන් කරලා තියෙනවා. මුස්ලිම් ජනතාවට ඕන නම් ඒවා මිලදී ගත හැකි. එහෙම  නැත්නම් වෙනම මුස්ලිම් කඩත් තියෙනවා. වෙනස මේකයි. අපිවත්, වෙන  මුස්ලිම් නොවන අයත් මේ භාණ්ඩ මිලදී ගන්නේ නෑ . ඕන නම් ගත හැකි. ඒකට  ඕන කෙනෙකුට නිදහස තියෙනවා. මේ රටවල  හලාල් මස් සහ හලාල් නොවන මස් තියෙනවා.
ඇයි ලංකාවේ මේක කරන්න බැරි. හලාල් භාණ්ඩ ඕන නැත්නම් නොගෙන ඉන්න.  මට හිතෙන විධිහට ප්‍රශ්නයක් ඇති කරලා තියෙන්නේ ව්‍යාපාරිකයෝ. හේතුව තමයි ඔවුන් තමන් විකුණන භාණ්ඩයට හලාල් ලකුණ දීම හා එය පමණක් වෙළඳ  පොලට නිකුත් කිරීම . ඔවුන් හලාල් ලකුණ නැතිව භාණ්ඩ නිකුත් කරන්නේ නෑ . ඒක  වැරදියි.  ඉතින් මුලිම් නොවන අයටත් හලාල් භාණ්ඩ  ගන්න වෙලා තියෙනවා. අකමැති අයට  බලෙන් දීමේ තේරුමක් නෑනේ .  ඒක  නිසා කල යුත්තේ හලාල් ක්‍රමයට හදන විස්කොත්තුව හෝ සිද්ධාලේප ඒ විධිහට කරලා හලාල් නොවන ඒවත් නිපදවා  වෙළඳ පලට නිකුත් කිරීමයි. 
දැන් මේ ප්‍රශ්නය ජාතිවාදී ප්‍රශ්නයක් හැටියට ඉස්මතු කරන්න හදන බවකුත් පේනවා. මෙතන තියෙන්නේ පොඩි ආගම් ප්‍රශ්නයක්.  මුස්ලිම්  ජනතාවගේ ආගමික අයිතිවාසිකමක් හලාල් කියන්නේ. Jewish  ජාතිකයන් kosher  කෑම  විතරක් ගන්නවා වගේ තමා  මේකත්.  බෞධයෝ හෝ හින්දු වරු හරක් මස් කන්නේ නැත්නම් බලෙන් කවන එක හරිද? හැමෝගෙම මේ වගේ අයිතිවාසිකම් වලට ගරු කරන්න ඕනේ. ප්‍රශ්නය තියෙන  තැන හඳුන ගෙන සාකච්චා මාර්ගයෙන් ඒක  විසඳීම නේද හොඳ දිලන්ත සහෝදරයා ? (සහෝදරයා කීවට අමනාප නොවේ කියා සිතනවා)
මා  හිතනවා  බොදු බල සේනා  සංවිධානයේ ගරු කටයුතු ස්වාමින් වහන්සේලා හා දිලන්ත ඇතුළු අනිත් මහත්වරුත් මේ ගැන සාකච්චා මාර්ගයෙන් ව්‍යාපාරිකයන්ට  කරුණු පහදා දී තත්වය සමනය කර ගනීවි කියා. මොකද ආගම්වාදී  ප්‍රශ්නයක් ඇති කර ගැනීම මේ අවස්ථාවේ ලංකාවේ කාටවත් හොඳ නැහැ. ලංකික ගොඩක් අය මුස්ලිම්  රටවල් සේවය කරනවා. තියෙන ප්‍රශ්න නැතිවට තව ප්‍රශ්න ඇති කරන්නඕන නැහැනේ ඒ අහිංසකයන්ට . බොදු බල සේනා  සංවිධායක වරුන්ට පුළුවන් සල්ලි එකතු කරලා මුස්ලිම් රටවල්  වල අතරමන් වී සිටින සහෝදරියෝ ටික ගෙන්න ගන්න ලංකාවට . අම්ම නැතිව අඬන  දුප්පත් සිංහල ළමයින්ගේ අම්මල ටික ගෙනල්ල දෙන්න. පින් අතේ වැඩක් නේ.



අජිත් ධර්මකිර්ති

මමත් හලාල් මස් කෑමට විරුද්ධ නැහැ . මම මුස්ලීම් ජාතිකයන් ගේ ආපන ශාලා වලින් කෑම අරන් තියෙනවා . නමුත් එංගලන්තයේ එහෙමෙ හලාල් මස් කන්නේ නැත්තේ වෙන ප්‍රශ්නයක් නිසා. ඒ සතුන්ව බෙල්ලේ කපල මරන්නේ . එංගලන්තයේ හා යුරෝපයේ සතුන්ව වඩාත් මානුෂික විධිහට නොදැනෙන්න තමයි මරන්නේ. (මරනවා තමයි ඉතින්) ඒ නිසා තම මාත් හලාල් මස් කන්නේ නැත්තේ . උදාහරණයක් වශයෙන් මම crab කන්නේ නෑ . රෙස්ටුරෙන්ට් වලින්. හේතුව පන පිටින් තම්බන නිසා. ඉතින් හලාල් නොකන අයට ඒ අවස්ථාව දිය යුතුයි . 

Comments from previous blog copied here.


Anonymous said...
එංගලන්තේ හලාල් මස් වෙනම විකුනන්නේ ඒව ඒ තත්වයේම අනිත් මස් වලට වඩා ගණන් නිසා. මිල එකම නං හලාල් කෑවම මොකද වෙන්නේ. මස් වලට අමුතුවෙන් දෙයක් එකතු කරලා නැත්නම් කවුරුත් හලාල් කෑවම මොකද? හරිනම් හාමුදුරුවරු කියන්න ඕන හලාල් නෙමෙයි කිසිම මසක් කන්න එපා කියලයි. අනික ලංකාවේ විකුණන බඩු හරියටම ලේබලේ විධියටම තියෙනවද. ටික දවසකින් හලාල් ලේබල් ගහල ඔය දැන් තියෙන ඒවම තමයි කඩේට එන්නේ. ගාන ඕනනම් පොඩ්ඩක් වැඩි වෙයි.
Anonymous said...
අජිත් කියන කතාව හරි , හලාල් ඕන අයට හලාල් අනිත් අයට නෝ හලාල් ! හලාල් වලට යන වියදම අය කර ගන්න ඒ හලාල් බඩු , කෑම ගන්න අය ගෙන් .
Ajith Dharmakeerthi said...
මමත් හලාල් මස් කෑමට විරුද්ධ නැහැ . මම මුස්ලීම් ජාතිකයන් ගේ ආපන ශාලා වලින් කෑම අරන් තියෙනවා . නමුත් එංගලන්තයේ එහෙමෙ හලාල් මස් කන්නේ නැත්තේ වෙන ප්‍රශ්නයක් නිසා. ඒ සතුන්ව බෙල්ලේ කපල මරන්නේ . එංගලන්තයේ හා යුරෝපයේ සතුන්ව වඩාත් මානුෂික විධිහට නොදැනෙන්න තමයි මරන්නේ. (මරනවා තමයි ඉතින්) ඒ නිසා තම මාත් හලාල් මස් කන්නේ නැත්තේ . උදාහරණයක් වශයෙන් මම crab කන්නේ නෑ . රෙස්ටුරෙන්ට් වලින්. හේතුව පන පිටින් තම්බන නිසා. ඉතින් හලාල් නොකන යට ඒ අවස්ථාව දිය යුතුයි .
Anonymous said...
"...මානුෂික විධිහට නොදැනෙන්න තමයි මරන්නේ....". ඔයා ගිහිල්ල බැලුවද. පොතේ තියෙන විදියට මරන්නේ චෙක් කරන දවසට විතරයි. අනිත් දවස් වලට අලුගෝසුවෝ වගේ සත්තු මරල දාන්නේ. සුමානයක් දෙකක් ඔය රස්සාව කරනකොට 'මරණය' සාමාන්‍ය දෙයක් වෙනවා. ඊට පස්සේ හරක හුරතල් කරකර ඉන්නේ නෑ ඇදන් ඇවිල්ල තමයි මරන්නේ. Abattoir එකක වැඩ කරන කෙනෙක් ගෙන් අහල බලන්න.

බෙල්ල කපපු නිසා කන්නේ නෑ, පණපිටින් තම්බපු නිසා කන්නේ නෑ, ඕව නිකන් හිත රවටගන්න කියන කතා. නොදැනෙන්න මරන්න නං ඉස්සෙල්ල නිදි බේත් දීල ඉන්න ඕන. බුදුහාමුදුරුවෝ කියල තියෙන්නේ කිනිහිරයක් උඩ ඉන්න මැස්සෙක් ව ක්ෂණයකින් තලා දැමුවත් (ඉතා ක්ෂණික මරණයක්)ඌට මරණ භය ඇතුළු සිතුවිලි හතක් ඇතිවෙන්න කල් ලැබෙනවා කියල. ඒ භෞව්තික වේදනාව දැනෙන්න ඉස්සෙල්ල.

මසුත් කාල, සෝබන කතාත් දාන එකනම් මැරිච්ච සත්තුන්ට කරන අගව්රවයක්.
Ajith Dharmakeerthi said...
ඔව් , මන් ගිහිල්ල බලල තියෙනවා කීප වතාවක්. සතුන්ට අනිත් සතුන් මරලා ඉන්නවා හෝ මරනවා පෙන්නන්නේ නෑ . ඇවිද යනකොට විදුලිය මොලයට වද්දනවා . එකෙන් තාවකාලික සිහි නැති වීමක් වෙනවා . ඉන්පසු තම මරන්නේ. එක මානුෂික හැටියට තමා මිනිස්ස්සු හිතන්නේ . මේක සෝබන කතාවක් වෙන්නේ කොහොමද කියන එක මට තේරෙන්නේ නෑ හැබැයි. ඔයා මස් කන්නේ නැත්නම් හොඳයි. මට එහෙමෙ උවමනාවක් නෑ . හැබැයි මම ලංකාවේදී හරක් මස් හෝ උරු මස් කන්නේ නැහැ. මන් ලංකාවේ මරණ විධිහ දැකල තියෙනවා. වද දීල මරන්නේ. උණු වතුරේ පන පිටින් තමබන නිසා crab කන්නේ නැහැ. එක සෝබනයක් වෙන්නේ කොහොමද. අනික මෙතන ප්‍රශ්නේ හලල්ද නැත්ද කියන එක. මම කියන්නේ හලාල් ඕන කට්ටියට ඒ විදියට සතුන් මරපු මස් විකුණලා එහෙමෙ ඕන නැති යට ඒ විදියට විකුනන්න කියල විතරයි . ලංකාවේ මස් කන එකේ ඔයාට වත් මටවත් තහනම් කරන්න බැහැනේ.
Ajith Dharmakeerthi said...
ඔව් , මන් ගිහිල්ල බලල තියෙනවා කීප වතාවක්. සතුන්ට අනිත් සතුන් මරලා ඉන්නවා හෝ මරනවා පෙන්නන්නේ නෑ . ඇවිද යනකොට විදුලිය මොලයට වද්දනවා . ඒකෙන් තාවකාලික සිහි නැති වීමක් වෙනවා . ඉන්පසු තමා මරන්නේ. ඒක මානුෂික හැටියට තමා මිනිස්ස්සු හිතන්නේ . මේක සෝබන කතාවක් වෙන්නේ කොහොමද කියන එක මට තේරෙන්නේ නෑ හැබැයි. ඔයා මස් කන්නේ නැත්නම් හොඳයි. මට එහෙම උවමනාවක් නෑ . හැබැයි මම ලංකාවේදී හරක් මස් හෝ උරු මස් කන්නේ නැහැ. මන් ලංකාවේ මරණ විධිහ දැකල තියෙනවා. වද දීල මරන්නේ. උණු වතුරේ පන පිටින් තම්බන නිසා crab කන්නේ නැහැ. ඒක සෝබනයක් වෙන්නේ කොහොමද. අනික මෙතන ප්‍රශ්නේ හලාල්ද නැත්ද කියන එක. මම කියන්නේ හලාල් ඕන කට්ටියට ඒ විදියට සතුන් මරපු මස් විකුණලා එහෙම ඕන නැති අයට ඒ විදියට විකුනන්න කියල විතරයි . ලංකාවේ මස් කන එක ඔයාට වත් මටවත් තහනම් කරන්න බැහැනේ.
Anonymous said...
school field trip වලට ළමයි ගෙනියන cute Abattoir එකකට නෙමෙයි, nail gun වලින් stun කරලා සතුන් මරණ සාමාන්‍ය Abattoir එකකට ගිහින් බලන්න. බ්‍රිතාන්‍ය වෙළඳ පොලට වැඩිහරියක් මස් එන්නේ ඒ විධියේ Abattoir හරහා. අනික සිහි නැතිවෙනකන් කරන්ට් අල්ලන එක මානුශිකද? ඇඟිල්ලකට යන්තන් කරන්ට් වැදුන අයත් දන්නවා ඒකෙ තියෙන සනීපෙ.

ඔයා රෙස්ටොරන්ට් ගිහින් crab කන්නේ නැතිඋනාට ගෙදරදී ඉස්සෝ කනවද? ඔය රෝස පාටට කඩේ තියෙන ඉස්සෝ ඔක්කොම පණපිටින් තම්බපුව තමා. හුඟක් උන් trawler එකෙදීම තම්බල freeze කරන්නේ. එතකොට අනිත් මාළු ඔක්කොම පණපිටින් අයිස් දාල හරි freeze කරලා හරි තමයි ඔය කඩවලට ගෙනත් තියෙන්නේ. (Discovery channel එකේ යන trawlers කියන program එක බලන්න).

ඔයාට මරපු සත්තු කන්නත් ඕන, පොර වෙන්නත් ඕන. ඉතින් ඔයා කියනවා 'රෙස්ටොරන්ට් කකුලුවොයි හලාල් මසුයි අමානුශිකයි. මම හරි මානුෂික කෙනෙක් නිසා ඒවා කන්නේ නෑ' කියල. ඒක තමයි සෝබන කතාව. ඔයා කන ඉස්සෝ, මාළු සහ අනිත් මස් වර්ග පිඟානට එන විධිය ගැන ඔයා fපැන්ටසියක් හදා ගෙන, ඔය දෙක එකතු කරලා පඩ ෂෝ එකක් දානවා. ඇත්ත Abattoir එකකට එක්ක ගිහින් ඇත්තටම සත්තු මරන්නේ කොහොමද කියල ඔයාට පෙන්නුවොත්, ඔයා කියයි 'මෙතන සත්තු මරන්නේ අමානුෂික විධියට. අද ඉඳල මම හලාල් මස් , රෙස්ටොරන්ට් කකුළුවෝ සහ මේ Abattoir එකේ මස් කන්නේ නෑ ' කියල.

එක්කෝ ඔයා දේවල් දන්නේ නෑ , නැත්නම් බොරුවට සෝබන කතා දෙනවා. මේ දෙකෙන් හරි මොකද්ද කියල ඔයාම කියන්න.
Anonymous said...
කෝ.. ඔයා සෙල්ලම මැදදී පැනල යනවනේ. පාලු පැදුරට හිට්ස් ටිකක් ගෙන්නන්න පුලුවන්ද කියලයි බැලුවේ. ඔහොම නම් බෑ. ලැජ්ජ වෙන්නේ නැතුව එන්න සෙල්ලං කරන්න.

ජුං අල
Ajith Dharmakeerthi said...
Anonymous said...Anonymous ගේ කතාවත් හරි තම. මේක මං සෝබනේට නෙමේ ලිව්වේ. බෙල්ල කපපු නිසා හෝ වදදී මරණ නිසා කන්නති එක සාමාන්‍යයෙන් බටහිර රටවල සම්ප්‍රදායක්. මන් හිතන්නේ අපිත් එක (මමත්) අනුගමනය කරනවා කියල. මං මස් කන නිසා මට එකෙන් වැළකෙන්න ඕන කමක නැහැ. අනිත් අයට වැලකෙන්න ඕන නම ඒක පෞද්ගලිකව කර ගත්තට කමක් නෑ නීතියක් කරන්නේ නැතුව.
Anonymous said...
මේ සංවාදෙ ගියේ මිනිස්සු මස් කන එක නවත්තන හැටි ගැන නෙවෙයි, 'මං පොර' ටෝක් දෙන බාල මිනිස්සු ගැනයි. කතාව මොකද්ද කියල දන්නේ නැතුවම කතාකරගෙන යන එකත් ඔය රෝගයෙම ලක්ෂණයක්.

බටහිර රටවල සම්ප්‍රදායක් කිව්වම අපි ඔක්කොම 'ආහ් එහෙනම් කමක් නෑ කියල' ඉන්න ඕනද. නැත්නම් ඒක හරිද වැරදිද කියල හිතල බලන්න ඕනද. ඔයා ඔක්කොම බටහිර සම්ප්‍රදායන් රකිනවද නැත්නම්, ඔයාට convenient ඒව විතරද.

Anonymous ගෙ කතාව හරි නම්, ඔයාට කියන්න තිබ්බේ - 'ඔව් මම මසුත් කනව, ඉස්සොත් කනව හැබැයි ඒ මගේ ෆැන්ටසිය ඇතුලේ ඉඳගෙන. මගේ ෆැන්ටසිය ගොඩනැගිල තියෙන්නේ මගේ නොදන්නා කම උඩ. ඒ උනත් මගේ කතා ඔහේ අහගෙන ඉන්න අයට මං පෙන්නන්න හදන්නේ "මෙන්න මස්/මාළු කන නිවැරදි ක්‍රමේ" කියල. මිනිස්සු ඕක අහාන ඉන්නවා දැකල මම ස්වයන් වින්දනයක් ලබනව'.

ඔන්න එහෙම කිව්වා නම් අපි දන්නව ඔයා අවංකවම තමා කතා කරන්නෙ කියල. නැතුව, යන්නේ කොහෙද මල්ලේ පොල් උත්තර දෙන්නෙ එක්කෝ කතාව තාමත් තේරෙන්නේ නෑ, නැත්තන් ඇත්ත කියන්න තරම් හයියක් නෑ. මේ දෙකෙන් හරි මොකද්ද කියල ඔයාම කියන්න.

jun ala
Anonymous said...
මේ සංවාදෙ ගියේ මිනිස්සු මස් කන එක නවත්තන හැටි ගැන නෙවෙයි, 'මං පොර' ටෝක් දෙන බාල මිනිස්සු ගැනයි. කතාව මොකද්ද කියල දන්නේ නැතුවම කතාකරගෙන යන එකත් ඔය රෝගයෙම ලක්ෂණයක්.

බටහිර රටවල සම්ප්‍රදායක් කිව්වම අපි ඔක්කොම 'ආහ් එහෙනම් කමක් නෑ කියල' ඉන්න ඕනද. නැත්නම් ඒක හරිද වැරදිද කියල හිතල බලන්න ඕනද. ඔයා ඔක්කොම බටහිර සම්ප්‍රදායන් රකිනවද නැත්නම්, ඔයාට convenient ඒව විතරද.

Anonymous ගෙ කතාව හරි නම්, ඔයාට කියන්න තිබ්බේ - 'ඔව් මම මසුත් කනව, ඉස්සොත් කනව හැබැයි ඒ මගේ ෆැන්ටසිය ඇතුලේ ඉඳගෙන. මගේ ෆැන්ටසිය ගොඩනැගිල තියෙන්නේ මගේ නොදන්නා කම උඩ. ඒ උනත් මගේ කතා ඔහේ අහගෙන ඉන්න අයට මං පෙන්නන්න හදන්නේ "මෙන්න මස්/මාළු කන නිවැරදි ක්‍රමේ" කියල. මිනිස්සු ඕක අහාන ඉන්නවා දැකල මම ස්වයන් වින්දනයක් ලබනව'.

ඔන්න එහෙම කිව්වා නම් අපි දන්නව ඔයා අවංකවම තමා කතා කරන්නෙ කියල. නැතුව, යන්නේ කොහෙද මල්ලේ පොල් උත්තර දෙන්නෙ එක්කෝ කතාව තාමත් තේරෙන්නේ නෑ, නැත්තන් ඇත්ත කියන්න තරම් හයියක් නෑ. මේ දෙකෙන් හරි මොකද්ද කියල ඔයාම කියන්න.

jun ala
Ajith Dharmakeerthi said...
මන් හිතන්නේ ජුන්ග් අලයට මෙතන ප්‍රශ්නයක් තියෙනෙව කියලයි. මගේ බ්ලොගයේ මට පල කරන්න ඕන අදහස තමා "හලාල් කන මිනිස්සුන්ට ඒක කන්න දෙන්න , නැති මිනිස්සුන්ට ඒ විධිහට කන්න දෙන්න ". මෙතන සෝබන දන්නේ බොදු බල කට්ටියයි ඔයාලයි. ඔයාල මිනි මරනවා , හරක් මස් කන්නේ නෑ . එතනනේ සෝබනේ . අනික බටහිර සම්ප්‍රදාය ගන්න ඕනේ නැහැ. මන් ගත්ත කියල . මට හරියි කියල හිතනවානම් මන් ඒක පිලි පදිනවා . බුදු හාමුදුරුවෝ මස් කන්න එපා කිව්වද එහෙමෙ නැත්නම් නිඝන්ට ආගමේ විධිහට පිළිපදින්න කියල මහනුන්ට කීවද මන් දන්නේ නෑ . ඔයා දන්නවද? ඉස්සෝ මැරෙන්න අරිනවා මිස තම්බන්නේ නැහැ. මන් ගන්නේ ඉන්දියානු ඉස්සෝ විතරයි. උන්ව තම්බන්නේ නැහැ. හැබැයි මේකෙන් අදහස් වෙන්නේ නෑ මේ සතුන් මරණ වෙලාවේ වේදනාවක් විඳින්නේ නැහැ කියා . එතැනදී මගේ hypocracy එකක් තියෙනවා . ඒක මම පිලිගන්නවා. එළවලු පමණක් කන අය සමග කිසි විවාදයක් නැහැ මගේ . මම කියන්නේ ඕගොල්ල ඒක කර ගන්න. අනික අයට ඒ අයගේ නිදහස දෙන්න .

No comments:

Post a Comment

සියලු හිමිකම් අජිත් ධර්මකීර්ති (Ajith Dharmakeerthi) සතුය. කොළඹ ගමයා බ්ලොග් අඩවියේ යොමුව සඳහන් කර හෝ අජිත් ධර්මකීර්ති යන නමින් පමණක් මෙහි ලිපි උපුටා පළ කරන්නට අවසර තිබේ.
මෙහි පලවන ලිපි සහ දේශපාලන අදහස් මගේ පෞද්ගලික අදහස් පමණි.
ඔබේ ඕනෑම ප්‍රතිචාරයක් මෙහි පල කරනු ලැබේ. නමුත් වෙනත් කෙනෙකුට සාධාරණ හේතුවක් නැතුව පහර ගසන අශිලාචාර අන්දමේ ප්‍රතිචාර පමණක් පල නොකෙරේ. බ්ලොගයට ගොඩ වදින ඔබ සියලු දෙනාට ස්තූතියි .