Tuesday 29 April 2014

පීචං අමෙරිකන්ලා හා තවත් කතා - 1

පලවන කොටස: "ඔයා කොහෙන්ද? මම රෝයල් එකේ ". මේක ඒ කාලේ රුසියාවේ හිටපු ලංකාවේ සිසුවෝ කෙනෙකුට දෙන්නෙකුට ගහපු කාඩ්  එකක්. ඒගොල්ලන්ගෙන් කොහෙන්ද (ලංකාවේ) කියල ඇහුවම රෝයල් එකෙන් කියල කිව්වලු. ඉතින් මම නම් කවදාවත් කිව්වේ නැහැ මම රෝයල් එකෙන් කියල , ඇහුවොත්ම  මිසක් ඉගෙන ගත්තේ රෝයල් එකේ කියනවා මිසක්. නමුත් තමන්  හිටියේ ආනන්දා  කොලේජ් එකේ, රෝයල් කොලේජ් එකේ නාලන්ද කොලේජ් එකේ තර්ස්ටන් කොලේජ් එකේ , X -කණ්ඩායමේ කියල කියන අය  ඕන තරම් ඉන්නවා. ඕක ඉතින් හෙන ලොකු කමක් ඇතුව තමා  කියන්නෙත්. හරියට නිකන් අමුතු පට්ටමක් වගේ. සමහරවිට ජොබ් එක වුනත් සෙට් වෙනවා හරි කොලේජ් එක,  කණ්ඩායමේ නම්.

ඉතින් අසු ගණන්වල අපි බස් වල රෝයල් යන කාලේ  රෝයල් එකට ගිය බුවෙක් හිටිය. පොරට  මේ exchange program (ශිෂ්‍ය හුවමාරු ) එකකින් හදිසියේ ඇමෙරිකාවට යන්න ලැබුන. මාස  අටකින් විතර පොර ආපහු  ආව . ආව තමයි ඊට පස්සේ දැක්ක තැන ඇමෙරිකාව ගැන විතරයි කතාව. මේ ඇමෙරිකාව කියන්නේ ඇමෙරික එක්සත් ජනපදයට. ඒකෙත්  එක නගරයකට. කැලිෆොර්නිය වල  කොහෙ හරි. කොහෙද මු නිකන් මුළු ඇමෙරිකාවේම ගියා  වගේ කතාව. "මචන් ඇමෙරිකාවේ ලොකු. මචන් ඇමෙරිකාවේ පාරවල් වල ලොකු. මචන් ඇමෙරිකාවේ කාර්  වල ලොකු. මචන් කෑම  ගොඩවල ලොකු. (ඒ දවස් වල ඉතින් McDonald's ලංකාවේ නැහැ. අපේ ගෙවල් වල හරක් මස් කන්නෙත් නැහැ. ඉතින් මොන burgers ද.  කෑම නම්  ගොඩක් දෙනවා තමයි. අර ජෙනටිකලි වෙනස් කරපු (ජානමය) කෑම  කොහොමත් ලාභයිනේ. අර දුප්පත් මිනිස්සු බැරල් වගේ ඉන්නේ ඒවා කාල  ලෙඩත් හදා  ගෙන ) - ඔය  වගේ මූ  අදිනවා නයා. දකින දකින හැම තැනම හම්බ වුනොත් ඉතින් "මචන් ඇමෙරිකාව තමයි". පස්සේ මූ  අමෙරිකාවේ  කෙල්ලන්ගේ ලස්සනත් කියන්න ගත්ත. මූට   කව්ද කෙල්ලෙක් කිස් එකකුත් දීල.  අන්තිමට කොල්ලෝ මු එනකොට මාරු වෙන්න ගත්ත. "ද ඇමෙරිකන්" එනවා කියල.

කොහොම හරි පොර අපේ පැත්තේ මිලාගිරියට යන කෙල්ලෙකුට වහ වැටුන. පොර ඇමෙරිකන් කතා දෙක තුනක් කිව්වට හරි ගියේ නැහැ. ඒ දවස්වල පාසල් බස් රථය නැති දවසට අපේ බස් එක තමා  113 ජුබිලිකනුව. අපි බජාර් එකම නැගල හිටි වෙලාවක මේ ගෑනු ළමයත් නැග්ග. කරුමෙට ද ඇමෙරිකන් නුත් කොහෙද ඉඳල දෙවෙනි හෝල්ට් එකෙන් නැග්ග. දැන් අපිත් ඉන්න එකේ පොරට වැඩක් පෙන්නනත් ඕන වුණා. පොර "මචන් අමෙරිකාවේ බස් නම්  මාර  ලොකුයි , මාර  සැපයි" කියන ගමන් ගෑනු ළමය ගාවට ඇදුනා. පොර කියනවා අපට ඇහෙන්න "මම මේ ඇමෙරිකාවේ ගිය අරය. මන් ඔයා ගැන ලොකු අටෙන්ෂන් එකකින් ඉන්නේ. ඔයා  නිකන් අමෙරිකන් babe කෙනෙක් වගේමයි.  මන් ඔයාට කැමතියි. " කෙල්ල ටිකක් වෙලා බලන් ඉඳල කියපි: "මේ මම ඔයාට කැමැති  නැහැ. තමුසේ මම තමුසෙට  කැමතියි කියල බොරුත් කියල අපේ අය්යා  ඉන්නේ  හම්බ වෙන කම් අහන්න . වද  නොදී යන තැනක යන්න. " කියල බස්සෙක ඉස්සරහට ගියා. පොර පටස් ගාල  ඊළඟ හෝල්ට් එකෙන් බැහැල 138ක එල්ලුනා. ඊට පස්සේ අපේ පැත්ත පළාතේ ආවේ නැහැ. හැබැයි පොරට එදා ඉඳන් කිවේ "ද පීචං  ඇමෙරිකන්" කියල.

දැන් මේ ගොඩක් ලංකාවේ අය ඇමෙරිකාවට යනවා. ඉගෙන ගන්නවා. මගෙත් හාවඩ්, MIT ආදිය  ඉවර කරපු යාලුවෝ ඉන්නවා. ගොඩක් ඉන්ජිනේරුවොත්  ඉන්නව. හරිම නිහතමානී බුවාලා ඉතින්. නමුත්  ඔය අතරේ ඇමෙරිකාව හිස් මුදුනේ තියාගෙන අදහන කට්ටියත් ඉන්නවා. ඇමරිකන් කාරයෝ කියන ඔක්කොමත් හරි. ලෝකේ ඉන්න ශ්‍රේෂඨතම ජාතිය ඒගොල්ලෝ. මෙන්න මේ වීඩියෝ එකේ අමෙරිකනුවෙක්ම හොඳ පැහැදිලි කිරීමක් කරනවා මේ කතාවට.  පුලුවන්නම් බලන්න.
https://www.youtube.com/watch?v=ML3qYHWRIZk

සමහර මේ අමෙරිකනුවාදී වෙච්ච අයට ඇමෙරිකාවේ බුවාලා කියන කරනදේ විතරයි ඇත්ත . අවුරුදු 250ක විතර ඉතිහාසයක් තියෙන , තවම දුප්පත් මිනිස්සු කැරවාන්  වල ජීවත්  වෙන ඇමෙරිකාවේ සමහර අයට දියුණු වෙන්න පුළුවන් වුනාට හැමොටෝම ඒක කරන්න බැහැ . (ඉගෙන ගත්ත ලංකාවේ අය දෙතුන් දෙනෙක් කලාට).  තාරකා විද්‍යාව දියුණු වේගන එන කාලේ චන්ද්‍රසේකර සිමාව හොයාගත් ඉන්දියානුවා ගැන, අයින්ස්ටයින් ගේ සාපෙක්ෂ්තවාදය ඇසුරෙන් විශ්වයේ පරිණාමයට සමීකරණ ඔප්පු කරපු ෆ්රිද්මන් හා ගැමොව් (රුසියානුවන් ) ගැන , ආවර්තිතා  වගුව හොයාගත් මෙන්දෙල්යෙව් ගැන ඔවුන් ඕන කමින්ම කතා කලේ නැහැ. මාක්ස් ගේ ප්‍රාග්ධනය පරිශීලනය කරලා ආර්ථික විද්‍යාව ගැන කියන ගමන් ඒවා ගැන මතක් කරන්නේවත් නැහැ. ඇමෙරිකාව තාරක විද්‍යාව දියුණු කලේ දෙවන ලෝක යුද්ධයෙන් පස්සේ එහෙ ගිය ජර්මන් හා යුදෙව් (ජර්මන් සම්භවය සහිත) විද්‍යාඥයන් විසින්.  කොටින්ම පිටින් යන මිනිස්සු තමා  ඇමෙරිකාව ගොඩ දාන්නේ. ඉතින් ඇමෙරිකාව දියුණු රටක් වුනාට ධනවාදයේ කෙලෙවරට ගිහිල්ලත් නැහැ. තියෙන ට්‍රිලියන ප්‍රමාණයේ ණයට අනුව යන්නෙත් නැහැ. නැවත යුද්ධයක් පටන් ගත්තේ නැත්නම් චිනේ ණය ටික ගෙවා ගන්නත් බැහැ . ඉතින් විදුරු ගෙවල් වල ඉඳන් ගල් ගසන අපේ යාළුවන්ට කියන්න තියෙන්නේ අපි ගලක් දෙකක් ගැහුවොත් ඕක බිඳිලා විසිරිලා යනවා කියල.


5 comments:

  1. හොඳ අදහසක්

    ReplyDelete
  2. දැන හෝ නොදැන ප්‍රතිගාමීත්වයට සේවය කරන මිනිසුන්ගේ මනෝභාවයන් ඔබේ ලිපියෙන් අපූරුවට පෙන්වා දී තිබෙනවා.විදේශයකදී ඔබ කොහෙන්ද කියා ඇසූ විට පාසල් ගෝත්‍රය ගැන කියනවානම් මොන තරම් පාසල් ගෝත්‍රවාදයක් මෙරට තිබෙනවාද කියා පෙනෙනවා.මේවා අහිංසක දේවල් වගේ පෙනුනත් ඇත්තටම ධනපති ක්‍රමය ආරක්ෂා කිරීමට මේවා උදව්වක්.
    පීඩිත මිනිසුන්ට තමන් පීඩිතයන් බව තේරුම් ගැනීමට අමාරු මේකයි.
    මොකක් හරි උන්ට සතුටු වෙන්නට පීඩක කාරනයක් තිබෙනවා.එය සිනහ උපදවන දෙයක් විය හැකියි.
    රොඩියෙක් හා කින්නරයෙක් මුන ගැහුන විට කින්නරයා තමන් උසස් බව පෙන්වන්නට ගොම ගොඩක් උඩට හරි නගිනවාලු.
    වැඩවසම් යුගයේ රජුගේ රදලනගේ සිට පහලට ගලා ආ පීඩනයේ ඇසටවත් නොපෙනෙන වෙනසක් රොඩියා සහ කින්නරයා අතර තිබෙන්නේ.ගැමියන් තුල කුල වශයෙන් තිබූ හාස්යජනක බෙදීම් වුනත් එහෙමයි.මේ මිත්‍යාවන් නඩත්තු කළේ ක්‍රමය පවත්වාගෙන යන්නයි.

    මනෝ විද්‍යාත්මක වශයෙන් පීඩිතයන් සියළු පීඩක ක්‍රමෝපායන්ගෙන් නිදහස් විය යුතුයි.පාසල් ගෝත්‍රවාදය එකක්.තමන් අසවල් පාසලේ අසවලා අදුරනව කියල ගෝත්‍ර මානසිකත්වයෙන් ඉන්න වලේ වල් නැති එවුන් ගම්වල ඉන්නවා. ඇත්තටම ඔය පාසල්වලට යන එක කරන්න බැරි දෙයක් නොවෙයි.ශිෂ්‍යත්වයක් ලබා ගෙන යන්න පුළුවන්නෙ.කොහොමහරි වියදම් සරි කර ගන්නව කියමු. ඊට පස්සෙ පාසලෙන් එළියට ඇවිත් තමන්ගෙ පන්තියෙ උන් ඉස්සරහ දැන ගනිවු මාත් පීඩකයෑක් කියල කියනව.
    මෙන්න මේ විදියට සමාජයෙ මනෝ විද්යාතමක පැත්තක් තිබෙනව. සමහරු මනෝ ලෝක්ල වල. මේ නිසා සැ බෑ පීඩනය දකින්නෙ නෑ.
    සියල්ලටම පෙර පීඩක යාන්ත්‍රනයේ මනෝ විද්යාත්මක පැත්ත තේරුම් ගැනීමයි.ඒ අදුරු වලාව ඉවත් නොකර කිසිම දෙයක් කරන්න බෑ.

    ප්‍රාග්ධනය පොතේ වැදගත් කොටස් මෙසේ පළ කරන්න .එය ප්‍රයෝජනවත් වෙයි.

    මාක්ස්වාදය ජනතාවට ඉතා සරලව දෙන්න ඕන.මේ බලන්න.අපබ්‍රංස මහප්‍රාන මොකුත් නැතිව මෙහෙම කියන්න බැරිද?

    සහෝදරයා ඔබ පැය විසිහතරෙම දුක් විදල කීයක් හරි හොයා ගන්නවා.ඒත් ඔබට හැම තැනින්ම නොසැළකිල්ල. බලන්න වැඩ නොකර හෝ තමන්ගෙ ශ්‍රමයට කිසිසේත්ම නොගැලපෙන ආදායම් ලබන අය ඉන්න අපූරුව.
    ඒකට හේතුව ඔබේ ශ්‍රමයෙන් කොටසක් අර අයගෙ සැප වෙනුවෙන් යොදවන නිසා.ඒක ඔබට පේන්නෙ නැහැ.
    මේ ක්‍රමය වෙනස් කළොත් ඔබට දවසකට පැය කිහිපයක් වැඩකළොත් ඇති.මේ තරම් මහන්සි වෙන්න ඕන නැහැ."

    ඔය කතාව නොතේරෙන එකම එකෙක් ඉන්නවද

    ReplyDelete
  3. ඔබේ කතාවට මම සම්පුර්ණයෙන්ම එකඟයි. මට පහේ ශිෂ්‍යත්වේ පාස් වුණාම ලැබුන ආනන්ද විද්‍යාලය. නමුත් රාජකීය විද්‍යාලයේ 5 වසර කඩ ඉම විභාගයත් පාස් වුනාම මගේ පියාට නෑදෑයෝ කීවේ රාජකියෙට දාන්න. එක හේතුවක් තමයි අරක මරදානේ , මේක කුරුඳුවත්තේ කියන එක.
    පරණ වමේ නායකයෝ කල එක වැඩක් තමයි තමන්ටත් නොතේරෙන අපබ්‍රංස ලියල කියල තමන් මහා උගතුන් කියල පෙන්වන එක. කාටවත් වැඩක් වුනාද?

    ReplyDelete
  4. මා ඉගෙන්න ගන්නා කාලේ සිදු වූ සත්ය සිදුවීමකි...

    ඉස්තානය: ලොව පරසිදු අග නගරයකි

    x: ඔයා ලන්කාවෙද?
    y : ඔවු

    X: බොනවද?

    දෙදෙනාම ලඟම ඇති පබ් එකට යති...
    පැයකට පමන පසු...

    x: ඒක නෙවි මචං... උඹේ නම මොකද්ද..?

    ReplyDelete

සියලු හිමිකම් අජිත් ධර්මකීර්ති (Ajith Dharmakeerthi) සතුය. කොළඹ ගමයා බ්ලොග් අඩවියේ යොමුව සඳහන් කර හෝ අජිත් ධර්මකීර්ති යන නමින් පමණක් මෙහි ලිපි උපුටා පළ කරන්නට අවසර තිබේ.
මෙහි පලවන ලිපි සහ දේශපාලන අදහස් මගේ පෞද්ගලික අදහස් පමණි.
ඔබේ ඕනෑම ප්‍රතිචාරයක් මෙහි පල කරනු ලැබේ. නමුත් වෙනත් කෙනෙකුට සාධාරණ හේතුවක් නැතුව පහර ගසන අශිලාචාර අන්දමේ ප්‍රතිචාර පමණක් පල නොකෙරේ. බ්ලොගයට ගොඩ වදින ඔබ සියලු දෙනාට ස්තූතියි .