Monday 24 August 2015

අවුල් වුනු ලිබරල් හන්දිය , දොන් කොර්ලියෝනේ සහ ලිබරල් ජවිපෙ

"දවස් කීපයක් බැලුවත් හරියන්නේ නැතිය. මේකාට නම් හොඳටම අවුල් වගේය. නෙලුම් යාය දාල බ්ලොග් පල කරහම බ්ලොග් නැති වෙනවා කියා දහ අතේ දිවුරුවේය. මයියා කියන කතාව හරි කිව්වේය. පලු පැලෙන්න ළඟ නැති නෙළුන් අජියාට බැන වැදෙනවාය. ඇත්තටම තමුන්නැහේ ට මොකද වෙලා   තියෙන්නේ කියල ඇහැව්වාම, "මාව තේරුම් ගන්නේ නැහැනේ උඹල" කියල අඬනවාය.  තෑගී දුන්නහම බ්ලොග් ලියවෙන්නේ නැතය, නිර්මාණ ශක්තියටද  මොකක්ද එකට කෙල වෙනවා ය කියා හතර හන්දියක් ගානේ දෙස් දෙවොල් තියනවාය. ක්ලස්සික් බොනපාර්ට් කැරැස්ටරිස්ටික්ය "

ඒත් මේ සොඳුරු අවුල් වූ හංදියා ට මම කීවේ කාලය එළඹෙන විට සියල්ල හරියන බවත් වැටහෙන බවත්ය. සම්මාන දීමෙන් බ්ලොග් වලට කෙළ නොවෙන බවත්ය.  හන්දියා අන්තිමට එයට එකඟ වුවත් අපි දෙදෙනාගේම පහන් සංවේගයට හා ආදරයට කාලයක් පාත්‍රවූ "පස්සයට" මගේ ඇති නිර්පාක්ෂික භාවය මගේ කුහක කමක් හා දේශපාලන අවස්ථාවාදයක් ලෙස විස්තර කිරීම ගැන නම් මට මල පැන්නේය. කොටින්ම කිවහොත් අහවල් "පස්සයට" මගේ අකමැත්තක් නැත. දුෂණයට, භීෂණයට විරුද්ධව පසුගිය පාර්ලිමේන්තුව තුලත් පිටත් ඔවුහු සෑහෙන හඬක් නැගූහ. ඒකාධිපතිවාදී බලයන්ට විරුද්ධව හඬ  නැගූහ, ඒ නිසාම මර්දනයට ද ලක්වුහ. නමුත් දෙමුහුන් න්‍යායක් හදමින් නරෝද්නික්වාදී නැගිටීම්  දෙකක් කරමින්  ජන අරගලයන් අවුරුදු ගණනක්  පස්සට තල්ලු කලේද ඔවුහුමය. ඒ නිසා විවේචනයක් තිබේ. ඒ ආදරණිය විවේචනයකි. කණ ආදරයෙන් අතගා ඔළුවට සැරෙන් ටොක්කක් ඇන්නේ නැත්නම් මුන් අවදි වෙන්නේ නැතිය.  ඒ විවේචනය කුහකකමක් හෝ අවස්ථාවාදයක් වන්නේ නැත.

බ්ලොග් ගැන කතා කරනවා නම් සිංහල බ්ලොග් කලාවක් දියුණු කිරීමට කවුරුවත් නෙලුම් යාය  පටන් ගත්තේ නැත. අවශ්‍ය වුයේ බ්ලොග් කරුවන් වැඩි කිරීමට, බ්ලොග් හැම තැනටම ගෙන යාමට සහ ප්‍රචලිත කිරීමට කියා කියන්න පුළුවන් හැම තැනම කියා තිබේ. බ්ලොග් කරුවන් උනන්දු කිරිමටත් සංවාදයක් ඇති කිරීමටත් කැප වෙනවාය කියා දිවුරා පොරොන්දු වී නැතත් එහෙම දැනටමත් වෙනවාය.  මේ සිංහල, දෙමල , ඉංග්‍රීසි යන භාෂා තුනෙන්මය. සිංහල බ්ලොග් කලාව සඳහාම සින්ඩි ත් ගහක් ගලක් ගානේ තිබේ.
 සිංහල බ්ලොග් කියවනය, ඉන්දි .කා , මාතලන්ගේ සින්ඩිය, අජිත් කුමාරගේ සින්ඩිය ලඟදි පිටියට බඩ ගෑ කුරුටු ගෑ ගී පවුරේ සින්ඩිය ද තිබේ. අටමාද තරහට වගේ එකක් අටමාගෙන තිබේ. හන්දියාට මේක ඔළුවට වක්කරලා දෙන්නට බැරිය.

හැබැයි හන්දියෝ මෙහෙම ප්‍රශ්නයක් තිබේ. අපේ දොන් කොර්ලියෝනේ බොහොම දක්ෂයෙකි. තමන් ට විරුද්ධ අය පවා හරවා ගෙන තමන් ගේ අදහස් සුක්ෂමව ප්‍රතිවාදියාගේ  මොළයේ කරකැවීම ට දක්ෂයෙකි. හංදියා  නිතර කතා කරන භාෂාවෙන් කියනවා  නම් "හුලයට මොකන්නෙකි. "  මෙහි අවසන් ප්‍රතිඵලය වුයේ බ්ලොග් ලෝකය පැත්තකට දමා  හංදියා, හන්දියක් ගැන ලිවීමට පටන් ගැනීමය. මට කුණු හබ්බයෙන් බැන වැදුනේ අහවල් පස්සය  ගැන නොලිවීම ගැන නිසා නම් හංදියා ගේ අදහස මට තේරුම් ගත හැකිය. ඒත් හංදියා බ්ලොගය නොලිවීම ගැන කොල්ලන් සහ බල්ලන් බනින්නේ මටය. බ්ලොග් ලෝකයම පාවා  දුන්නේ හංදියාය. මට මාර ජොලිය.
හංදියා  තීරු රචකයෙකු වීම මගේ අමන්දානන්දයට හේතු වුනත් මූ  ඒක කලේ මට බැන වදිමිනි. මට දැන් හේතුව තේරී තිබේ.  තීරු රචකයෙකු  හා පස්සයට ජන මාධ්‍යවේදියෙකු වීමේ උණෙන් පෙළුණු අවුල් වූ හන්දියා ට හිත හදා  ගැනීමට බැනීමට එකෙක් සිටිය යුතුය. (හික්ස්)

හැබැයි පස්සයට සපෝර්ට් කරන්නට පටන්ගත් හන්දියා චන්දෙ දවසට කලින් දවසේ පස්සය සමුලඝාතනය කළේය. කොටින් මමූ  පස්සය ලිබරල් කළේය.

හන්දියා කීවේ න්‍යාය අවශ්‍ය නැති බවය. සෝවියට් දේශය වැනි රටවල් ලෝකයේ තිබ්බත් නැතත් ඒවා ගැන කතා කිරීම හන්දියාට අනුව කාටවත් අවශ්‍ය නැතිය. කතාව ඇත්තය. පන්ති පහක් කලහම දැනුම ඇති යයි සිතූ කාලයක් ද විය. න්‍යාය පොඩ්ඩක් හා භාවිතාව ගොඩක් තිබ්බාම වැඩේ ගොඩය. වැඩේ ගොඩ වීම හෙවත් ඇන ගැනීම නම් හැමදාම කෙරුණි. බලාගෙන යනවිට හන්දියාගේ භාවිතාවද  දෝරේ  ගලාගෙන යයි.  හන්දියාගේ ලොකුම ප්‍රශ්නය දීප්ති කුමාර ගුණරත්නගේ න්‍යායවාදයයි. දීප්ති කරන්නේ හෝ කරන්නට තැත් කරන්නේ  හඩු ගැහුණු පරණ පුස් බැඳුනු ලංකාවේ මාක්ස්වාදයට ජිජැක්  ලැකාන් ලා ඇසුරෙන් වත් නව ජීව වායුවක් පිඹීමට මිස හන්දියා වැනි ලොං හැලුණු ජෙප්පන්ට න්‍යාය කියා දීමට නොවේ. කුමාර් ගුණරත්නලා  හදන්නේ ජවිපෙ මාක්ස්වාදී කොටස තමන් ගේ කරට  ගැනීමට නිසා ඒ ගොල්ලන් බලන්නෙත් ජවිපෙ කෑල්ල දිහමය. ඒ ගැන උන්ට වරදක් කීමට බැරිය. උන් වුනත් පොඩ්ඩක් වෙන්නට සුමිත් චාමින්දගේ "භාව සත්තා නිමේෂයේ " රිංගන්නේත්  ඒකය.  විජේවීර ෂන්මුගදාසෙන් ගෙන් අයින් වෙච්ච් දවසේ ඉඳන් කලෙත් ඕකමය. මේ දෙගොල්ල ගේම මහා අනෙකා ජවිපෙ වී ඇත්තේ ඒ නිසාය. නමුත් මේ පක්ෂ චන්දෙ ඉල්ලුවාය කියා ජවිපෙ චන්ද වලට වෙන කෙහෙල්මලක් නැත. ඒ පක්ෂවලට ගිය ඈයෝ එහෙම ගියේ ආයි ජවිපෙ පැත්ත බලන්න නෙමේය. එතනින් කැඩෙන චන්දයක් නැත. දැන් චන්දෙන් පස්සේ වත් ඒ බව තේරිය යුතුය.

හන්දියා ඒ වෙනුවට  කිවේ ජවිපෙ වඩ වඩාත් ලිබරල් විය යුතු බවය. හන්දියාට පෙනුන විධිහට අනුර කුමාර, බිමල්, විජිත හේරත් ගේ සිට ලාල්කාන්ත දක්වා ඔක්කොම පට්ට ලිබරල්ය. හඳුන්නෙත්ති මාර ලිබරල්ය. කොච්චර ලිබරල්ද කියනවා නම් ආසනයද  පැරදුනේය. ඇයි හන්දියෝ, නව ලිබරල් ධනවාදය හොඳටම ක්‍රියාත්මක කරන්න යුඇන්පී කියා එකකුත් තියෙන එකේ, ඒකෙ අනුර වගේම කැරිස්මටික් අගමැති වුනු නායකයෙකුත් ඉන්න එකේ මිනිස්සු ලිබරල් ජෙප්පන්ට චන්දෙ දෙන්නේ මොකටද කියා හිතුනේ නැත්ද?   මේක තනිකරම දොන් කොර්ලියෝනගේ සීනි තැවරු ගුලියක් එහෙම පිටින්ම ගිලල ලියපු එකක් වත් දෝ කියා හිතුනත් මට පස්සේ හිතුනේ බෝතලේ මාරු වෙන්න ඇති කියලාය.

හපුට්ටන්ට කුරුට්ටන්ට බනින්ට කලින් න්‍යායක්  දන්නෙත් නැත්නම් කියන්නට තිබ්බේ අඩුම ගානේ විජේවීර ගේ දෙමුහුන් න්‍යාය වත් අනුගමනය කරන්න කියලා ය. යුඇන්පී එකට චන්දෙ දෙන එවුන් ජෙප්පන්ට චන්දෙ දෙන්නේ නැත. පාවෙන චන්දය දෙන එවුන්  වඩා ලිබරල් පාටියට චන්දය දෙනු ඇත. කියන්නට තිබ්බේ "මෙන්න ඇස්ටි හැලෙන සමාජවාදය අලුත් මුහුණුවරකින් ", "රතු වෙනුවට ඊස්ට්මන්  වර්ණයෙන් " "අයිස්චාර්යා රායි රංගනයෙන් ජිප්සීස් මි විතෙන්, කපුගේ බයිට් කරමු " වගේ දේවල්ය. ශ්‍රී ලංකා එකේ චන්ද කියක් හරි කඩා ගන්නට තිබුනේය. මොකද අර කවුද කීවා වගේ කවන්ධය නැති වෙන ශ්‍රීලනිපයේ ඔලුව ජෙප්පන් ගේ විය යුතුය. මේ ඇවිල්ලා  56න්  පස්සේ අනාථ  වුනු ජාතිවාදී දරු කැලය. 2005 දී රාජපක්ෂ මහත්තයා  එක්ක  සෙට් වෙච්ච සෙට් විල්ල  නැගලා ගියේ ඒකය . දැන් රට බේරා ගෙන ඉවර නිසා හන්දියාට ඕන වුන පලියට ලිබරල් යන්නට බැරිය.  ලංකාවේ උන් එක්ක අවංක වී බැරිය. ලිබරල් යනවා වුනත් කියන්න  ඕනේ ජනසතු කරනවා කියලාය. ඔය එක එක ධනපති ව්‍යාපාරික උන් එක්ක ගිවිසුම් ගැහුවේ ඇන ගන්නමය. අඩුම ගානේ "අපි චීන ක්‍රමය ගෙනෙනවාය" කියා කිව්වා නම් අර බිල්ඩින් වැඩ නතරවී වැලේ  වැල් නැතුව ඉන්න උන් ටිකගේ චන්ද ටික හරි ගන්නට තිබුනේය.

අඩුම ගානේ ජේ ආර් ගෙන් ඉගෙන ගත්තේ නැත්ද කියා හිතෙන්නේ මේ වෙලාවටය. විවෘත ආර්ථිකය ගෙනත් ලංකාව නම් කලේ ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය කියලා ය. කොහෙද සමාජවාදය කියා කවුරුවත්ම ඇහුවේ නැතිය.

දැන් කෙළවී  හමාරය. හපුට්ටෝ හා කුරුට්ටෝ ද සිනාසෙති. අවුල්  වුණාම ඔහොම වෙනවාය. දැන්වත්  පොඩි න්‍යායක් හරි ඉගෙන ගන්නවා  නම් හොඳය. එන්ෆිල්ඩ් පැත්තේ අවොත්  නොමිලයේ ටියුෂන් පාරක් වත් දෙන්න පුළුවන්ය.

උදාහරණයකට කියනවා නම්,

බීලා  නැති වෙලාවට තනිකරම අවුල්  වුනු හන්දි ගැන ලිවිය හැකිය. බීර බෝතල් දෙකකින් ශේප් වෙන වෙලාවට එකම හන්දියක් ගැන රිපීට් කල හැකිය. වොඩ්කා  එකකට සෙට් වෙන කොට කාගේ හරි හතර හන්දි ගැන ලිවිය හැකිය. බැරි වෙලාවත් විස්කි වඩියකට සෙට් වුනොත් කොම්පඤඤ වීදියේ හන්දියටම යා හැකිය.

ලිබරල් හන්දියට උඹට දැන්ම යන්ට බැරිය. ඒක තවම කොළ පාටය.

පස්සයේ සමුළුවට ආ අසහාය ගායක තුමාගේ වදනකින්ම කෙළවර කොරනවාය. මාත් අඩියකට සෙට් වුණාම කියන්නේ දැන් මේවා ය. කපුගේව ඕනේ කාටද බන් දැන් ?

"නුඹ නාඩන් නුඹ නාඩන් උඹට ඕව හොඳ පාඩම්."


හන්දියට මෙතැනින්  ගිය හැකිය.





44 comments:

  1. නොටිෆිකේෂන් ලබාගැනීමේ අරමුණින් කමෙන්ට් එකක් දමා යමි .. ඔව් :)

    ReplyDelete
    Replies
    1. නොටිෆිකේෂන් හම්බ වුනාද ඔමා ?

      Delete
  2. ටොක්ක ඇන්න අතේ මුද්ද රත්තරන් යැයි සිතමි.

    ReplyDelete
  3. Replies
    1. ඊලඟ අඩියට සෙට් වෙනකන් සොඳුරු වලියක් ඉවානයෝ

      Delete
  4. මට ඇත්තටම දුක පිටරටවල ඉඳන් ලංකාවේ සැරිසරන අප වගේ කට්ටිය ගැන නොවේ, ලාල් කාන්ත ගැන. බිරිඳගේ පඩියෙන් මසකට රු 30,000 ක් ගෙවා දරුවන් ටියුෂන් යවමින්, පක්ෂයට දර දිය ඇද්ද මේ මනුස්සයට ජාතික ලැයිස්තුවෙන් රස්සාව නොදී, පැන්ෂන් අරන් සැන්දෑ සමය ගෙවන ආතලට, ආතල් ගන්න දෙන්නේ ඇයි? මේකට නම් මචෝ පිළිතුරු අපේ රුද්‍රිගු පරිවර්තනය කරපු නීරස සිංහල පොත් වලින් නම් සොයා ගන්න බැරි වෙයි!

    ReplyDelete
    Replies
    1. මචෝ උඹට කියන්න ඕන වුනේ "ආතල් ගන්න නො දෙන්නේ ඇයි?" කියල නොවේද? කාන්ත නම් පව් තමා . අර ගිරිය යටින් කෑ ගහන හැටියට.
      රුද්‍රිගු ගේ හොඳ පොත් තියනවා ඉඳහිට.

      Delete
  5. මං හිතුවේ මාතලං කියලා...අම්මපා!

    ReplyDelete
    Replies
    1. ඔන්න ඉතින්. මගේ පරණ බ්ලොගයක මේ ඉස්ටයිල් එකෙන්මයි ලිව්වේ මදාවියෝ.

      Delete
  6. මට නම් මේ වෙන දේවල් පට්ටම අවුල්!

    ReplyDelete
    Replies
    1. බෝතලේකට සෙට් වෙමු. අවුල ලිහෙනවා.

      Delete
  7. //නරෝද්නික්වාදී නැගිටීම් දෙකක් කරමින්//

    ඒ මොනවද ඒ ?

    කොහොමවෙතත් ෂුවර් එකටම අර පත්තර එක්කෙනා ඔය ගොරෝද්දකවාදී වැඩේට සම්බන්දයක් ඇති,
    කාණු පල්ලෙන් නැගිටීම් දෙකකට වැඩී සුමානෙකට.

    ReplyDelete
    Replies
    1. දැනෙන නැහැ වගේනේ අහන්නේ...

      Delete
    2. මං 1986 දී ලියූ කවියක මාතෘකාව නරෝද්නික්වාදියෙකු ගේ ප්‍රකාශයක්.
      වචනේ අල්ලා ගත්තේ ලෙනින් ගේ අයියා ගැන තිබුණු සඳහනකින්.

      Delete
    3. ///නරෝද්නික්වාදී නැගිටීම්/// :((((( ඒවා රසයිද මාමේ ?

      Delete
    4. @ රසික මොකක්ද කවිය ? දාන්න අපටත් බලන්න.
      @ඔමා - පොලිසි වලින් එහෙම ඇහුව නම් කියයි. නමුත් මෙකෙඅ හිනා වෙන්න මාරු දෙයක්. මේක බලන්නකෝ.
      http://kolambagamaya.blogspot.co.uk/2014/03/1971.html

      Delete
  8. හන්දියාට කෙලවියං අවුල්ම වෙයං.. හැක්..

    ReplyDelete
    Replies
    1. පව් අනේ , ඔහොමත් කියනවද යාළුවන්ට .

      Delete
  9. http://ramachandrageadaviya-ramachandra.blogspot.com/2015/08/blog-post_20.html

    ReplyDelete
    Replies
    1. හොඳ ලිපියක්. ස්තුතියි.

      Delete
  10. අජිත් මෙය පුද්ගලික කෝන්තරයක් මත කරන විවේචනයක් නේද
    පැහැදිලි කරන්න

    ReplyDelete
    Replies
    1. අනිවාර්යයෙන්ම. ඔය හන්දියා මට හම්බ වෙන්න තිබ්බ ජොබ් එකට කෙලියනේ. අහුවෙනකන් ඉන්නේ. ඕක මට විස්කි එකකුත් ණයයි.

      (පිස්සුද ඇනෝ. හන්දියා තමා මේ අහළ ගම් හතටම වල් ඌරු මස් බයිට් එකක් හරියට හදන්න දන්න එකා. පොර එක්ක පුද්ගලික කෝන්තර තියා ගත්තොත් මටම නේ පාඩු. )

      Delete
  11. ඔය ජෙප්පන්ට කඩේ යන උන් නිසා තමයි මෙදාපාර ජෙප්පො පැරදුනේ.

    ReplyDelete
    Replies
    1. අනේ මන්දා/ ඇත්තකුත් තියෙනෙව කියල හිතෙනවා ෆේස්බුක් එක දිහා බැලුවහම.

      Delete
  12. මම නම් ලාල් කාන්ත සහෝදරයට මනාපයක් ගැහැව්වා... මොකෝ මම ආස කරන චරිතයක්...

    ජෙප්පන්ට ඉගෙන ගන්න වෙනින් කවුර්ත් ඕනා නෑ... විමලේ ලියපු පොත කියෙව්වා නම් හොඳටෝම ඇති...

    ReplyDelete
    Replies
    1. ඔන්න උඹ චන්දෙ දුන්න නිසා තමා අඩු චන්ද ගානක් ආවේ. එකෙන්ම තෙරෙනේව කොච්චර මාතලන් විරෝධියෝ ප්‍රමාණයක් ලංකාවේ ඉන්නවද කියල.

      Delete
    2. නෑ අජිත් අයියා... මාතා....

      මෙතැන ජවිපෙ විසින් විශේෂයෙන් ම සිතා බැලිය යුතු කාරණායක් තියෙනවා.. මේ පාර ජවිපෙට වැටුණ ඡන්ද ඔවුන් සතුව තියෙන අර ලක්ෂ 5 නෙමෙයි.... මෙතැන අලුත් ඡන්ද ලක්ෂ 3 කට වැඩිය තියෙනවා.... ඒතකොට දැන් ජවිපෙ බැලිය යුතුයි අර කලින් ඔවුන්ට තිබුණ ඡන්ද ටික කෝ කියලා.... ඔවුන් දැක්කේ මේ අලුත් රැල්ල විතරයි... ඔවුන් හිතුවා කලින් තිබුණ ඡන්ද කුට්ටිය තාම සද්ද නැතුව තියෙනවා කියලා.... ඒත් දැන් ඒකෙන් ගොඩක් හැලිලා.... ජවිපෙ ඒ පිරිස අායෙම හොයා ගන්න වෙනවා.... නැතිනම් ඊළග ඡන්දයකදී තවත් පහළට වැටෙනවා.... අැත්තට ම ජවිපෙට තිබුණ රැල්ලත් ඒක්ක බැලුවා ම මේක ලොකු පරාජයක්...

      Delete
    3. මේ අදහස කවුරුත් ඉදිරිපත් කරලා තිබ්බේ නැහැ කුරුටු. //ඒතකොට දැන් ජවිපෙ බැලිය යුතුයි අර කලින් ඔවුන්ට තිබුණ ඡන්ද ටික කෝ කියලා.... ඔවුන් දැක්කේ මේ අලුත් රැල්ල විතරයි... ඔවුන් හිතුවා කලින් තිබුණ ඡන්ද කුට්ටිය තාම සද්ද නැතුව තියෙනවා කියලා.... ඒත් දැන් ඒකෙන් ගොඩක් හැලිලා.... //

      Delete
  13. අජිත් අයියා...................

    හංදියක් ඒක්ක යන අවුලක් වගේ.... ඔය කියන තරම් ලොකු අවුලක් ගියාද??? ඒ කියන්නේ අජිත් අයියා අර කලින් ලිව්වා වගේ නෙලුම් යායට මාර විරෝධයක් අැවිත් තියෙනවා නේද?? අපි දැනුත් කියන්නේ ඒ සහය බ්ලොග් ලෝකයට ඉතා වැදගත් කියලා.... අපි සිංඩියක් පටන් ගත්ත ඒකෙන් උත්සහ කරන්නෙත් බ්ලොග් සහෘදයාේ ටික ඒකතු කරගෙන ගමනක් යන්නයි... අපි සින්ඩියට මාස දහයකට වැඩිය බ්ලොග් ඒකතු කරා... අලුතෙන් ම සහ දිගින් දිගට ම ලියන බ්ලොග් බොහොමයක් අපි ඒකතු කරගත්තා.... ඒකට අපි ගොඩක් මහන්සි වුණා.... අපි හිතනවා ඒ කැපකිරීම් අනාගතයේ ගොඩනැගෙන්නා වූ බ්ලොග් ලෝකයට උදව්වක් වෙනවා කියලා... අපිට අැති ඒකම සතුට ඒකයි.... මොනවා වුණත් නෙලුම් යාය කියන්නේ ඊට වඩා ලොකු කැපකිරීමක් සහ සහයක් කියලා අපි හොදට ම දන්නවා....

    අපිට දේවල් විවේචනය කරන්න පුළුවන් තමා.. ඒත් ඒ විවේචනය තුළ මොනම හරි සාධාරණයක් තියෙන්න ඔ්නේ... අනික තමා අපි දෙයක් විවේචනය කරන ඒක තුළින් ඒක නිවැරදි කරන්නේ කොහොමද කියලා අපිට හොද දැක්මක් තියෙන්න ඔ්නේ... නැතුව ඒක විනාශ කරන ඒක නෙමෙයි වැදගත් දේ.....

    ReplyDelete
    Replies
    1. ලොකු අවුලක් නැහැ මලේ. හන්දියා ව අවුස්සන්න ලියන ඒවා. මායි හන්දියයි පැය ගණන් වාද කරන එක තමා කරන්නේ හැම දේටම. නෙලුම් යායට ආපු විරෝධය නම් තාම තියෙනවා. (හන්දියා ගෙන් නෙමේ අනිත් අයගෙන්) නමුත් ඒකෙන් පස්සේ ඔයාලා සින්ඩියක් හැදුවා. හොඳ දෙයක්. මගේ එකත් ඔහේ යනවා. අටමා හදල තියෙනවා. දැන් ඇප් එනවා බ්ලොග් කියවන්න. හන්දියයි මායි හැප්පෙන්නේ දේශපාලන කාරනා වලට. ඒක ඉතින් අපි හැම වෙලේම කරන දේ නේ. මම ඌ ලියනවට හරිම කැමති එකෙක්.

      Delete
    2. //අපිට දේවල් විවේචනය කරන්න පුළුවන් තමා.. ඒත් ඒ විවේචනය තුළ මොනම හරි සාධාරණයක් තියෙන්න ඔ්නේ... අනික තමා අපි දෙයක් විවේචනය කරන ඒක තුළින් ඒක නිවැරදි කරන්නේ කොහොමද කියලා අපිට හොද දැක්මක් තියෙන්න ඔ්නේ... නැතුව ඒක විනාශ කරන ඒක නෙමෙයි වැදගත් දේ.// හරියට හරි. මේක තමා වෙන්න ඕනේ. එක නෙලුම් යාය විරෝධියෙක් මගේ බිරිඳ ගැන අවලම් කතාවක් ලිව්වා. මාතලන් ට බනින එකෙක් මාතලන්ගේ බ්ලොගයේ. ඇනෝ හැටියට. ඊට පස්සේ මෙතන ඇවිල්ල දැම්ම. මන් ඒකට බැනල ඇති අර ටී එන් ඒ ගැන තිබ්බ ලිපියේ. මට තරමක අවබෝධයක් තියෙනව කවුද කියල. ඒ වගේ විවේචන නිසා තමා මම ඇනෝ නවත්වල තියෙන්නෙත්. මට කිව්වත් මගේ පවුල ඇදල කතා කරන එවුන් ගැන මගේ ගරුත්වයක් නැහැ. මූණට කතා කරන්න බැරි අය.

      Delete
  14. ෂොට් එකක් දාලම ආයි කියවන්න ඕන ලිපියක්.

    ReplyDelete
    Replies
    1. එහෙනම් දාගෙන එන්න. ශික් විතරක් බොනපාර්ට්ලමයි මේ බ්ලොගේට එන්නේ. වහාම අද සිට වත් සුරා සුදුවෙන් තොර වෙන්න අධිෂ්ඨාන පාරමිතාවක් කරනවා. .

      Delete
  15. හන්දියා ගැන පැහැදිලි විස්තරයක් ලබන සතියේ පමණ ලැබේයැයි බලාපොරොත්තු වෙමි.

    ReplyDelete
    Replies
    1. බලන් ඉඳහන්. අද උදේ කතා කරලා කිව්වා දෙවෙනිදා එනකන් බිසිලු. මහා රැජින එන්ඩ කියල පිලිප් ට රිජෙන්ට් හන්දිය ගැන ලිය ගන්න ඕනෙලු.

      Delete
  16. මේ අර තරු ගැන පෝස්ට් එකක් ලිව්වේ නෑ නේද කාලෙකින්.. දැන් චන්දෙත් ඉවර නිසා සලකල බැලුවොත් නරකද

    ReplyDelete
    Replies
    1. ඒක තමා. මේ දවස් වල වැදගත් පොතක් කියවනවා මහාචාර්ය බ්‍රයන් ෆොක්ස් ගේ. ඒක ඉවර වුන ගමන් ඊළඟට දිගටම ලියන්න හිතන් ඉන්නේ ඒවා.

      Delete
    2. මාත් මේ ඕක කියන්න හිතාගෙන ආවේ.. :D

      Delete
    3. ලියනෝ ලියනෝ. දේශපාලනේ ගැන ලියන්න කියන ඉල්ලීම් ඉතා වැඩිය.

      Delete
  17. //දවස් කීපයක් බැලුවත් හරියන්නේ නැතිය. මේකාට නම් හොඳටම අවුල් වගේය. නෙලුම් යාය දාල බ්ලොග් පල කරහම බ්ලොග් නැති වෙනවා කියා දහ අතේ දිවුරුවේය. මයියා කියන කතාව හරි කිව්වේය. //

    නෙලුම් යායට, මයියා වෙන මගේ කිසි විරුද්ධත්වයක් නැත....බ්ලොග් යනු 100% ලින්ක්ය....ලින්ක් වැඩි වෙන තරමට හොදය...

    මගේ විවේචනය වන්නේඒ වෘතිය සමිති අටවා ගැනීමටය...කොටින්ම සයිබරයේ ඇති බ්ලොග් මහපොලොවට බැසවීම ගැනය....මහපොලොවට බැසීමෙදී ද පාටි සැණකෙලි ගැන මගේ විවීඅචනයක් නැත...තමන්ගේ මැට්ටම් තම්මැට්මය.....මගේ විවේචනය බ්ලොග් සමිති මට්ටමින් අටවා ගැනීමටය....එයට හේතූ මාගේ අදාල ලිපියේ සදහන් කොර ඇත

    ReplyDelete
    Replies
    1. මචෝ අවුලක් නැහැ. කතාව සම්පුර්නයන්ම තේරෙනවා. මම අරුවාට බනින්නෙත් සොඳුරු බැනීමක්. ඌයි මායි ඇර ගන්නවා තමයි. ඊළඟ වඩියට සෙට් වුණාම ඔක්කොම අමතකයි. ගලේ ලියල කිසි දෙයක් නැහැ. වැඩේ වැරදි කියල හිතුනොත් අත ඇරලා දාන එක තමා කරන්නේ.

      Delete

සියලු හිමිකම් අජිත් ධර්මකීර්ති (Ajith Dharmakeerthi) සතුය. කොළඹ ගමයා බ්ලොග් අඩවියේ යොමුව සඳහන් කර හෝ අජිත් ධර්මකීර්ති යන නමින් පමණක් මෙහි ලිපි උපුටා පළ කරන්නට අවසර තිබේ.
මෙහි පලවන ලිපි සහ දේශපාලන අදහස් මගේ පෞද්ගලික අදහස් පමණි.
ඔබේ ඕනෑම ප්‍රතිචාරයක් මෙහි පල කරනු ලැබේ. නමුත් වෙනත් කෙනෙකුට සාධාරණ හේතුවක් නැතුව පහර ගසන අශිලාචාර අන්දමේ ප්‍රතිචාර පමණක් පල නොකෙරේ. බ්ලොගයට ගොඩ වදින ඔබ සියලු දෙනාට ස්තූතියි .